Thursday, May 24, 2012

කුඩ්ඩෝ සහ කුඩු ගැසීම

                                                                  
            කවුරු කොහොම කිව්වත් ලංකවේ මුලින්ම ඔය කුඩු ගහන එක පටන් අරන් තිබුනේ අපේ ගෙවල් පැත්තේ (ඉංග්‍රීසි අකුරු 3කින් කියවෙන ටවුන් එකක් ) ,80 දශකයේ මැද භාගයේදී  ලංකාවට ඔය මත්ද්‍රවය උවදුර ලංකාවට ආපු මුල්ම කාලේ මුලින්ම ඕකට ඇබ්බැහි උනේ "ගයිඩ්ලා" විදියට වැඩ කරපු අය තමා ,අන්න ඒ  අයගෙන් වැඩි හරියක් හිටියේ අපේ ගමේ, තාමත් අපි එලියට බැස්සාම මේ චරිත කීපයෙන් දෙතුන් දෙනෙක් දකිනවා ඔය පාරවල් අයිනේ චාටර් කකා ඉන්න, හොදම දේ කියන්නේ මේ හැම කුඩ්ඩෙක්ටම අඩුම තරමේ බාසා 5කට වැඩිය පුලුවන්  මුන්ව දැක්කම ඇඩෙන්නේ මුන් කුඩුගහලා චා වෙලා ඉන්න හින්දා නෙමේ "අනේ මුන්ට පුලුවන් බාසාවලින්  භාගයක් හරි අපිට පුලුවන් උනා නම් අපිත් ගොඩනේ "කියලා හිතෙන නිසායි.

Thursday, May 17, 2012

අභිසාරිකාවකගේ හර්ද සාක්ශිය





පිරිමි බර ගානක් හාන්සි වුනු

හැම තැනකම ඇදන් ගැන දන්න

හැමතැනම රූම්වල පැයට ගාන දන්න

උබත් සුදු පිරුවටයක් අරන්

Sunday, May 13, 2012

සොදුරු මිනිසෙකුගේ නික්ම යෑම


කොච්චර් පොස්ට් දැම්මත් කොච්චර දුක් උනත් උබ අපිව බලන්න එන්නේ නැහැ නේද ආයෙත් සනත් අයියේ?
                            ආයෙමත් අඩියක් ගහන්න, විහිලුවක් කරලා හිනාවෙන්න අපිට උබ වගේ කෙනෙක් කවදාවත් හම්බවෙන්නේ නැහැ නේද අපිට?  ඇත්තටම උබව නැති උනා කියලා මට තාමත් හිතා ගන්න බැහැ ...........

Thursday, May 10, 2012

"ගබ්සාව" නීතීගත කල යුතුද ?

ඇත්තටම ගබ්සා කරනවා කියන්නේ මොකක්ද ?  ඕක මම පොඩිකාලේ  ඔය වචනේ අහපු  දවසේ ඉදලා තිබුනු ප්‍රශ්නයක්, අඩුම තරමේ අර "උදාවූ යෞවනය " කියලා ඉස්කෝලෙන් දුන්න පොතේවත් තිබුනේ නැහැ මට ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ ලැබුනේ මම 11 වසරේ ඉන්න කොට ,එතකොට මට ආපු අනෙක් ප්‍රශ්නය තමයි ඇයි ඇබෝශන් කරන්නේ කියලා? මම ඒ ප්‍රශ්න වලට උත්තර හොයා ගත්තා වගේම මම හිතුවා අද මේ මාතෘකාව ගැන කතා කරන්න හැබැයි බරපතල ආකාරයට නෙමෙයි සරල  විදියට.

Wednesday, May 2, 2012

යුක්තිය හා සාධාරණත්වය


අයුක්තියට එරෙහිව හඩනගින ඔබ අපේ කාලයේ වීරවරියකි නමුත් මා හට ඔබව ගමේ බාසවෙන් කියන විදියට මුරුංගා අත්තේ තැබීමටත් අවශය නැත,සොයුරිය ඔබ හා මම ඇතුලුව අප ජීවත්වන මේ සමාජය  පිලිබදව මම නුබට අමුතුවෙන්  කියාදීමට අවශය්‍යය නැති බව මම හොදින්ම දනිමි , ඒ මන්ද යත් පසුගිය මාස 6ක කාලය තුල  නුබ මේ සමාජය පිලිබදව අවශ්‍යය ප්‍රමානයටත් වඩා ඉගෙන ගෙන ඇති බැවිනි.
                                                                                                                                              

"බුශං"


අපි සාමානය පෙල කරන කාලේ අපිට බුද්ධ ධර්මය ඉගැන්නුවේ පාර්ලිමේන්තුව කිට්‍ටුව තියෙන ජපානෙට සම්බන්දකම් තියෙන පංසලක සාදු කෙනෙක් ඒ ජපන් ආභාශය නිසාද කොහෙද හාමුදුරුවොත් උගන්නන කොට ජපන් වචන අතරින් පතර කියනවා.

අපිත් පීරියඩ් එකක් කට් කරන්නේ කොයි වෙලාවේද කියලා ඇගිලි ගැන ගැනනේ ඉන්නේ හැම තිස්සෙම, කොහොම හරි අපේ සෙට් එකේ 6ක් පන්තියෙන් පැන ගත්තා එලියට ආගම පීරියඩ් එකේදි