අද සමාජයේ හොරු /වංචාකාරයෝ හැම තැනම ,හැමදේටම මිලක් නියම වෙලා තියෙන සමාජයේ හැමදේම වංචාවෙන් ගෙනියන මිනිස්සු වැහි වැහැලා අන්න ඒ වගේ මිනිස්සුන්ගේ සමාජයේ සාදරනව ජීවත්වෙන සාධාරණව හම්බ කරණ මිනිස්සුන්ව බේරා ගන්න තමයි මම මේ කියන්න යන නීති හදලා තියෙන්නේ
- සාපරාධ විශ්වාස කඩ කිරීම
චෙක්පත් මගින් සිදුකරන්නා වූ වංචාත් මේ යටතට අයත් වේ .
වගන්තියට අනුව
- පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
- පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
- පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
- මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
- උපරිම අවුරුදු 3 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
- දඩ මුදලක්
- උපරිමය අවුරුදු 3 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 400 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ
වගන්තියට අනුව
- පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
- පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
- පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
- මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
- උපරිම අවුරුදු 1 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
- දඩ මුදලක්
- උපරිමය අවුරුදු 1 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
3 . ව්‍යාජ ලේඛන සෑදීම
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 454 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ
වගන්තියට අනුව
- පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
- පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
- පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
- මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
දඩුවම්
- උපරිම අවුරුදු 5 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
- දඩ මුදලක්
- උපරිමය අවුරුදු 5 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
4 .ගිණුම් වරදවා පෙන්වීම
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 467 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ
වගන්තියට අනුව
- පොලිස් නිලධාරියෙකු හට මේ වරද සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන්
- පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
- පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
- මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
දඩුවම්
- උපරිම අවුරුදු 7 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
- දඩ මුදලක්
- උපරිමය අවුරුදු 7 කට යටත් සිර දඩුවමක් හා දඩ මුදල යන දෙකම
වටින ලිපියක්... කලෝචිතයි... ද මන්දා
ReplyDeleteකාලෝචිතයි අනිවාර්යෙන්ම, වෙන දේවල් එක්ක බැලුවහම ...
Deleteහොඳ ලිපියක් ඔන්න g+එකක් දුන්නා
ReplyDeleteතැන්කු වේවා ....
Deleteනියමයි සහෝ...........නීති තිබ්බට..........අනේ මන්ද....:/
ReplyDeleteනීති තිබ්බට ලොක්කොන්ට නීති බලපාන්නේ නැහැ නේද ?
Deleteහොඳා..... බ්ලොග් අවකාශෙටත්!
ReplyDeleteඅනිවාර්යෙන්ම රාජ්
Deleteකොහොමද අලුත් සාමාජිකයා හොදින් නේද ?
කාලීන වශයෙන් වැදගත්කමක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විශේෂයෙන් blog අවකාශයෙත් මේ දවස්වල පැතිරෙන ණය ගෙවීම් පැහැර හැරීම් වගේ කතා තියෙද්දී.....
ReplyDeleteඔව් හසිත කාලීන වගකීමක් කියලා හිතුනා ...
Deleteවැදගත් ලිපියක් දණ්ඩ නීති සංග්‍රහයම කියවල වගේ
ReplyDeleteනිතරම පරිහරණය කරන පොතක් නොවැ..
Deleteවැරදි ඔප්පුකරන්න යම් ලිපිලේඛන අවශ්‍යයි නේද ඒවගැනත් පැහැදිලිකරන්න.!
ReplyDeleteඔබ හරි මේ සියලුම කරුණු ඔප්පු කිරීමට යටත් ,ඒ කියන්නේ ඔබ සදහන් කල පරිදි ලිඛිත හා වාචික සාක්ෂි මත සියලුම කරුනු ඔප්පු කල යුතුයි ....
Deleteඑතකොට දැන් සල්ලි වංචාකාරයා හිරේ යවන්න පුලුවන්ද අපිට..
ReplyDeleteඅනේ නීතිය ඉටුවෙනව නම් කොච්චර සුන්දර අවකාශයක්ද මේක..
පුළුවන් අදාළ මුදලත් අයකරගෙනම ...
Deleteවන්චා කාර සක්විති හිරේ යවන්න සෙට් වෙමු... මේ වගේ පෝස්ට් එකක් දැම්මාට පින්...
Deleteවරදක් කලොත් දඩුවම් ලැබිය යුතුමයි ...
Deleteමචං ලංකාවේ නීති ගැන අපිට දැනගන්න යම් මූලාශ්‍රයක් අන්තර්ජාලේ තියෙනවද? නැත්තං ඒ සඳහා වෙනත් ආකාරයක් තිබේද?
ReplyDeleteනීතී පොත් මම දන්නා තරමින් නම් අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් තියෙන ඒවා අඩුයි ....
Deleteමේ ලිපිය සමහරක් අයට නම් හුඟක්ම වැදගත් වෙනවා....නැද්ද මම අහන්නේ
ReplyDeleteඒ අයත් අදහස් දක්වාවි කියලා මම හිතනවා ...
Deleteමසුරන් ලිපිය. බොහෝම වටිනවා. මම මේක කීපදෙනෙක්ටම බලන්න කිව්වා. ඒ වගේම ලඟදීම තව හොද හෝඩුවාවක් දෙන්නම් අපි ඒ ගැනත් ලිපියක් ලියමු.
ReplyDeleteඅනිවාර්යෙන්ම ලියමු ..........
Deleteමේවා කියවලා වත් මුදල් වංචා නොමවේවා !
ReplyDeleteමගෙත් ප්‍රාර්ථනයත් ඒකමයි....
Deleteවටිනා ලිපියක්....
ReplyDeleteඉස්තුතියි අදහස් දැක්වීමට ....
Deleteවැදගත් තොරතුරු ටිකක් යාළුවා..
ReplyDeleteහිතනවා නොදන්නා යමක් දැනගන්න ඇති කියලා ....
Deleteවටිනවා මචං වැදගත් ලිපියක්
ReplyDeleteඅනිවා මචන් ...
Deleteඇත්තෙන්ම කාලෝචිතයි මල්ලී . . . .
ReplyDeleteඇහැක් නම් මෙන්න මේ "1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 389 වන වගන්තිය " ගැන සවිස්තරාත්මකව ලියන්න
අනිවාර්යෙන්ම වැඩිදුර විස්තර කරන්නම් අයියේ .....
Deleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteශ්‍රී රාවණ සිද්ධම්!
Deleteනීතිය ගැන දැනුවත් වෙන එක හැමෝටම හොඳයි මගේ හිතේ. :)
ReplyDeleteදැන් කාලේ හැටියට එහෙම නැතුව බෑනේ පොකු ...
Deleteවටින ලිපියක්! නීති ටික නම් අගෙයි ක්‍රියාත්මක වෙනවා නම්!
ReplyDeleteපොඩි මිනිස්සුන්ට තමා හැම නීතියක්ම ....
Deleteනියමයි! පුළුවන් නම් මනුෂ්‍ය ඝාතන පිළිබඳව පවතින නීති පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් කරන්න. අධිකරණ වෛද්‍ය විද්‍යාව එහෙම සම්බන්ධ කරගෙන! මම බොහොම ප්‍රිය කරන මාතෘකාවක් ඒ!
ReplyDeleteජය වේවා!!
ඉදිරි ලිපියකින් ඒ මාතෘකා පිලිබදව එලිදක්වන්නම් ...
Deleteමාර වටිනවා මොකද මට කිහිප දෙනෙක් වංචා කරලා තියෙනවා.ඒත් මම හොයල බැලුවා ඒත් මට එතනින් කිවුවේ සමත මණ්ඩලේට දානවා කියලා.
ReplyDeleteමෙහමයි
Deleteරු 250000ට අඩු මුදල් ආරවුල් මුලින්ම සමත මණ්ඩලයට යොමුකරලා එතනින් නොවිසුදුනොත් තමයි අධිකරණයට යන්නේ, ඒ සදහා චෙක්පත් මගින් කරන ගනුදෙනු අදාළ වෙන්නේ නැහැ .වැඩිමනක් එහෙම වෙන්නේ බැංකු ණය/දුරකථන බිල්/ක්‍රඩිට් කාර්ඩ් ආදී ගනුදෙනු තමා ඒ විදියට මුලින්ම සමත මණ්ඩලයට යවන්නේ ..
නොදන්නා දෙයක් දැනගත්ත...තැන්කු වේවා මේ පොස්ටුව දැම්මට ..
ReplyDeleteලිපිය මගින් නොදන්නා දෙයක් දැනගත්තා නම් සතුටුයි ....
Deleteෂා.. අපරාදේ මේක මට කලින් හම්බු වෙන්න තිබුනේ..first year exam එකට පාඩම් කරද්දී මේ වගේ එකක් හම්බු වුනා නම් අයේ ඉතින් ජාති තමා.. :) මරු ලිපිය..
ReplyDeleteඒ මොකද ඒ ?
Deleteමම කරන්නේ Lawනේ අනේ... ඒකයි එහෙම කිව්වේ..
Deleteඒත් ඉතින් දැන් එස්.බී ලොක්කා කැම්පස් වැහුවානේ කවදා අරිද දන්නේ නැ.. :/
ආ ඒ කියන්නේ මේ ලෝයර් නෝනා කෙනෙක් ...?
Delete