Monday, March 14, 2011

ඩොලර් -සුනාමි-ජපානය-ආධාර

සුනාමියෙන් ගොඩ එන්න ජපානේට අපේ රටෙන් ඇමරිකන් ඩොලර් මිලියනයක් ආධාර වශයෙන් දෙනවලු. ඇත්තට අපි ඉන්නෙ වෙන රටකට ඔය වගේ ආධාර දෙන්න පුලුවන් තත්වෙකද?මට නම් හිතෙන්නේ මේවාට තමයි  අපේ පරණ මිනිස්සු කියලා තියෙන්නේ "ගෙදරට මරගාතේ ලොකෙට පරකාසේ" කියලා .ඔය ඩොලර් මිලියනය යොදවලා අපේ රටේ කොච්චර නම් වැඩ කරන්න තිබුනද ඇත්තටම ? ඕක රුපියල් වලින් ගත්තහම රුපියල් මිලියන 115ක් රටේ පාලකයොත් පිස්සු නටන කොට තවත් මොනව කියන්නද? උදේට කහට එකක් බීලා වැඩට යන මිනිස්සු, දවසට එක වේලක් නොකා ඉන්න මිනිස්සු ඉන්න රටක් මේක. ජීවිතේ කිසිම දවසක සපත්තු දෙකක් නොදාපු,උදේට නොකා ඉස්කොලෙට ඇවිත් කලන්තේ දාන ලමයි ඉන්න රටක් මේක, වගා කරන්න ගත්ත ණ්ය ගෙවා ගන්න බැරිව ගොවියෝ වස බීපු රටක් මේක ඇයි රටේ පාලකයොන්ට බැරි ඔය වගේ පිනට දෙන සල්ලි වලින් රටට වැඩක් කරන්න ?ලෝක බැංකුවට ණය අපි කොහොමද වෙන රටවල් වලට ආධාර දෙන්නේ මෙවා දැක්කහම හිනා වෙන්නද අඩන්නද කියලා හිතා ගන්න බැහැ.රටේ විසද ගත යුතු ප්‍රස්න අනන්ත අප්‍රමානව තියෙත්දි මේ වගේ දෙවල් කරන කොහෙත්ම අනුමත කරන්න බැහැ...
(මේක එක එක පාට කන්නාඩි වලින් බලන්න එපා මම කියුවේ මට ඇත්තටම දැනේන දේ)

4 comments:

  1. මොනවා කරන්නද?? දැන් රට යන අතට අපිට යන්න වෙලා...:O

    ReplyDelete
  2. ලෝකෙ අපිට හිනා වෙනව ඇත්තෙ පශ්චාත් පැත්තෙන්.

    ReplyDelete
  3. අකුරු ටිකක් ලොකු කරල තව පෝස්ට් ටිකක් ලිව්වොත් මොකද වෙලාව තියෙන තියෙන විධියට?

    වර්ඩ් වෙරිෆිකේශනුත් අයින් කරල දැම්ම නං තමා හොඳ.

    ReplyDelete
  4. ගේ ඇතුලේ මොන තරම් ප්‍රශ්න තිබුණත් අපිට ලෝකේ ඉස්සරහ චාටර් වෙන්න බැහැනේ :D

    ReplyDelete