Sunday, August 5, 2012

ඔබා

"ඔබා" අපිව දාලා ගිහින් අදට මාස 3යි ? (06/08/2012 ),සිංහල බ්ලොග් අවකාශයට එතරම් පැරණි නැති උනත් මටනම් හිතෙන විදියට " ඔබා" තමයි බ්ලොග් අවකාශයේ මිතුරන්ගේ මැදහත් ලකුණ උනේ ,මම මීට අවුරුදු එකහාමාරකට විතර  ඉහතදී "ඔබා" එක්ක මුලින්ම කතා කතා කරන කොට ඇතිවෙච්ච හිතවත්කම "ඔබා"නැතිවෙන්න දවසකට කලින් වෙනකම්ම තිබුනා .



                                                                    අන්තිම පේලියේදී පටන් ගත්ත හිතවත්කම දවසින් දවස අලුත් උනා , වයසින් ගත්තහම අපි තමන්ගේ ළමයිගේ වයසේ වගේ උනත් "ඔබාට" මම තවත් එක සහෝදරයෙක්  විතරයි , සයිබර් අවුරුදු උලලේදී අන්තිමට ඔබා සමුගන්න කොට කියපු වචන ටික අදටත් මගේ  හිත ඇතුලේ දෝංකාර දෙනවා ,

         "මැරුණේ නැති උනොත් ඊලග පාරත් හම්බවෙමු රොබින් "

මේ ෆොටෝ එක මමයි ඔබායි එකට ඉදල ගත්ත එකම සහ අවසාන ෆොටෝ එක ,මට දැනට මාස 2 කට කලින් මේ ෆොටෝ එක හම්බඋනේ  ,හැමදාම ඔබා අයියගේ මේ හිනාව අපේ අතර මතක තියේවී අනිවාර්යෙන්ම ........

ඔබා අයියේ(සනත් විජේවර්ධන)
ඔබට නිවන් සුව අත්වේවා .....!!!!!                                       

66 comments:

  1. මේක ගත්තේ මම..එත් :'(

    ReplyDelete
  2. තුන්මාසෙකුත් ගෙවුනා .. හොඳ තැනක ඉපදිලා ඇති..

    ReplyDelete
    Replies
    1. ආපහු අපි අතරේම ඉපදෙන්න කියලා කීවට මගෙත් ප්‍රාර්ථනය ඒක තමයි අසර්.....

      Delete
  3. හ්ම්ම්ම්ම්...
    ඔබා මාමට නිවන් සුව අත්වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. හිත හොද මිනිස්සු අනිවාර්යෙන්ම හොද තැනකට යනවා තරී ....

      Delete
    2. //හිත හොද මිනිස්සු අනිවාර්යෙන්ම හොද තැනකට යනවා //

      ඔහුට නිවන් සුව !

      Delete
  4. බොහොම හොඳ පෝස්ට් එකක්. ඔබා මාමා අපිට අමතක වෙන්නේ නැති චරිතයක්. මටනම් තවම ෂුවර් නෑ මැරුණා ම ද කියලත්. කොල්ලෙක්ට එහා ගිය හිතක් තිබ්බ වලියට බර නැති මනුස්සයෙක්.

    හොඳ තැනක ඉපදේවා!! අමාමහ නිවන සාක්ෂාත් කරගනිත්වා..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම හොද තැනක ඉපදේවා ....

      Delete
  5. මට ඔහු ඇසුරු කිරිමේ වාසනාව නැ

    ReplyDelete
    Replies
    1. ඇසුරු කලානම් දුක වැඩියි ....!!!!

      Delete
  6. ඔබා වෙනුවෙන් අරක කෙරෙනවා, මේක කෙරෙනවා කිව්වට තාම මුකුත් නැහැනේ... රොබින්ට ඔබා ගැන මතක තිබීම ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. කෙරෙනව බලපන්.....
      http://cyberfestival.blogspot.com/2012/08/2012.html

      Delete
  7. මගේ කම්මැලිකම නිසා ඔබා මාමා බලාගැනීමේ අවස්ථාව මිස් විය.

    ReplyDelete
    Replies
    1. නැවතත් කවදාවත් ඒ අවස්ථාව එන්නේ නැහැ හරී

      Delete
  8. හෙම්....තවත් සුන්දර මිනිසෙක්

    ReplyDelete
    Replies
    1. ඔව් සුන්දරම මිනිසෙක් ..!!!!

      Delete
  9. ගොඩාක් දෙනෙක් ආදරේ කරන කෙනෙක්. මනුස්සකම උපරිමයෙන් තිබුන කෙනෙක් වෙන්න ඕන. මම බ්ලොග් ලියන්න ආපු අලුත තමයි ඔහු සමුඅරන් තියෙන්නෙ. එවැනි උතුම් මිනිසෙක් ඇසුරු කරන්න නොලැබීම මගේ අවාසනාව වෙන්න ඇති කියලයි මට හිතෙන්නෙ. ඔබා මාමාට නිවන්සුව පතමි!

    ReplyDelete
    Replies
    1. මෙවැනි සුන්දර මිනිසුන් නැවතත් හමුවේවි කියා හිතන්න බැහැ...

      Delete
  10. Replies
    1. කවුරුත් ඔබා වෙනුවෙං පිං කං කරන එක හොඳා ඔබා අමතක නොකර.

      Delete
    2. ඇත්තටම දිනය 13 ද ? 6 ද ?
      මම මේ දිනයත් හොයා ගත්තේ අනුමාන කරලා ...

      Delete
    3. 13 තමා. මට නං කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඇදුරුතුමාගෙ උපන් දිනයට ඔහුගෙ සහෝදරයින් එන නිසා ඉව්වා. ඔලුවට හරි බරක් තිබුනෙ.

      ආපු අයට පෙන්න පෙන්න ඔහු ගැනත් ඔහුගෙ ලියැවිල්ල ගැනත් කිව්වා. බ්ලොග් නොලියන නොකියවන ඔවුන් මට පිස්සු හැදිලා කියා හිතන්නට ඇති,

      නමුත් ඊට දින කීපයකට පෙර අප බලන්නට අපේගෙදරට ඔහු පවුලේ සැම සමගින් තෑගි බෝග බොහොම අරගෙන ආවේ මගෙ ලොකු අය්යා ගෙදරට ආව විදිහටයි. මට මගෙ ලොකු අය්ය නැති උනා වගෙ තමා එදා දැනුනෙත් දැං දැනෙන්නෙත්

      Delete
    4. අනිවාර්යෙන්ම ඔබට දැනුනු ආකාරයටම දුක වේදනාව මගේ හිතටත් දැනුනා .....

      Delete
  11. matath kiyanna thiyenne giman niwanna kiyapu de... matath ohu asuru kireeme pina naha..

    ReplyDelete
    Replies
    1. ඇසුරු කළා නම් දුක වැඩියි ...

      Delete
  12. අපි බ්ලොග් ලෝකෙට පය තියද්දිම ඔබා බ්ලොග් ලෝකෙන් සමුගැනීම වේදනාවට කාරණයක්... හැමෝගෙම කථා බහ අහපුවහම ඔබා පස්ට චරිතයක් කියලා පේනවා.. ඔබට නිර්වාණ සුවය පතමි!

    ReplyDelete
    Replies
    1. ඔහුට සමකල හැකි අන්කිසිවෙකුත් නැහැ ..

      Delete
  13. ඔබා මාමා ආශ්‍රය කරන්න තරම් වාසනාවක් මට ලැබුනෙත් නෑ..
    ඔහුට නිවන් සුව!!

    ReplyDelete
    Replies
    1. අපේ පැතුමත් එයමයි ...

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හ්ම්...නිවන් සුව ලැබේවා...

      Delete
    2. අපිදු ඔබගේ ප්‍රාර්ථනය සමගයි ...

      Delete
  15. බොහොම හොඳ පොස්ට් එකක්

    ReplyDelete
    Replies
    1. වේදනාත්මක සමුගැනීමක් ...

      Delete
  16. දැනටත් සමහර පෝස්ටු දකිනකොට මතක් වෙනව ඔබා හිටියනං ඒවාට මොනව කියයිද කියල. මතක් කලඑක හොඳයි රොබින්.

    මේ රොබින්ද? :)

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් ඔය ඔබායි මමයි ගත්ත එකම සහ අවසාන ෆොටෝ ඒක ....

      Delete
    2. මම හිතන විදියට අන්තිම කමෙන්ට් එක දැම්මෙත් රාජ්ගෙ පෝස්ට් එකකට....

      Delete
  17. ඔබා මාමා සතුටෙන් ජීවත් වෙලා ඒ සතුටෙන්ම මිය ගියා.මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ වාසනාවන්ත මරණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම දුක්විදලා මිනිස්සු මැරෙන විදිය දකින කොට ඔබා මාමාගේ මරණය වාසනාවන්ත තමයි .....

      Delete
  18. ඔහුගේ හොඳ ඇසුර ලබපු හොඳ මිනිසුන්ගේ ප්‍රාර්ථනා වල බලෙන් ඔහු හොඳම තැනක ඉපදේවා.!

    ReplyDelete
    Replies
    1. අපෙත් ප්‍රාර්ථනය එයමයි සොයුරිය ....

      Delete
  19. මැරුණේ නැති උනොත් ඊලග පාරත් හම්බවෙමු රෙපා " ඔබා මාමා මටත් අන්තිමට කිව්වේ ඔය ටික.
    ඔබා මාමාට නිවන් සුව !!!

    ReplyDelete
    Replies
    1. රෙප් මහත්තයව මට අවුරුදු උත්සවය වෙලාවේ අදුන්වල දුන්නෙත් ඔබා මාමා ,මතකද ?

      Delete
  20. ඔබා මාමට නිවන් සුව අත්වේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. නිවන්සුව අත්වේවා ..!!

      Delete
  21. මට ඔබාමාමව බලන්න බැරි උනා, මම පසුතැවෙනවා තවම ඒගැන :/
    ඔහුගේ අඩුව පුරවන්න ආයේ කවදාවත් කෙනෙක් එන එකක් නෑ
    ඔබා මාමේ ඔබට නිවන් සුව !!!

    ReplyDelete
    Replies
    1. ඔව් පුබුදු මටත් හිතෙන විදියට ඒ අඩුව පුරවන්න තවත් කෙනෙකුට බැරිවේවි...

      Delete
  22. හ්ම්ම්..ඔබා මාමාට නිවන් සුව!

    ReplyDelete
  23. මොනා කියන්නද . . . එකම පැතුම ඔබා අපි අතරෙ ආයෙත් ඉපදෙන්න කියලයි

    ReplyDelete
    Replies
    1. ආයෙමත් අපි අතරට ඔබා එනවනම් කොච්චර නම් හොදද ....

      Delete
  24. ඔය පොටෝ එක දැක්කම දුක වැඩිවෙනව ඇතිනේද..මචං..! මමනම් එතුමා හඳුනන්නෙ නැහැ...!ඒත් හැමෝම කියනව ඉතා හොඳකෙනෙක් කියල..!
    එතුමාට නිවන්සුව ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. ඔව මචන් ෆොටෝ ඒක දකින හැමවෙලේම හිතට මාරම දුකයි ...

      Delete
  25. ඔබා මාමා අමරණියයි...

    ReplyDelete
  26. ඔබා මාමාට නිවන් සුව

    ReplyDelete
  27. ඔහු ගැන මතකය හැමදාටම තියේවි.......

    ReplyDelete
  28. මාස තුනක් ගෙවුනත් ඔහු බ්ලොග් අවකාශයේ කිසිවකුගේ මකතයෙන් ගිලිහී ගිහින් නැහැ. සුන්දර මිනිසෙක්.

    ReplyDelete
    Replies
    1. තුන්වසරක් ගියත් ඒ මතකය ඒ අයුරින්ම පවතිවී කියා මම විශ්වාස කරමි ...

      Delete
  29. වීඩියෝ එක දැක්කම දුකයි....

    ReplyDelete
  30. හොඳ මිනිස්සු කොහොමත් ඉක්මනට මිනිස්සුන්ව දාලා යනවා. ඔබා මාමා එක්ක වචනයක්වත් කතා කරන්න හම්බ වෙච්ච චාන්ස් එකක් හම්බෙලත් ඒක කරගන්න බැරි වෙච්ච එක ගැන කනගාටුවෙනවා

    ReplyDelete
    Replies
    1. මහගු අවස්ථාවක් මග ඇරිලා තියෙන්නේ ...

      Delete