අන්තිම පේලියේදී පටන් ගත්ත හිතවත්කම දවසින් දවස අලුත් උනා , වයසින් ගත්තහම අපි තමන්ගේ ළමයිගේ වයසේ වගේ උනත් "ඔබාට" මම තවත් එක සහෝදරයෙක් විතරයි , සයිබර් අවුරුදු උලලේදී අන්තිමට ඔබා සමුගන්න කොට කියපු වචන ටික අදටත් මගේ හිත ඇතුලේ දෝංකාර දෙනවා ,
"මැරුණේ නැති උනොත් ඊලග පාරත් හම්බවෙමු රොබින් "
මේ ෆොටෝ එක මමයි ඔබායි එකට ඉදල ගත්ත එකම සහ අවසාන ෆොටෝ එක ,මට දැනට මාස 2 කට කලින් මේ ෆොටෝ එක හම්බඋනේ ,හැමදාම ඔබා අයියගේ මේ හිනාව අපේ අතර මතක තියේවී අනිවාර්යෙන්ම ........
ඔබා අයියේ(සනත් විජේවර්ධන)
ඔබට නිවන් සුව අත්වේවා .....!!!!!
මේක ගත්තේ මම..එත් :'(
ReplyDeleteඔව් බන් .... :'(
Deleteතුන්මාසෙකුත් ගෙවුනා .. හොඳ තැනක ඉපදිලා ඇති..
ReplyDeleteආපහු අපි අතරේම ඉපදෙන්න කියලා කීවට මගෙත් ප්‍රාර්ථනය ඒක තමයි අසර්.....
Deleteහ්ම්ම්ම්ම්...
ReplyDeleteඔබා මාමට නිවන් සුව අත්වේවා!!!!!!
හිත හොද මිනිස්සු අනිවාර්යෙන්ම හොද තැනකට යනවා තරී ....
Delete//හිත හොද මිනිස්සු අනිවාර්යෙන්ම හොද තැනකට යනවා //
Deleteඔහුට නිවන් සුව !
බොහොම හොඳ පෝස්ට් එකක්. ඔබා මාමා අපිට අමතක වෙන්නේ නැති චරිතයක්. මටනම් තවම ෂුවර් නෑ මැරුණා ම ද කියලත්. කොල්ලෙක්ට එහා ගිය හිතක් තිබ්බ වලියට බර නැති මනුස්සයෙක්.
ReplyDeleteහොඳ තැනක ඉපදේවා!! අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා..
අනිවාර්යෙන්ම හොද තැනක ඉපදේවා ....
Deleteමට ඔහු ඇසුරු කිරිමේ වාසනාව නැ
ReplyDeleteඇසුරු කලානම් දුක වැඩියි ....!!!!
Deleteඔබා වෙනුවෙන් අරක කෙරෙනවා, මේක කෙරෙනවා කිව්වට තාම මුකුත් නැහැනේ... රොබින්ට ඔබා ගැන මතක තිබීම ගැන සතුටුයි..
ReplyDeleteකෙරෙනව බලපන්.....
Deletehttp://cyberfestival.blogspot.com/2012/08/2012.html
මගේ කම්මැලිකම නිසා ඔබා මාමා බලාගැනීමේ අවස්ථාව මිස් විය.
ReplyDeleteනැවතත් කවදාවත් ඒ අවස්ථාව එන්නේ නැහැ හරී
Deleteහෙම්....තවත් සුන්දර මිනිසෙක්
ReplyDeleteඔව් සුන්දරම මිනිසෙක් ..!!!!
Deleteගොඩාක් දෙනෙක් ආදරේ කරන කෙනෙක්. මනුස්සකම උපරිමයෙන් තිබුන කෙනෙක් වෙන්න ඕන. මම බ්ලොග් ලියන්න ආපු අලුත තමයි ඔහු සමුඅරන් තියෙන්නෙ. එවැනි උතුම් මිනිසෙක් ඇසුරු කරන්න නොලැබීම මගේ අවාසනාව වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. ඔබා මාමාට නිවන්සුව පතමි!
ReplyDeleteමෙවැනි සුන්දර මිනිසුන් නැවතත් හමුවේවි කියා හිතන්න බැහැ...
DeleteHe passed away on 13th of may.
ReplyDeleteකවුරුත් ඔබා වෙනුවෙං පිං කං කරන එක හොඳා ඔබා අමතක නොකර.
Deleteඇත්තටම දිනය 13 ද ? 6 ද ?
Deleteමම මේ දිනයත් හොයා ගත්තේ අනුමාන කරලා ...
13 තමා. මට නං කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඇදුරුතුමාගෙ උපන් දිනයට ඔහුගෙ සහෝදරයින් එන නිසා ඉව්වා. ඔලුවට හරි බරක් තිබුනෙ.
Deleteආපු අයට පෙන්න පෙන්න ඔහු ගැනත් ඔහුගෙ ලියැවිල්ල ගැනත් කිව්වා. බ්ලොග් නොලියන නොකියවන ඔවුන් මට පිස්සු හැදිලා කියා හිතන්නට ඇති,
නමුත් ඊට දින කීපයකට පෙර අප බලන්නට අපේගෙදරට ඔහු පවුලේ සැම සමගින් තෑගි බෝග බොහොම අරගෙන ආවේ මගෙ ලොකු අය්යා ගෙදරට ආව විදිහටයි. මට මගෙ ලොකු අය්ය නැති උනා වගෙ තමා එදා දැනුනෙත් දැං දැනෙන්නෙත්
අනිවාර්යෙන්ම ඔබට දැනුනු ආකාරයටම දුක වේදනාව මගේ හිතටත් දැනුනා .....
Deletematath kiyanna thiyenne giman niwanna kiyapu de... matath ohu asuru kireeme pina naha..
ReplyDeleteඇසුරු කළා නම් දුක වැඩියි ...
Deleteඅපි බ්ලොග් ලෝකෙට පය තියද්දිම ඔබා බ්ලොග් ලෝකෙන් සමුගැනීම වේදනාවට කාරණයක්... හැමෝගෙම කථා බහ අහපුවහම ඔබා පස්ට චරිතයක් කියලා පේනවා.. ඔබට නිර්වාණ සුවය පතමි!
ReplyDeleteඔහුට සමකල හැකි අන්කිසිවෙකුත් නැහැ ..
Deleteඔබා මාමා ආශ්‍රය කරන්න තරම් වාසනාවක් මට ලැබුනෙත් නෑ..
ReplyDeleteඔහුට නිවන් සුව!!
අපේ පැතුමත් එයමයි ...
DeleteThis comment has been removed by the author.
ReplyDeleteහ්ම්...නිවන් සුව ලැබේවා...
Deleteඅපිදු ඔබගේ ප්‍රාර්ථනය සමගයි ...
Deleteබොහොම හොඳ පොස්ට් එකක්
ReplyDeleteවේදනාත්මක සමුගැනීමක් ...
Deleteදැනටත් සමහර පෝස්ටු දකිනකොට මතක් වෙනව ඔබා හිටියනං ඒවාට මොනව කියයිද කියල. මතක් කලඑක හොඳයි රොබින්.
ReplyDeleteමේ රොබින්ද? :)
ඔව් රාජ් ඔය ඔබායි මමයි ගත්ත එකම සහ අවසාන ෆොටෝ ඒක ....
Deleteමම හිතන විදියට අන්තිම කමෙන්ට් එක දැම්මෙත් රාජ්ගෙ පෝස්ට් එකකට....
Deleteඔබා මාමා සතුටෙන් ජීවත් වෙලා ඒ සතුටෙන්ම මිය ගියා.මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ වාසනාවන්ත මරණයක්.
ReplyDeleteඇත්තටම දුක්විදලා මිනිස්සු මැරෙන විදිය දකින කොට ඔබා මාමාගේ මරණය වාසනාවන්ත තමයි .....
Deleteඔහුගේ හොඳ ඇසුර ලබපු හොඳ මිනිසුන්ගේ ප්‍රාර්ථනා වල බලෙන් ඔහු හොඳම තැනක ඉපදේවා.!
ReplyDeleteඅපෙත් ප්‍රාර්ථනය එයමයි සොයුරිය ....
Deleteමැරුණේ නැති උනොත් ඊලග පාරත් හම්බවෙමු රෙපා " ඔබා මාමා මටත් අන්තිමට කිව්වේ ඔය ටික.
ReplyDeleteඔබා මාමාට නිවන් සුව !!!
රෙප් මහත්තයව මට අවුරුදු උත්සවය වෙලාවේ අදුන්වල දුන්නෙත් ඔබා මාමා ,මතකද ?
Deleteඔබා මාමට නිවන් සුව අත්වේවා!!!!!!
ReplyDeleteනිවන්සුව අත්වේවා ..!!
Deleteමට ඔබාමාමව බලන්න බැරි උනා, මම පසුතැවෙනවා තවම ඒගැන :/
ReplyDeleteඔහුගේ අඩුව පුරවන්න ආයේ කවදාවත් කෙනෙක් එන එකක් නෑ
ඔබා මාමේ ඔබට නිවන් සුව !!!
ඔව් පුබුදු මටත් හිතෙන විදියට ඒ අඩුව පුරවන්න තවත් කෙනෙකුට බැරිවේවි...
Deleteහ්ම්ම්..ඔබා මාමාට නිවන් සුව!
ReplyDeleteනිවන්සුව....
Deleteමොනා කියන්නද . . . එකම පැතුම ඔබා අපි අතරෙ ආයෙත් ඉපදෙන්න කියලයි
ReplyDeleteආයෙමත් අපි අතරට ඔබා එනවනම් කොච්චර නම් හොදද ....
Deleteඔය පොටෝ එක දැක්කම දුක වැඩිවෙනව ඇතිනේද..මචං..! මමනම් එතුමා හඳුනන්නෙ නැහැ...!ඒත් හැමෝම කියනව ඉතා හොඳකෙනෙක් කියල..!
ReplyDeleteඑතුමාට නිවන්සුව ලැබේවා..!
ඔව මචන් ෆොටෝ ඒක දකින හැමවෙලේම හිතට මාරම දුකයි ...
Deleteඔබා මාමා අමරණියයි...
ReplyDeleteඅනිවාර්යෙන්ම ..
Deleteඔබා මාමාට නිවන් සුව
ReplyDelete+++++++++
Deleteඔහු ගැන මතකය හැමදාටම තියේවි.......
ReplyDeleteඅනිවාර්යෙන්ම ..!!!
Deleteමාස තුනක් ගෙවුනත් ඔහු බ්ලොග් අවකාශයේ කිසිවකුගේ මකතයෙන් ගිලිහී ගිහින් නැහැ. සුන්දර මිනිසෙක්.
ReplyDeleteතුන්වසරක් ගියත් ඒ මතකය ඒ අයුරින්ම පවතිවී කියා මම විශ්වාස කරමි ...
Deleteවීඩියෝ එක දැක්කම දුකයි....
ReplyDeleteඇත්තෙන්ම ...
Deleteහොඳ මිනිස්සු කොහොමත් ඉක්මනට මිනිස්සුන්ව දාලා යනවා. ඔබා මාමා එක්ක වචනයක්වත් කතා කරන්න හම්බ වෙච්ච චාන්ස් එකක් හම්බෙලත් ඒක කරගන්න බැරි වෙච්ච එක ගැන කනගාටුවෙනවා
ReplyDeleteමහගු අවස්ථාවක් මග ඇරිලා තියෙන්නේ ...
Delete