Monday, June 11, 2012

පිහියක් අරන් පාරේ යමුද ?


                                                                   ආත්මාරක්ෂාව කියන ඒක අද අපිට මාර වැදගත් මාතෘකාවක් නොවැ,හොරු /මංකොල්ලකාරයෝ හැමතැනම ,කාන්තවන්ටනම් ස්ත්‍රී දුෂකයෝ කියන කොටසත් මේ කාණ්ඩයට අයත් වෙනවා (දැන් දැන් පිරිමින්ට බලහත්කාරකම් කොරපු අවස්ථාත් අහන්න ලැබෙනවා නේද?) ඉතින් අපි ආත්මාරක්ෂාවට මොනවද ගන්න ක්‍රියාමාර්ග ?


1 ) ආත්මාරක්ෂක සටන් ක්‍රම පුරුදුවිම .
2 ) කිනම් හෝ ආයුදයක්‌ ලග තබා ගැනීම .

පලවෙනි ක්‍රමයට වඩා දෙවැනියට කියපු ක්‍රමය තමා අපේ අය  හුගාක් වෙලාවට භාවිතා කරන්නේ ඒ කියන්නේ හුගාක් වෙලාවට පොඩි පිහියක් වගේ එකක්  .නමුත් ඔයගොල්ලෝ දන්නවද ආත්මාරක්ශාවට උනත් පිහියක් ලග තබා ගැනීමේදී පවතින සීමා මොනවද කියලා ?  ඒ  සදහා පවතින නීතියට අදාළ වන පනත තමයි පහතින් දැක්වෙන්නේ .

"1906  අංක 28 දරන තහනම් පිහියා ආඥ පනත "

 ඒ කියන්නේ අන්තරායකාරී පිහියා රැගෙන යාම තහනම් කිරීම සදහා වූ  ආඥ පනත

මොකක්ද දන්නවද මෙහි හැදින්වෙන "තහනම් පිහියක් " කියන්නේ ?

"හකුලන හෝ තලය දිගින් අගල් 2කට වැඩි අගවටකුරු හෝ මොට නොවූ ඇනීමට පාවිච්චි කලහැකි බවට අධිකරණය විසින් සැහීමකට පත්වන කඩුවක් ,කිරිච්චියක් හෝ ඇනීමට පාවිච්චි කරනු ලබන කවර හෝ ආයුදයක් "
 ඒ කියන්නේ අගල් 2ට වැඩි දිග අනින්න පුළුවන් උල්පිහි ලග තියාගැනීම නිතියෙන් තහනම් ..!!!!

තව විදියට් කිව්වොත් මෙන්න මේ පහල තියෙන ඒක වගේඒවා

වැරද්දක් කලොත් දඩුවමකුත් තියෙනවා නොවැ දන්නවද  මේ වරද කලොත් මොනවද හිමිවන දඩුවම් කියලා?
 දඩුවම් කීපයක් තියෙනවා ඒවා පහත ආකාරයට තමා තියෙන්නේ

තහනම් පිහියක් ලගතබාගැනීම  පළමුවර සිදුකළා නම්

1 )මාසයකට නොවැඩ් සිරදඩුවමක් හා රුපියල්පනහකට නොවැඩ් දඩයක්

තහනම් පිහියක් ළගතබා ගැනීම දෙපාරකට වැඩිය සිදුකලානම්

2) මාස 3කට නොවැඩ් සිරදඩුවමක් හා රුපියල් 100කට නොවැඩ් දඩමුදලක්

නමුත් මෙහි සදහන් වන දඩමුදල් 2005 අංක 12 දරන දඩමුදල් වැඩිකිරීමේ පනත මගින් වැඩි කරලා තියෙනවා

මීට අමතරව පිහියක් පැළද ගෙන හරි අරගෙන යන කෙනෙක්ගෙන් පොලිස් නිලදාරියෙකු හරි වෙනත් බලයලත් නිලදාරිවරයෙකුහරි(ග්‍රාමසේවක/ආදායම් නිලදාරී) ඉල්ලු විටක පරික්ෂාවට නොදී සිටීම සිටීමත් රුපියල් 100කට නොවැඩි දඩයකට යටත් කරන්න පුළුවන් .

මේ  වරදට  (ඒ කියන්නේ තහනම් පිහි ලග තබා ගත්තාම )කස පහර හෝ වේවැල් පහර  නියම කරන්නත් පුළුවන් නමුත් දැනට "ශාරීරික දඩුවම් ආඥ පනත" ක්‍රියාත්මක වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ .

 එතකොට අර මාළු මුදලාලිලා ලොකු මන්න අරන් යන්නේ ?
       පනතේ අර්ථ දක්වලා තියෙන ආකාරයට තහනම් පිහියක් උනත් ස්වකීය නිත්යානුකුල වෙළදාම ,ශිල්පය හෝ කාර්යය කරන්න අතයවශයම  වන වෙලාවලදී අරගෙන යන එකට හරි පාවිච්චි කළාට ඒක වරදක් වෙන්නේ නැහැ, ඒ කියන්නේ මාළුමුදලාලිලාට මාළු කපන්න පිහිය ඕන වෙන නිසා ප්‍රශ්නයක් නැහැ .

       ඒ වගේම  තමා හමුදාවේ හරි පොලිසියේ හරි වැඩ කරන කෙනක් හමුදා ආයුදයක් පැළද සිටීම හරි රැගෙන යාම පනත විදියට  වරදක් නෙමේ .

    ඒ වගේම මේ සම්බන්දව විභාග කරන්න යොමු කරන්න ඕන ප්‍රාදේශීය අධ්කරණ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයට  .
              වරද කරලා මාස 3 කට පස්සේ නඩු දාන්නත් බැහැ, ඒ කියන්නේ මාස 3 කට කලින් තහනම් පිහියක් ලගතියාගෙන හිටියා කියලා නඩු දාන්න බැහැ .

 මීට අමතරව තවත් කොන්දේසි සහ කරුණු වගයක් පනතට අනුව තියෙනවා නමුත් ඒවා බලපාන්නේ මිට පෙර මරණීය දණ්ඩනය පැමිණිය යුතු නොවන පිහියක් භාවිතයෙන් යම් වැරැද්දකට දඩුවම් ලබපු අය සදහා (කඩුවක් හෝ ඒ හා සමාන ආයුදයක් භාවිතාකර මරණීය තුවාල සිදුකිරීම වැනි වරදක් )

              එවැනි අයට පිහියක් තමන්ගේ ගෙයින් හෝ කඩයෙන් එලියට යනකොට පිහියක් රැගෙන යාම සදහා සීමා පනවලා තියෙනවා අධිකරණය මගින්, එවැනි අය ඒ සදහා අවශ්‍යතාවයක් තියෙනවා නම් අදාළ දිස්ත්‍රික්කයේ දිසාපතිගෙන් බලපත්‍රයක් ලබාගන්න ඕන,එම බලපත්‍රය ලබාදීමෙදී පනවන කොන්දේසි උල්ලංඝනය කලොත් හරි බලපත්‍රයක් නැතුව පිහියක් ලග තබා ගත්තොත් හරි උපරිම මාස 6ක් දක්වා ආණ්ඩුවේ බෝඩිමේ නවාතැන් පහසුකම් සපයලා දෙනවා .
                                                          
ඔන්න ඔහොමලු සිද්දිය,ඉස්සර නම් අපේ රටේ "මැණික් පිරවූ භාජනයක් අතින් අරගත්ත කන්‍යාවකට දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුවට වෙනකම් යන්න පුළුවන් කමක් තිබුනලුනේ" ...!!!!

අන්න ඒක නිසා හැමෝම මෙන්න මේ වගේ පිහියක් ලග තියාගන්න හදිස්සියකට ගන්න ....!!!!


83 comments:

  1. ඔය යටම පිහි හොදයි කේක් කපන්න... ආරක්ශාවට එක හොදයි පෙන්නලා බය කරන්න...

    අම්මෝ ඔය අර මැනික් පුරෝපු කතාව කොයි..කොයි කාලේ එකක්දැ රොබින්...අද මහ දවලක ඔහොම ගියොත් එහෙම එන්න වෙන්නේ සිල් කරපු පෙට්ටියක තමා..

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දුටුගැමුණු රජතුමාගේ කාලේද කොහෙද නිම්ෂා ,සීල් කරපු පෙට්ටියක එවන්නත් හොයාගන්න එපැයි ?

      Delete
  2. තලය අඟල් 1.9 වන පිහියක් පාවිච්චි කලාම ඉවරයිනේ. :)
    අපේ මාමා කෙනෙක් හිටිය පිහියක් පාවිච්චි කරන. එයා කියන්නෙ ඔය දෙපැත්තට තියන කෑලි දෙක(නම මතක නෑ) නැත්නම් අල්ලන්න බෑ කියල. :)

    ReplyDelete
    Replies
    1. 1.9.ත් හොද තමා ඒ උනාට අනින්න බැහැනේ ,දෙපැත්තට තියෙන කෑලි 2කිව්වේ ?

      Delete
    2. මිටයි තලයයි අතර තියන ලිස්සීම වලක්වන්න දෙපැත්තට විහිදී තියන කෑලි දෙක බං.

      Delete
    3. හරි හරි මීටර් ...

      Delete
  3. //මේ වරදට (ඒ කියන්නේ තහනම් පිහි ලග තබා ගත්තාම )කස පහර හෝ වේවැල් පහර නියම කරන්නත් පුළුවන් //

    ඕක නෙමේ කරන්න ඕන... ඌට ඒ පිහියෙන්ම අනින එක.. :-))

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දඩුවම සැර වැඩි නැද්ද රජෝ?

      Delete
  4. ඔය යට දාල තියන පිහියෙන් මැරිච්ච එකෙක් වත් මරන්න බැරිවෙයි මං හිතන්නේ....

    ReplyDelete
    Replies
    1. ඇනලාම බලමුද මැරිච්ච එකෙක්ට ?

      Delete
  5. //ඉස්සර නම් අපේ රටේ "මැණික් පිරවූ භාජනයක් අතින් අරගත්ත කන්‍යාවකට දෙවුන්දර තුඩුවේ ඉදන් පේදුරුතුඩුවට වෙනකම් යන්න පුළුවන් කමක් තිබුනලුනේ //

    මේ වගේ කාලයක් ආයම කවදා හරි එයිද?

    ReplyDelete
    Replies
    1. ඒවි ඒවි දැන් යනවිදිය බැලුවම පො.කු.ට හිතෙන්නේ නැද්ද ඒ කාලේ අතලග කියලා ..

      Delete
    2. අද උනත් එහෙම යන්න පුලුවං . . . ඇයි හත්දෙයියනේ එච්චර දුරක් ඇවිදපු ගෑනියෙක් ලගට බල්ලෙක්වත් කිට්ටු වෙයිද දාඩිය ගදට ???

      Delete
    3. @ ඕනමැන්ටල් මැනික් ටික අරන් කටේ ඔබන්න වටින කතාව මචං

      Delete
    4. @AnonymousAugust 18, 2012 3:58 AM
      ඕනයා අත්දැකීමෙන්ම කියලා තියෙන්නේ .....

      Delete
  6. Oya Wiswasa Karan Naha.Mamath Kaalayak Bag Eke Pihiyak Dagena Hitiya..:D

    ReplyDelete
    Replies
    1. හත්දෙයියනේ කින්නරී අර මොකෝ ඒ ?

      Delete
    2. කින්නරී පිහියක් තියන් හිටියා කිව්වම වී පොකුර බය උනේ ඇයි ?

      Delete
    3. බය වෙන්නැද්ද අප්පා මල් වගේ ඉඳගෙන කරන වැඩ....!! :)

      Delete
    4. වැඩි පරිස්සමට වෙන්න ඇති මල් වල ...

      Delete
    5. :)අනේ මන්දා.. මට කාලයක් පත්තරවල ඒවා කියවද්දි එහෙම නිකන් අනං මනං හිතෙන නිසා අරන් ගියා..:) :)

      Delete
    6. ඔව් කාලේ හැටියට වැරද්දක් නැහැ ...

      Delete
  7. සැහ්.. ඒකත් එහෙමයි නේ... අර අන්තිම පිහිය අරං ගියාට වැඩක් නෑ බං.. පාන් පෙත්තක්වත් කපා ගන්න බෑනේ..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට බටර් ගා ගන්න පුළුවන්නේ ?

      Delete
  8. ශෙප් වාදය මරු ක්‍රමය...

    ReplyDelete
  9. බාල දක්ෂයො ගාව තියෙනවා පට්ට භාණ්ඩයක්... අර පෙන්නලා තියෙන පිහියට වඩා හොඳනැද්ද නියපොතු ටික උල් කරගෙන ගියානං...

    ReplyDelete
    Replies
    1. එකත් හොද අදහසක් තමා ,හුගක් කාන්තා පාර්ශවයේ අය ඕක අනුගමනය කරනවා දැනටමත් මගේ හිතේ ...

      Delete
  10. ආරක්ෂාවට පිහියක් අරගෙන යන එක ඔක්කෝටම වඩා ඩේන්ජර් වෙන්න පුලුවන් අපිට ගේම දෙන්න එන එකාගේ අතට ඒක අහුවෙලා අපේ පිහියෙන්ම අපිට ඇනුම් කන්න වුණොත් :D

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාව හසිත ආයුද කියන දේ ලග තියාගත්තට වැඩක් නැහැ පාවිච්ච්චි කරන්න දන්නේ නැත්නම් ..

      Delete
  11. ඔය වෙනුවට නියම භාණ්ඩයක් තියෙනවනෙ බං...බයිසිකල් චේන් එකක් රෝල්කරල තියාගන්න පුලුවනි..!,ඒ කට නීතිය මොනවගේද...?.

    ReplyDelete
    Replies
    1. බයිසිකල් චේන් එකට වඩා හොද නැද්ද ටයිමින් චේන් එක ? ස්කොලේ යන කාලේ හැමදාම මගේ සපත්තුව ඇතුලේ තිබුනා එකක් ...

      Delete
    2. ඔව්..ඒකත් හොඳා..අතවටේ ඔතල දෙන්න පුලුවන් තුන්මුනින් දාන්න..!

      Delete
    3. ඒ කියන්නේ ඔයත් රහස දන්නවා එහෙනම් ....

      Delete
  12. අඩේ ඕවා ගැන කිව්වට කමක්නෑ මට එහෙම අනින්නෙපා හරිය...... :පී

    ReplyDelete
    Replies
    1. ඉල්ලලා ඇන ගත්තොත් තමා ඉතින්

      Delete
  13. හත්තිලව්වේ අවනීතිය ක්‍රියාත්මක වන රටක කොහොම ඔහොම ඉන්නද අප්පා
    කලින් දැනන් හිටියේ නෑ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මටත් හිතාගන්න බැරි ඒක තමා ....

      Delete
  14. ඉස්සර පුවක් කපන්න පුංචි පිහි තියන් හිටිය සීයලා.

    * වැරදියට හිතන්න එපා සීයගේ පිහිය කිව්වම.

    ReplyDelete
    Replies
    1. ඔය පනත ගෙනල්ලා තියෙන්නේ 1906 දී සීයා ඊට කලින් වෙන්න ඇති පිහි තියන් හිටියේ ..

      Delete
  15. අර පිහියෙන් ඉතින් මොනා කරන්නද? ඕක පෙන්නුවට බය වෙන්නෙත් නෑ.. ඉතාලියේ නම් සාමාන්‍ය පිස්තෝලයක් ලග තියා ගන්න පුළුවන්... අපේ ලොක්කා ගාව දෙකක් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ඒ පිහිය තමා නිත්‍යානුකුලව තියාගන්න පුළුවන් සයිස් ඒක ,මෙහෙටත් පෞද්ගලික අවි භාවිතා කිරිම පිලිබදව අලුත් නීතී ගෙන්න ඕන ඇත්තටම ...

      Delete
  16. අනේ ඒ මොට්ට පිහියා ගෙනියනවට වඩා හොදයි නිකන් යනවා....
    හොරෙක් ආවොත් සූරලා,හපලා,කෙස් වලින් ඇදලා,කව බඩට‍ දෙකකුත් ඇනලා......හිහි

    ReplyDelete
    Replies
    1. අම්මෝ මෙයාගේ සැර ,හොරෙක් එහෙම ආවොත් ඌට දෙයියන්ගේම පිහිටයි ....

      Delete
  17. නියමයිනේ.... ජය වෙවා..!

    ReplyDelete
  18. එතකොට වක් පිහියා කියන වර්ගය මෙතනට අයිති වෙන්නෙ නැහැ නේද? ඒක අවුලක් නැද්ද ? කලින් දැනගෙන හිටියෙ නැහැනේ මේ ගැන... ටැන්කූ

    ReplyDelete
    Replies
    1. වක් පිහියක් උනත් අගල් 2ට වඩා වැඩිනම් පනතේ කරුණුවලට අදාළ වෙයි නේද ?

      Delete
  19. නේජා නම් ආරක්ෂාවට භාවිතා කරන්නේ වතුර බෝතලේ තමයි..එකෙන් ගැහුවොත් එහෙම මැරිල වැටෙයි.ඒ තරමට සද්ධන්ත බෝතලයක් ඒක... :ඩී

    ReplyDelete
    Replies
    1. අරන් යන්නේ කොහොමද අප්පා ඒ වගේ වතුර බෝතලයක් ?

      Delete
  20. ආ.. පිහි ගැන තියන හින්දා පුරස්නයක් අහන්නම්.මගෙ වෙන්ඩ ඉන්න කෙනා තමයි දවසක් ඇහැව්වෙ මගෙන්.මං ඉතින් ඕවා ගැන දන්නෑනෙ.අයියා දන්නවනම් කියන්නකො මං එයාට කියන්නම්.පුරස්නෙ මේකයි.
    රම්බො පිහි කියලා පිහි ජාතියක් තියනවද රොබින් අයියේ?

    ReplyDelete
    Replies
    1. මැද පින්තුරේ දාලා තියෙන ජාතියේ උල් පිහියක් තමයි "රම්බෝ පිහි" කියන්නේ හැබැයි නියම පිහියේ මිට උඩ මාලිමාවක් තියෙනවා සයිඩ් එකේ බිලිකටු සෙට් එකයි ගිනිගලයි තියෙනවා .රම්බෝ ෆිල්ම් එකෙදී "සිල්වෙස්ටර් ස්ටලෝන් " පාවිච්ච් කරනවා පෙන්නපු නිසා තමයි ඒකට රම්බෝ පිහිය කියලා නම රෙජිස්ටර් උනේ, නමුත් ඔය පිහිය කැලෑ ආශ්‍රිත හමුදාමය ක්‍රියාකාරකම් සදහා යොදාගන්න පිහියක් යම් විදියකින් කැලේක අතරමං උනොත් එහෙම ඔය පිහියෙන් තියෙන ප්‍රයෝජනය කියලා නිම කරන්න බැහැ ....

      Delete
  21. ඈ මචෝ එතකොට පිහියක් කඩෙං ගෙදර අරගෙන යන්න කලිනුත් බලපත්‍රයක් අරං යන්න වෙනවද :O

    ReplyDelete
    Replies
    1. පාන් කපන්න මාළු කපන්න වගේ ගෙදර දොරේ පාවිච්චි කරන පිහිවලට අවුලක් නැහැ මොකද ඒවායේ කොන උල් ආකාරයට නෙමේනේ හදලා තියෙන්නේ ඒවායින් අනින්න බැරි නිසා අවුලක් නැහැ ...

      Delete
  22. නෑ නෑ ඔය ආරක්ෂාවට තියාගන්න නිතියෙන් අවසර තියෙන ජාතියේ එකක් ,හදිස්සියට පාන් පෙත්තක බටර් ගාන්න උනත් ගන්න පුළුවන් ...

    ReplyDelete
  23. අඩේ මේ කතාව ඇහුවහම මගේ ඇඟ හීතල වෙලා ගියා.. මගෙ හැමවෙලාවෙම බෑග් එකේ තියෙන ස්විස් කිට් එක්කේ තියෙන පිහිය අඟල් දෙකහමාරක්..ඒ කියන්නෙ හරි හමන් පොලිස් අයියෙකුට අහු උනොත් බඩු බනිස් තමයි !

    ReplyDelete
    Replies
    1. හිටු හෙටම ඔත්තුව දෙනවා මම ...
      කොන උල්ද එකේ ? වක්ද ?

      Delete
  24. අප්පට සිරි... මම බාල දක්ෂ හිටපු කාලේ අගල් 2 ක විතර එකක් තමයි තිබ්බේ..

    ReplyDelete
    Replies
    1. බැරිද ෆොටෝ එකක ලින්ක් එකක් දාන්න .....

      Delete
  25. රොබින්, ඉතින් යාලු ඔය අන්තිමට පෙන්නපු එකක් ලගතියාගෙන කන හාරන්නද????

    ReplyDelete
    Replies
    1. හා හා කට කට ,ඕක තමා යසියා නීතියෙන් අනුමත පිහිය .....

      Delete
  26. වැඩ ගත් ලිපියක්. මේ නිතිය කලින් දැනගෙන හිටියේ නැහැ
    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ලිපිය මගින් නොදන්නා වූ යමක් දැන ගත්තානම් එය මාගේ ලිපිය පලකිරීමේ පරමාර්ථය ඉටුවීමකි මක්නිසාද යත් ? "නීතිය නොදැන සිටීම නිදහසට කාරණයක් නොවන බැවිනි" ....

      Delete
  27. පිහි ගැන ගොඩක් දේවල් දැන ගත්තා ඕං..ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එහෙනම් මටත් සතුටුයි ඕන්...

      Delete
  28. මන් අදමයි මේ පැත්තට ආවේ..ඒ එනකොට මෙන්න බොලේ අපිට මොට්ට පිහියක් තියා ගන්න කියලා..ඔය පිහිය හොද බටර් ගාන්නම,කේක් කපන්නම තමා..නැතුව වෙන වැඩක ගන්න බැනේ ඕකෙන් නම්.. මේ තියන පිහියෙන් නම් කරන්න වෙන්නේ කවුරු හරි සද්දේ දාගෙන එනකොට පිහිය පෙන්නලා පොඩ්ඩක් ඉන්න කියලා පාන පෙත්තකට බටර් ටිකක් ගාලා දෙන එක තමා...:)
    ඕක ගෙනියනාවට වඩා හොද නොගෙනින් ඉන්න එක අම්මපා..අපේ ආරක්ෂාවට අපේ අත,පය,කට තියනවනේ. හොම්බට දෙකක් අනින්නයි, කැගහන්නයි...:)
    මොනවා උනත් හුගක් වැදගත් ලිපියක් හුගක් ස්තුතියි හොදේ මේ ගැන දැනුවත් කලාට...

    ReplyDelete
    Replies
    1. http://www.blogger.com/profile/09657699084595567899
      බොහොම ඉස්තුතියි මේ පැත්තට ආවට
      අම්මෝ මෙයාගේ කට ගොඩාක් සැර ඇති ඒ කියන්නේ (විහිලුවට කිව්වේ ශේප් හොදේ )
      යමක් දැන් ගත්තානම් සතුටක්

      Delete
  29. එහෙනම් කට්ටිය අඟල් දෙකට වඩා දිග අඩු තලයක් තියෙන මොට්ට පිහි අරන් ලෑස්ති උනා නම්!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මොකටද නිකන් දඩ කන්නේ නේද ?

      Delete
  30. ඔන්න මමත් අම්බලම හොයා ගෙන ආව! අපූරු තැනක් නොවැ.

    ලිපියත් අගෙයි මෙහෙමත් නීති තියෙනව කියල දැනගත්තෙ අද.
    කොහොම වුනත් නීතිය ගැන යමක් කමක් දැන ගෙන ඉදීම වැදගත් කියන එක හොඳට තේරුණා.

    ReplyDelete
    Replies
    1. තව තව නීති කොච්චරාක්නම් තියෙනවද අපි නොදන්න එදිරියේදී බලමු තවත් ඒවා ගැන ,බොහොම ඉස්තුතියි මේ පැත්තට ආවට ...

      Delete
  31. මෙහෙමත් නීතියක් තියෙනව කියල දැනගත්තේ අද!
    ඉස්සර පොඩි කාලේ අපිටත් තිබුනනේ පිහි පිස්සුවක්,එක එක ජාතියේ පිහි අරන් හොරෙන් ඉස්කෝලේ ගෙනියනවා!
    සාමාන්යෙන් පිහියෙන් ගේම් දෙන අය දුප්පත්නේ ඒ නිසා වෙන්ටැති රු50,100 දඩ ගහන්නේ ;D

    ReplyDelete
    Replies
    1. නැහැ නුවන් දැන් ඔය 50/100 දඩ නැහැ ඒවා වෙනස් කරලා තියෙන්නේ .පිහි අරන් යන පිස්සුව ආවේ රම්බෝ බලලා වෙන්න ඇති ?

      Delete
  32. මමත් ආසයි රම්බො පිහියකට ...

    ReplyDelete
  33. එළ එළ මේ පිහියද ...කං හැඳිද?....

    ReplyDelete
  34. අනේ බන් මටත් අර ජාතියේ පිහියක් අරන් දියන්කෝ ආත්මාරක්ෂාවට ලඟ තියා ගන්න . .. :D

    ReplyDelete
    Replies
    1. දුකා අයියේ "ආර්පිකෝ " එකේ බඩු තියෙනවා ගන්නවා නම් ...

      Delete
  35. හිකිස් ඒ වගෙ පිහියක් තියාගන්න ඕනි,.,හික්ස්

    ReplyDelete