Friday, June 22, 2012

"සරා "

                     
"සරා" කියන්නේ මගේ යාලුවෙක්, හරියටම කියනවනම් අහම්බෙන් හම්බවෙච්ච යාලුවෙක්. ("සරා "කියන්නේ මෙයාගේ හරි නම නෙමේ ඇත්ත නම කියන ඒක හරි නැහැනේ )මමයි සරයි ආශ්‍රය කරන්න පටන් ගත්තේ උසස් පෙළ කරන කාලේ මම 13 ඉන්න කොට සරා 12හේ ,ඒ උනාට සරා හරිනම් ඉන්න ඕන 13 වසරේම තමා  කොහොමින් කොහොම හරි සරා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් උනා .

Monday, June 11, 2012

පිහියක් අරන් පාරේ යමුද ?


                                                                   ආත්මාරක්ෂාව කියන ඒක අද අපිට මාර වැදගත් මාතෘකාවක් නොවැ,හොරු /මංකොල්ලකාරයෝ හැමතැනම ,කාන්තවන්ටනම් ස්ත්‍රී දුෂකයෝ කියන කොටසත් මේ කාණ්ඩයට අයත් වෙනවා (දැන් දැන් පිරිමින්ට බලහත්කාරකම් කොරපු අවස්ථාත් අහන්න ලැබෙනවා නේද?) ඉතින් අපි ආත්මාරක්ෂාවට මොනවද ගන්න ක්‍රියාමාර්ග ?

Monday, June 4, 2012

ඇබෝජිනියන් +ජේමිස් කුක්+ අරක්කු+බිකිනි

                                  අපි හැමෝම දන්නවනේ ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකාරයෝ කවුද කියලා  ඒ කියන්නේ "ඇබෝජිනියන්වරු " .සුද්දෝ ඔහේට ගොඩ බැස්සේ පස්සෙනේ, අන්න ඒ ස්වදෙශිකයෙක් තමා ඔය උඩින් ඉන්න ෆොටෝ එකේ ඉන්නේ.

                       මුලින්ම ඔසීවලට ගොඩ බැහැපු බටහිර ජාතිකයා වෙන්නේ "විලියම් ජැන්සූන්" කියන ජර්මන් ජාතිකයලු  ඒ 1606දී කොහොම හරි 1770 "ජේමිස් කුක්" තමා බින්න බහින්න  බලාගෙන මුලින්ම ඔස්ට්‍රේලියවට ගොඩ බැහැලා තියෙන්නේ,ඒ වෙලාවේ ඇබෝජියන්වරු විරෝදය දක්වපු හැටි තමයි ඔය පහලින් පේන්නේ ඇයි ඉතින් පට්ට මලක්නේ පනින්නේ  මේ කොහේවත් යන උන් ටිකක් ඇවිත් මේ අස්සෙම රින්ගන්න ගියාම