Monday, February 25, 2013

මම යමාමොටෝ මැරුවෙමි 1


  එය ඇමරිකාවේ සුපරිසිදු ආලින්ටන් සොහොන් පිටිය නොකඩවා වස්නා වැස්සෙන් සේදීගිය දිනයෙකි.මම වලට පහත් කිරීමට සියල්ල සුදානම් කර තිබු ,ඇමරිකානු ධජයෙන් වසන ලද මගේ සොහොයුරා ගේ මිනී පෙට්ට්ය අසල සිටියෙමි .මාගේ පියා හා මවද ,කනිටු සොහොයුරු  ජිම්ද මා ළගින් මැ වූ හ . දෙවැනි ලෝ මහ හටන නිමාවට පත්වී සිවු වසරක්  මැ ගෙවී තිබිණි . එහෙත් ඒ මහ හටනේදී මිය ගිය මාගේ  බාල සොහොයුරාගේ  මෘත දේහය අපට ලැබුනේ සිවු වසරෙක ඈවෑමෙනි .පාදිලිතැන ගේ සංවේගාත්මක වදන්වලට සවන් යොමු කරත් මැ  මාගේ හා මගේ මළ සොහොයුරා  ගේ ද ජීවිත ඈත එපිට පිහිටි සොලමන්ගේ දිවයිනත් ,අප කිසිදාක කිසි විටෙක නුදුටු අද්මිරාල්  ඉසටරෝකු යමාමොටෝ නම් මිනිසාත් සමග සම්බන්ද වූ යේ කෙසේ දැ යි  මම කල්පනා කරන්නට වුයෙමි .


පර්ල් වරායට බෝම්බ හෙලීමත් සමග මැ ඇමෙරිකාව ද දෙවැනි  ලෝ මහ හටනට සම්බන්ද වී යැ.මා හට ද ,මාගේ බාල සොයුරු  චාලි හට ද ගුවන් නියමුවන්  වශයෙන්  මේ මහ හටනට සම්බන්ද නොවී  සිටිය නොහැකි වූ යේ අපගේ පියා  මුල් ලෝ මහ හටනේ ගුවන් නිලධාරියෙකු වැ සිටි බැවිනි .චාලි එවකටද  පුහුණු වන ගුවන් නියමුවෙකු වැ සිටියේ යැ .පී -38 ගුවන් ප්‍රහාරක හමුදාව  සමග මා යවන ලද්දේ ගුවඩල් කැනෑල් කදවුරට යැ . වසර 1943 මාර්තු මස දිනෙක ගුවන් ප්‍රහාරක මුර සේවයේ  යෙදී පෙරලා පැමිණෙමින් සිටි මට මගේ ගුවන් යානයේ  ගුවන් විදිලිය යතුරෙන් පුරුදු  කටහඩෙක් අසන්නට ලැබිණි . ඒ චාලිගේ කට හඩයි.ඔහු ද ගුවඩල්කැනෑල් කදවුර ඉහල අහසේ පියාසර කරමින් සිටි බව මම දැන ගතිමි .ඊලග සති කිහිපය  තුල නිතර නිතර අපි ගුවනේදී  හමුවීමු .ජපනුන් සතුව තුබූ සාන්ත ඉසබෙල් දිවයින ඉහල අහසේදී ඔහුට සතුරු  වෙඩි පහරින් අබලන් වූ ගුවන් යානය අතහැර  දමන්නට  සිදු වූ විටෙක මම ඔහු බේරා ගතිමි . එහෙත් මේ වූ කලී ඊට වඩා  හාස්පතින් මැ වෙනස් කතා පුවතකි .

මිනීමරු යුද්දය
වසර 1943 අප්‍රේල් 17 වැනි දා සවසෙක  හෙන්ඩර්සන් කදවුරේ කටයුතු සදහා මා කැදවන ලදී .මම 339 වැනි ප්‍රහාරක ගුවන් හමුදා අනුකන්ඩයේ  අණදෙන නිලදාරී  තැන වූ මේජර් මිචෙල් සමග එහි ගියෙමි . අප එහි කැදවන ලද්දේ  ඉතා වැදගත් කටයුත්තක් සදහා  බව එහි දී අපට දැන ගන්නට ලැබිණි .මේජර් කෙනෙකු විසින් අප අත තබන ලද්දේ  ඉතා රහසිගත විදිලිය පණිවිඩයෙකි.

                                                                             අප්‍රේල් මස 18 වෙනිදා  යමාමොටෝ හා ඔහු යටතේ සේවයේ නියුතු උසස් නිලදරයන් ද බෝගේන්විලයට ලගාවන බවක් එම රහස් විදිලිය පණිවිඩයේ  සදහන්ව  තිබිණි . "339  පී 38  ගුවන් යානා හමුදාව කෙසේ හෝ ඔවුන් වෙත කඩා පැන සහමුලින් මැ විනාශකර  දැමිය යුතු යැ ." මෙය ඉතා වැදගත්  කාර්යක් හැටියට ජනාධිපතිතුමා සලකයි .යමාමොටෝ හා ඔහුගේ නිලධරයන් ප්‍රහාරක යානා හයක රැකවරණ යටතේ  බෝම්බ හෙළන ගුවන් යානා දෙකක නැග  එහි පැමිණෙන බවක් ද විදිලිය පණිවිඩයේ සදහන් වැ තිබිණි .

             මේ බලාපොරොත්තු නො වූ පණිවිඩයෙන් ගුවන් යානා  නියමුවන් අතර මහත් උනන්දුවක් හා කලබලයක් ද ඇතිවීම ස්වභාවික සිද්ධියෙකි .යමාමොටෝ ජපන් නාවික බල ඇණියේ නායකයා පමණක් නොවන්නේය ; ජීවිත දෙදහසක් මරු කැප කළ පර්ල් වරායට බෝම්බ හෙලීමේ වැඩ පිළිවෙළේ සැලැස්ම සම්පාදකයා වූ යේ ඔහු යැ .මම මිචල් දෙස බැලීමි .හේ මා දෙස බැලී යැ .අප සතු වැ තුබූ අද්මිරාල් යමාමොටෝගේ ගුවන් යානාවලට ලං විය හැකි ගුවන් යානා ලෙස සැලකිය හැකි වූ යේ  "ලොක් හීඩ් ලයිට්නින් " නම් ප්‍රහාරක යානා පමණෙකි .

          එවකට පනස් නව හැවිරිදි  යමාමොටෝ  එසේ මෙසේ පුද්ගලයෙක්  නොවූයේ  යැ .නවීනතම ජපන් නාවික බල ඇණිය සංවිධානය කරන ලද්දේ ඔහු විසිනි .අමෙරිකානු නැව් රැසක් මැ මුහුදු බත් කළ ටොපිර්ඩො  ප්‍රහාරක උපක්‍රම සංවිධානයෙහි ලා යමාමොටෝ පෑ දස්කම් ඉමහති.ගුවන් යානා  රැගෙන යන නැව් නාවික හමුදාවේ අංගයක් බවට පත්කිරීමෙන් නාවික  හටන් උපක්‍රමවල  අපුරු පෙරැළියක් ඇති කරන ලද්දේද මේ ශූර  අද්මිරාල් තැන විසිනි .

       හාර්වර්ඩ් සරසවියේ සිප්සතර හැදෑරු යමාමොටෝ චතුර ලෙස ඉංග්‍රීසි බස බිණිය හැකි ,පෝකර් කෙලිය ප්‍රිය කළ ,බටහිර පන්නයට කැමති ජපන් ජාතිකයෙකි .එහෙත් බටහිරට ඔහුගේ ඇති ලැදියාව නොරිස්සු සමහරු විසින් ඔහු මරා දැමීමට පවා තැත්කර තිබිණි .එහෙත් ජපන් යුද හමුදාව ඇමරිකාවට එරෙහි වැ  සටන ආරම්භ කළ විට යමාමොටෝ ඔහුගේ සහජ ශූරතාවයන් ප්‍රදර්ශනය කරමින් නාවික සටන් මෙහෙයැ වී යැ .

  ඔහුගේ ගුවන් යානයට පහර දීමට තීරණය කරන ලද්දේ ලොකු මැ යුද රහසෙක ප්‍රතිපලයක් වශයෙනි .ජපනුන්ගේ රහස් පණිවිඩ  හැදෑරීමේ යෙදී සිටි අය යමාමොටෝ රැගත් ගුවන් යානය පහර එල්ල කළ හැකි මානයට ලගාවන බව දැනගත් විට  එබව රූස්වෙල්ට් ජනාධිපතිතුමාට දැනුම් දෙන ලදී .යමාමොටෝ මරා දමන්නට ගත් තීරණය යුධෝපක්‍රමයක් ලෙස හෝ මිනීමැරුමක් ලෙස හෝ සැලකිය හැකිද ? යමාමොටෝ මරා දමන්නට තීරණය කරන ලද්දේ ඔහු ජපන් යුද්ධ යන්ත්‍රයේ ප්‍රධාන දැති රෝදය ලෙස සලකන ලද බැවිනි .


දෙවැනි  කොටසින් නැවත  හමුවෙමු ........

19 comments:

  1. මේ කතාව පිළිබඳවනම් දන්නේ නැහැ. නමුත් දෙවන ලෝක යුද්ධය කෙතරම් භිහිසුණු වීද යන්න, අපේම යුද්ධය අනුව සිතා ගත හැකියි.

    ReplyDelete
    Replies
    1. යුද්ධය නොමැති ලොව කොතෙක්නම් සුන්දරයි ද නේද ?

      Delete
  2. හ්ම්ම්ම් බොහොම රසවත්ව හරවත්ව ලියල තියෙනවා නමුත් මෙය කොටස් දෙකකට කදීම පිළිබඳව බලවත් අප්‍රසාදය පලකරනවා. අනෙක් කොටසත් හැකි ඉක්මනින් දාන්න.

    ReplyDelete
    Replies
    1. හැකි විගස දෙවන කොටස පල කරනවා

      Delete
  3. වැදගත් ලිපියක්.... ඉක්මනට ඉතුරු හරියත් දාපන්...

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම පල කරන්නම්

      Delete
  4. මේක මට මතක විදියට මීට අවුරුදු පහළොවකට විතර කලින් මුතුහර සඟරාවෙ ගියා. තාමත් මගෙ ගාව තියෙනවා. ස්තුතියි මතක් කලාට. වටින ලිපියක්

    ReplyDelete
    Replies
    1. මේක 1962 දී ඉගෙනුම කියන මාසික සගරාවේ ගියපු එකක්

      Delete
  5. සුපිරියි. මම ආසම ටයිප් එකේ කතාවක්. පරිවර්තනයක්ද? දෙවෙනි එකත් ඉක්මනට ඕනේ....

    ReplyDelete
    Replies
    1. ඔව් මේක පරිවර්තනයක් ,දෙවැනි කොටස ඉක්මනින්ම දෙන්නම්

      Delete
  6. මේ කතාවම නේද අර පර්ල් හාබර් ෆිල්ම් එකේ තියෙන්නේ...
    ඒකෙත් පයිලට්ලා දෙන්නෙක්නේ ඉන්නේ..
    මරු මරු..
    ඉතුරු ටිකත් ඉක්මන්ටම දාමු!!!!!

    ReplyDelete
    Replies
    1. සීන් එක කියන්නේ තරියෝ මම පර්ල් හාර්බර් ෆිල්ම් එක තාම බලල නැහැ

      Delete
  7. නොදන්නා කතාවක්..
    අනෙක් කොටසත් ලියමුකො...

    ReplyDelete
    Replies
    1. අනෙක් කොටස ඉක්මනින්ම දෙනවා

      Delete
  8. පංකාදු ලිපියක් මලයෝ.අපිත් යුද්ධයේ කටුක බව හොඳින්ම දන්නවනේ..

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම නලින් අයියේ

      Delete
  9. ලියල තියෙන විදිය ටිකක් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වගේ.

    දෙවෙනි ලිපිය එනකං ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ කතාව අයිති ඒ කාලෙට
      දෙවැනි කොටස ඉක්මනින්ම දෙනවා

      Delete