Thursday, May 17, 2012

අභිසාරිකාවකගේ හර්ද සාක්ශිය





පිරිමි බර ගානක් හාන්සි වුනු

හැම තැනකම ඇදන් ගැන දන්න

හැමතැනම රූම්වල පැයට ගාන දන්න

උබත් සුදු පිරුවටයක් අරන්


හනිමුන් යනවනම් මට මොකෝ බැරි.....?

උබ මිනිස්සු එක්ක නිදාගත්තේ සල්ලිනැතුව

ඒ උබේ අමාරුව හොදකර ගන්න

මම මිනිස්සු එක්ක නිදාගත්තේ සල්ලිවලට

ඒ මගේ ගෙදර ‍රැක ගන්න

මම වේසියෙක්ලු
    
උබ social ලු

හැබැයි එහෙම කියන ගොඩක් උන්

මගෙත් එක්ක නිදාගත්ත එවුන්

උබ  හනිමුන් යන මිනිහත් ඇතුලුව....!!!!!




45 comments:

  1. සල්ලි වලට යන එකී නම් වේසි එතකොට
    අමාරුව හොද කර ගන්න යන එකට කියන්නේ සෝෂල්ද බං. එල එල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් එහෙමනේ යන විදිය....

      Delete
  2. 100% යි... :-)

    සුභ වේවා!!! රාජ සම්පත්තිය ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තූතියි මහරජ...

      Delete
    2. අභිසාරිකාවන්ගේ....උන්මාද නෙත් අතරේ...
      අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි ඵල ගැනුනේ....
      අභිසාරිකාවන්ගේ....
      (කපුගේ ගෙ මම ආසම සින්දුවක් බං)

      Delete
    3. ඔය වගේම තව සිංදුවක් තියෙනවා අහලා තියෙනවද "දූවිල්ලෙන් වත්සුනු"කියන සිංදුව?

      Delete
    4. ඇයි අමතක කරන්නේ අමරසිරි පිරිස් මහත්මයාගේ ' ළඳුනේ' ගීතය ...

      Delete
    5. ඔව් ඒකත් මේ හා සමානම කතාවක් ඇතුලත් ගීතයක් නේද ?

      Delete
  3. හැඟුම් සිරකර
    සිතුම් බර කර
    පැතුම් බොඳ කර
    සිතින් ලතැවෙන
    ලඳ..
    ගත පුදා දී
    නෙතු විඩා දී
    රැය අඳුරේදී
    සලෙළුන්ට..
    සොයනා කාසි
    ගණිනා කිසි
    අපුල් නොරිසි
    දනෝ
    කියාවිද..
    ඇගේ කාසි
    පිලිකුල්ය කියා?
    ඈ පිළිකුල කෙරුවාට,
    සුදන පිළියෙන්
    ගත වසාගෙන.....
    රැන්ගෝ ගේ පොස්ට් එකට දාපු කොමෙන්ට් එකම දැම්ම ගෙඩි පිටින්ම..
    http://www.arunalla.tk/2012/05/blog-post_18.html

    ReplyDelete
    Replies
    1. නියමෙටම ගැලපෙනවා මේකටත්...

      Delete
  4. අපි නම් කට ඇරලා කියනවා පට්ට වේසී කියලා... වර්ග දෙකටම....

    ReplyDelete
    Replies
    1. අම්මෝ සැර වැඩිද මන්දා?

      Delete
  5. පව් නෑ
    මට
    ඩිංගක් වත්
    මොකද?
    උබ මිනිහෙක්
    එක්ක දගලන
    දගලන හැම වෙලාවේම
    උබට
    පව් පිරුණට
    මගේ ගෙදර
    උන්ගේ
    බඩ පිරෙනවා
    කියල
    දන්නවද ?

    ReplyDelete
    Replies
    1. අභිසාරිකාවන්ගේ දුක්බර වූ ඇත්ත.......

      Delete
  6. කාලෙකින් අහන්න ලැබුණු ඇත්තම කතාවක්.........

    ReplyDelete
  7. හෆෝයි ඒකෙත් හැටි, කන්න ඕන වුණා ම කබරගොයත් තලගොයා වෙන රටේ ඕක මොකක්ද හැබෑට!

    ReplyDelete
  8. සැගවුණු ඇත්තක්.......

    ReplyDelete
  9. මොකෑ මේ ???? උඹලෑ ඉස්කෝලෙ පල්ලෙහෑ වත්තෙ චායා අක්කව වත් හම්බ උනාද මගදි ???

    ReplyDelete
    Replies
    1. නැ නැ එයා නෙමෙයි මේ වෙන කෙනෙක්....

      Delete
  10. මාරයි...

    @ඕනයා... උඹ කෝමද ඒ විස්තර හරියටම දන්නේ :P

    ReplyDelete
    Replies
    1. ඕනයාට ඔය වගේම වෙන කෙනෙක් සීන් එක කියලා තියෙන්නේ මගේ හිතේ

      Delete
  11. එළට ලියලා

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් කල්පනාව එහෙමම ලියන්න, හොදයි නේ?

      Delete
  12. මමත් හිතගෙන ඉන්න මාතෘකාවම තමයි.මට කියනවද ඔබව සම්බන්ධ කරගත් හැකි ක්‍රමයක් ගැන....

    ReplyDelete
    Replies
    1. මුහුනු පොතෙන් ඔබ යැයි සිතූ අයෙකුට මා විසින් රික්වෙස්‍ටුවක් දමා ඇත
      (ඔරුවක් උඩ වාඩිවී සිටිනා එකෙක්)

      Delete
  13. මේ පැත්තට අදයි ආවේ.තිත්ත ඇත්තක් බොහොම අපූරුවට ගලපලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
      අදහස් දැක්වීම පිලිබද ඉස්තූතියි.....

      Delete
  14. අමරසිරි පීරිස් මහත්තයාගේ ළඳුනේ ගීතය මතක් වුණා

    ReplyDelete
    Replies
    1. ඒක ඔවුන්ගේ සැබෑ ජීවන අත්දැකීමක්ලු නේද ?

      Delete
    2. ලඳුනේ ගීය බිහිවෙච්චි හැටි ගැන මම කලින් ලිපියක් ලිව්වා. කැමතිනම් බලන්න...
      http://sonduru-nimnaya.blogspot.com/2012/04/blog-post.html

      Delete
    3. බොහොම ඉස්තුතියි දැනුවත් කලාට ,මට මග අරුණු ලිපියක් ...

      Delete
  15. ඇත්තටම හිතට වදින්න ලියල තියනව.. වෙසගනක් වීම Vs Social වීම...!!!

    ReplyDelete
    Replies
    1. සමාජයේ තිත්ත ඇත්ත .....

      Delete
  16. ගණිකා වෘත්තිය..හැමදාම ආන්දොලනාත්මක මාතෘකාවක්. හරිද වැරදිද සාධාරණද අසාධාරණද තහනම් කල යුතුද නැද්ද ??? ඒ හා සමානම විෂය පථයක් තමයි මේ Social සීන් එක...පිරිම්න්ගේ තියෙන අමාරුව අඩුකරගන්න ගණිකාව ගාවට යනවා...ගැණුන්ගේ තියෙන අමාරුව අඩුකරගන්න පිරිමි ගාවට යනවා...කොහෙම හරි දෙගොල්ලන්ගෙම අමාරුව සහයෝගයෙන් අඩුකරගෙන අහිනසක කෙල්ලෙක්ට (දැන් කාලේනම් කොල්ලෙක්ටත්) කරදරයකින් තොරව පාරෙ බැහැලා යන්න පුලුවන් වාතාවරණයක් හැදෙනවනම් ඔය දේවල් තිබුනත් ගැටලුවක් නැ...කොහොම උනත් සමාජයේ වැඩි කතාබහක් නැති හැන්ගිලා තියෙන සත්‍යයක් අකුරුකල ඔබට ගොඩාක් ස්තුතියි.....අන්තර්ගතයට 100% එකගවෙනවා.....

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීමට ඉස්තුතියි....

      Delete
  17. සෝසල් එක නන් එල,.,ඈ අපිට කොයින්ද සල්ලි,.,., :P

    ReplyDelete