Wednesday, May 6, 2015

ඩෝප් කතාවක්


මේ  ලගකදී  අපි  ගියා  රිවස්ටන්  පැත්තේ , හරිම  ලස්සන  පලාතක්  ,වැඩිය  විශාල  නැති   කුඩා  ප්‍රමාණයේ  හෝටල්  තමයි  මේ  පැත්තේ  තියෙන්නේ කොහොමින්  කොහොම  හරි  අපිත්  ඔයින්  එකක  නතර  උනා , ඒකෙ  අයිතිකාරයා  වැඩි  වයසක්  තියෙන  මනුස්සයෙක්  නෙමේ අපි  කියමුකෝ  නම  විදියට " සුජිත්" කියලා  .


වට පිටේ  ලස්සනත් බලාගෙන  තෙල්ගමු  ඔයේ  නාල     අපිත්  ගානකට  අනුමත  වෙලා  හෝටලේට  ගොඩවදින  කොටම  සුජිත්  බියර්  එකකින්  අනුමත  වෙන ගමන්  හිටියේ මිනිහට  ගානකට  වැදිලා  හිටියේ  ,වදෙන්  බේරෙන්න  බැරි  කමට  අපිත්  මිනිහගේ  ටේබල්  එකේම  සෙට්  උනා  කතාව  යන්නේ මෙහෙමයි

සුජිත් :-  මම  හිතාගෙන  ඉන්නේ  මචන්  මේ  පැත්ත  මීට  වඩා  ටුවරිස්ට්ලා  එන  පැත්තක්  කරන්න

අපි    :- ඔව්  ඒක  හොදයි  මේ  වගේ  පැති  මීටවඩා  කට්ටය  එන්න  හදා ගන්න  පුළුවන්

සුජිත් :- මචන්  මගේ  හෝටලයක්  තියෙනවා  තෙල්ගමුව  ඔය  ලගම  පට්ට  ප්ලේස්  එක   ඒක

අපි :- එතකොට  තව  උබේ  හෝටලයක්  තියෙනවද  මචන්  මේ  ලග  ?


සුජියා  අමාරුවෙන්  වටපිට  බැලුවා

අම්මට සිරි  මම  මගේ  හෝටලේනේ  ඔයී  බීලා  තියෙන්නේ  මෙච්චර  වෙලා    !@#$%^&*()!@#$%^&*()!@#$%^&*(!@#$%^....................!!!!!!


උදේ  බිල  සෙටල් කරන  කොට  මම  ඇහුවා  උගෙන්  අපි  බියර්  කීයක්  බිව්වද   කියලා  ඊයේ,  මූ  මගෙන්  අහනවා

"අපි  ඊයේ  බියර්  බිව්වද  මචන්?"  කියලා  

18 comments:

  1. අඩේ එතකොට ඌ බීපුවට සල්ලි ගෙව්වෙත් උඹලමද?

    ReplyDelete
    Replies
    1. නෑ අපි ඇහුවේ එහෙම හිතාගෙන තමයි ඒ උනාට ගත්තේ නෑ

      Delete
  2. කොහේද අප්පා ඔය හෝටලේ තියෙන්නේ ? ගුගුල් මැප් එකේ බලලා කෝඩිනේට්ස් ටික දාන්නකෝ....!

    ReplyDelete
    Replies
    1. දුමී අයියා යනවනම් නම්බරේම දෙන්නම්

      Delete
    2. දෙන්න මල්ලි, ගත්ත ෆොටෝ කෑලි එහෙම තියෙනවම් මගේ මේල් එකට එවන්න.

      dushank(at)gmail.com

      Delete
    3. මම එවන්නම් අයියේ

      Delete
  3. හම්මට සිරි.. බයිට් වලට බොලා ගෙවන්න ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ගෙව්වා ,හැබැයි පට්ට ලාබයි

      Delete
  4. අඩේ නියම හෝටලයක්නෙ ඒක. දැන් වැහිලද දන්නෑ. :D

    ReplyDelete
    Replies
    1. අපි වගේ සොබාදහමට කැමති මදුවිත ලෝලීන් ඉන්නකන් මේ කපේට වැහෙන්නේ නෑ

      Delete
  5. බියර් එකක් බිලා සුජියා එහෙමනම් තව ටිකක් සැර එකක් බිව්වොත් කොහොමට තියේද ?

    ReplyDelete
    Replies
    1. සුජියා දවල් සැර ජාති ගහලා තමයි බියර් එක ගහපු ගමන් මීටරේ මාරු වෙලා තියෙන්නේ

      Delete
  6. බිල නොගෙවා බේරෙන්න නම් සුජිත් එක්කම බොන්න වෙයි නෙහ්...?

    ReplyDelete
    Replies
    1. ඌ එක්ක බොනවට වඩා හොදයි සල්ලි ගෙවලා තනියම බොනවා

      Delete
  7. ඩෝප් එකෙත් හොඳම එක!

    ReplyDelete
    Replies
    1. "නාග සලන් " එකට පොඩ්ඩක් පල්ලෙහා

      Delete
  8. කරටි කැඩෙන්න බොනවා කියන්නේ ඕවට වෙන්න ඇති නේ??

    ReplyDelete
    Replies
    1. කන පාත් වෙන්න කියන්නේ අන්න ඒ ගාන

      Delete