Monday, July 23, 2012

කිත්තගේ කඩුව



                                                                 මේ දවස් වල හැම තැනම කතාව කඩු ගැන, එහෙන් කොටසක් රට හැමතනම පෙරලගෙන  කඩු හොයනවා  තවත් ආරක්ෂිතව තියෙන්න ඕන  කඩු වගයක් හොරු අරගෙන ගිහින්,සමහර විට දැන් කඩිමුඩියේ කඩු සොයන්නේ යුද්දයත් නැති අතරේ කොස් කොටන්න වෙන්නත් පුළුවනි .
                        ඉස්සර කට්ටිය ආරක්ෂාවට කඩු පාවිච්චි කලාලු ,පස්සේ කාලේදී කඩුව ශෝ  එකට ලග තියාගෙන ඉන්න පුරුද්දකුත් තිබුණාලු  .


කඩු අතරින් ප්‍රධාන  තැනක් හම්බවෙන්නේ "මගුල් කඩුවට"  පොඩි කාලේදී අපි තවත් විවිධාකාර කඩු ගැන අහලා තියෙනවා  ,නමුත් මම මේ කියන්න යන්නේ "මගුල් කඩුව" සම්බන්ද කතාවක් හෝ ඒ  ප්‍රසිද්ද වෙනත් කඩු ගැන නම් නෙමේ.
                             නමුත් මේ කඩුවට දැන් අර කට්ටියක් පන දමාගෙන හොයන කඩුවට වඩා ජනප්‍රියත්වයක් හිමිවෙලා තිබුනා  අන්න ඒ කඩුව තමයි "කිත්තගේ කඩුව "     කිත්තා කියන්නේ අපි‍ට වඩා අවුරුදු 8ක් 9ක් වැඩිමල් වයසේ කෙනෙක් ඇත්තටම ගත්තොත් කිත්තා එක්ක කොයි වෙලාවෙත් 4 /5 දෙනෙක්ගේ සෙට් එකක් හිටියා  . ඒ දවස් වල අපි ඕලෙවල් කරන කාලේ අපි ටියුෂන් ගියපු ක්ලාස් එක ගාවම කඩේක තමයි කිත්තා වැඩ කලේ ක්ලාස් එකට අපේ ටවුන් එකට පිටින් එන අවුන් ගොඩක් හිටියා ඒ අතරේ හිටියා ඔය චන්ඩි උෂ්නේ ඇගට වැදිච්ච කීපදෙනෙක්ම උපුලා /ශෂී /චින්තක  ඔය අතරෙන් කීපදෙනෙක්,උනුත් කිත්තලග ගැවසෙන සෙට් එකට ඔලුව දාගෙන හිටියේ .

                   මම එදා පන්තියට යනකොට කලෙක්ෂන් දාන්න ආපු සෙට් එකක් එක්ක ශශියා ගේමක් පටලවාගෙන ,මමත් සීන් එක අහගෙන හිටියා තත්වේ ගොඩක් සීරියස් ,අනිත් සෙට් එක අමුම ඩස්පී සෙට් එකක් . පන්තිය පටන් ගත්තට පස්සේ මම ශෂීගෙන් ඇහුවා 
මම  :- දැන් ඉතින් උබ මොකෝ බන් කරන්නේ උන් ක්ලාස් එක ඉවරවෙන වෙලාවට ආවහම ?

ශශි :- කිත්තාගේ කඩුව අරන් ඇවිත් කොටනවා බන් ඕකුන් ගහන්න ආවොත් ....@#$%^&*()_

කොහොම  හරි ශෂීගේ වෙලාවට හරි කලෙක්ෂන් සෙට් එකේ වෙලාවට හරි දවල් සීන් එකක් උනේ නැහැ ,ඒ කියන්නේ එදා කිත්තගේ කඩුවට වැඩ සෙට් උනේ නැහැ ......


                 මේ සෙට් එකේ උපුලාගේ වැඩිය තිබුනේ ලවු සීන් තමා ,අපි‍ට වඩා පහල පන්තියක නංගි කෙනෙක් එක්ක මුගේ පොඩි හුටපටයක් තිබුනා,

                          කවුරු කොහොම කිව්වත් කෙල්ලෙක්ගෙ සීන් එකක් නිසා යාලුවෙක් හින්දා හරි වලියකට පැටලිච්ච නැති කොල්ලෙක් හොයා ගන්න එක හරිම අමාරු වැඩක්  මමත් පැටලුනා මුගේ ඔය කෙල්ලගේ හුටපටයකට ඇතිවෙච්ච වලියකට,ප්‍රධානම අවුල උනේ  කේස් එක තියෙන අනිත් උන් කීපදෙනෙක් මගේ යාළුවො වෙච්ච එක කොහොම හරි පන්තිය ඉවරවෙලා එනකොට සෙට් දෙකම මුණ ගැහුනා (මම  උපුලට මුල ඉදන්ම කියලා ගියේ  ඔතන මගෙත් යාළුවො ඉන්න නිසා මට සීන් එකට ඩිරෙක්ට්ම අතදාන්න බැරි බව)  

                                      හිතපු විදියටම දෙගොල්ලම අතපය හරස් කරගන්න පටන් ගත්තා මම වලිය බලන ටීම් එකට එකතු වෙන්නත් හදලා සමාදාන විනිශ්චයකාරයාගේ සීන් එකට එන්ටර් උනා , අනිත් උන්ට ගහන පාරවල්  මටත්  එහෙං මෙහෙන් වදිනවා මට ඒ අස්සේ මහා හයියෙන් ඇහුනා උපුලා මෙහෙම කියනවා  

"අඩෝ කිත්තගේ කඩුව ආපු ගමන්ම කපනවා ඩෝ පෙති පෙති ..."

ඇහිපිය  ගහන මොහොතින් වලිය ඉවර උනා අනිත් පැත්තේ උන් හිටු කියලා දුවනවා ,වලිය ශේප් .


චින්තකයා වලිකාරයා උනාට හොද එකා, ගෙවල් පැත්තේ ප්‍රශ්නෙකට ක්ලාස් ඒකෙන් එලියට එනකොට මග රැකගෙන ඉදලා සෙට් එකක් මූට නෙලලා තැලුම් පාරවල් වලට අමතරව ලොකු අවුලකට තිබුනේ නාස් පොල්ල කැඩිච්ච එක විතරයි "කවුරුත් හිටියේ නැද්ද බන් සප් එකක් ගන්න ?" එහෙම ඇහුවේ මම 

"මම ගුටි කාගෙනම දුවගෙන ගියේ කිත්තගේ කඩේ ලගට බන් කඩුව ගන්න , ඌ කඩේ කලින් වහලා ගිහින් "

ප.ලි .
පස්සේ කාලෙක මම කිත්තව මුණගැහුන වෙලාවක ඇහුවා කඩුව ගැන 

"මොන කඩුද බන් මගේ ලග, ඔය කියන්නේ අපේ තාත්තගේ මාළු කපපු මන්නේ ගැනනේ "

කිත්තගේ තාත්තා අපේ පැත්තේ මාළු මුදලාලි ......

ප .ප .ලි.
කොහොමහරි කිත්තා මට ඒ මන්නේ ගෙදර අස්සක තියෙලා පෙන්නුවා මේ ඒ වගේම එකක්,දැන්නම් මලකඩත්  කාලා

50 comments:

  1. හික්ස්! ආසාවෙන් කියවපු කඩුව මාළු කපන මන්නයක් උනානේ හප්පා...... එර්ර්ර්ර්ර්ර්ර්ර්ර්//// :)

    ReplyDelete
    Replies
    1. ඉතින් මං මොනා කරන්නද අප්පා ...?

      Delete
  2. මේකත් අර කටුගෙයි කඩු වගේනෙ. ඇති කඩුවකුත් නැහැ. හැබැයි නැත්තේත් නැහැ. අමරාවික්ඛේපවාදෙ මතක් වුනා.

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද වේදමහත්තයෝ ඒ ?

      Delete
  3. මදැයි කඩුවක් ගැන කියවන්න ආවා....

    ReplyDelete
    Replies
    1. කඩුව ,මන්නේ උනා අන්තිමටම ...

      Delete
  4. මේක නෙමෙයි බං මාලු කපන පිහිය කියන්නෙ වෙන එකක්...

    ReplyDelete
    Replies
    1. ඔව් ,
      ඒ උනාට බන් කිත්තලග තිවිච්ච එක මේ වගේ එකක් බන්

      Delete
  5. මොකක් උනහම මොකද කැපෙනවා නම්! :D

    ReplyDelete
  6. ඔව් බං ඔයමොකක්ද..? එලවලු හීනියට ලියන්න ගන්න එකක්නෙ..!

    ReplyDelete
    Replies
    1. හා හා කිත්තට ඇහුනොත් වසලා හමාරයි ...

      Delete
  7. කිත්තගේ කඩුව හයියෝ සල්ලි.නෑ බන් මේක සාමාන්‍ය සීන් එකක් තමයි.චන්ඩියෙක් වටේ සෙට් වෙන උන්ට චන්ඩියාගේ ළඟ නැති ඒවා මවල පෙන්නනවා.පොරගේ රේටින්ග් නග්ගන්න.

    ReplyDelete
    Replies
    1. තව මේවගේ ඒවා ඕනතරම් දකින්න තියෙනවා නේද බන් ?

      Delete
  8. කිත්තා කිව්වම මම හිතුවේ අත්තා, මුත්තා, කිත්තා කිරිකිත්තා කියලා කියන පරම්පරාවේ ආදිතමයෙක්ගේ කඩු කේස් එකක් කියලා.බොලේ මම නොමග ගිය තරමක්....

    ReplyDelete
    Replies
    1. කඩු කේස් වලට රටම නොමග යවලා තියෙන එකේ ඕක මොකක්ද අනේ ගණන් ගන්න එපා ...

      Delete
  9. යකෝ කිත්තා කිව්වාම මට මතක් උනේ සෙන්පති අඩවියේ කිත්තාව නේ ඌ ගාව නම් එල කිරි නයි කඩුවක් තියෙනවා

    ReplyDelete
  10. මෙයින් එකක් අපේ ගෙදර තිබ්බා පොල් බිඳින්න..

    ReplyDelete
    Replies
    1. වලිවලට ගෙනියන්න ආවේ නෑනේ කවුරුත් ...?

      Delete
  11. ආහ්.. උඹ ගුටි කාපු සීන් එක ගැනද මේ කිව්වෙ...:-D

    ReplyDelete
    Replies
    1. මම ගුටිකාපු සීන් නෑනේ අප්පා ...

      Delete
  12. කිත්තා කියන්නේ අපේ පැත්තේ ප්‍රසිද්ධ ෆිසික්ස් ද කොහෙද උගන්නන සර් කෙනෙක්. කීර්ති සර් කිව්වාම ඕනේ එකෙක් දන්නවා. මම හිතුවේ පොරගේ සීන් එකක්වත් ද කියලා. මොකද ඒ කිත්තත් හෙනම නයා. ආයේ නයා කියන්නේ මුචලින්ද නාගරාජයා..

    ReplyDelete
    Replies
    1. කියමුකෝ බලන්න එයා ගැනත් විස්තර ටිකක් පොස්ට් එකකින් ...

      Delete
  13. ගමරාළගේ වංගෙඩිය වගේ "කිත්තගේ කඩුව" :D

    ReplyDelete
    Replies
    1. කියනකොට ඒහෙමයි කරනකොට මෙහමයි

      Delete
  14. කඩුවක් මන්නයක් නෙවේ බං පාං කපන එකක් නේද මේ ?

    ReplyDelete
    Replies
    1. පිස්සුද සෑම් මේ කඩුවක් හොදට බලන්න

      Delete
  15. ඒ කඩුවත් උස්සයි කියලා බයට අන්තිමේ ඒක පිහියක් කරලා... :)

    ReplyDelete
    Replies
    1. දිනේෂ්ට තමයි කේස් එක තේරුනේ ....

      Delete
  16. Replies
    1. ඔයාට ඔහොම නම් අපිට කොහොම හික්ස් ඇත්ද කියලා හිතාගන්න පුළුවන්නේ ?

      Delete
  17. හා හා ලස්සන කථාවක්... කිත්ත එදා වේලාසන කඩේ වහල ගෙදර ගිය එක හොදයි... නැත්නම් යාලුවා ආණ්ඩුවෙ බෝඩිමේ කූරැ ගනින්නත් ඉඩ තිබුනා...

    ReplyDelete
    Replies
    1. පිස්සුද මචන් කිත්තා අමුම අමු ගල කූරා ....

      Delete
  18. අඩේ ඔයවගෙ එකකින්නෙ බං මම ‍රැවුල කපන්නෙ.
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ ඔයත් චන්ඩියෙක් ....

      Delete
  19. වලියක් යන්න කලින් බලන්න ඕනේ කඩේ ඇරලද කියල. සිරාවට මට අන්තිමට හිනා ගියා අරු උඹට දීපු උත්තරේට..

    ReplyDelete
    Replies
    1. කඩේ වහල තිබුනොත් සොරිම තමා ..

      Delete
  20. හිකිස්. පට්ට කතාව. ඔය මන්නේ කඩුව විදියට ප්‍රසිද්ද උනේ කොහොමද දන්නේ නෑ නේද? හොඳ රසවත් කතාවක්

    ReplyDelete
    Replies
    1. එකනම් අහන්න වෙන්නේ කිත්තගේ වටේ හිටපු අයගෙන්ම තමා කෝරලේ මහත්තයෝ ....

      Delete
  21. මේකෙන් කොහෙද බං මාළු කපන්නෙ.. වැල්ලට පලයං මාළු මන්නා බලන්න..

    ReplyDelete
    Replies
    1. මේ කඩුව බන් කිත්තගේ ...

      Delete
  22. නියම කඩුවක් නේ...ඒක නෙමෙයි එයාට කොහොමද කිත්තා කියලා නම වැටුනේ?

    ReplyDelete
    Replies
    1. ඒකනම් මමත් දන්නේ නැහැනේ ...

      Delete
  23. සිරා කතාව... පට්ටයි...

    ReplyDelete
    Replies
    1. තැන්කු මේ පැත්තට ආවට....

      Delete