Wednesday, February 27, 2013

කියන කතා

                                                                
             අපේ ලංකාවේ මිනිස්සු ගැන කියනවනම් "නිකන් දෙනවනම් මන්න පාර හරි කන්න කැමති" අයනේ වැඩිපුරම ඉන්නේ  අන්න ඒ නිසා අපේ මිනිස්සුත් ඔය තියෙන බැංකු සහ අනෙකුත් ඔය ණයදෙන ආයතන වලින් ණය ගන්නේ නිකන් දෙනවා කියලා හිතාගෙනමයි හැබැයි ඒ අතරින් කොටසක් ණය ගන්නේ තමන්ගේ තියෙන අග හිග කම් පියවා ගන්න ,මොකද අපි මේ රට ආසියාවේ ආශ්චර්යය කරන්නත් එපැයි දැන්.කොහොම උනත් ගෙවා ගන්න බැරි උනහම තමා අපේ මිනිස්සුන්ට දෙලොව රත්වෙන්නේ .

                                           දුන්න සල්ලි ගෙවන එක අතපසු කරන්න අපේ මිනිස්සු බැංකුවෙන් කතා කරහම දාහක් කතා කියනවා ,ගෙවන එක එක දවසකින් හරි කල් දන්න තමා බලන්නේ මොන ක්‍රමේකින් හරි ,පහලින් තියෙන්නෙත් ඔය සල්ලි ගෙවන්න තියෙන අය ඒ ගෙවන්න තියෙන ආයතනවලට කියන කතා අතේ රෝල් වෙච්චි අවස්ථා 2ක්


1 .ගුණදාස මහත්තයාගේ මීටීම 

 ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්

එක  පාරක් උත්සාහ කලාට කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් මේ ගැන දාන්න කෝල් සෙන්ටර් ඒජන්ට් තව ට්‍රයි කරනවා

 ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්


ගු.ම.     :- හෙලෝ

බැංකුව :- සුබ උදැසනක් මිස්ටර් ගුණදාස අපී .......බැංකුවෙන් කතා කරන්නේ ,ඔබතුමා ගෙවිය යුතු  හිග                        ණය මුදල  පිලිබදව දැනුවත්.....

ගු .ම    :-මම මීටිං එකක ඉන්නේ පස්සේ කතා කරන්න .......

ඒ අතර පසුබිමින්

ඉස්සරහ හෝල්ට් බහිනවා ..........

2 .අරුමුගම්ගේ මල්ලි

ණය ගෙවන්න තියෙන දිනය දවසින් දවස අරුමුගම් කල් දානව ,මොබයිල් එකත් ඕෆ් බැරිම තැන ට්‍රයි කරනවා ගෙදරට

ට්රීන්  ට්රීන් ට්රීන් ට්රීන්

ගෙදර  :- හෙලෝ (පොඩි ළමයෙක් ඇමතුමට කතා කරන්නේ )

බැංකුව :-සුබ සන්ධ්‍යාවක් ,අපිට අරුමුගම් මහත්තයාට කතා කරන්න පුලුවන්ද ?


ගෙදර  :-අප්පා කෝල්

බැංකුව :-හෙලෝ සුබ සන්ධ්‍යාවක් මිස්ටර් අරුමුගම් ,ඔබතුමාගේ ගෙවිය යුතු ණය මුදල ගැන මතක් කිරීමක්    කරන්න  කතා කලේ

ගෙදර   :-අයියා ගෙදර නැහැනේ

බැංකුව :-කවුද මේ ඔබතුමා එතකොට ?

ගෙදර :-මම අරුමුගම්ගේ මල්ලි

බැංකුව :අපිට ඔබතුමාගේ නම දැනගන්න පුලුවන්ද ? පණිවිඩය ලබා දුන් පුද්ගලයාගේ නම ඇතුලත් කරන්න ඕන සිස්ටම් එකට

ගෙදර :මම.... ආආආ මම  මම  ඉර්ෂාඩ්

බැංකුව  :-!@#$%^&*()...?

ඔන්න ඔහොමයි ඉතින් අපේ දවස ගෙවෙන්නේ

36 comments:

  1. තවමනම් ණය වෙන්ඩ බලාපොරොත්තුවක් නෑ.ඒත් ඉතිං ඉස්සරහට ණය නොවී කොහොමද? ඉන්ඩ තැනක්වත් නෑනෙ බං.පොලු නොතියා ඉන්ඩ බලාපොරොත්තු වෙනවා.කොහොම උනත් අහුවෙන බොරුනං කියන්නෑ කියලා ශුවර්...

    ReplyDelete
    Replies
    1. හොදට බොරු පුරුදු වෙලා පොල්ලක් තියමු

      Delete
  2. ලොල් කතා නේ මලයා මේව මේ විදියටම වෙනවා බං.

    ReplyDelete
    Replies
    1. සමහර කතා කියන්න බැරි තරම් අසභ්‍යයි නලීන් අයියා

      Delete
  3. මම මේ තෝ වගේ එකෙක් අහුවෙනකං තමා හිටියේ. තෝ නේද අපේ ගෙදරට කතා කරන්නේ, ඔපීසියටත් යාළුවොන්ටයි මගේ පවුලටයි.. ක්‍රෙඩිට් කාඩ් එකේ සල්ලි ගෙවල නැතෙයි කියල. ඇයි හැල ගෙම්බෝ ඔය ණය වගේම තමා ක්‍රෙඩිට් කාඩුත් අපි නොදන්න මගුල් වලට අත්සන් අරගෙන තව එනව කියවන්න... අනේ මගේ කට... දවසට තුන් හතර පාර කතා කරන්නේ වැඩ නැද්ද බං බොලාට. සික් විතරක්.. හැංගිල ඉන්නවත් නෑ කොහෙන් හරි හොයාගන්නවා. යාන්තං මොලේ තියෙන හින්දා කෝල් කරාම නාගන්නනේ නැතුව බේරෙනවා.. ගෙවනැනෑ තොපි මොනව කරන්නද? අන්න ඒ ගැනත් ලියපං හරියටම. දැනගන්නම ඕන දෙයක්... (ඒයි විහිළුවට යකෝ කිව්වේ.. දැක්කනේ මගේ හැටි) හෙහ්

    ReplyDelete
    Replies
    1. ණය නොගෙවා සිටීමේ ප්‍රති විපාක ඊලග ලිපියෙන් ...

      Delete
  4. පස්ට කතා සෙට්එකක්. ආරුමුගම් තමයි නියම

    ReplyDelete
  5. අප්පේ..අපේ උන්ගේ මොලේ.....

    ReplyDelete
    Replies
    1. හිතන් ඉන්නේ උන්ට වඩා කපටිකම් දන්න අය නැහැ කියල

      Delete
  6. හෙහ් හෙහ් හෙහ්..ආ ආ ආ ඉර්ෂාඩ්

    ReplyDelete
  7. හොඳ කතා දෙකක් නේ අසුවෙලා තිබෙන්නේ.... මට වේලාව මදි, මාත් දන්න කතාවත් තිබෙනවා. හෙට පුළුවන් උනෝත් මෙහි කොමන්ට් කරන්නම්....

    ReplyDelete
    Replies
    1. කෝ කතාව දාලා නැහැනේ ,දාන්නකෝ අපිටත් දන ගන්න

      Delete
  8. මරු කතා සෙට් එක..

    ReplyDelete
    Replies
    1. මේ වගේ කතා නම් ලොරි ගානක් ඇති ...

      Delete
  9. මටත් තියනවා ඔය වගේ කතා නම් ඕන තරම්, මමත් ඔය වගේම තැනක වැඩ කරපු නිසා, සමහර අය දවල් දවසෙම ගෙදර ෆෝන් එක ගන්නේ නෑ, අපේ කට්ටිය ගන්නවා ඉතින් රෑ 9, 10ට විතර අනේ හරි සන්තොසෙන් ෆෝන් එක ගන්නෙ, ඉතින් අපේ කට්ටිය අහනවා ආහා දුවගෙන ඇවිත් ගත්තෙ නෑදෑයෙක් කියල වෙන්න ඇති නේද කියල, අපිට නෑදෑයෙක් වත් බලන්න යන්න නිවාඩුවක් ගන්න විදිහක් නෑ ඔයාලා නිසා කියල බනිනවා...ඉතින් ගොඩාක් හොද වචනෙන් එයාලත් අපේ කට්ටියට සංග්‍රහ කරනවා...

    ReplyDelete
    Replies
    1. මෙයානම් අකුරු හතරේ බැංකුවේ කෙනෙක් ශුවර් එකටම

      Delete
  10. ලංකාවෙ නොවැ! පුදුම වෙන්න දෙයක් නෑ :D

    ReplyDelete
  11. හි හි..
    ණය වෙන්නනං බලාපොරොත්තුවක් නෑ....

    ReplyDelete
    Replies
    1. හිතන්නේ නැති වෙලාවට බං ණය වෙන්න වෙන්නේ

      Delete
  12. කිතුල් ගහට ගිය මිනිහාටත් කියන්න දෙයක් තියෙනවාලුනේ :P

    ReplyDelete
  13. දැක්කද ජාතික සමගිය. කවුද කියන්නේ අපි වළි ලියල.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල මෙන්න සාක්කි

      Delete
  14. loan ගත්තා වගේ නෙවෙයි ගෙවද්දී

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාට අත්දැකීම් තියෙනවා වගේ ....

      Delete
  15. ගන්න කලට ලෝන් මිහිරිය මීසේ
    ගෙවන කලට දුක් දැඩිවෙයි ගිණිසේ

    ReplyDelete
  16. අපේ අය ඔහොමමයි. ගන්න කල් විතරයි. දෙන්න බෑ...... නෑ..............D;

    ReplyDelete