Wednesday, February 27, 2013

කියන කතා

                                                                
             අපේ ලංකාවේ මිනිස්සු ගැන කියනවනම් "නිකන් දෙනවනම් මන්න පාර හරි කන්න කැමති" අයනේ වැඩිපුරම ඉන්නේ  අන්න ඒ නිසා අපේ මිනිස්සුත් ඔය තියෙන බැංකු සහ අනෙකුත් ඔය ණයදෙන ආයතන වලින් ණය ගන්නේ නිකන් දෙනවා කියලා හිතාගෙනමයි හැබැයි ඒ අතරින් කොටසක් ණය ගන්නේ තමන්ගේ තියෙන අග හිග කම් පියවා ගන්න ,මොකද අපි මේ රට ආසියාවේ ආශ්චර්යය කරන්නත් එපැයි දැන්.කොහොම උනත් ගෙවා ගන්න බැරි උනහම තමා අපේ මිනිස්සුන්ට දෙලොව රත්වෙන්නේ .

                                           දුන්න සල්ලි ගෙවන එක අතපසු කරන්න අපේ මිනිස්සු බැංකුවෙන් කතා කරහම දාහක් කතා කියනවා ,ගෙවන එක එක දවසකින් හරි කල් දන්න තමා බලන්නේ මොන ක්‍රමේකින් හරි ,පහලින් තියෙන්නෙත් ඔය සල්ලි ගෙවන්න තියෙන අය ඒ ගෙවන්න තියෙන ආයතනවලට කියන කතා අතේ රෝල් වෙච්චි අවස්ථා 2ක්


1 .ගුණදාස මහත්තයාගේ මීටීම 

 ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්

එක  පාරක් උත්සාහ කලාට කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් මේ ගැන දාන්න කෝල් සෙන්ටර් ඒජන්ට් තව ට්‍රයි කරනවා

 ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්


ගු.ම.     :- හෙලෝ

බැංකුව :- සුබ උදැසනක් මිස්ටර් ගුණදාස අපී .......බැංකුවෙන් කතා කරන්නේ ,ඔබතුමා ගෙවිය යුතු  හිග                        ණය මුදල  පිලිබදව දැනුවත්.....

ගු .ම    :-මම මීටිං එකක ඉන්නේ පස්සේ කතා කරන්න .......

ඒ අතර පසුබිමින්

ඉස්සරහ හෝල්ට් බහිනවා ..........

2 .අරුමුගම්ගේ මල්ලි

ණය ගෙවන්න තියෙන දිනය දවසින් දවස අරුමුගම් කල් දානව ,මොබයිල් එකත් ඕෆ් බැරිම තැන ට්‍රයි කරනවා ගෙදරට

ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්

ගෙදර  :- හෙලෝ (පොඩි ළමයෙක් ඇමතුමට කතා කරන්නේ )

බැංකුව :-සුබ සන්ධ්‍යාවක් ,අපිට අරුමුගම් මහත්තයාට කතා කරන්න පුලුවන්ද ?


ගෙදර  :-අප්පා කෝල්

බැංකුව :-හෙලෝ සුබ සන්ධ්‍යාවක් මිස්ටර් අරුමුගම් ,ඔබතුමාගේ ගෙවිය යුතු ණය මුදල ගැන මතක් කිරීමක්    කරන්න  කතා කලේ

ගෙදර   :-අයියා ගෙදර නැහැනේ

බැංකුව :-කවුද මේ ඔබතුමා එතකොට ?

ගෙදර :-මම අරුමුගම්ගේ මල්ලි

බැංකුව :අපිට ඔබතුමාගේ නම දැනගන්න පුලුවන්ද ? පණිවිඩය ලබා දුන් පුද්ගලයාගේ නම ඇතුලත් කරන්න ඕන සිස්ටම් එකට

ගෙදර :මම.... ආආආ මම  මම  ඉර්ෂාඩ්

බැංකුව  :-!@#$%^&*()...?

ඔන්න ඔහොමයි ඉතින් අපේ දවස ගෙවෙන්නේ

Monday, February 25, 2013

මම යමාමොටෝ මැරුවෙමි 1


  එය ඇමරිකාවේ සුපරිසිදු ආලින්ටන් සොහොන් පිටිය නොකඩවා වස්නා වැස්සෙන් සේදීගිය දිනයෙකි.මම වලට පහත් කිරීමට සියල්ල සුදානම් කර තිබු ,ඇමරිකානු ධජයෙන් වසන ලද මගේ සොහොයුරා ගේ මිනී පෙට්ට්ය අසල සිටියෙමි .මාගේ පියා හා මවද ,කනිටු සොහොයුරු  ජිම්ද මා ළගින් මැ වූ හ . දෙවැනි ලෝ මහ හටන නිමාවට පත්වී සිවු වසරක්  මැ ගෙවී තිබිණි . එහෙත් ඒ මහ හටනේදී මිය ගිය මාගේ  බාල සොහොයුරාගේ  මෘත දේහය අපට ලැබුනේ සිවු වසරෙක ඈවෑමෙනි .පාදිලිතැන ගේ සංවේගාත්මක වදන්වලට සවන් යොමු කරත් මැ  මාගේ හා මගේ මළ සොහොයුරා  ගේ ද ජීවිත ඈත එපිට පිහිටි සොලමන්ගේ දිවයිනත් ,අප කිසිදාක කිසි විටෙක නුදුටු අද්මිරාල්  ඉසටරෝකු යමාමොටෝ නම් මිනිසාත් සමග සම්බන්ද වූ යේ කෙසේ දැ යි  මම කල්පනා කරන්නට වුයෙමි .