Friday, June 22, 2012

"සරා "

                     
"සරා" කියන්නේ මගේ යාලුවෙක්, හරියටම කියනවනම් අහම්බෙන් හම්බවෙච්ච යාලුවෙක්. ("සරා "කියන්නේ මෙයාගේ හරි නම නෙමේ ඇත්ත නම කියන ඒක හරි නැහැනේ )මමයි සරයි ආශ්‍රය කරන්න පටන් ගත්තේ උසස් පෙළ කරන කාලේ මම 13 ඉන්න කොට සරා 12හේ ,ඒ උනාට සරා හරිනම් ඉන්න ඕන 13 වසරේම තමා  කොහොමින් කොහොම හරි සරා මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකට ඇඩ් උනා .


                                                            අපි ඒ ලෙවල් වලට ක්ලාස් යනකොට සරාලත් ක්ලාස් ආවේ ඒ පන්තියටම තමා ,අපිට පන්තිය ඉවර උනහම ඒ සර්ගේම ඊලගට තියෙන පන්තිය සරාලගේ පන්තිය, ඔය පන්තියට ආවා ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබුන වැඩසටහනක රගපාන ගෑනු ළමයෙක් ,අපි ක්ලාස් ඉවර වෙලා එලියට එන්න යනකොට අර රගපාන ළමයා ක්ලාස් එකට ඇවිත් හිටියා අපේ යාලුවා සරාත් කට අරගෙන බලාගෙන හිටියා ඒ දිහා  ,අපේ ක්ලාස් ඒක ඉවර කරලා එලියට ආපු සර් සරාට පැත්තකට අඩ ගහලා මොන මොනවද කියනවා මම ලාවට වගේ දැක්කා .කොහොම හරි දවස් දෙක තුනකට පස්සේ මට සරාව පාරේදී හම්බුනා මම උත් එක්ක චැට් එකක් දාගෙන ඉන්න කොට ඌ කියනවා මෙන්න මෙහෙම            

සරා :- මචන් උබ දන්නවද සීන් එකක් ?

මම :- මොකක්ද ?

සරා :-උබට මතකද  අර එදා උබලා ක්ලාස් ඒක ඉවර වෙලා යනකොට සර් මට පැත්තකට අඩ ගහලා කිව්වේ කියලා ?

මම :-නැහැනේ බන්, කියපන්කො ?

සරා :-මචන් සර් කිව්වානේ  "අරකිගේ චරිතේ එච්චර් හරි නැහැ " කියලා "


මට නිකන් මේක අහපු වෙලාවේ ඉදන් විකාර වගේ මොකද අපිට ටියුෂන් දීපු සර් සෑහෙන හොද මනුස්සයෙක්,කවදාවත් තමන්ගේ ගෝලයෙක් ගැන  ඔයවගේ කතාවක් කියයි කියලා විශ්වාස කරන්නත් බැහැ, මූ මට කියපු විදියට බොරුවකුත් නෙමේ වගේ  නමුත් දැන් මගේ හිතට හෙන අප්සෙට් මේකේ ඇත්ත නැත්ත දැනගන්නකම් ,ඊලග දවසේදී කොහොම හරි සර්ගෙන්ම ඕක ගැන අහලා දැනගන්නවා කියලා හිතාගෙන තමයි මම පන්තියට ගියේ එදා, මොකද සර් මගෙත් එක්ක හිතවත් සෑහෙන්න සමහර මාසවල මගෙන් සල්ලි ගන්නෙත් නැහැ ක්ලාස් එකට (මම ඒ දවස් වල ඒ සර්ගේ රෑට  පෝස්ටර් අලවන වැඩවලට සපෝර්ට් කරනවා සමහර වෙලාවට )  කොහොම හරි මට පොඩි වෙලාවක් සෙට් උනා සර් එක්ක කතාකරන්න මම එකපාරටම සර්ගෙන් ඒ ගැන අහන්නේ නැතුව වටින්ගොඩින් ප්‍රශ්නය දැම්මා

මම :- සර්  සරාට  කිව්ව අලුත්  ඉකෝන් ක්ලාස් එක කොහෙද සර් හරියටම තියෙන්නේ ?(අපි  එකවුන්ට් වලට යන ක්ලාස් ඒක මේක )

සර් :-මොන ක්ලාස් එකද බන් @#$%^&*?

මම:-ඇයි ඌ මට කිව්වනේ සර් ගිය සතියේ අපි පන්ති ඉවරවෙලා යනකොට ඌට ක්ලාස් එකක් ගැන කිව්වා කියලා ?

 සර් :-මම ක්ලාස් එකක් ගැන නෙමේනේ බන් උට කිව්වේ ඉස්සරහ කඩේට ගිහින් මට යනකොට ගෙදර අරන් යන්න  ආප්ප 20 කට  ඕඩරේ   දීලා එන්නනේ බන් කිව්වේ ....?

සරා  මොනවා හරි කිව්වහම ඒක ගොඩක් වෙලාවට ඒ කනින් අහලා මේ කනින් පිට කරන්න ඕන කියන ඒක මට මුලින්ම තේරුනේ ඒ වෙලාවේ තමා .


      සරා කියන්නේ උපතින්ම මල් වලට ආසාකරන පොරක් අපි කොච්චර හරි ඉදලා හිටලා හරි අඩියක් ගහන්න සෙට් වෙච්ච වෙලාවට මූට සොට් එකක් පොවන්නේ හරි අමාරුවෙන්  හැබැයි මූ අපි බොනකම් "කංසා" හේනකට හරි වගකියයි ඒ වගේ ඩයල් එකක් තමා මූ ,ඊට අමතරව මූ පැනිවලට/ පෙතිවලටත්  හෙන පෙරේතයා
දවසක් මම ගමනක් ගිහින් ඉන්නකොට මට සරාගේ ලයින් ඒකෙන් කොල් එකක් ආවා හැබැයි කතාකලේ වෙන යාලුවෙක්
සිරා :-"මචන් මම සිරා , සරාගේ යාලුවා"  
 හෙනම අප්සට් මූඩ් එකකින් මූ කතා කරන්නේ මටත් අප්සෙට් දැන්
මම :-ඔව් කියහන් මචන්

සිරා :-මචන් අපි පොඩි සැපකට සෙට් වෙලා හිටියේ  මලක් ඇදගෙන , ඒක පාරටම සරාට සිහිය නැති උනා බන්

මමනම් හිතුවේ සුදුකොඩ්ම තමා කියලා මමත් ඉක්මන් කරලා එනකොට ගෙවල් ගාව ඉස්පිරිතාලේ සරාව ඇඩ්මිටි කරලා යාළුවො දෙන්නා ඉන්නවා ගේට්ටුව ලගට වෙලා සික්කොන්ට කියලා මම අවෙලාවේම ඇතුලට ගියා මූව බලන්න පොඩ්ඩක් කිට්ටු කරලා ඇහුවා මොකද උනේ කියලා.

"මචන් ඊයේ අම්මයි තාත්තයි වන්දනා ගමනක් ගියාබන් මමයි/ සිරායි /නිමයි පාර්ටියකට සෙට් උනේ බන් මල් ටිකකුයි පැණි ටිකකුයි ගෙනල්ලා සැපේ ඉන්න කොට එකපාරටම පපුව හිරවෙලා ගිහින් මට සිහිය නැති උනානේ බන් ඒක නෙමේ සිරාගෙන් අහපන්කෝ දවල් ඉතුරුවෙච්ච මල් පොඩ්ඩක් නැද්ද කියලා ?"

මූට සේලයින් 2ක් දුන්නම මූ ආපහු පියවි සිහියට ඇවිත් තීබුනා

                සරා පවුලේ එකම ලමයා  තිබුන දේපල ඔක්කොම කවදා හරි අයිතිවෙනවා කියලා දන්න නිසා වැඩිය අද්‍යාපනයට මහන්සි උන එකෙක් නෙමේ සරා                                                                                         වෙලාවකට මුළු කොලබම ඌට වඩා චන්ඩියෙක් නැහැ වගේ කතාව ,ඒක කාලෙක මූ පාරක තොටක පෙන්න නැති නිසා මම හැන්දෑ  වෙලාවක මුන්ගේ ගෙවල් පැත්තට පල්ලම් බැස්සා  යනකොට සරාලාගේ අම්මා ඉන්නවා මිදුලේ " ඇන්ටි කෝ සරා ඉන්නවද ?" මම ඇහුවම ඇන්ටි කිව්ව "ඔන්න ගේ ඇතුලේ ඉන්නවා පුතේ කාමරෙටම යන්න "කියලා මම හිතුවා මුට මොකක් හරි අසනීපයක් හැදිලා වෙන්න ඇති කියලා කාමරේට යනකොට මූ ඉන්නවා ඇදේ හාන්සි වෙලා මුනත් ඉදිමිලා

මම :- මොකද බන් මේ උනේ ?

සරා:-පොඩි සීන් එකක් උනා බන්

මම:-මොකක්ද සීන් ඒක ?

සරා:-උබ දන්නවා නේද අර ............හන්දියේ 3වීල් ස්පෙයාර් පාර්ට් විකුණන කඩ ටි‍ක තියෙන තැන ?

මම :-ඔව් ඔව්

සරා :- ගිය සතියේ පොඩිසීන් එකක් වෙලා උන් අපිට නෙලුවනේ බන් අම්බානකට මම මේ    එලියට    බහින්නේ   නැතුව ඉන්නේ වටේ පිටේ උන් මූන දැක්කොත් චාටර් නේ බන් ?

මම :-ඇයි බන් උබ කිව්වේ ඒ පැත්තේ උබට රජ සැලකිලි කියලා ?

සරා :-!@#$%^&*()_..........


                                       ජොබ් සම්බන්දවනම් මුගේ තිබුනේ මහම මහා එපා කරපු පසුගාමී මානසිකත්වයක් කොහෙන් හරි ජොබක් සෙට් කරලා දුන්නම මූ ඒ තැන වැඩට යන්නේ උපරිම මාස 2යි නැත්නම් 3 යි ඇයි නැවතුනේ කියලා ඇහුවම මූ කියන්නේ "අපිට ඔය වගේ ජොබ් එකක් කරලා ගොඩ යන්න බැහැ බන් "කියලා.
                                    මට හිතෙන විදියට තවම මූට හරියන ජොබ් එකක් ලංකාවේ නැහැ මොකද මමම මූට ජොබ් 15කට වඩා යන්න සෙට් කරලා තියෙනවා ඒකෙන් මූ වැඩට ගියේ 3න් තැනකට විතරයි ඒත් මාස 2යි උපරිම 3යි

    මුත් එක්ක විනාඩ් 10 ක් කතා කලොත් ඒ අතරතුර කෙල්ලෝ 2/3 දෙනෙක්ගේ පතිවත ගැන සියලුම විස්තර මුගෙන් දැනගන්න පුළුවන්  හැබැයි කියන දේවල් අපි සිහියෙන් අහන් ඉන්න ඕන නැත්නම් ඉවරයි මේ කාලේ සරා යාළුවෙලා හිටියේ අරංගල පැත්තේ ගෑනු ළමයෙක් එක්ක ,මම දවසක් ගෙවල් ලග හන්දියේ හිටියා යාලුවෝ දෙන්නෙක් එක්ක සරා අවා එතනට

මම :-මොකද මචන් අප්සෙට් එකේ වගේ ?

සරා :-නෑ බන් ගෑනු උනහම තියාගන්න ඕන ගානට කරේ නගින්න දෙන්න හොද නැහැ බන්

මම :-මොකද උනේ කියපන්කො ?

සරා:- නැහැ බන්  අද "ශානි  " ගෙදර ආවා , ඇවිත් ලොකු සීන් එකක් දැම්මා මම දුන්නා මචන් මෙහෙම කික් එකක්   අනිත් පැත්තට හැරිලා මෙහෙම පන්ච් එකක් දුන්නා ආයෙත් කියවගෙන ආවා දුන්නා නකල් පාරක් ගේම ඉවරයි ....!@#$%^&*......(ශානි කියන්නේ මුගේ කෙල්ල)
 මම ගිහින් එන්නම් බන් ...


මගේ හිටපු යාළුවො දෙන්නා ෆුල් හොල්මන් වෙලා මුගේ කතාවට එකෙක් මගෙන් ඇහුවා "අඩෝ අරූ කෙල්ලට ගහපු විදියට හොස්පිටල් ඇඩ්මිට් කරන්න වෙන්න ඇති නේද ?"මම මුකුත් කියන්න ගියේ නැහැ මොනවා උනත් ඌ චාකරන්න හොද නෑනේ  ඊට අවුරුද්දකට විතර පස්සේ මට ඌව හම්බ උනා ශානිත් එක්ක .

සරා :-"අපි බැන්දා මචන් "..............

මම :- !@#$%^&*().......
.(කවදාවත් තේරුම් ගන්න බැරි උන චරිතයක් නිසායි මූ ගැන ලිව්වේ සමහර විට මෙලෝ රහක් නැතුව ඇති )


71 comments:

  1. අම්මෝ ඔහොම එවුන් ඉන්නවා බං ඔන තරම්

    ReplyDelete
    Replies
    1. රාගම පැත්තේ ඉන්න එකෙක් ගැනත් දාන්නකෝ බලන්න පොස්ට් එකක්

      Delete
  2. රාජ් කිව්ව සාජන්ගේ කතාව මතක් වුණා... සරා ගොයියා හරි මිනිහා තමා :D

    ReplyDelete
  3. ඔහොම උන් ඉන්නවා තමා.. කියන එව්ව තාර බරව් ඇරියහම ගන්න දෙයක් ඇත්තෙම නෑ... සියඹලා සීන් එක වගේ

    ReplyDelete
    Replies
    1. සියබලා සීන් එක ? මට මගඇරුණු කතාවක්ද කොහෙද ..

      Delete
  4. අපෝ බැන්දාට පස්සේ වත් රස්සාවක් කරනවද...

    ReplyDelete
    Replies
    1. මාස 2/3 ඒවා කර කර හිටියා

      Delete
  5. මේ කතා සෙට් එක කියවලා මම නම් ඇති වෙන්න හිනහා වුණා . සරා වගේ යාළුවෝ මටත් එමට ඉන්නවා . උඹට කියන්න මගෙ යාළුවෙක් ඉන්නවා ඌට සෙට් වෙන්නෙම මැණික් මුදලාලිලාගේ දුවලා !!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ උබලත් අපි වගේම ආතල් එකක් ගන්න ඇති උගෙන් ..

      Delete
  6. සරා ගොයියා හරි මිනිහම තමයි ඉතින්.. ඔහොම තේරුම් ගන්න අමාරු යාළුවොත් ඉන්නවනේ..

    ReplyDelete
  7. Replies
    1. මුගේ තව වැඩ තියෙනවා ඒවා පොස්ට් එකක් විදියට දාන්න බැරි මට්ටමේ ඒවා

      Delete
  8. මේ වගේ උන් ඕනේ තරම්. මෙහෙම එකෙක් අපෙත් හිටියා. උගේ කෝඩ් නේම් එක මුචා. ඉතින් හිතාගන්නකෝ කොහොම එකෙක්ද කියලා. ගියපාර ලංකාවේ ඉන්නකොට මුව මට හම්බවුනා. කොහෙද ඉන්නේ ඇහුවාම මේකා කිව්වා කටාර් බං කියල, මම ඇහුවා කොහෙද බං කියලා. මු කියනවා දෝහා වල ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ළඟ බං. එයාපෝට් එක ඉස්සරහම කියලා. එතන ඇති ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. කවුද දන්නේ මිනිහා එතන ග්‍රවුන්ඩ් එකක් හදන්න හිතගෙන ඉන්නවද කියලා ...

      Delete
  9. බලද්දි මෙහෙම පොරවල් හැම තැනම ඉන්නවනේ. කිව්වොත් විශ්වාස කරන්න, මට හිතෙන්නේ මේ මගේ ගජයෙක් ගැනද කියලා. ඒතරමට මේ කතාවට සමීපයි මම කියන කෙනා. ඌත් බැන්දෙ ඔහොම කියලා. දැන් ගෑනිගේ වාල්කම් කරගෙන සාමයෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඌ දැන් මට වැඩිය මුහුණ දෙන්නේ නැත්තෙත් ගෑනි ගැන මාත් එක්ක කියපු කතාවලට උටම ලජ්ජා හිතිලද කොහෙද ...

      Delete
  10. සරා ගොයියා හරි හපනා..හික්ස්...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මේ එයා නෙමෙයි වෙන එක්කෙනෙක් ..

      Delete
  11. හරිම අමුතු යාලුවෙක්නේ එයා..සමහර විට බැන්දම හරි යයි....නැත්නම් ඉතින් නෝනට කික්,පන්ච් තමයි කෑමට ගන්න වෙන්නේ....හිහි....කතාව රසවත්...

    ReplyDelete
    Replies
    1. මිනිහා ඇත්තටම කරාටි ඉගෙන ගත්තා ඔතනදි මිනිහා තව තව පාරවල් වගයක් ගැන කිව්වා මට මතක නැහැනේ ඒවගේ නම්..

      Delete
  12. අනේ මන්දා මෙහෙම ජීවත් වෙන්නෙ මොනාටද කියලා. ඒත් එයාට ඒක හොඳ නම් අපිට මොකද නේද?

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අනිත් මිනිස්සු සමහර වෙලාවට මූ හින්දා කාලය සල්ලි දෙකම නාස්තිකරගන්නවනේ ..

      Delete
  13. අපෙත් එකෙක් හිටියා මෙහෙම.ඌට කියන්නෙ 'පච පැකට්' කියලා.මොකද ඌ පච කියන්නේ හොඳට පැකට් කරලා අහං ඉන්න එකාට ඇත්තම වගේ දැනෙන්ඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම පචවලත් ආතල් එකක් තියෙනවනේද අහන් ඉන්නකොට ...

      Delete
  14. ඔයවගේ පොරවල් ගානට තියාගන්න එකමතමයි හොඳ..නැත්නම් අපිටයි..ඇඩ්‍රස් නැතිවෙන්නෙ..!

    ReplyDelete
  15. අදහන්න වටින ඩයල් එකක් බං........ :-) :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජවාසලට ගෙන්න ගත්තොත් මොකෝ ?

      Delete
  16. මූ පිස්සෙක් ද බං රොබින් අය්යේ
    මලේ පවර් එක වැඩි වෙලාද?? :ප

    ReplyDelete
    Replies
    1. එක ආකාරයක පිස්සෙක් තමා ඌ ජීවත්වෙන්නේ ඌම හදාගත්ත මනෝලෝකෙක ...

      Delete
  17. තව කතා ලියපන් කෝ ඌ ගැන හොඳට හිනා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. සමහර කතා අමුම අමු වල් දාම්දෝ නොදම්දෝ කියලා කල්පනා කර කර ඉන්නේ

      Delete
  18. අම්මපා මටත් මතක් උනේ අපෙත් ඉන්නවා ඔය වගේ නසරානි බුවාලා...හිකිස්..

    ReplyDelete
    Replies
    1. මේ මොඩල් ඒකෙන් වැඩිපුර ඉන්නවා තමා .

      Delete
  19. ඔය වගේ උන් නම් වැහි වැහැලා. පරෙස්සමෙන් ආශ්‍රය කරන්නෝන!

    ReplyDelete
    Replies
    1. ආශ්‍රය නොකර ඉන්න තරමට තමා හොද

      Delete
  20. රොබින් අයියන්ඩියේ මලට කැමති ගොඩක් ඩයල්වල ඔය ගතිය තියෙනවා. එල කතාව කික් එකේ කොටස තමා පට්ට

    ReplyDelete
    Replies
    1. මමනම් කීයටවත් හිතුවේ නැහැ මෑන් ඒ කෙල්ලව බදීවී කියලා

      Delete
  21. සරා සිරා පොරක්නෙ බන් :))

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මූ මොන කැටගරියට දාන්නද කියලා

      Delete
  22. හැබැයි මේ සිරා නම් සරා වගේ නෙමෙයි ඔන්න... සරාලා සිරාලා ගැන ලගදි කථා කීපයක්ම කියෙව්වා... මේ වගේ එකෙක්වත් යාලු සැට් එකේ නැත්නම් කිසි ගතියක් නෑ... වගකීමෙන් කිව්වෙ...

    ReplyDelete
  23. හෆ්ෆටතිලි!!! මාර එක්කෙනෙක්නෙ බොලේ.....:O එහෙම අයව ආශරය කරන්න ගියාම අපිට පිස්සු හැදෙනවා ඉතින්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ කාලේ මටත් බාගෙට පිස්සු හැදීගෙන ආවේ ,වෙලාවට ඌව ආස්සරේ කරන එක නතර කලා

      Delete
  24. ඌ එහෙනම් කෙහෙල් ගහකට කොටන්න ගිහින් හොට පටලන් වගේ . . . . කෙල්ල ඌව හදලා ගන්න ඇති නේද?.

    ReplyDelete
    Replies
    1. දැන් සෑහෙන කාලෙකින් ඌව හම්බ උනේ නැහැ ,කෙල්ල ඌව හැදිල්ල එපා වෙලා දාලාගිහින්ද මන්ද ?

      Delete
  25. සමහරවිට මෑන් දැන් හැදිලඇති.මොකද අයාලේගිය චරිතෙ කෙල්ල හදලගන්නඇති..

    ReplyDelete
    Replies
    1. ඌව හදන්න නම් ඌව කෝවක දාලා උනුකරලා ආපහු වත්කරන්න ඕන ....

      Delete
  26. හ්ම්ම්.. එකේක විදිහෙ මිනිස්සු නැත්තම් මේ ලෝකේ මේ තරම් ලස්සන වෙන්නෙත් නැහැ .... මුල ඉදලා අගටම කියෙව්වා ඔන්න හ්ම්ම් ..:)

    ReplyDelete
    Replies
    1. එකත් එහෙම තමා .දැන් කොහොමද අසනීප හොදද ?

      Delete
  27. ඔන්න මාත් ආව රොබින් අයියව බලන්න...

    සා...........සෝක් නේ සරා... මේ ටිකේම සරා - සිරා ලා හැමතැනම...

    ReplyDelete
    Replies
    1. තැන්කු අපිව බලන්න ආවට,මමත් සීසන් එක බලලම කතාව දැම්මා ...

      Delete
  28. සරා ගේ ඉතුරු කතා ටිකත් දාමුකෝ....

    ReplyDelete
    Replies
    1. තවටික දවසකින් දාන්නම් ...

      Delete
  29. හපොයි මාර පොරක්නෙ. සරා බැන්දට පස්සෙවත් හැදුනද දන්නෑ නේද? :D

    ReplyDelete
    Replies
    1. තාමත් ඒවගේම තමා මට ආරංච් විදියට ...

      Delete
  30. මෙන්න ඇනකොන්ඩා වැඩ පටන් ගත්තා. දැන් අවශ්‍ය ඔබේ සහයෝගයයි

    ReplyDelete
    Replies
    1. අනිවා අපි ෆුල් සපොර්ට් ...

      Delete
  31. රෝබින්ටත් ඉන්නේ පට්ට යාලුවෝ නේ!

    ReplyDelete
  32. මල්, පැණි ගහනව කියන්නෙ ඉතින් ආතල් කණ් 2න් වැක්කෙරෙන ඩයල් එකක් තමා..ඉතින්... :P

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ලපයත් රහස දන්නවා වගේ ....

      Delete
  33. අහා,.,., මල් සමග ජීවිතේ ගෙවෙන එක්කෙනෙක්දා,., රොබිනුත් මල් කාරයද ඈ,., සරා යාලුවනේ,.,., :D ,., එල ඈ,., මාර මනුස්ස්සයෙන් ආස හිතෙන චරිතයක්

    ReplyDelete
    Replies
    1. අපෝ මමනම් ඔය මල්එක්ක සම්බන්දයක් නැහැ ඔන්න ....

      Delete
  34. මන් දන්න අඳුනන කෙනෙකුත් ඉන්නවා ඕන් ඔය වගේ...එයා පොඩි දවස්වල ඉදන්ම පච තමයි කියන්නේ..මෙයා පොඩි කාලේ යාලුවෙක් එක්ක කියල පැණි කන්දක් හම්බුනා කියල කොහේදෝ යනකොට..ඒකට ගල් ගැහුවම පැණි කඩන් වැටුනලු.ඊට පස්සේ පැණි කාල ආව කිවුවලු.. එදා ඉදන් එයට පැණිය කියල නමකුත් වැටුන ...හේ හේ...(තාම පුරුද්ද නම් අත හැරිලා නැහැ මගේ හිතේ...)

    ReplyDelete
    Replies
    1. මේ වගේ කට්ටිය නැතිඋනහමත් ගතියක් නැහැ නේද ?

      Delete