Wednesday, May 2, 2012

යුක්තිය හා සාධාරණත්වය


අයුක්තියට එරෙහිව හඩනගින ඔබ අපේ කාලයේ වීරවරියකි නමුත් මා හට ඔබව ගමේ බාසවෙන් කියන විදියට මුරුංගා අත්තේ තැබීමටත් අවශය නැත,සොයුරිය ඔබ හා මම ඇතුලුව අප ජීවත්වන මේ සමාජය  පිලිබදව මම නුබට අමුතුවෙන්  කියාදීමට අවශය්‍යය නැති බව මම හොදින්ම දනිමි , ඒ මන්ද යත් පසුගිය මාස 6ක කාලය තුල  නුබ මේ සමාජය පිලිබදව අවශ්‍යය ප්‍රමානයටත් වඩා ඉගෙන ගෙන ඇති බැවිනි.
                                                                                                                                              
      "මරණයේ වේදනාවා ඇත්තේ මියයන්නාට නොව ජීවත් වන්න්ටය" එය සත්‍යයක් බව නුබ හොදින්ම දනී ,පියෙකුගේ අඩුව වැඩියෙන්ම දැනෙන්නේ දියනියන්ටය මක් නිසාද යත් මක් නිසාද යත් පියවරුන් වැඩි වශයෙන්ම ආදරය කරන්නේ දියනියන්ට වන බැවිනි .
                                                  "සිංහයා" නොමැති විට "කැනහිලුන්" රජවීම සාමාන්‍යය  දෙයකි "කොලොන්නවේ සිංහයා" නොමැති නිසා "කැනහිලුන්" අද රජ වී ඇත නමුත් එය සදාකාලික පැවැත්මක් නොමැති දෙයක් බව නුබද මමද  නැණවත් සමාජයද දනිමු. අයුක්තිය හා අසාධාරණය වෙනුවෙන් පාට පක්ශ නොමැතිව මිනිසුන් පෙල ගැසෙන දිනය වැඩි ඇතක නොවන බව නුබට නුදුරේදිම පෙනෙනු ඇත
                                                       
                          මේ "ධර්මද්වීපයයි" කිසිදිනයක වරදකරුවන් හට  ගැලවීමක් සොබාදහමින් නම් හිමිවී නැත.
                                 පවත්නා නීතිය, නිතීයේ කන්‍යාවගේ දෑස මෙන්ම ස්වයංව අන්ධානුකරනය වී ඇත ,සැම දෙනාම පිලිගැනීමට අකමැති ක‍ටුක සත්‍යය එයයි ,අයුක්තිය ඉදිරියේ මුණිවත ‍රැක ජීවත්වනවාට වඩා යුක්තිය උදෙසා සටන් වැදී මියයනු සැපතක් බව නුබ  සිතනවාවිය හැකිය, සාධාරනත්වය අගයන සියලු දෙනාගේම ප්‍රාර්ථනය එය වුවත් ඒ සියලු දෙනාම අද ගොලුවී සිටින්නේ  මා ඉහත කී "මරණයේ වේදනාවා ඇත්තේ මියයන්නාට නොව ජීවත් වන්න්ටය" යන්න පසක් කරමිනි.
                 සොයුරිය කිසිවිටක නොසැලෙන්න  සාධාරනය ඉශ්ට වන දිනය වැඩි ඈතක් නොවේ ,ඔබට හා ඔබේ පවුලේඅය හට සාධාරනය ඉශ්ට වනු දැකීම මුනිවත රකිනා ලක්ශ සංඛ්‍යාත ජනතාවගේ ඒකායන පැතුමයි.........

(මෙය හුදෙක් කතුවරයාගේ පෞද්ගලික මතය වන අතර පක්ශ/පාට වලින් තොරව මෙය මැදහත්ව සිතා බලන්නේ නම් මැනවි)

4 comments:

  1. බල්ලෙක් සමග උවද පවුල් කෑමට බල තන්හාව මනස විකුර්ති කරයි.

    ReplyDelete
  2. හිරුණිකා තමන්ගේ අරමුණත් එක්කම ඉස්සරහටත් ඉන්නවා නම් හොඳයි. මතකනේ චන්ද්‍රිකා මැඩම් තමන්ගේ ස්වාමියා මරපු අයත් එක්කත් එකතු වුණා.

    ඒ කාලේ පෝස්ටරයක් ගහලා තිබුණා "මම ඔබට ද්‍රෝහී වූවා නොවේ ඔබ මරාදැමුවන් සමඟ සන්ධානගත වූවා පමණි" කියලා. ඒ පෝස්ටර් එකේම පැත්තක තිබුණේ විජයගේ මිනීප් පෙට්ටිය ගාව චන්ද්‍රිකා අඬන පින්තූරයක් මට මතක විදිහට නම්

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත පවතින ක්‍රමය එක්ක බලන කොට නැවතත් ඒ වගේම නොවේවි කියලා විශ්වාස කරන්න බැහැ තමා ,හැබැයි යන විදියටනම් කවදාවත් හිරුනිකාට සදාරණයක් ඉෂ්ට වේවි කියල හිතන්න බැහැ ...

      Delete