Tuesday, April 21, 2015

ඔබාව මතකද ?


අපි  කවුරුත්  දන්නා  සනත්  විජේවර්ධන  එහෙමත්  නැත්නම්  ඔබා  අයියා /මාමා / අන්කල්  අපි අතරින්  සමුගෙන  දැනට  වසර  3ක් ගතවෙලා, සමුගෙන  කොතරම  කල් ගතවුනත්  ඔබා අපේ  හිත්තුල  තාමත්  ජීවත් වෙනවා  කිව්වොත්  හුග දෙනෙක්  මමත්  එක්ක  එකගවෙයි ,   ඇත්තටම  ඔබා  ජීවතුන්  අතර  සිටියානම්  බ්ලොග්  අවකාශය  මීට  වඩා  පිරුණු  තැනක් වෙයි  කියලා මම හිතනවා  .




කොහොමින්  කොහොම  හරි  ඔබා  අයියා  වෙනුවෙන්  3 වන  වරටත්  ලේ දන්දීමේ  කදවුරක්   පවත්වන්න  "අන්තිම  පේලියේ අපි" තීරණය  කළා  ඒ  පිළිබද  විස්තර  තමා  පහලින්  තියෙන්නේ



එන  මාර්ග  විස්තරය  ගැන පොඩ්ඩක් කිව්වොත්  තැන  හොයාගන්න  බොහොම  පහසුයි  ඇත්තටම

මාලබේ / කඩුවෙල /අංගොඩ හෝ  නුගේගොඩ  පැත්තේ  ඉදන්  ආවොත් රාජගිරියේ  බස්  නැවතුම පහුකරලා  චුට්ටක්  ඉස්සරහට  එනකොට  දකුණු  පැත්තේ  තියෙනවා  රාජගිරිය  පාර  අන්න  ඒ  පාරේ  මීටර්  100  එනකොට  තමයි  මේ  හේවාවිතාරණ  විද්‍යාලය  තියෙන්නේ

බොරැල්ල  දිසාවේ  ඉදන්  එන  අය  රාජගිරියේ  බස් නැවතුමෙන්  බැහැල  ආපස්සට  එනකොට  තමයි  රාජගිරිය  පාර තියෙන්නේ  

වැඩි විස්තර  දැනගන්න  ඕන  නම්  පහත  දුරකථන  අංක  වලින්  අපිව සම්බන්ද  කරගන්න  පුලුවන්

දුලිප් (ඕනයා) 0777 - 04 38 04

අනුරාධ (රොබින් ) 0722 - 303 727

 බ්ලොග්  අවකාශයේ  සහෝදර  සහෝදරියන්  සියලුම දෙනාට   මේ  කාර්යය  සාර්ථක  කරගන්න   අපිත්  එක්ක  එකතු වෙන්න  කියලා  සංවිධායක  කමිටුව  වෙනුවෙන්  අපි ඉල්ලා  සිටිනවා

5 comments:

  1. කොහොම අමතක වෙන්නද?

    ReplyDelete
  2. මම හිතන්නෙ නෑ කට්ටියට ඔබා අයියව අමතක වෙලා ඇතියි කියල

    ReplyDelete
  3. ඕක තියන්නකෝ හැමෝටම එන්න පහසු පුළුවන් තැනක, බොරැල්ල අවට වගේ නං හොයාගන්නත් ලේසියි.

    ReplyDelete
    Replies
    1. බොරැල්ල අවට තමයි තියෙන්නේ

      Delete
  4. දෙයියනේ .. ඔබා මලය අමතක වෙන්න නම් අපි මැරිල ඉපදෙන්න ඕනෙ ..

    ReplyDelete