Monday, June 4, 2012

ඇබෝජිනියන් +ජේමිස් කුක්+ අරක්කු+බිකිනි

                                  අපි හැමෝම දන්නවනේ ඔස්ට්‍රේලියාවේ මුල් පදිංචිකාරයෝ කවුද කියලා  ඒ කියන්නේ "ඇබෝජිනියන්වරු " .සුද්දෝ ඔහේට ගොඩ බැස්සේ පස්සෙනේ, අන්න ඒ ස්වදෙශිකයෙක් තමා ඔය උඩින් ඉන්න ෆොටෝ එකේ ඉන්නේ.

                       මුලින්ම ඔසීවලට ගොඩ බැහැපු බටහිර ජාතිකයා වෙන්නේ "විලියම් ජැන්සූන්" කියන ජර්මන් ජාතිකයලු  ඒ 1606දී කොහොම හරි 1770 "ජේමිස් කුක්" තමා බින්න බහින්න  බලාගෙන මුලින්ම ඔස්ට්‍රේලියවට ගොඩ බැහැලා තියෙන්නේ,ඒ වෙලාවේ ඇබෝජියන්වරු විරෝදය දක්වපු හැටි තමයි ඔය පහලින් පේන්නේ ඇයි ඉතින් පට්ට මලක්නේ පනින්නේ  මේ කොහේවත් යන උන් ටිකක් ඇවිත් මේ අස්සෙම රින්ගන්න ගියාම

 ඇබෝජිනියන්වරු උපතින්ම බොහොම ශක්තිමත් ජාතියක්ලු,සුද්දෝ ගිනි අවිවලින් සන්නද්ධවෙලා ස්වදේශිකයෝ එක්ක සටන් කරත් ගේම ගොඩදාගන්න විදියක් ඇත්තෙම නෑලු, අප්‍රහිත ධෛර්‍යයි ඇබෝජියන්ලා සතුව තිබුන බූමරංගය කියන භයානක ආයුධයයි නිසා සුද්දොත් තරමක් දුරට අධෛයිර්යමත් වෙලා මේ වෙනකොට ඉදලා තියෙන්නේ.තුවක්කුවෙන් එල්ලය බලලා වෙඩි තියන එකනේ සුද්දෝ දන්න එකම සෙල්ලම ඉතින් දෙයියනේ මේ කොහේද ඉදන් ආතක් පාතක් නැතුව එන පතුරු කෑල්ලක් වැදිලා එකා දෙන්නා යටියන්තොට යනවා කියන්නේ සෙල්ලන්ද?

                                   මානව වර්ගයන් ගැන අධ්‍යනය කරන අය කියන විදියට අපේ රටේ ඉන්න වැද්දොන්ගෙයි ඔය ඇබෝජිනියන්වරුන්ගෙයි සමානකම් වගයකුත් තියෙනවලු.

.මේ ඉන්නේ ඔය භයානක ආයුදයත්  අරන් ප්‍රහාරයකට සූදානම් උන ස්වදේශිකයෙක්



                                         කොහොමින් කොහොම හරි සුද්දෝ දැන් දහ අතේ කල්පනා කොරනවා මේක කොහොමද ජයගන්නේ කියලා මොකද මේ "ජෙම්ස් කුක්" ඇතුලු පිරිස බොහෝම යහපත් කල්ක්‍රියාව නිසා බ්‍රිතානයෙන් ඔස්ට්‍රේලියාවට එවපු සෙට් එකක් නිසා පට්ට නෝන්ඩියලු ,මේ කොහෙවත් ඉන්න කඩමාලු ඇදගත්ත සෙට් එකක් නිසා ආපහු  යන්නත් බැහැනේ රෙදි ඇදගෙන බ්‍රිතාන්යට ,ඔන්න ඔය අතරේ මේ අයට කල්පනා උනා මැක්සා අයිඩියා එකක්, අන්න කරනවානම්  වැඩ .
                                                           
                               ස්වදේශිකයෝ ඉන්න  මායිමට ගිහින් නතර කරලා තියනවා  මෙන්න මේ පල්ලෙහා දාලා තියෙනවා වගේ පොඩි පහේ කරත්තයක් එකේ ඉන්නේ බිකිනියක් එහෙම ඇදලා ඉන්න සුරූපී සුදුජාතික තරුනියක්ලු ඕක ලගට කිට්ටු කරලා බලන ස්වදේශිකයන්ට මෙයා කරන්නේ "හායි" ගාලා ලගට කතා කරලා පොඩි අඩියක් දෙන එකලු  (වහ හරි බෝවී අපේ අයියලත් ඉතින් ආයෙත් අහලා ),බීපු උන් බැලුවාලු අම්මට සිරි මේකනේ ෆන් එක කියලා ඊලග දවසෙත් ගියාලු කරත්තේ ලගට අනේ ඉතින් අර ගෑනු ළමයා හිනාවෙලා පොඩි සොට් එකක් දෙනවලු ග්ලාස් එකකට දාල ,ඔන්න ඔහොම පළාතේම ඉන්න ඇබෝජිනියන්ලා පුරුදුකරගත්තාලු බොන්න දැන් මුන් ටික මුළු දවස පුරාම කොරේ බොන එකලු,  උන්ට  සුද්දෝ රට උස්සගෙන ගියත් දැන් ගානක් නැති උනාලු ,(සීන් එක තේරුනත් යුද්ධ කොරන්න පුළුවන්ය වෙරිමර ගාතේ ?) ඔය තියරිය" කුක්ලා " මුලු මහද්විපයටම  පුරුදු කලාලු අන්තිමටම  ඊටපස්සේ ස්වදේශිකයන්ට සුද්දෝන්ව  පෙන්න ගත්තේ දෙවියෝ දැක්කා වගේලු  ඇයි ඉතින් මුන් ඕවා පෙරාගෙන බොන්න දන්න එකක්යැ?

 අන්න ඔහොම තමයි සුදු ජාතිකයෝ    ඔස්ට්‍රේලියාව අල්ල ගත්තා කියන්නේ අදටත් සෑම ස්වදේශිකයෙකුටම  මසකට මත්පැන් නොමිලේ ලබාදෙනවා හැබැයි එකේ සීමාවක් තියෙනවා මම හිතන විදියට ,ජාතියක පරිහානිය මත්පැන් නිසා සිද්දඋනේ  අන්න ඔහොමලු.

 ප.ලි.
ඔය තියරිය බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලංකාවටත අත්හදා බලන්න හදලා තියෙනවා නමුත් වැඩේ සාර්ථක වෙලා නැහැ මොකද අපේ කස්ටිය ඒ කාලේ ඉදන්ම තිතට මත්වෙන විදිය හොයාගෙන ඉදලා තියෙනවා අහලා ඇතිනේ "රේන්ද බද්ද: කියන එක ? ඒ කියන්නේ  " රා පෙරිම" වෙනුවෙන් ගෙවන බදුමුදල ....(රේන්ද බද්ද හින්ද ලංකාවේ අලුත් ධනපති  පෙලන්තියක් ඇති උනා ,මතක ඇතිනේ අර කඩුල්ල ටෙලියේ තියෙන්නේ)

ප.ප.ලි.
අර පුල්ලි තිබුන සෙට් එකටත් මේක අත්හදා බලන්න තිබුනේ අපිට (එක ගොයියෙක්ටනම් බෙහෙත වැඩකලා මට මතක විදියට )                                   

                                                    

68 comments:

  1. මානව වර්ගයන් ගැන අධ්‍යනය කරන අය කියන විදියට අපේ රටේ ඉන්න වැද්දොන්ගෙයි ඔය ඇබෝජිනියන්වරුන්ගෙයි සමානකම් වගයකුත් තියෙනවලු.

    ප්‍රෝ‌ටෝ-ඔස්ට්‍රොලොයිඩ්
    http://en.wikipedia.org/wiki/Proto-Australoid

    මෙන්න මොඩල් එක ලංකාවේ ආදිවාසීන්ට වඩා මේ ඇබෝජිනියන්වරු විශේෂ වෙන්න හේතුව ලංකාවේ ආදී වාසීන් හුඟ කාලයක් තිස්සේ සිංහල හා දෙමල අය සමග මුහු උනත් ඇබෝජිනියන්වරු එහෙම උනේ අවුරුදු 250 ක් වගේ මෑත කාලයකදී වීම.

    හැබැයි දැන් නම් ඕස්ට්‍රේලියානු රජය තමන්ගේ රටේ භූමි පුත්‍රයෝ රැකගන්න මාරම වෑයමක් දෙනවා කියල නම් ආරංචියි...

    ReplyDelete
    Replies
    1. ඔව් දැන් ඇබෝජිනියන්ලා වදවීයන කොට්ටාශයක් වෙලා තියෙන්නේ එකයි දැන් ඔය දෙකොන පත්තුවෙලා දගලන්නේ .....

      Delete
    2. එහෙනම් දැන් නිකම් දෙන්නේ රැකගන්න වෙන්ටෑ

      Delete
    3. නැහැ නැහැ සුද්දෝ බයයි අද උනත් ඇබොලා තමන්ගේ පාරම්පරික උරුමය ඉල්ලලා නැගී සිටීවි කියලා...

      Delete
  2. හික් හික් මෙයාත් හොයාගන්න දේවල්

    ReplyDelete
    Replies
    1. වැදගත්වේවි කියලා හිතුනා මේ විස්තර,එකයි හොයා ගත්තේ

      Delete
  3. ලංකාවේත් ඔය සෙල්ලම වුණා තමා .ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අල්ලා ගත්තාට පස්සේ මාළිගාවෙත් හොඳ හොඳ බෝතල් තිබිලා හම්බුණාලු. ඒවාත් ඔක්කොම සුද්දෝ රජතුමාට එවපුවා. රජතුමා අන්තිම කාලේ එන්න එන්නම කෲර විදිහට වැඩ කළේ මත්පැන් බීල වෙරි මතින් හිටිය නිසාලු. ඒ වගේමයි රදළයන්ටත් සුද්දෝ බොන්න පුරුදු කළා. මොල්ලිගොඩ කියන මහ අදිකාරම් පස්සේ කාලේ මළා කියන්නේත් බීලා වැඩිවෙලා....

    ඒ වගේමයි 1840 ගණන්වල නිකම් මත්පැන් ලංකාවේ මිනිස්සුන්ට දීලා ඒකට පුරුදු කරවලා පස්සේ තමා ඒක සල්ලිවලට විකුණන්න ගත්තේ. ඒ පරම්පරාවල පුරුදු තාමත් තියෙනවානේ. ඒකනේ හවස් වෙන්න කිට්ටු කරලා බාර් ගාව දන්සල්වලට යන්න වගේ පෝලිම් තියෙන්නේ :D

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි මේ කරුණු අපිත් එක්ක බෙදා ගත්තට සමහර දේවල් මමත් දැනගෙන හිටියේ නැහැ ...

      Delete
  4. ඉස්සර සිකරට් එහෙමත් නිකන් දුන්නලුනේ

    වැරදිමකින් බල්ලන්ගේ ලිපියෙන් බාගයයි වැටුනේ දැන් නිවරැදි කලා.සම්පුර්න ලිපිය බලන්න ආයෙත් එන්න.
    එල් බෝඩ් කාරයට අනුකම්පා කරන්න

    අටම්පහුර

    ReplyDelete
    Replies
    1. අපේ අය්යලා දුම් ගහන්න ඇති ඒ දවස්වල පැල් බැදගෙනම
      මම හිතුවේ බල්ලෝ කතාව ඉවරයි කියලා

      Delete
  5. ඒ කියන්නෙ සුද්දා..තිතට මත..ක්රමය සාර්ථකව අත්හදා බලලා

    ReplyDelete
  6. තාමත් ඔය කොම්පැනි කාරයෝ ඔය සාම්පල් කිය කිය නිකං දීලා ආසාව ඇති කරන්නේ එක එක දේවල් වලට!

    ReplyDelete
    Replies
    1. උන් දීර්ග කාලිනව උන්ගේ බිස්නස් එක ගැන හිතලා ඕවා කරන්නේ

      Delete
  7. ෂහ් උඹත් දන්න දේවල්.

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය ගැන හොයනවා කියන්නේ ආතල් වැඩක්‌නේ බන්...

      Delete
  8. ඒකත් එහෙමද.. අදනේ සීන් එක දන්නේ.. මතට ලොල් උනාම වෙන දේ තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. රටක්ම නැති උනා කිව්වම විශ්වාස කරන්නත් අමාරුයි නේද?

      Delete
  9. මම අහල තියෙනවා සිගරට් ලංකාවට පුරුදු කාලේ ඒ විදියට කියල.

    ReplyDelete
  10. ජාතියක පරිහානිය ගැන වැදගත් ලිපියක්...

    ReplyDelete
  11. හොඳයි නොවැ දැන දැනම බොන එක.

    ReplyDelete
    Replies
    1. රෑ වැටුන වලේ දවාලෙත් වැටීම ....

      Delete
  12. මම නං ආසම බිකිනි පාට් එකට ඈ.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ රජාගේ රාජදානියටත් ඔය තියරිය හරිවගේ ..

      Delete
    2. රජාට බොන්න ඕනේ නා. ඌට බිකිනිය තිබ්බාම ඇති... හික්..

      Delete
    3. ඒ කියන්නේ බොන්න දෙන්න ඕන නැහැ ඒ සල්ලිත් ඉතුරුයි ...

      Delete
    4. ඔය රජාත් තහවුරු කොරලා තියෙන්නේ....

      Delete
  13. අදමයි සීන් කෝන් එක දැනගත්තෙ. උන් කරොත් කරන්නෙ දෙකයි පණහෙ වැඩමයි. ඇබොරිජින් වරු වගේ ම කොයි කවුරුත් මත්පැන් නිසා පරිහානියට යනබවට මේක හොඳම උදාහරණයක් නොවැ!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ගෘහ මූලිකයා බීලා ගෙදර එනවා කියන්නේ ගෙවල් විනාසයි ඒ වගේ උන් 10ක්‌ හිටියොත් ගමම ඉවරයි

      Delete
  14. වටින ලිපියක් මචං..බීම පරිහානියට හේතුවක් කියන එක අහන්නත් දෙයක්ද

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මචං...

      Delete
  15. මේ ආදිවාසීන් ගැන නොයෙක් තොරතුරු අහල තිබුනත් මේ කතාව අහල තිබ්බෙ නැහැ..හ්ම්ම්ම්ම් එහෙනම් මේකයි එයාල කරල තියෙන්නෙ රට අල්ල ගන්න...(විහිළුවක් හෙම නෙවේ නේද?)

    ReplyDelete
    Replies
    1. විහිළු නෙමෙයි මේ සම්පුර්ණ ඇත්ත ,ඔසීවල ඉන්න කාගෙන් හරි අහලා බලන්නකෝ ඕනනම්.....

      Delete
    2. ඇබරිජිනීස් ලා ගැන මෙහෙම කතාවක් තියනවා තමයි.:)

      හැබැයි ඉතින් දුන්න කෙනාත් වැරදි, බීමට ඇබ්බැහි උනු අයත් වැරදී කියලා තමයි මට නම් හිතෙන්නේ.

      Delete
  16. ගොඩක් වටින ලිපියක්. ඇබෝරිජින්වරුන්ගෙන් රට අල්ලගත්ත විදිය දැනගත්තේ අද. ඇත්තටම සුද්දෝ කලොත් ඔහොම පර වැඩක්මයි. ඇමරිකාවෙත් රතු ඉන්දියන් මිනිස්සුන්ගේ ඉඩම් අල්ලාගත්තේ..

    ReplyDelete
    Replies
    1. රතු ඉන්දියානුවන්ගේ නිජබිම උදුරා ගැනීම මීට වඩා ගොඩාක් දුක හිතෙන කතාවක්
      ඒ පිලිබදව ඉදිරිලිපියකින් කියන්නම්...

      Delete
  17. හප්පටසිරි මෙහෙම මෙව්වා එකක් වෙලා තියෙනවා කියල අද තමය් දැනගත්තේ
    හොඳ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. තව තව හොද මෙව්වා තියෙනවා ඉස්සරහට බලමුකෝ

      Delete
  18. මමත් අහලා තියනවා උන් දැනටත් තැන තැන ඔහේ වැටිලා ඉන්නවා කියලා...... අනේ මන්ද කොහොම උනත් දුසිරිත් කියන්නේ මිනිස්සු විනාශ කරන දෙයක්.......

    ReplyDelete
    Replies
    1. අනිවා මචන් ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනම නෑලුනේ .....

      Delete
  19. ඉස්සර ලංකාවේ ත් මත්පැන් තිබුනේ නැලු නේද..ඔය සුද්දෝනේ ඔව්වා පුරුදු කරලා තියෙන්නේ නේද.. මදැයි රටක් අල්ල ගන්න කරන්න තිබ්බේ පොඩ්ඩක් අඩ ගහලා සොට් එකක් දෙන එකනේ අනේ අම්මපා..වහ කන්න එපැයි..

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ඉස්සර ලංකාවේ මත්පැන් තිබුනේ නැහැ ඒ උනාට තල් රා /කිතුල් රා/පොල් රා කියන දේවල් තිබුනා .අන්න ඒ නිසා මද්‍යසාර අමුතු වර්ගයක්ම උනේ නැහැ අපේ අයට .....

      Delete
  20. අලේ මලු අලේ අර බිකිනි අක්කා...පානදුරේ පැත්තටත් එවන්ඩ කියහන්කෝ රොබින් අයියේ...හලි සෝයි...නිකන් මාව මෙව්වා උණා..අපිට කොයින්ද බිකිනි කෙල්ලෝ..වහ දුන්නත් කනවා මගේ සුදු නංගියේ..මම සිංහලනි..ඒකයි...(පුදුමයි අපේ බෙබාල ටික ඔය ට්‍රික් එකට අහු නොවුනා...ඔන්න අඩි වෙනුවට "බඩු" දුන්නනම් අපේ උන් සුරුස් ගාල එතන) :පී

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රයෝගයම දැන් පාවිච්ච් කරනවා සිගරට්වලටයි බියර්වලටයි,පානදුරේ පැත්තට බිකිනි අක්කලා එවලා වලානෙන් බේරගන්න බැරිවෙන නිසා එවාන්නේ නෑලු....

      Delete
  21. රොබින්, මේක නම් මරු. අකමැත්තක් නැත්නම් මේ ලිපිය මූණුපොතේ පල කරන්න අවසරද​? (ඔයාගේ බ්ලොග් එකේ සබැඳියක් සමඟින්)

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකේ සබැදියත් එක්ක යනවනම් ගැටළුවක් නැහැ දාන්න .....

      Delete
  22. මමත් අහල තියෙනවා..!
    අපේ රටට නම් , ඉස්සර අරක්කු.., දැන්...අර..මොකක්ද..අරමුදල..නේද..?

    ReplyDelete
    Replies
    1. කොයි ? මට මිටර් නෑනේ ....

      Delete
  23. ඔව්වට කියන්නේ දේශපාලන ප්‍රයෝග කියලා!! එක අතකට පවු ස්වදේශිකයෝ..

    ReplyDelete
    Replies
    1. හැමදාම දේශපාලකයෝ මිනිස්සුන්ව කඩේ යවනවනේ, ඒ මිනිස්සු පවු තමා උන්ගේ අයිතියත් උදුරාගෙන ජිවිත කාලයටම මුලාවෙත් දාලා ...

      Delete
  24. ලංකාවටත් බිකිනි ඇදන් අක්කලා ආවාද ඈ???

    ReplyDelete
    Replies
    1. නැ නැ නිකන් බොන්න දීලා තියෙනවා මුහුදුබඩ පළාත්වල එහෙම ....

      Delete
  25. 1505 දි තමයි ලංකාවට කෙල වුනේ.එදා ඉදන් අද වෙනකම් ( හෙටත් ඇතුලුව) කෙලවේගෙන යනවා..දැන් පොඩ්ඩක් හිතුවොත් අපිත් හරියට ඔය ඔසීවල ඉන්න ඇබෝලා වගේනේ බන්..තාමත් අපේ බහුතරයක් පර සුද්දට දෙකට නැමිලනේ ඉන්නේ...උන් දෙන දේ කාලා ඔහේ උඩ බලන් ඉන්නවා.....මේ කතාවනම් අදමයි ඇහුවේ...දිගටම මේ වගේ දේවල් ලියන්න...ලන්කාවෙ ඉතිහාසයේ මේ වගේ දේවලුත් ලියන්න...අපේ ගොඩාක් දෙනෙක් ඉතිහාසය දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මීට වඩා දුක්බිත කතාන්දර ගොඩාක් තියෙනවා අපේ ඉතිහාසය ඇතුලේ ඒවා ගැන මිලගට බලාපොරොත්තුවන්න ,සාදරයෙන් පිලිගන්නවා අම්බලමට...!!!

      Delete
  26. හොද ලිපියක් මල්ලි. අපේ ඉතිහාසය නොදන්න අය කොච්චර ඉන්නවද...

    ReplyDelete
  27. හපොයි ඇබෝලා... දේශප්‍රේමෙ බෝතලේට බදු දීලා.... අද නම් තිතට මත්වෙන්න දේශප්‍රේමෙත් හොඳා... ;-)

    ReplyDelete
  28. පෝස්ටුව කියවීම පැත්තක තබා... අර 4ටෝව මම බැලුවේ නෑලූ ඈ,., අලෙ එල ඈ

    ReplyDelete
    Replies
    1. හරි හරි අපි එහෙම හිතාගන්නම්කො ...

      Delete