ඇත්තටම ගබ්සා කරනවා කියන්නේ මොකක්ද ? ඕක මම පොඩිකාලේ ඔය වචනේ අහපු දවසේ ඉදලා තිබුනු ප්‍රශ්නයක්, අඩුම තරමේ අර "උදාවූ යෞවනය " කියලා ඉස්කෝලෙන් දුන්න පොතේවත් තිබුනේ නැහැ මට ඔය ප්‍රශ්නෙට හරි උත්තරේ ලැබුනේ මම 11 වසරේ ඉන්න කොට ,එතකොට මට ආපු අනෙක් ප්රශ්නය තමයි ඇයි ඇබෝශන් කරන්නේ කියලා? මම ඒ ප්‍රශ්න වලට උත්තර හොයා ගත්තා වගේම මම හිතුවා අද මේ මාතෘකාව ගැන කතා කරන්න හැබැයි බරපතල ආකාරයට නෙමෙයි සරල විදියට.
ගබ්සාව ප්‍රධාන වශයෙන් ගත්තොත් කොටස් 2ක් විදියට බෙදා වෙන්කරන්න පුලුව්වන් මෙන්න මේ විදියට
1)ස්වාභාවිකව සිදුවන
2)අස්වාභවිකව එනම් බෙහෙත්/අඩු ආදිය යොදා ගෙන සිදුකරන
ගබ්සාව කියන්නේ කාන්තාවකගේ ගර්භාශය තුල පවත්නා කලලය නියමිත කාලසීමවට පෙර අස්වාබාවික ආකාරයට බාහිර ලෝකයට පැමිනීම කියලා අපිට සරලවම කියන්න පුලුවන් ඒක මම පෙර කී ආකාරයට දෙවිදියටම වෙන්න පුලුවන්
පලමුවෙන්ම කියපු ආකාරයට මේ දේ සිදුවෙන්නේ බොහෝ විට කලලයක් සති 2 හා 3 අතර කාලයේදීයි ඒය සිදුවීමට බොහෝ විට බලපාන්නේ ගැබිනි කාන්තාවගේ සෞඛය හේතූන්
දෙවන ආකාරය තමයි අද සමාජයේ කතිකාවතට ලක්වෙලා තියෙන නීති විරෝධී යැයි සලකන ලංකාවේ නීතීයට අදාලව ඇත්ත වශයෙන්ම නිතිය ඉදිරියේ බරපතල වරදක් වන "ගබ්සාවයි"
ඇත්තටම ගබ්සාව නීතිගත කල යුතුද ?මගේ පිලිතුර නම්" ඔව්" යන්නයි
කවුරු හරි කියනවානම් "නැහැ" කියලා මම ආරාධනා කරනවා ඒ ඇයි කියලා පැහැදිලි කරලා දෙන්න කියලා
ප්‍රධාන වශයෙන්ම මම දකින ආකාරයට මෙන්න මේ අවස්තා නිසා තමයි මම කලින් කිව්ව පිලිතුර දෙන්න හේතුව
1) දරු උපතක් විවාහක යුවලකගේ ප්‍රධානම බලාපොරොත්තුව උනත් හැම විටම ඒක එහෙම වෙන්නේ නැහැ හිතන්න ආර්ථික ප්‍රශ්න ගොඩක එරිලා ඉන්න පවුලකට තවත් දරු උපතකට මුහුණ් දෙන්න අමාරු වෙන්න පුලුවන් එහෙම වෙලාවක අනපේක්ශිත ගැබ් ගැනීමක් සිදුවුනෝතින් ඔවුන් තවත අසරණ වෙනවා ඒ වගේ අවස්තාවකදි.
2)සමහර කලල තියෙනවා ගැබ් ගැනීමේ මුල් කාලයේදීම දැන ගන්න පුලුවන් ඒ කලලය වර්ධනය උනාට උපත සිදු උනාට වැඩක් නැහැ කියලා .ඒ වගේ අවස්තාවකදි.
3) දූශණයකට ලක් වුනු කාන්තාවක් ගැබ් ගැනීමකට ලක් වුනොත් ඒ වගේ අවස්තාවකදි .
ප්‍රායෝගිකව ඇතිවෙන ප්‍රශ්න වලට හොදම පිලිතුර කියලා මම හිතන්නේ "ගබ්සාව" නීතීගතකර තිබීමයි..
මීට අමතරව පහත ගැටලු සදහාද පිලිතුරු ලැබෙනවා
දැනට නීතී විරෝදීව ගබ්සා සිදුකරන ඉස්තානයන්හී බහුතරයක් සිටින්නේ නිසි ක්‍රම වේදයන් නොදන්නා අයවලුන් එය සිදුකිරීම නිසා පහත ගැටලු ඇති වේ
1)ජීවාණුහරනය නොකල සැත්කම් උපකරන භාවිතා කිරීම නිසා ඇතිවන විශබීජ ආසාදන ඇති වීම
2) අධික රුධිර වහනය නිසා ගබ්සාවට ලක්වන කාන්තාවට සිදුවන අතුරු ආබාධ
3)නිසිලෙස කලලය ඉවත් නොකිරීම නිසා ඇතිවන ආබාධ
ඉහත ගැටලු සදහා හොදම විසදුම වනුයේ "ගබ්සාව"නීතීගත කිරීම නොවේද?
පිලිතුර ඔබ සතුයි.....
ප.ලි.
මේ ලිපිය සදහා තොරතුරු ලබාදුන් වෛද්‍යය පුශ්පික අබේසේකර මහතා හට මාගේ ප්‍රණාමය
ගොඩක්ම සංවේදී මාතෘකාවක් තමයි මේක.කලලයක් කියන්නෙ තවත් ජීවයක් තියෙන දෙයක්.රොබින් සඳහන් කළ කරුණු අනුව ගොඩක් වෙලාවට ගබ්සාව අවශ්‍ය වෙන අවස්ථා තියෙනව.හැබැයි ඕක නීතිගත කලොත්, අනවසරයෙන් ඕව කරන අයට දැඩි දඬුවම් ලබා දියයුතු අතර,අදාළ පාර්ශවයන් ප්‍රයෝගිකව අනවසර ගබ්සා මධ්‍යස්ථාන මේ රටෙන් අතුගාල දාන්නත් වගබලාගන්න ඕන.හැබැයි ගබ්සාව සඳහා අවසර දෙන එක දැඩි ලෙස කළමනාකරණය වියයුතුයි.නැත්නම් වෙන ගොඩක් ප්‍රශ්න මතුවේවි.මේ රටේ ලැජ්ජ බය කියන එකත නැතුව යාවි.
ReplyDeleteනීතිගත කිරීමෙන් මට හිතෙන විදියට ඔය හුගක් ප්‍රශ්න වලට විසදුම ලැබෙවි ...
Deleteගබ්සාව ..............මේක දෙපැත්ත කැපෙන කඩුවක් වගේ එකක් කියල තමයි කෙටියෙන්ම කියන්න තියෙන්නේ..
ReplyDeleteගබ්සාව කියන එකට පිළිසිඳ ගැනීමේ සිට සති 28 දක්වා වූ කාලය තුලදී සිදු වෙන ගර්භනී භාවය කෙලවර වීමක් හටියට නිර්වචනයක් දෙන්න පුළුවන්. සති 28 ට පස්සේ කියන්නේ මළ දරු උපතක් කියල. මේ දෙකම ස්වභාවිකව හෝ බාහිර බලපෑමක් නිසා වෙන්න පුළුවන්.
ස්වභාවිකව වෙන ගබ්සා හෝ මළ දරු උපත් බොහෝ විට රොබින් කියල තිබුන වගේ මවගේ සෞඛ්‍ය ගැටළුවක් නිසා හෝ කළලයේ අසාමාන්‍යතාවයක් නිසා තමයි වෙන්නේ. පිළිසිඳගත් දරුවා බාහිර ලෝකයේ ජීවත් වීමට සුදුසු නැති තත්ත්වයක ඉන්නවනම් ස්වාභාවිකවම ගබ්සා වෙන්න පුළුවන්. හැබැයි එහෙම නොවෙන්නත් පුළුවන්. අන්න එතැනදී බාහිර බලපෑමක් කරලා ගබ්සාවක් කරන එක ගැබ දරාගෙන ඉන්න අම්මටත්, දරුවාගේ පියා ඇතුළු පවුලේ අනෙක් අයටත් වගේම ඉපදෙන්න ඉන්න දරුවටත් කරන සාධාරණයක් වෙන්න පුළුවන්.
ඒ වගේම රොබින් කියල තියෙන අවස්ථා ත් සාධාරණයි. හැබැයි චීටට එකකට එකඟ වෙන්න බෑ. ඒ තමයි "දරු උපතක් විවාහක යුවලකගේ ප්‍රධානම බලාපොරොත්තුව උනත් හැම විටම ඒක එහෙම වෙන්නේ නැහැ හිතන්න ආර්ථික ප්‍රශ්න ගොඩක එරිලා ඉන්න පවුලකට තවත් දරු උපතකට මුහුණ් දෙන්න අමාරු වෙන්න පුලුවන් එහෙම වෙලාවක අනපේක්ශිත ගැබ් ගැනීමක් සිදුවුනෝතින් ඔවුන් තවත අසරණ වෙනවා ඒ වගේ අවස්තාවකදි." කියන එක. ගබ්සාව කියන දේ මොන හේතුවක් නිසා වත් උපත් පාලන ක්‍රමයක් හැටියට පාවිච්චි කරන්න ඉඩ දීම වැරදියි.
ලංකාවේ "පවුල් සෞඛ්‍ය සේවය" ලෝකයේ දියුණුම පවුල් සෞඛ්‍ය සේවාවක් හැටියට සැලකෙනවා. පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විසින් ඕනෑම අධ්‍යාපන මට්ටමක ඉන්න කෙනෙකුට ගැලපෙන විදිහට උපත් පාලන ක්‍රම ගැන කාන්තාවන් දැනුවත් කරනවා. ඒ නිසා උපත් පාලන ක්‍රම ගැන මිනිස්සු දැනුවත් නැහැ කියල කියන්න බැහැ. ඒ නිසා දෙන්නෙක් දැන දැන කරන වරදකට නූපන් දරුවෙකුගේ ජීවත් වීමේ අයිතිවාසිකමෙන් වන්දි ගෙවන්න දෙන්න බැහැ.
දැනට නීති විරෝධී ආකාරයට සුදුසුකම් නොලත් පුද්ගලයින් විසින් දවසකට ගබ්සා 750 ක් පමණ ලංකාව ඇතුලේ කරනවා. ඒ කියන්නේ දවසකට ගර්භනී මව් වරු 750 දෙනෙක් පමණ ජීවිත අවදානමකට ලක් වෙනවා. ඒ අවදානම අඩු කරන්න ගබ්සා නීතිගත කලොත් හැකි වේවි.
ගබ්සා නීතිගත කරනවා නම් චීට කරන යෝජනා කීපයක් තියෙනවා.
1. ලංකාවේ ගබ්සා කරගන්න අයගෙන් 90% ක් ම විවාහක කාන්තාවෝ. මෙන්න මේ අය ගබ්සා කරගන්න හේතු හොයල ඒ හේතු වලට පිළියම් හොයන්නේ නැතුව ගබ්සා නීතිගත කරන එක භයානකයි.
2. ගබ්සා නීතිගත කරනවා නම් රජයේ රෝහල් වලට පමණක් ඒ කටයුත්ත සීමා කරන්න ඕනේ. ඒ සඳහා නීතිමය අවසරයක් තියෙන්නේ ඕනේ. හැබැයි ඒ අවසරය සතියක් දෙකක් අතර කාලයකදී ලැබෙන විදිහට කටයුතු සම්පාදනය වෙන්න ඕනේ. නීතිමය අවසරය ලබාගත හැකි අවස්ථා සහ exceptions ගැන පැහැදිලි උපදෙස් මාලාවක් (Guidelines) තියෙන්න ඕනේ.
3. පෞද්ගලික රෝහල් හෝ ඩිස්පෙන්සරි වැනි ස්ථාන වල ගබ්සා කිරීම තහනම් කර දැනට වඩා නීති තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. නැත්නම් සල්ලි වලට ඕනේ දෙයක් වේවි.
4. රජයේ රෝහල් වල උනත් ඉතාම හොඳින් පෞද්ගලිකත්වය සහ රහස්‍ය භාවය රැකෙන විදිහට කටයුතු සම්පාදනය වෙන්න ඕනේ. අනික ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෙද්යවරයකුගේ අධීක්ෂණය යටතේ කටයුතු කෙරෙනවා නම් වඩා හොඳයි.
පට්ට සාධාරනයි.. ජය !
Deleteතවත් වැදගත් තොරතුරු රාශියක් මේ කමන්ට් එක නිසා දැනගත්තා බොහෝම ඉස්තූතියි.....
Deleteචීටා සමග 100% එකඟයි මම
ReplyDelete// ලංකාවේ ගබ්සා කරගන්න අයගෙන් 90% ක් ම විවාහක කාන්තාවෝ.// මේ දෙයට එකඟ වෙන්න බැහැ නේද? අවිවාහක කාන්තාවක් තමා තම පෙම්වතා නිසා ගැබ් ගන්නේ. මිය යන කාන්තාවන් අරං බැලුවහම ඒ දේ හොඳට තේරෙනවා.
Deleteමේ සංඛ්‍යා ලේඛන දාල තියෙන්නේ විස්වාස කටයුතු මූලාශ්‍ර වලින්. ගබ්සා කිරීම් ගැන හරියටම නිවැරදි සමීක්ෂණ කරන්න අමාරු උනත් සංකූලතා නිසා රෝහල් ගත වෙන සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් මගින් ලැබෙන තොරතුරු මත තමයි ඒවා පදනම වෙලා තියෙන්නේ. ලංකාවේ septic abortion (සිංහල වචනේ නොදන්නා නිසා දැම්මේ: සුදුසු කම් නොලත් පුද්ගයින් වැඩිපුර කරන්නේ මේවා තමයි) සෑහෙන්න සිද්ධ උනත් ඒ නිසා මැරෙන්නේ ටික දෙනයි. එඅපේ රෝහල් වල ඒවගෙන් ඇති වෙන සංකූලතාවලට හොඳින් ප්‍රතිකාර කෙරෙන නිසා. අසරණයා කියපු විදිහට වැඩිපුර අවිවාහක කාන්තාවෝ මිය යන්න පුළුවන්. එකට හේතුව සමාජයීය ප්‍රශ්න නිසා ඒ ගොල්ලෝ ප්‍රතිකාර සඳහා යොමු වීමට විවාහක අයට වඩා ප්‍රමාද වීම හෝ කොහෙත්ම යොමු නොවීම.
Deleteඒ නිසා ඔය ටෙලි නාට්‍ය වල, රූපවාහිනී වැඩසටහන් වල,පත්තර වල අහන්න දකින්න තියෙන දේට වඩා ඇත්ත හුඟක් වෙනස්. ඔය දේ සම්බන්ධව විතරක් නෙවෙයි රටේ ලෝකේ වෙන හැම දෙයකින්ම හොඳින්ම විකිනෙන දේ විතරයි මාධ්‍ය වලින් එලියට දාන්නේ. ඒ ගැන වෙනම කතා කරන්න ඕනේ. මේ ඒකට වේදිකාවක් නෙවෙයි.
මේ පැත්තට ආවට බොහෝම ඉස්තුතියි ඔබා අයියේ මම මේක දාන්න ගොඩක් පරක්කු වැඩියි.... :(
Deleteහොද ලිපියක්. බ්ලොග් අවකාසේට තවත් අම්බලමක්. එල එල. ජය වේවා..!!!
ReplyDeleteමම මේ පැත්තට එද්දි රෙපාව තමා මතක් වුනේ 'අම්බලම' නිසා..
Deleteජයම වේවා !
ඉස්සර හැම හන්දියකම වගේ තිබුනලුනේ අම්බලම්...
Deleteබොහෝම ඉස්තූතියි මේ පැත්තේ ආවට....
කාලෝචිත ලිපියක් ..
ReplyDeleteඔබේ අදහස් බෙහෙවින් අගය කරමි...
Deleteගබ්සාවක් කරගන්නේ මිනිස්සු නෙමෙයි උන් තිරිසන්නු
ReplyDeleteඒක මම කියපු සමහර අවස්තා එක්ක බලන කොට සාධාරන නැද්ද?
Deleteරොබින්ගේ ලිපියෙන් මට කමෙන්ටු ගොඩකට රිප්ලයි කරන්න වුනා.
ReplyDeleteචීට දීල තියෙනව සිරා කමෙන්ටුවක්.
ලමයි එපා නම් නිවැරදි ආරක්ෂිත ක්‍රම භාවිත කිරීම හොදයි. ඒ බැදපු දෙන්නෙක් නම් නේ. ඒත් පාර තොටේ සීන් වලට කරන්න දෙයක් නැහැ නොවැ..
අනේ මන්ද
ඔව් උපත් පාලන ක්‍රම භාවිතා කිරිම තමා ප්‍රදානම විසදුම නමුත් සෑමි කිව්වා වගේ පාරේ තොටේ සීන් වලට තමා ප්‍රශ්නේ ඇතිවෙන්නේ
Deleteකාලීනයි. වෙන මුකුත් කියන්න තේරෙන්නෙ නැහැ..
ReplyDeleteකාලීන බව වැටහීමම ප්‍රමානවත් ......
Deleteගොඩාක් වැදගත් ලිපියක්....මෙලොවට ඉපදිලා ඉන්න ඒත් අපාදුක් විඳ විඳ මැරි මැරි ජීවත් වෙන ලමයි දැක්කාම...අංගවිකල ලමයි..ඒ වගේම ජීවිතෙන් කිසිම දෙයක් නොලබන නොදකින ලමයි දැක්කාම..අපි අතර කීදෙනෙක් කියනවද..''අනේ මේ ලමයා ඉපදුනේ ඇයි?'' කියල..........
ReplyDeleteමම කියන්නෙ නැහැ අනිවාර්යයෙන් ගබ්සාව නීතිගත කල යුතුයි කියල...ඒත්..ඒත්.............
ඉතුරු ටිකත් කියලා හිටියනම් හොදයි නේද ?
Delete