Tuesday, March 5, 2013

මම යමාමොටෝ මැරුවෙමි 2

සැලැස්ම සම්පාදනය 
                          මේ  වැදගත් කාර්යය ඉටුකල යුතු හොද මැ පිළිවෙල කුමක් දැයි සලකා බලන ලදී . පසුදා පෙරවරු 9.45 ට යමාමොටෝ කහිලි ගුවන් තොටුපලට ලගාවනු  ඇති .  අපි මේ ගුවන් තොටුපලට සැතපුම් තිස් පහක් උතුරේ තැනෙකදී ඔහුගේ ගුවන් යානය වෙන් කැර  ගන්නට තීරණය කළෙමු .මෙය දූ කෙලියකට සමාන කළ හැකි වැඩෙකි.අප සතුව තිබුනේ  ගුවන් යානා දහ අටක් පමනෙකි .එහෙත් කහිලි ගුවන් තොටුපලේ ජපනුන් සතු ගුවන් යානා සියයක් තිබිණි . මේ වැදගත් කාර්යය සාර්ථක ලෙස ඉටු කිරීම පිණිස කාර්යය ශුරත්වය මෙන් මැ ආත්ම විශ්වාසය ද තිබිය යුතු යැ.

             ගුවන් යානා අහසට නංවන්නට පෙර,මේජර් මිචෙල් මෙසේ අණ දිණි: "අප පිටත්වුයේ පෙරවරු 7.25 ට යි .කහිලි කදවුරේ ජපන් යානා ගැන වග බලා ගැනීමට මාගේ ගුවන් යානා අඩි විසිදහසක් ඉහල රැදී සිටිනු ඇති .ගුවන් යානා හතරකින් සමන්විත ලැ‍න්පියර්ගේ කණ්ඩායම යාමාමොටෝගේ යානය තනි කැර ගැනීමට අඩි දස දහසක් ඉහළින් පියාසර කළ යුතු යැ "

                                    ජපන් නාවික හමුදාවේ පතාක යෝධයා වන යමාමොටෝ ගේ ඉරණම ජපන් නාවික හමුදාවට  මරු පහරෙක් වනු ඇතියි හමුදාවේ ඔත්තු සේවා නිලධාරියා පැවැසී යැ .

                                                                                                     අප්‍රේල් 18 වැනි ඉරුදින උදැසන මම මගේ ගුවන් යානය ගුවනට නැංවීම්. හරියට මැ හතයි විසිපහේ කණිසමට  මිචේල්ද ගුවන් ගැබට පිවිසිණි .අපි ඔහුගේ යානය පසු පසින් පියාසර කළෙමු .එහෙත් අපගේ කණ්ඩායමේ එක් නියමුවකුගේ  ගුවන් යානයේ රෝදයක් අහසට නැගීමට පෙර පුපුරා ගියේ යැ .තවත් යානයෙක යාන්ත්‍රික දෝෂයක් ඇති වූයේ හරියට මැ  අප පිටත්විය යුතු මොහොතේ යැ .ලයිතන් බෙස්බි හෝම්ස් හා රේමන්ඩ් හයින්ද  අප හා එක්වුයේ එබැවිනි.ජපනුන්ගේ  රාඩා උපකරණ වලට හසු නොවීම පිණිස අපි සයුර නගන මහා රලගෙඩිවල ගෑවෙන නොගෑවෙන තරම් ඉහළින් පියාසර කරන්නට වූයෙමු .

සටනට සුදානම් වීම
                                                අපි ලහිරු රස් පහස ලැබ පියාසර කරන්නට පටන්ගතිමු .මිචේල්ගේ කණ්ඩායමෙන් අපට විදිලිය පණිවිඩ කිසිවක් නොලැබිණි .අපි පුරා දෙපැයක් මැ මහා සයුර ඉහල පියාසර කළෙමු .අපට ගොඩබිමක් දක්නට නොලැබිණි .අන්තිමේදී අපි බෝගේන්විල් දිවයින පෙනෙන තෙක් මානයට පැමිණියෙමු .වෙරළ සමීපයට ලගා වූ විට මිචෙල් ඔහුගේ කණ්ඩායමද  සමග අඩි දස දහසක්  ඉහල නැන්ගෙමු .වෙලාව පෙරවරු 9.33 බව ගුවන් යානයේ හෝරා යතුරේ සටහන් වැ තිබිණි .තව ඇත්තේ විනාඩි දෙකක් පමණෙකි .ජපනුන්ගේ ගුවන් යානාවලට කොයි මොහොතේ හෝ අප දක්නට ලැබෙන බවට කිසිදු සැකයෙක් නොමැත්තේ යැ .එහෙත් වෙලාව  නොවරදවා පැමිණීම ගැන ප්‍රසිද්දියක් උසුලන අද්මිරාල් යමාමොටෝ කොහිද ?

                        මිචේල්ගේ  කණ්ඩායමේ නියෙමුවකුට එතෙක් පැවති නිහැඩියාව බිදින්නට ගත වුයේ මොහොතෙකි ."සතුරා ඔන්න එනවා " යි හේ ගුවන් විදිලිය මගින් අපට දැන්වි යැ .ඈත අහසේ කළු තිත් පෙළක් දක්නට  ලැබිණි .ප්‍රහාරක යානා හයකට මැදි වැ පියාසර කරන ලද කොළ පැහැති බෝම්බ හෙලන ගුවන් යානා දෙක මට පැහැදිලිව මැ දක්නට ලැබිණි .මාගේ හෝරා යතුර 9.35 කණිසම දැක්වි යැ .ඉතිරි වැඩ කොටස දැන් ඇත්තේ අප අත යැ .

වෙඩි උණ්ඩ වැස්ස
                                 මම මාගේ ගුවන් යානයේ බර තෙල් ටැංකි දෙක බිම හෙළා සටනට සුදානම් වුයෙමි .මග රැක සිටි අප ගැන නොදැනම ජපන් ගුවන් යානාවෝ අප දෙසට පියාසර කරන්නට වූ හ .එහෙත් බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකි .ගුවන් නියමු හෝම්ස් ඔහුගේ ගුවන් යානයේ අතිරේක තෙල් ටැංකි දෙක බිම හෙලීමට තැත් කරමින් වෙරළ දෙසට පියාසර කලේ යැ .හයින්  හට ද ඔහු අනුව සිය ගුවන් යානය පදවන්නට  සිදු වී යැ . දැන් මේ බිහිසුණු වගකීම  පැවැරී ඇත්තේ මටත් බාබර්ටත් පමණෙකි .

                                                         ජපන් ගුවන් යානා පෙළත් අප ගේ ගුවන් යානා දෙකත් අතර දුර ප්‍රමාණය සැතපුමකට වැඩි නොවූ විට හදිසියේ මැ ඔවුනට අප දක්නට ලැබිණි .තෙල් ටැංකි බිම හෙලූ ජපන් නියමුවෝ අප ඉහළින්  පියාසර කරන්නට තැත් කළහ.ඉදිරියේ ආ බෝම්බ හෙලන ගුවන් යානය දිවයිනේ වන පෙත දෙසට පියාසර කරන්නට  වුයේ යැ .මම ඉදිරියට එන බෝම්බ හෙලන යානය මග හරින්නට මාගේ ගුවන් යානය පහත් කළෙමි . ජපන් ප්‍රහාරක යානාවෝ මාගේ යානය වෙත කඩාපනින්නට වූ හ. ගුවන් යානය හැරවූ මම මාගේ තුවක්කුව පෙරමුණේ ජපන් යානය වෙත එල්ල කළෙමි .මාගේ වෙඩි උන්ඩ වැස්සෙන්  ඒ යානයේ එක් පියාපතක් සිදිණි. ඒ ජපන් යානය අග්නි ජාලාවෙක හා දුම් පටලයෙක ද  වෙලී පොලවට  පහත් වී යැ .ඒ මොහොතේ  මැ ,මාගේ යානයේ නාසය කෙලින් අතට හරවා වේගයෙන් ඉහල නැග මම බෝම්බ හෙලන යානය දෙස බැලීමි .ජපන් ගුවන් යානා දෙකක්  මාගේ ගුවන් යානය යානය ලුහුබැද එන සැටි මට දක්නට ලැබිණි .පහල වූ වන පෙත ඉහල බමන කොළ පැහැති බෝම්බ හෙලන යානය මට දක්නට  ලැබුනේ මේ කලබලය මැද්දේ යැ .තුරු හිස් මුදුන්වල ගෑවෙන නොගෑවෙන තරමි පහලින් ,එතෙක් මා එතරම් සැලකිල්ලකින් සෙවූ ඒ යානය ලුහුබැද ගිය මම වෙඩි රැසකින් එය නවන්නට පටන් ගතිමි .ජපන් ගුවන් යානයේ දකුණු පසැ එන්ජිමද පියාපතද ගිනි ගෙන  දැවෙන්නට  පටන් ගති .පියාපත සිදීමත් සමග මැ  ඒ ගුවන් යානය ගිනි සිළු  නිකුත් කරමින් පහලින් වූ වනපෙත සිපගති .

                                                                                   මා  ලුහුබැද එන ජපන් ගුවන් යානා මග හරින අදහසින් වේගයෙන් පියාසර කරන්නට පටන් ගතිමි .හදිසියේ මැ දුවිලි පටලයෙකින් මාගේ පෙනීම නොපැහැදිලි වූයේ යැ.මා පියාසර කලේ කහිලි ගුවන් තොටුපලට ඉහළින් බව මම එවිට දැන ගතිමි .ගුවන් යානයේ නාසය කෙලින් කැර වේගයෙන් ඉහල නැගගත් මම සතුරු යානා මග හැර වරාය පසු කර මහ මුහුද ඉහළින් පියාසර කරන්නට වුයෙමි .මා අපගේ කදවුරට ලගාවන විට මාගේ ගුවන් යානයේ ටැංකියේ  අන්තිම තෙල් බින්දුවද සිදී තිබිණි .අපගේ පිරිසෙන් විපතටපත් වූයේ රේ හයින් නම් නියමුවා පමණෙකි .

යුද්ධය ඉගැන්වූ පාඩම
                                                                                                          මාගේ වෙඩි පහර ලැබ වන පෙත මැදට පහත් වූ ගුවන් යානයේ සිටියේ එසේ මෙසේ අයකු නොව අද්මිරාල් යාමාමොටෝ බව මට පසුව දන ගන්නට ලැබිණි .ඔහුගේ අළු සහිත බදුන තෝකියෝ නුවරට ගෙන ආ වි‍ට ලක්ෂ සංඛයාත ජපන් ජාතිකයෝ මේ වීරෝදාර ජපන් ජාතිකයට අවසන් බුහුමන් දක්වන්නට එහි රැස් වූ හ.මේ සිද්දියෙන් දෙමසකට පසු මාගේ සොහොයුරු චාලි කහිලි ගුවන් යානා කදවුරට බෝම්බ හෙලීම පිණිස සිය ගුවන් යානය බෝගේන්විලය බලා පියාසර කරවී යැ .අරුමයෙකි ! මා යාමාමොටෝ රැගත් ගුවන් යානය බිම හෙලු තැනදී මැ ඔහුගේ ගුවන් යානයද සතුරු වෙඩි පහර ලැබ පොලොව සිප ගති .එහෙත් චාලිගේ දිවි රැකුණි.ඔහු රාවුල්හී සිර කදවුර කරා ගෙන යන ලදී .ජපනුන් චාලිගෙන් පලිගනිතයි සැක කළ ඇමරිකානු ආණ්ඩුව යමාමොටෝට මරණය අත්වුයේ මා අතින් බව එළිදරවු නොකළේ යැ .එහෙත් අවාසනාවක මහත චාලි සිරකදවුරේ දී මිය ගියේ යැ.

                                               එදා  ඒ වැසි කුණාටු සහිත අදුරු දින අලින්ටන් සොහොන් පිටියේ  මාගේ සොහොයුරාගේ අවමගුලට සහභාගී වූ මට යුද්ධයේ තිරශ්චීන භාවයත් නිශ්පලත්වයත් මොනවට පැහැදිලි වූයේ යැ .පරමාණුව  දක්වා මැ සිය නුවන මෙහෙය වූ මිනිසාට අනාගතයේ යම් දිනයක ලොවට නියම සාමය උදාකරවීමේ නියම මග පැහැදිලිවනු ඇතැයි මම කල්පනා කළෙමි .

                                     තෝමස් ලැ‍න්පියර් සහ මේජර් මිචෙල් මෙහෙයුමෙන් පසු

29 comments:

  1. හ්ම්ම්ම්ම් නමුත් මේ වෙනකල් මිනිසා කියන එකා සාමය උදාකරන වගක්නම් පෙන්න නැහැ. අන්තෙටම කෙලවෙලා ගියාම තමයි මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කෝරලේ මහත්තයෝ දැන් ජපන්නු පුල් සාමෙන් කල් ගෙවන්නේ

      Delete
  2. මාරයි.. :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. නියම කතාව මචං. මම බොහෝම ආශාවෙන් කියෙව්වා. අර ගුවන් සටන ගැන කියවන කොට මට මතක් වුණා මම පොඩි කාලේ කියවපු පොතක්. ඒක පරිවර්තනයක්. දෙවන ලෝක යුද්ධයේ ගුවන් නියමුවෙකුගේ අත්දැකීම් ගැන තමයි ඒකත් පදනම් වෙලා තිබුණේ. අපූරු කතාවක් රොබින්.

    ReplyDelete
    Replies
    1. දාමුද බලන්න අපිටත් කියවන්න ඒ කතාව

      Delete
    2. ඇයි සැබෑ මිනිසෙකුගේ කතාවක් පොත අමතක ද? දෙපා නැතිව සෝවිටය් සමුහාන්ඩුව වෙනුවෙන් ගුවන් මෙහෙයුමක නිරත වූ කතාවක්.

      Delete
    3. නලීන් අයියා කිව්වම මතක් උනේ ඒ කතාව අයෙත් හොයාගෙන කියවන්න ඕන

      Delete
  4. ඔන් අද ඉදන් ෂැගියත් අම්බලමට ගොඩ වදිනවා... අවුලක් නැනේ...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  5. මේ විදිහේ කතාවක් කියෙව්වා කාලෙකට කලින්. කාන්තාරයක කෙරෙන ගුවන් සටනක් ගැන. දැන් නම මතක නෑ ඒ පොතේ. මට ඒ කතාව මතක් වුනා මේක කියවද්දී..
    නියම කතාව රොබින්..

    ReplyDelete
    Replies
    1. ජර්මන්කාරයෝ එක්ක වෙන සටනක් ගැනද එකේ තියෙන්නේ ?

      Delete
  6. නියමයි රොබින් අයියා

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි අදහස් දැක්වුවට

      Delete
  7. අදමලු මේ පෑත්තෙ ආවෙ... එකන්ම මරු කතාව..

    …//පරමාණුව දක්වා මැ සිය නුවන මෙහෙය වූ මිනිසාට අනාගතයේ යම් දිනයක ලොවට නියම සාමය උදාකරවීමේ නියම මග පැහැදිලිවනු ඇතැයි මම කල්පනා කළෙමි//
    …එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද...

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට

      Delete
  8. //පරමාණුව දක්වා මැ සිය නුවන මෙහෙය වූ මිනිසාට අනාගතයේ යම් දිනයක ලොවට නියම සාමය උදාකරවීමේ නියම මග පැහැදිලිවනු ඇතැයි මම කල්පනා කළෙමි.// මේ තමා නියම සාම පණිවිඩය. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව.

    ReplyDelete
  9. පලවෙනි එකයි මේකයි දෙකම එකපාර ඉවර කරා.....

    ReplyDelete
  10. යුද්ධයේදී මිනිසා මොන මොන ගැට දානවද? ඒත් සාම ගැටේ දන්නේ කී දෙනාද?

    ReplyDelete
  11. ලොකුම අවාසනාව අද සාමය වෙනුවෙන් සාමුහික සහජීවනය වෙනුවෙන් කැපවිය යුතු ආගමික නායකයින් යුද්ධය වගේම ජාතීන් භ්හේද භින්න කිරීම වෙනුවෙන් සටන් වැදීම රොබින්..

    ReplyDelete
    Replies
    1. එහෙම කලහම උන්ට හැමදාම වැජබෙන්න පුළුවන්නේ ,අන්න ඒකයි උන් එහෙම කරන්නේ ,හැබැයි පකිස්තානෙට වැරදුනු තැනත් ඕකමයි .

      Delete
  12. ලකෆ්‍රෑන්ස් නමින් මෙතෙක් කල් අනිකුත් බ්ලොග්කරුවන්ට අපහාස වන අන්දමේ බ්ලොග් අඩවියක් පවත්වාගෙන යාමට නොදැනුවත්වම දායක වීම ගැන ඔබ සියලු දෙනාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටිමි. බ්ලොග් අවකාශය තුල මිතුරන් යැයි මා මෙතෙක් සිතා සිටි කතන්දර/වැප්/ඕනමැන්ටල් යන අපාය සහායක මිතුරන් නිසා මට මේ කරුමෙට දායක වීමට සිදුවිය. අදින් පසු මම ඉහත නම් කියූ උන් සමග ඇයි හොදයියක් නැත. කරුණාකර පෙර මෙන් මා පිළිගෙන මට සමාව දෙන්න....ඔබේ මිත්‍රත්වයේ හස්තය මා වෙත දිගු කරන්න.

    ජංගම දුරකථනයට දිනපතා පැමිණෙන මරණ තර්ජන නිසා බක්මහා උළෙලට සහභාගි විය නොහැක.

    ස්තූතියි,

    මම ඔබේ හිතවත් අභීත

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශය දැන් එච්චර දරුණු වෙලාද ?

      Delete
  13. මට මතක හැටියට 1980 ගණන් වල මනහර කියල සගරාවක තිබුන ලිපියක් මේක. මව නිවැරදි කරන්න වැරදි නම් . මේකට පළමු වතාවට අවේ. ජයවේවා

    ReplyDelete
    Replies
    1. 1980 ගනන් වල නෙමෙයි බන් මේක ගියේ 1995 හෝ 96 වගේ කාලෙක මනහර හරි මුතුහර හරි වගෙ සඟරාවක. හැබැයි මම හිතන්නෙ ඊටත් කලියෙන් මේක රසවාහිනී හරි වෙන මොකක් හරි පරණ සඟරාවක ලිපියක් විත් රෙෆරන්ස් ටු භාෂා විලාසය.

      Delete
  14. WYSIWYG Web Builder Crack
    Nero Platinum Crack is when it comes to copying CDs, DVDs, and Blu section discs. Clean and splendid ripping, duplication, automatic backup and, copy approaches, backup reports on CD, DVD, and Blu section discs. After that, Adapt to watch DVD movies with create 3D menus, copy, duplicate, propose, move and mix music like a DJ. Convert music, photos, and DVDs for playback on your iPod and various phones. Quickly move images and videos to My Nero, YouTube, and MySpace, watch, record, delay, and edit your live TV experience, Blu section playback, AVCHD, and other high definition social events.
    https://zhlicense.com/

    ReplyDelete