Monday, July 30, 2012

මුදල් ආරවුල් සම්බන්ද වූ නීතියෙන් බිදක් ......


                                                                       අද සමාජයේ හොරු /වංචාකාරයෝ හැම තැනම ,හැමදේටම  මිලක් නියම වෙලා තියෙන සමාජයේ හැමදේම වංචාවෙන් ගෙනියන මිනිස්සු වැහි වැහැලා අන්න ඒ වගේ මිනිස්සුන්ගේ සමාජයේ සාදරනව ජීවත්වෙන සාධාරණව හම්බ කරණ මිනිස්සුන්ව බේරා ගන්න තමයි මම මේ කියන්න යන නීති හදලා තියෙන්නේ




  1. සාපරාධ විශ්වාස කඩ කිරීම 
1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය  පනතේ 389 වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ
චෙක්පත්  මගින් සිදුකරන්නා වූ වංචාත්  මේ යටතට අයත් වේ .

වගන්තියට අනුව


  • පොලිස් නිලධාරියෙකු හට මේ වරද  සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන් 
  • පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි 
  • පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි 
  • මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි 
දඩුවම් 

  • උපරිම අවුරුදු 3 කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක් 
  • දඩ  මුදලක් 
  • උපරිමය අවුරුදු 3 කට යටත් සිර දඩුවමක්  හා දඩ මුදල යන දෙකම
 2 .වංචා කිරීම 

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය  පනතේ 400  වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

 වගන්තියට අනුව
  •  පොලිස් නිලධාරියෙකු හට මේ වරද  සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන් 
  • පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
  •  පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
  •  මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි
දඩුවම් 

  • උපරිම අවුරුදු 1  කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
  •  දඩ  මුදලක්
  •  උපරිමය අවුරුදු 1  කට යටත් සිර දඩුවමක්  හා දඩ මුදල යන දෙකම 

3 . ව්‍යාජ ලේඛන සෑදීම

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය  පනතේ 454  වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

 වගන්තියට අනුව

  •   පොලිස් නිලධාරියෙකු හට මේ වරද  සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන් 
  • පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
  •  පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
  •   මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි

 දඩුවම්  

  • උපරිම අවුරුදු 5   කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
  •  දඩ  මුදලක්
  •  උපරිමය අවුරුදු 5   කට යටත් සිර දඩුවමක්  හා දඩ මුදල යන දෙකම

4 .ගිණුම් වරදවා පෙන්වීම

 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය  පනතේ 467  වන වගන්තිය තමයි ඉහතින් හැදින්වෙන්නේ

 වගන්තියට අනුව
 
  • පොලිස් නිලධාරියෙකු හට මේ වරද  සිදු කල අයව වරෙන්තුවක් නොමැතිව සිර බාරයට ගන්න පුළුවන් 
  • පොලිස් ඇපමත මුදා හැරිය නොහැකියි
  •  පොලිසියේදී සමතයකට පත්කළ නොහැකියි
  •   මහේස්ත්‍රාත් අධිකරණයකදී විභාග කල යුතුයි

  දඩුවම් 

  • උපරිම අවුරුදු 7   කාලයක් සදහා බන්ධනාගාරගත කිරීමක්
  •  දඩ  මුදලක්
  •  උපරිමය අවුරුදු 7   කට යටත් සිර දඩුවමක්  හා දඩ මුදල යන දෙකම 
 මේ සදහන් වෙන්නේ අදාළ නීතී වලින් කොටසක් විතරයි මෙහි සදහන් නොවුණු තවත් අතුරු වගන්ති රාශියක් "අපරාධ නඩු විධාන සංග්‍රහයේ " සදහන් වෙනවා . ඒ පිලිබදව ඉදිරි ලිපියකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා .....


50 comments:

  1. වටින ලිපියක්... කලෝචිතයි... ද මන්දා

    ReplyDelete
    Replies
    1. කාලෝචිතයි අනිවාර්යෙන්ම, වෙන දේවල් එක්ක බැලුවහම ...

      Delete
  2. හොඳ ලිපියක් ඔන්න g+එකක් දුන්නා

    ReplyDelete
  3. නියමයි සහෝ...........නීති තිබ්බට..........අනේ මන්ද....:/

    ReplyDelete
    Replies
    1. නීති තිබ්බට ලොක්කොන්ට නීති බලපාන්නේ නැහැ නේද ?

      Delete
  4. හොඳා..... බ්ලොග් අවකාශෙටත්!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම රාජ්
      කොහොමද අලුත් සාමාජිකයා හොදින් නේද ?

      Delete
  5. කාලීන වශයෙන් වැදගත්කමක් තියෙනවා කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. විශේෂයෙන් blog අවකාශයෙත් මේ දවස්වල පැතිරෙන ණය ගෙවීම් පැහැර හැරීම් වගේ කතා තියෙද්දී.....

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත කාලීන වගකීමක් කියලා හිතුනා ...

      Delete
  6. වැදගත් ලිපියක් දණ්ඩ නීති සංග්‍රහයම කියවල වගේ

    ReplyDelete
    Replies
    1. නිතරම පරිහරණය කරන පොතක් නොවැ..

      Delete
  7. වැරදි ඔප්පුකරන්න යම් ලිපිලේඛන අවශ්‍යයි නේද ඒවගැනත් පැහැදිලිකරන්න.!

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මේ සියලුම කරුණු ඔප්පු කිරීමට යටත් ,ඒ කියන්නේ ඔබ සදහන් කල පරිදි ලිඛිත හා වාචික සාක්ෂි මත සියලුම කරුනු ඔප්පු කල යුතුයි ....

      Delete
  8. එතකොට දැන් සල්ලි වංචාකාරයා හිරේ යවන්න පුලුවන්ද අපිට..

    අනේ නීතිය ඉටුවෙනව නම් කොච්චර සුන්දර අවකාශයක්ද මේක..

    ReplyDelete
    Replies
    1. පුළුවන් අදාළ මුදලත් අයකරගෙනම ...

      Delete
    2. වන්චා කාර සක්විති හිරේ යවන්න සෙට් වෙමු... මේ වගේ පෝස්ට් එකක් දැම්මාට පින්...

      Delete
    3. වරදක් කලොත් දඩුවම් ලැබිය යුතුමයි ...

      Delete
  9. මචං ලංකාවේ නීති ගැන අපිට දැනගන්න යම් මූලාශ්‍රයක් අන්තර්ජාලේ තියෙනවද? නැත්තං ඒ සඳහා වෙනත් ආකාරයක් තිබේද?

    ReplyDelete
    Replies
    1. නීතී පොත් මම දන්නා තරමින් නම් අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් තියෙන ඒවා අඩුයි ....

      Delete
  10. මේ ලිපිය සමහරක් අයට නම් හුඟක්ම වැදගත් වෙනවා....නැද්ද මම අහන්නේ

    ReplyDelete
    Replies
    1. ඒ අයත් අදහස් දක්වාවි කියලා මම හිතනවා ...

      Delete
  11. මසුරන් ලිපිය. බොහෝම වටිනවා. මම මේක කීපදෙනෙක්ටම බලන්න කිව්වා. ඒ වගේම ලඟදීම තව හොද හෝඩුවාවක් දෙන්නම් අපි ඒ ගැනත් ලිපියක් ලියමු.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ලියමු ..........

      Delete
  12. මේවා කියවලා වත් මුදල් වංචා නොමවේවා !

    ReplyDelete
    Replies
    1. මගෙත් ප්‍රාර්ථනයත් ඒකමයි....

      Delete
  13. Replies
    1. ඉස්තුතියි අදහස් දැක්වීමට ....

      Delete
  14. වැදගත් තොරතුරු ටිකක් යාළුවා..

    ReplyDelete
    Replies
    1. හිතනවා නොදන්නා යමක් දැනගන්න ඇති කියලා ....

      Delete
  15. වටිනවා මචං වැදගත් ලිපියක්

    ReplyDelete
  16. ඇත්තෙන්ම කාලෝචිතයි මල්ලී . . . .

    ඇහැක් නම් මෙන්න මේ "1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 389 වන වගන්තිය " ගැන සවිස්තරාත්මකව ලියන්න

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම වැඩිදුර විස්තර කරන්නම් අයියේ .....

      Delete
  17. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ශ්‍රී රාවණ සිද්ධම්!

      Delete
  18. නීතිය ගැන දැනුවත් වෙන එක හැමෝටම හොඳයි මගේ හිතේ. :)

    ReplyDelete
    Replies
    1. දැන් කාලේ හැටියට එහෙම නැතුව බෑනේ පොකු ...

      Delete
  19. වටින ලිපියක්! නීති ටික නම් අගෙයි ක්‍රියාත්මක වෙනවා නම්!

    ReplyDelete
    Replies
    1. පොඩි මිනිස්සුන්ට තමා හැම නීතියක්ම ....

      Delete
  20. නියමයි! පුළුවන් නම් මනුෂ්‍ය ඝාතන පිළිබඳව පවතින නීති පිළිබඳව සවිස්තරාත්මක විග්‍රහයක් කරන්න. අධිකරණ වෛද්‍ය විද්‍යාව එහෙම සම්බන්ධ කරගෙන! මම බොහොම ප්‍රිය කරන මාතෘකාවක් ඒ!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඉදිරි ලිපියකින් ඒ මාතෘකා පිලිබදව එලිදක්වන්නම් ...

      Delete
  21. මාර වටිනවා මොකද මට කිහිප දෙනෙක් වංචා කරලා තියෙනවා.ඒත් මම හොයල බැලුවා ඒත් මට එතනින් කිවුවේ සමත මණ්ඩලේට දානවා කියලා.

    ReplyDelete
    Replies
    1. මෙහමයි
      රු 250000ට අඩු මුදල් ආරවුල් මුලින්ම සමත මණ්ඩලයට යොමුකරලා එතනින් නොවිසුදුනොත් තමයි අධිකරණයට යන්නේ, ඒ සදහා චෙක්පත් මගින් කරන ගනුදෙනු අදාළ වෙන්නේ නැහැ .වැඩිමනක් එහෙම වෙන්නේ බැංකු ණය/දුරකථන බිල්/ක්‍රඩිට් කාර්ඩ් ආදී ගනුදෙනු තමා ඒ විදියට මුලින්ම සමත මණ්ඩලයට යවන්නේ ..

      Delete
  22. නොදන්නා දෙයක් දැනගත්ත...තැන්කු වේවා මේ පොස්ටුව දැම්මට ..

    ReplyDelete
    Replies
    1. ලිපිය මගින් නොදන්නා දෙයක් දැනගත්තා නම් සතුටුයි ....

      Delete
  23. ෂා.. අපරාදේ මේක මට කලින් හම්බු වෙන්න තිබුනේ..first year exam එකට පාඩම් කරද්දී මේ වගේ එකක් හම්බු වුනා නම් අයේ ඉතින් ජාති තමා.. :) මරු ලිපිය..

    ReplyDelete
    Replies
    1. මම කරන්නේ Lawනේ අනේ... ඒකයි එහෙම කිව්වේ..
      ඒත් ඉතින් දැන් එස්.බී ලොක්කා කැම්පස් වැහුවානේ කවදා අරිද දන්නේ නැ.. :/

      Delete
    2. ආ ඒ කියන්නේ මේ ලෝයර් නෝනා කෙනෙක් ...?

      Delete