Saturday, December 29, 2012

"දාමිණී " නම් වූ ඇය

         
                    නැගණියනි ඔබ ජීවත්වූයේ  කුරිරු සමාජයකය ,එවන් තිරිසනුන් අතර ජීවත්වනවාට වඩා මිය යාම යහපත්ය මක්නිසාද යත් සමාජය ඔබව නැවත නැවතත් දුෂණය කිරීමට තරම් කුරිරු බැවිනි .ඔබට සිදුවූ අකටයුත්ත අවසාන සිදුවීම වන්නේ නැත මක්නිසාද යත් නීතීය වල්වැදී ඇති විටක අවනීතීය රජ කරන බැවිනි ,ඔබගේ දේශයේ "පුලාන් දේවිලා " බිහි වූයේ එබැවිනි
                                                  

Thursday, December 6, 2012

ඔබත් "I hate politics" ද ?

                                                                                                                                             
                        ඔබ  දේශපාලනය ප්‍රිය නොකරනවා වියහැක ඒය ඔබේ පෞද්ගලික මතයයි ,මමද මේ පවත්නා දේශපලන ක්‍රමය කෙරෙහි අප්‍රියතාවයක් දක්වන අයෙකු වෙමි නමුත් මෑත කාලීනව මුහුණ පොතේදි දුටු යම් කිසි සිදුවීමක් නිසා ඉහත කී මාතෘකාව ඔස්සේ කතා කතා කිරීමට සිතුනි

               සර්ව ජන චන්ද බලය එහෙමත් නැත්නම් චන්ද අයිතිය යනු ,සාමාන්‍ය වැසියන් වන අප සැමට ඇති පරම අයිතියයි ,රටක ආණ්ඩුව වෙනස් කිරීමට කැරලි ගැසිය යුතු නැත /ආයුධ අතට ගෙන මිනී මැරිය යුතු නැත ඔබ සතුව පවත්නා ජන්ද බලය මැනවින් හැසිර වුයේ නම් ඕනෑම බලවත් කියා ගන්නා දේශපාලකයෙකු දන ගැස්විය හැක නමුත් අපේ රටේ අවාසනාවටදෝ අප හට එවැනි තත්වයක් අපගේ ජීවිත කාලය තුලදී දක්නට ලැබේදැයි සැක සහිතය .

                       රුපවාහිනියේ ඔස්සේ පුවත් පත් ඔස්සේ   දේශපාලකයන් සිදු කරනා අකටයුතු කම්  කොතෙක් දුටුවද නැවත නැවතත් ඔවුන්ව ඊලග වාරයේදීත් මහජන නියෝජිතයන් වශයෙන් අදාල ආයතනයන්ට පත්කර යැවීමට තරමි අපේ ජන්ද දායකයන් මන්ද බුද්ධික වී ඇත  

                       කුඩු  ජාවාරම් කරුවෙකු වීම  /ගණිකා නිවාස හිමිකරුවෙකු වීම  /හොර අරක්කු අලෙවි කරුවෙකුවීම /ස්ත්‍රී දුෂකයෙකු වීම/ළමා අපචාරකයෙකු වීම  ජන්ද අපේක්ෂකයෙකු වීමේ නොනිල සුදුසුකම් ලෙස දැනටමත් ස්ථාවර වී ඇත ,ඒවැනි කණගාටුදායක තත්වයක් නිර්මාණය කරදීමේ මූලිකයන් වී ඇත්තේද අපිමය එබැවින් මඩු වලිගයෙන් තලා ගත යුත්තේ අපටමය  ,

     සමාජ ශාලා වල "එක්ස්ටසි" අලෙවි කිරීමේ නියෝජිතයා හමුදා බුද්ධි අංශ මේජර් වරයාට පහර දුන් පසු වැරදිකරුවා වනුයේ   පහර කෑ මේජර් වරයායි ,ඔබ නොදන්නා නමුත් කටුක සත්‍යය වනුයේ අදාල මේජර් වරයා දැනට නිළයෙන් පහකොට සිරගත කොට ඇති බවයි .රාජකාරිය සදහා ගිය නිලධාරියාට වඩා නීතී විරෝධි  කුඩ්ඩා, පාලකයන්  මගින් ආරක්ෂා කර ඇත .

   යකඩ වංචාවක් සදහා වරෙන්තු නිකුත් කර සිටිනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි බව පොලීසිය අධිකරණයට පවසයි එදිනම ඔහු නියෝජය පොලිස්පති වරයෙකු සමග මාධ්‍යයේ  පෙනී සිටියි .

නීතිය බල්ලාට ගොස්ද?  බල්ලා නීතියට ගොස්ද? යන්න  ගැටලු  සහගත වේ .

ඉහත සදහන් කලේ වර්තමාන සමාජයේ සිදුවන්නා වූ අකටයුතුකම් වලින් බිදක් පමණි සිදුවන්නා වූ දේවල් සවිස්තරාත්මකව ලිවීමට ගියහොත් ජීවිත කාලයම මදිවනු ඇත .

"අනේ  අපි නම් පක්ෂ වලට කැමති නැහැ"

"අපි ඔය දේශපාලනයට කැමති නැහැ "

වැනි බොරු සෝබන කතා නවතා පවත්නා සමාජයේ ඇති වැරදි පිලිබදව තවත්  එක අයෙකු හෝ දැනුවත් කල හැකිනම් සමාජය පිලිබදව අවබෝදයෙන් ජීවත්වේ නම්  එය වඩාත් වැදගත් වේ .......

           සෑම ජන්දයකදීම අප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වැඩිවෙමින් පවතී ,එයින් පිලිබිබුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ජනතාව දුරස් වන  ආකාරයයි  එය සැබවින්ම රට කටුක අනාගතයකට ගමන්කරවීමක් වෙනු නොඅනුමානයි , මක්නිසාද යත් එවිට දැලි පිහිය වදුරාට ලැබෙන "බැවිනි 

එබැවින්  කරුණාකර ඔබේ පරම අයිතිය රටේ අනාගතය සදහා වැඩදායී අන්දමට භාවිතාකරන්න ......