Wednesday, May 2, 2012
"බුශං"
අපි සාමානය පෙල කරන කාලේ අපිට බුද්ධ ධර්මය ඉගැන්නුවේ පාර්ලිමේන්තුව කිට්ටුව තියෙන ජපානෙට සම්බන්දකම් තියෙන පංසලක සාදු කෙනෙක් ඒ ජපන් ආභාශය නිසාද කොහෙද හාමුදුරුවොත් උගන්නන කොට ජපන් වචන අතරින් පතර කියනවා.
අපිත් පීරියඩ් එකක් කට් කරන්නේ කොයි වෙලාවේද කියලා ඇගිලි ගැන ගැනනේ ඉන්නේ හැම තිස්සෙම, කොහොම හරි අපේ සෙට් එකේ 6ක් පන්තියෙන් පැන ගත්තා එලියට ආගම පීරියඩ් එකේදි
අපේ සුප්රසිද්ධම පීරීයඩ් කට් කිරීමේ ස්තානයක් තමයි ග්රවුන්ඩ් එක අයිනේ තිබුන පෙරදිග සංගීත කාමරය මොකද ඔතන හැමතිස්සෙම ලමයි එනවයි යනවයි කෙලවරක් නැහැනේ පීරියඩ් එකෙන් පීරියඩ් එකට, ඉතින් සාමාන්්යයෙන් ඔතන වල බැස්සා කියලා එච්චර ඇසට අසුවන තැනක් නෙමේයි ,
(ඔතන පිහිටලා තිබුන පාවිච්චි කරන්නේ නැති ටැප් පේලිය තිබුණු කන්ඩිය අපේ බංකු කරගෙන තිබුනේ අපි).
රටේ නැති ඕපා දූපයි කොල්ලොන්ට පමණක් සීමා වුනු මාතෘකායි එක්ක පීරියඩි එකකින් බාගයක් විතර ගෙවිලා ගියා, සංගීත කාමරයත් හිස් මෙන්න කොහේදෝ ඉදලා එනවා අපි ඉන්න පැත්තට අපේ සංගීත ගුරුතුමා ඒ උනාට අපි එච්චර ගානකට ගත්තේ නැහැ මොකද අපි මෙතන ඉන්න එක සංගීත ගුරුතුමාට එච්චර ගානක් නැති දෙයක් මොකද අපිත් සා.පෙලට කරේ අපරදිග සංගීතය නිසා අපි නිතර එන තැනක්නේ මේක .
අපේ සෙට් එකේ හිටිය හරිම ජරාම කට තිබුන එකා තමයි "හූනා" හැබැයි අපිට ස්වර සප්තකය පිලිවෙලකට කියා ගන්න බැරිව ඉන්න කාලේ ඌ රාග කටපාඩමින් කියනවා ඌ ඒවගේ බ්රයිටා. සංගීත සර් අපිව පහුකරගෙන යන්න ගිහිල්ලත් ආපහු හැරිලා ආව මේ ඊට පස්සේ අපේ සංගීත ගුරුතුමා සහ අපි අතරේ ඇති වුනු දෙබස.....
ස/ගුරුතුමා:- ආ ලමායි මොකද අද මේ පැත්තේ?
අපි:-මේක ප්රී පීරියඩ් එකක් සර්....
ස/ගුරුතුමා:- ඉතින් මොනව ගැනද මේ කතාව?
ඒකට උත්තරේ දුන්නේ අපේ" හූනා"
හූනා:- සර් අපි කතා කර කර හිටියේ ස්වර ප්රස්තාර ගැන
ස/ගුරුතුමා:-බොරු කියන්න එපා තොපි මාව ඔලොක්කුවට ගත්තා නේද ?තොපි පීරියඩ් එක කට් කරලා නේද මේ ඉන්නේ? වරෙවු යන්න 6 දෙනාම තොපේ පන්තියට.....@@#$%^&*().....
කෙලියා නේද තාප්පෙටම හූනා කරපු වැඩේ නිසා උනේ අහක යන මොක්කුද අල්ලගෙන මොකක්ද අස්සට දාගත්ත එවුන්ට උනවැඩේ. හූනගේ මෑණියන්ව සිහිකර කර අපි හැමෝම පන්තිය දිහාවට ගියා හුටා හාමුදුරුවෝ උගන්නනවා අදනම් බඩුම තමා ඉතින්
මේ අපේ සංගීත ගුරුතුමා සහ හාමුදුරුවෝ අතර ඇති වුනු දෙබස..
ස/ගුරුතුමා:- ස්වාමීන්වහන්ස මේ ඉන්නේ මේ පන්තියේ ලමයි
හමුදුරුවෝ:-බොහෝම හොදයි මහත්තයෝ ඇයි ඔබතුමා මේ ලමයිව මොකක් හරි රාජකාරියකටවත් එක්කන් ගියාද මේ එක්කගෙන ආවේ?
ස/ගුරුතුමා:- නැහැ අපේ හාමුදුරුවනේ මුන් ටික මගේ සංගීත කාමරය ලග රස්තියාදු ගහ ගහ හිටියා මම ඇහුවාම මේ ප්රී ප්රිරියඩ් එකක් කිව්වා ඒකයි මම මේ බලන්න ආවේ
එහෙනම් හාමුදුරුවනේ ගෝලයෝ ටික ඔබවහන්සෙට බාරයි අවසර....
කියලාසංගීත ගුරුතුමා ගියා
"තොපි කාලකන්නියෝ නිකන් උගන්නන නිසානේ තොපිට මේවා අගයක් නැත්තේ තොපිට අද ඉදගෙන බුද්ධාගම "බුශං" මීට පස්සේ තොපි මම පන්තියට එනකොට පන්තිය එලියේ හිටගෙන ඉන්න ඕන ඒකතමයි "බුශං"කිව්වේ තොපිට අද ඉදන් ආගම අකැපයි "
ඉන්ටවල් බෙල් එක ගහපු නිසා තව අහගන්න එකින් බේරුනා....
ඒ උනාට එදා ඉදන් හැමදාම අපි ආගම පීරියඩ් එකේදි හැමදාම "හූනාගේ"අම්මා මතක් කර කර එලියේ හිටගෙන හිටියා සෙල්ලන්ද මාස 10ක් හැමදාම පීරියඩ් එකක් එලියේ හිටන් ඉන්නව කියන්නේ?
ඒ එක කාලේකදි මම පන්ති නායකයා වෙලත් හිටියා
පස්සේ අපි තට්ටු මාරුවට හිටගෙනත් හිට්යා අද අපි 3ක් හිටගෙන ඉන්නවා අනිත් උන් පීරියඩ් එක කට් කරනවා හෙට අපි කට් කරනවා අනිත් උන්3 ඉන්නවා ,හාමුදුරුවෝ හිතන්නේ අපි 6න් ඇවිල්ලා ඉන්නේ මෙච්චරයි කියලා....
හැබැයි ප්රතිපල ආපු ගමන්ම මම බැලුවේ මට ආගමට මොනවද තියෙන්නේ කියලා දෙයියනේ A එකක් අපේ අනිත් උන් 5ටමත් A......
අපි සෙට් එක ප්රතිපල කියන්න ගියහම අපි අදුන්වලා දුන්නේ හාමුදුරුවනේ අපි "බුශං"කට්ටිය කියලා හාමුදුරුවන්ගේ මූන වෙනස් උනා ඒක අහලා ඊටත් වඩා මූන වෙනස් උනා ප්රතිපල අහලා......
ප.ලි.
වෙන කාටවත් නොකලාට අපි 6 දෙනාට හාමුදුරුවෝ පිරිත් නූලක් බැදලා ආශිර්වාද කලා දන්නවනේ ඉස්කෝලේ හාමුදුරුවෝ එහෙම හැම කෙනාටම පිරිත් නූල් බදින්නේ නැති විත්තිය
ප.ප.ලි.
මේකේ ඉන්න "හූනා"දැන් ඉන්නේ කැනඩාවේ අවුරුදු 10කින් ඌ අපිට එක කෝල් එකක්වත් දීලා නැහැ.....
Subscribe to:
Post Comments (Atom)
මේක දැක්කම අතීත කතා ගොඩක් මතක් උනා.උබලට ආගම විතරයි.මට විද්දියාව කුසී කරුමය ,ආගම යන විෂයන් 11 වසරේදී බුශං කරලා තිබුනේ...
ReplyDeleteදාමුද බලන්න ඒ ගැන අපිටත් දැන ගන්න......
Deleteබුද්ධාගමයි ඉතිහාසයයි කියන්නේ මට අල්ලලා ගිය විෂයන් දෙකක් නෙමෙයි. මොන සෙල්ලම් දාලා පාඩම් කරත් මතක හිටින්නේම නෑ. අපිට බුද්ධාගම ඉගැන්නුවෙත් හාමුදුරුනමක්. වාර විභාගෙදි බුද්ධාගමයි ඉතිහාසයයි බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තේ වටේ පිටේ ඉන්න අයගේ පිහිටෙන්. කොටින්ම සා. පෙට. මට ඒ දෙකට තඩාර ඇස් දෙකක්.
ReplyDeleteඅඔයාලගේ ඉස්කෝලේ උන්නම් සංගීත පීරීයඩ් එක කට් කරන්නේ නැතුව ඇති කවදාවත්ම.....
Deleteඅපොයි නෑ ;) රොබින් අයියත් දනන්වද මන්දා සීන් එක
Deleteඅනිවාර්යයෙන්ම.... ;)
Deleteකාලය මවන වෙනසක අරුම කියලා මතක් උනේ අවුරුදු 10කින් කෝල් එකක් දීලා නෑ කිව්වම!
ReplyDeleteඔව් අඩුම තරමේ මූනූ පොතෙන් වත් පණිවිඩයක් තිබ්බට ප්රතිචාරයක් නැහැ.....
Deleteමට නම් 11 වසරේදී විෂයන් තුන හතරක්ම "බුශං"! එත මේ වගේම period කට් කොරලා මාට්ටු වෙලා!
ReplyDeleteඒ කියන්නේ ඔයත් අපේ බැජ් එකේම කෙනෙක් වගේ ....හික් හික්
Deleteමම නම් උසස් පෙළ කාලේ ඉංග්රීසි පීරියඩ් එක තමා බුෂං කළේ. හැබැයි දවස්ක් ප්රිෆෙක්ට් කෙනෙක්ට මාට්ටු වුනා. එදායින් පස්සේ කිසිම එකකට බුෂං කලේ නැහැ :)
ReplyDeleteපීරියඩ් එකක් කට් නොකලපු උන ඇත්තේ අතේ ඇගිලි ගානට මගේ හිතේ ...
Deleteඅම්මෝ මාත් සෑහෙන කට් කරලා තියනවා..:)
ReplyDeleteශා ඒ කියන්නේ එකම බෝට්ටුවේ නේද ඔයත් ...
Delete