Thursday, May 2, 2013

නොනවතින ගමන 1

(මෙය සත්‍ය කතාවකි ,නම් ගම් මනංකල්පිතයි)
"ඉතින් ඇයි මාවම මේකට තෝර ගත්තේ මිස්ටර්  රංගල" ?

"මට සුජීව තමයි ඔබතුමාව මුණගැහෙන්න කිව්වේ "

"සුජීව  කිව්වේ" ?

"ග්ලැසියර් එකේ බාර්මන් "

------------------------------------------------------------------------------------------------------------
                සිත අතීතයට ඇදී යාම වැලැක්විය නොහැක , ජීවීතය අරමුණක් නැතුව මත්පැනට/ දුම්වැටියට /ගෝෂාකාරී සංගීතයට අයිතිකරගන්නට දී තිබු කාලය කෙදිනකවත් අමතක නොවේ ,නැවත කොපමණ වටිනාකමක් ගෙවීමට සුදානම් උනද අත්පත් කරගැනීමට නොහැකි එම කාලය කෙතරම් වටින්නේද යන්න වැටහෙන්නේ දැනුදුය.
     

"සර් තව ඩ්‍රින්ක්ස් ගන්නවද "?

බමන මතින් හිස ඔසවා බැලු මා හට සුපුරුදු පරිදිම බාර්මන්ගේ මුහුණ දිවිත්ව ආකාරයෙන් පෙනේ

"තව  100ක් දාමු මල්ලි"

අවසාන 100 කවදාවත් 100 වන්නේ නැත ,උපරිම වශයෙන් එය 50 කි ,එය වංචාවක් කිරීමේ අදහසින් ඔවුන් කරන්නක් නොවන බව මා මැනවින් දන්නේ ඔවුන් එය සැබවින්ම 50 පමණක් අය කරමින් බිලට ඇතුලත් කරන නිසාය ,නමුදු ඔවුන් කෙදිනකවත් මා අසතුටට පත්නොකරයි නමුදු මා කිසිදිනකවත්  තෘප්තිමත්  නොවේ

"කුමාර   අයියේ කොහෙද ඉන්නේ" ?

"මහත්තයා මම සිනමන් එක ගාව ඉන්නේ"

"මාව ගන්න එන්න"

        කෙලින් සිට ගැනීමට නොහැකි වූවත් නිවසට යන මාර්ගය මා නොපැවසුවත් කුමාර අයියා මාගේ නිවසට යන මාර්ගය මැනවින් දනී ,මක්නිසාද යත් ඔහු විශ්වාසවන්ත රියදුරෙකු නිසා 688 හී සේවය මා නිරතුරුවම ඔහුගෙන් ලබාගන්නා බැවිනි ,නිරන්තරයෙන් කාරය තුල මා දමායන මාගේ පසුම්බිය ,ජංගම දුරකථනය සුරක්ෂිතව පසුදා උදෑසනම මාහට ලැබේ .

------------------------------------------------------------------------------------------------------------
මට කේස් එක බාර ගන්න පුළුවන් ,ඒ උනත් මට එක දෙයක් දැනගන්න ඕන මිස්ටර්  රංගල ?

"සල්ලි ගැන යන වියදම ගැන කොහෙත්ම හිතන්නම එපා"

"නැහැ සල්ලි ගැන නෙමෙයි "

"දැනගන්න අවශ්‍ය සේරම වගේ මම ඔබතුමාට කිව්වා මට මතක විදියට  "

"මට කියන්න මේ සිදුවීම ඔබතුමාගේ  පුතාගේ නැතිවීමට සම්බන්දයි කියලා මිස්ටර් රංගල හිතනවද"   ?

"එහෙම  හිතෙන්නේ නැහැ , මට ඒ අතර සම්බන්දයක් හිතාගන්න බැහැ" 

"එහෙනම්  මිස්ටර් රංගල  ඔබතුමා දැනට මට කාලය දෙන්න මම ඉක්මනින්ම මේ දේ විසදලා දෙන්නම්"


 පෞද්ගලික විමර්ශන  නිලධාරියෙකු වශයෙන් රාජකාරී ජීවිතයේදී ලබා ඇති අත්දැකීම් අනුව මේ කටයුත්ත එතරම් අසීරැ කාර්‍යයක් නොවේ, එතරම් අවධානම් කාර්යකුදු නොවේ.

ව්‍යාපාර ලෝකයේ ජයකෙලි නැංවූ ,නම කියූ පමණින් රටෙන් අඩකටත් වඩා දන්නා  "වික්ටර්  රංගල" වැන්නෙකු  මාගේ කුඩා කාර්යාලයේ පුටුවක ඉන්දවීමට තරම් බලවත් වූ ඈ සැබවින්ම කවරෙක්ද ? පළමුවෙන්ම විසදාගත යුත්තේ එයයි ,

"සොනාලි  සමරසේකර "
33/4/1
කයිරෝ ටවර්
..............

නම සහ ලිපිනය සදහන් වූ කොළ කැබැල්ල සිව් වෙනි වරත් කියවා බැලු මා හට  කිසියම් වූ හුරු පුරුදු බවක් දැනීයයි ,

"මොනවා උනත් සොනාලි කියන්නේ ලස්සන නමක් "

ලස්සන කෙසේ උවද ගැහැණුන් සමග කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේශම් වියයුතු බව මම අත්දැකීමෙන්ම දනිමි ,එය කැඩපතින් මුහුණ බලනා සෑම විටකදීම මෙන්ම සෑම උදෑසනකදීම නැවත නැවතත් මට මතක කර දේ

දෙවන කොටසින් නැවත හමුවෙමු ....... 


15 comments:

  1. එල ..දෙකත් ලියපන් තාම නිකන් ටියුබ් ලයිට් වගේ සීන් එක ..මූ සී අයි ඩී ද !

    ReplyDelete
    Replies
    1. හොද හොද සෙල්ලම් පස්සට

      Delete
  2. මට අහල පුරුදු කතාවක් වගේ...උඹම කියපු එකක්ද කොහේද?

    ReplyDelete
    Replies
    1. මේ කේස් එක සමහරවිට උබට කියලා ඇති

      Delete
  3. දෙකත් දැමු බලන්ට...
    යුක්ති

    ReplyDelete
  4. අඩේ අප්පා...කතාත් ලියන්න පටන් ගත්තද? ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රාජ සම්පත් ලැබෙනවානම් කතාදෙන්නම්කො ගමකට

      Delete
  5. ඉක්මනට දාපන්.... නැත්තම් බලන්න හිතෙන්නෙ නෑ බන්....

    ReplyDelete
    Replies
    1. ඉක්‌මනින්ම දෙන්නම්

      Delete
  6. සිරා කතාවක්නේ.. දෙවනි එකත් ඕන ඉක්මනට..

    ReplyDelete