Thursday, May 24, 2012
කුඩ්ඩෝ සහ කුඩු ගැසීම
කවුරු කොහොම කිව්වත් ලංකවේ මුලින්ම ඔය කුඩු ගහන එක පටන් අරන් තිබුනේ අපේ ගෙවල් පැත්තේ (ඉංග්‍රීසි අකුරු 3කින් කියවෙන ටවුන් එකක් ) ,80 දශකයේ මැද භාගයේදී ලංකාවට ඔය මත්ද්‍රවය උවදුර ලංකාවට ආපු මුල්ම කාලේ මුලින්ම ඕකට ඇබ්බැහි උනේ "ගයිඩ්ලා" විදියට වැඩ කරපු අය තමා ,අන්න ඒ අයගෙන් වැඩි හරියක් හිටියේ අපේ ගමේ, තාමත් අපි එලියට බැස්සාම මේ චරිත කීපයෙන් දෙතුන් දෙනෙක් දකිනවා ඔය පාරවල් අයිනේ චාටර් කකා ඉන්න, හොදම දේ කියන්නේ මේ හැම කුඩ්ඩෙක්ටම අඩුම තරමේ බාසා 5කට වැඩිය පුලුවන් මුන්ව දැක්කම ඇඩෙන්නේ මුන් කුඩුගහලා චා වෙලා ඉන්න හින්දා නෙමේ "අනේ මුන්ට පුලුවන් බාසාවලින් භාගයක් හරි අපිට පුලුවන් උනා නම් අපිත් ගොඩනේ "කියලා හිතෙන නිසායි.
ආහ් කියන්න අමතක උනානේ ලංකාවේ මුලින්ම ඔය "කුඩු" අහුවුනේ "හික්කඩුවෙන්"රට ඉදන් ආපු සුද්දෙක් ලග තිබිලා තමා මුලින්ම බඩු මාට්ටු උනේ ඒ වෙනකොට අපේ පොලීසියවත් දන්නේ නැහැලු මේ මොනවද කියලා, ඇත්තටම අපේ රටේ "කුඩු"සම්බන්දව ඒ කියන්නේ "මත්ද්‍රවය" සම්බන්දව නීතී තිබිලා නැහැ කොහොම උනත් අපේ රටට ආර්ථික ක්රමයේ වෙනස් කම් එක්ක සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙනකොට අපිට ලැබුනු දායාද තමයි ඕවා
.
ගයිඩ්ලාට අමතරව තවත් කොට්ටාශයක් හිටියා මේ උවදුරට ගොදුරු උන, ඒ තමයි "නාවිකයෝ" විදියට විදේශ ගත උන අය මමනම් දැක්ක විදියට ඔය දෙගොල්ලොම මුල් කාලයේදී මේ මත්ද්‍රවය වල ආදීනව පිලිබදව නොදැනුවත් කම නිසා තමයි මේවායේ ගොදුරු බවට පත් උනේ ,දැන් "කුඩ්ඩා" කියන චරිතයට සමාජයේ තියෙන පිලිගැනීම දන්නවනම් ඒ අය එදා කීයටවත් "කුඩු" ගහන එකක් නැහැ කියලයි මට හිතෙන්නේ
කාලෙකට කලින් අපේ හොදම ෆිට් එකක් ගියා ජොබ් ඉන්ටර්විවි එකකට ඌ ගිය බිල්ඩින් එකේම වැඩ කරනවා අපේ තව එකෙක් ඉතින් මම අපේ අනිත් එකාව දැනුවත් කලා මූ ආපු බව මේ තමා උගේයි මගෙයි සංවාදය
මම :-අඩෝ අන්න කොටා උබලයි කිට්ටුව තැනකට ජොබකට සෙට් වෙන්න යන්නේ
යාලුවා:- අම්මා එලනේ කොහෙද දන්නේ නැහැ පොට් එක?
මම:- t..........s අන්න ඒ වගේ නමක් තියෙන එකක් බන් ඌ කිව්වේ
යාලුවා:- යකෝ පිස්සු නැතුව යන්න කියපන් ,එතන ජොබ කරනවට වඩා හොදයි ගෙදර ඉන්න කියපන් ඌට
මම:- ඇයි බන් එතන පඩි එහෙම අඩුද ?
මෙන්න මේක තමයි අපේ එකා මට දුන්න උත්තරේ
"මචන් ඔතන වැඩ කරන උන් ඔක්කෝම කුඩු ගහනවා බන් .ඕකේ වැඩට එන උන් කුඩු ගහන උන්, නැත්නම් කුඩු ගහන්නැති එකෙක් ආවොත් පුරුදු වෙන්න ඕන උන් එක්ක සෙට්වෙන්න. අපි සිකුරාදා රෑට අඩියක් ගහන්න සෙට් වෙනවාවගේ මුන් කරන්නේ කුඩු පාර්ටි එකක් දාන එක බන් එතන්දි කොල්ලො කෙල්ලො ඔක්කොම එකට කුඩු ගහලා වැටිලා ඉන්න එක තමා බන් කරන්නේ ,සබ්ජෙක්ට් එක කරන්නෙම නැති එකෙක් ආවොත් ඌව අනිත් උන් කොන් කරලා ජොබ එපා කරනවා ආපු හුගක් හොද උන් අද චා වෙලා බන් ඉන්නේ, සැලරි එකත් ෆීල්ඩ් එකේ අනිත් තැන් එක්ක බලද්දි හොද නිසා සමහරු සෙට් වෙනවනේ බන්? "කොටාට" කියපන් වෙන තැනක් හොයාගමු කියලා" !@#$%^&*()...!!!!
පස්සේ කාලේ මේ කියන තැන වැහුවා( ජාතියේ වාසනාවට ),මම කියපු තැන දන්න අය එතන නම නොකිය ඉමු නේද? විශ්වාශ කරන්නත් බැහැ නේද ඇත්තටම ඒ වගේ දේවල් අපේ රටේ වෙනවා කියලා?
මැතකදි ලග තියෙන පොලීසියකින් හොයා ගත්තා හොදට ඇදලා පැලදලා කාර් එකක දොරත් ඇරගෙන වැට්ලා හිටිය ඩයල් එකක් මුලින්ම පොලිසියේ අය හිතලා තියෙන්නේ බීලා වැටිලා ඉන්නවා කියලා නමුත් ටිකක් හොයල බැලුවාම තමා තේරිලා තියෙන්නේ මේ ඉන්නේ කුඩු මතින් කියලා කොයි විදියට හිටියත් කුඩ්ඩා කුඩ්ඩාමනේ අරන් ගිහින් දැම්මාලු කූඩුවට අනේ ඉතින් මැන්ස් හොදට ආතල් එකේ දවස් එකහාමරක් විතර කූඩුවේ ඉන්නවලු මුගේ මත්ගතියේ අඩුවකුත් නැහැලු කොහොමින් කොහොම හරි පොලීසියටත් කෝල් පිට කෝල් එනවලු මූව නිදහස් කරගන්න කතාකරන ප්‍රාදේශීය/පලාත්සභා/පාර්ලිමේන්තු කියන හැම මට්ටමේම නියෝජිතයොත් කතා කරනවලු පොලීසියෙන් බැරිම තැන කියලා හරි සිහිය ආවහාම කට උත්තරයක් අරන් නිදහස් කරන්නම් කියලා මොකද පොලීසියටත් ඕන වෙලා තියෙන්නේ මෙච්චර වෙලා මත් වෙලා ඉන්න මූ ගැහුවේ මොනවද කියලා දැන ගන්න ඇයි අලුත් වර්ගයක් නම් ඒ ගැන මුලින්ම හොයා ගැනීමේ ගවුරවය හිමිකරගන්න පුලුවන්නේ?
මූ සිහිය ආවට පස්සේ පිලිඅරගෙන මූ කුඩු ගහනවා කියලා . මෙච්චර වෙලා පවර් එක තියෙන විදියට ඒවා ගහන අලුත් විදියකුත් ඌ හොයාගෙන අන්න ඒ නිසාලු දවස් එකහමාරක් විතර බඩු වැඩ කරන්නේ. මෑන්ස් රටේ නමගිය පවුලක එකම ලමයාලු මුලින් පොඩි පොඩි ජාති අරන් මත්වෙන්න පුරුදුවෙලා තමයි මේ නාරාවලට වැටිලා තියෙන්නේ (මැන්ස් හොයා ගත්ත විදිය නොදා ඉන්නේ සමාජයේ යහපත උදෙසා බව සලකන්න )
මම දන්න තවත් එක කුඩ්ඩෙක් හිටියා අපේ ගෙවල් ලග මිනිහට නම් එච්චර වයසකුත් නැහැ මිනිහගේ හතර කේන්දරේම පාලුයි මිනිහව පොඩි කාලේ පන්සලේ නතර කරලත් හිටියා. හැබැයි ඉතින් පවට පින් දෙන්න බැරි නිසා මූ අද වෙනකොට කුඩ්ඩෙක් වෙලා ඉන්නේ.
දවසක් මට මූව හම්බ උනා පාරේ තියෙන ටැප් එක ඇරගෙන ඔලුව අල්ලන් ඉන්නවා ඒ ටැප් එකේ වතුර පාර මාර සැරයි මොකද ඒක මේන් ලයින් එකකින් ඩිරෙක්ට් දීලා තියෙන නිසා ,මම හිතුවේ මෑන් ටැප් එක ලග නිදි කියලා පස්සේ බැලුවාම තමා දැන ගත්තේ ඒ දවස් වල කුඩු හිගයක්ලු ඉතින් බඩු හොයා ගන්න නැති කමට සික් එක නිසා සික්කඩා ගන්නලු ටැප් එකට ඔලුව අල්ලන් ඉන්නේ .
ඇත්තටම අපේ පවුලක එකෙක් ඔය මල ජරාවට පුරුදු උනොත් මමනම් හිරේ ගියත් කමක් නැහැ කියලා "වහ"ටිකක් දෙනවා අනිවා මොකද ටික ටික මැරෙනවට වඩා ඌ එක පාර මැරුනාම ඌටත් හොදයි ගෙවල් වල අයටත් හොදයිනේ..
අපේ ගමේ තිබුන වහපු "ගාර්මන්ට්" එක අස් කරන්න කුඩ්ඩෝ මාර දායකත්වයක් සපයලා තිබුනා කොච්චරක්ද කියනවා නම් අන්තිමට ඒකේ ජෙනරේටරේත් විතැන් කරලා තිබුනා ක්‍රේන් එකක් නැතුව මොකද ?ඒ ජෙනිය කිලෝ 500කට එහා බර එකක් එතනට ගෙනල්ලා බාලා තියෙන්නෙත් ක්‍රේන් එකකින්. දැන් ගාර්මන්ට් එකේ ඉතුරු වෙලා තියෙන්නේ බිත්ති විතරයි කොහොමද ශ්‍රම දායකත්වය?
ප.ලි.
කුඩ්ඩා සහ කුඩු යන අංග දෙක සමාජයෙන් තුරන් කිරීමට අදාල අංශ සහ ආයතනයන්ට හැකිව්වේවා....!!!!!!
ප.ප.ලි.
කුඩු විකුණන උන්න "හෙන 7ම ගහන්න" කියලා ඉල්ලුවේ නැති උනොත් හරි නැහැ නේද?
Subscribe to:
Post Comments (Atom)
අම්මපා උන්ට හෙන 7ම ගහන්න ඕනි...
ReplyDeleteමගෙන් 7යි ඔයාගෙන් 7යි දැන් 14ක් තියෙනවා....
Deleteහැබැයි මුන් නිසා සමාජයට වෙන හානියට 14ක් මදි නේද?
සිරාම පොස්ට් එක මචන්.මමත් දන්නා අත්දැකීම් කීපයක් කියන්න හිතුවා
ReplyDeleteඅපි මොකක් හරි ජරා කෑමක් නිසා බඩ පොඩ්ඩක් අවුල් ගිහින් ඉන්නවා කියල හිතමු ..... එත් කොච්චර අවශ්‍යතාවය තිබුනත් අදාළ ස්ථානයකට යනකන් එක පාලනය කර ගන්න මනසට පුළුවන්.එත් කුඩු නිසා මත්වූන කෙනෙකුට සහ කුඩු නැතුව සික් එක හැදුන කෙනෙකුට එක ටිකක් අමාරු වෙනවා.මම එක මගේ ඇස දෙකින්ම දැක්කේ මාතර ප්‍රදේශයේ ප්‍රසිද්ද ත්‍රී රෝද රථ ගාලක ඔය පුරුද්දට ඇබ්බැහි වෙච්ච තරුණයන් කීප දෙනෙක් පසු කාලයකදී කුඩු නොමැති වීමෙන් ඇති උන සික් එක නිසා තමන්ගේ ඇදුම් වලම මලපහ කරගෙන ඉන්න ආකාරය.
තව දෙයක් තමයි සෙම්සොටු ගලන එක අපිට හෙම්බිරිසාව හැදුනම සාමාන්යෙන් අපි සෙම්සොටු කියන ඒවා පාලනය කරගෙන ඉන්නවා එත් කුඩ්ඩේක්ට ඔය වැඩේ කරන්න අමාරුයි ..........
මොනවා උනත් මිනිස්සුනේ අප්පා...
හෙන 7 ක් මදිද මන්දා .............
සික් එක හැදුන උන්ට ඉන්නේ කොහේද? අම්මා/තාත්තා කවුද? කියලාත් මතක නැති උනහම නේ ඔය හොරකම් වලට පෙලබෙන්නේ.....
Deleteකුඩු සාපයක් උනාට උඹ දැකල තියනවද උන් කොන්ක්‍රීට් දාන හැටි... අම්මප මැෂින් පරාදයි. සිමෙන්ති කොට්ට කඩපු හැටියට මම හිතුවෙ කොට්ට 20කට එකක් විතර නාස්ති වෙයි කියල. ඒත් මුන් අන්තිමට ඔක්කොම එකතු කරල ගත්ත. ඔනෙනම් කොට්ට බාගයක් අහක යන්න ඇති කොට්ට එකසිය ගානකින්. මුන්ව ගානකට ෆෝම් කරල ගත්තොත් ඒ වගෙ වැඩ නම් සුපිරි...
ReplyDeleteහැබැයි උන් වැඩ කරන්නේ තමන්ට වැඩය ඉවර කලාම ශුවර් එකටම බඩු ලැබෙනවා කියලා දන්න නිසා . අපේ ගෙවල් ලග ඉන්න කන්ස්ට්‍රක්ශන් කරන පොරක් ලග ඉන්නෙම හොද කුඩ්ඩෝ සෙට් එකක් උන එක්ක නිකන් උන්ට වැඩ කරන්න තියා හැරෙන්නවත් බැහැ
Deleteබොහොම වටිනවා...පත්තරේකවත් පල නොකරන සත්‍යය තොරතුරු ගොඩක් දෑන ගත්තා....
Deleteඅප්පේ ඔව්..පවර් වැඩි කරගන්න විදිහ නොලියා හිටිය එක නම් ලොකු දෙයක් මල්ලී...
ඔව් නැත්නම් වෙන්නේ අපේ ඉන්න අය පවර් එක වැඩිකොරගන්න ට්‍රයි කරන එකනේ
Deleteහ්ම්ම්ම්ම්.. අනේ මන්දා බං මෙව්වා ගැන නන් කතා කරලා.. මත් උනත් ඇබ්බැහි වීම නන් හොද නැති දෙයක්....
ReplyDeleteඇබ්බැහිවීම කියන්නේ වලට යන එකනේ. ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැහැ....
Deleteඒ කතාව නම් 100% හරි රොබින්..
Deleteහුගක් අය ලිමිට් දන්නේ නැතුව ගිහින් තමා ඔය ටික කරගන්නේ ක්සැන්ඩර්....
Deleteහුඟාක වැදගත් ලිපියක්..
ReplyDeleteරටේ වගකිව යුතු පුද්ගලයන් පවා ඒ දේවල් වලට සහාය දෙනවනේ...
අම්මේ ඇති යාන්තන් මේ පැත්තේ එන්න මතක් උනා
Deleteවගකියයුතු අය ගැන කතා කරනවට වඩා හොදයි කට බිම උලා ගන්නවා...
මුලින්ම කුඩ්ඩන්ව රටේ ලොකු පුටුවලින් එලවන්න ඕනෙ..
ReplyDeleteඅම්මෝ සුදු වෑන් ඒවිද දන්නේ නැහැ මේ පැත්තෙත් ......
Deleteඔව්වා ගහන්ඩත් පට්ට කට්ටක් කනවා.දුම් ගොබය ඇදලා අරගන ,හිර කරගන ඒ උඩට සිකරට් පාරකූත් ඇදලා දුම යන්ඩ නොදි දුම් පොඩ්ඩක්වත් පෙන හල්ලේ නැතූවම යනකං හිරකරගන ඉන්නවා. ( එතකන් හුස්ම ගන්නැ )
ReplyDelete* මාගැන වරදවා හිතන්න එපා *
තිත්තම තිත්ත බෙහෙත් රහයි.අවුරැදු හතරකට පහකට කලින් කාපුවත් වමනේ යනවා
උන්ට ආතල්ලු.
එපා කිව්වට නිකන් අනම් මනම් හිතෙනවා බන්?
Deleteහැබැයි අඩියටම ගහන විදිය හරියටම කියලා තියෙනවා නොවැ...
ඉන්ජෙක්සන් එකෙන් ගහන සිස්ටම් එකලුනේ වැඩියෙන්ම සාර්තක...
මහා කුඩ්ඩො එලෙවුවොත් ගොඩක් දුරට රටේ නැති කරන්න පුළුවන්.
ReplyDeleteමම අහල තියෙනවා උන්ගේ වැඩි පුරාම ෆන් එක තියෙන්නේ සික් එකට කියල.
ලංකාවට ප්‍රධාන වශයෙන් මහාපරිමානකුඩු ජාවාරමේ නිරතව ඉන්නේ අතේ ඇගිලි වලටත් අඩු ගානක් ඒ කියන්නේ ලංකාවටම කුඩු බෙදා හරින්නේ සුලු පිරිසක් අන්න ඒ මෝරුන්ව තමා දඩයම් කරන්න ඕන.මතකනේ එක්කෙනෙක්ට වෙඩි වැදුනාම කොලඔට කුඩු හිගයකුත් ආවා..?
Deleteනැහැ ඇගට බඩු වැටුනේ නැති උනහාම උන් පිස්සු වැටෙනවා කරන්නේ මොකක්ද ඉන්නේ කොහෙද කියලා මතකයක් නැහැ ,කුඩු ගහපු ගමන් උන්ව ෆැන්ටසියකට යනවා එතකොට උන් ඉන්නේ ඒ මනෝපාර ගහගෙන එක තමා උන්ගේ ආතල් එක...
කුඩ්ඩො කියන්නේ සන්ස්කුරිතියක තුල තියන තවත් උප සංශ්රිතියක් වගේ දෙකට.... එක තුල අපි නොදන්නා දේවල් තව ගොඩක් තියනවා. මොන වුනත් කුඩු වලට විරුද්දව ලියපු මේ ලියුම අගය කරන්න ඕනා.
ReplyDeleteදිගටම මේ වගේ ඒවා ලියමු නේද
ඔව් "කුඩුකාරයා" සහ "කුඩු" කියන දේ උප සංස්කෘතියක් වෙලා ජාතියේ අවාසනාවට ,මේ ගැන ලියනවා නම් තව ලියන්න කොච්චර නම් තව දුක්බර/හාස්‍යජනක කතා කොච්චර නම් තියෙනවද නේද?
Deleteදිගටම මේ විදියටම ලියන්න තමා අදහස් කරන්නේ....
බොහෝම ඉස්තුතියි ....!!!!
අපේ පැත්තෙ නම් මේ කුඩු ප්‍රශ්න වැඩිය නෑ. ඒත් සමහර පැතිවල මිනිස්සුන්ට මේක දැවෙන ප්‍රශ්නයක්. කොටින්ම හෝදපු රෙද්දක් වේලෙන්න වැලක දාගන්න බැරි තරමට.
ReplyDeleteදැන් දශක කිහිපයක් තිස්සෙම මේ වසංගතය තව තවත් ව්‍යාප්ත වෙනව මිස අඩුවෙන පාටක් නෑ. මම හිතන්නෙ ඒකට මූලිකම හේතුව මේව පාලනය කරන්න ඉන්න අය තෝරු මෝරු ඉඳිද්දි ලෝකෙට පේන්න හාල්මැස්සො විතරක් අල්ලල දඬුවම් කරන එක වෙන්න ඇති. කොහොමටත් මේක මුළු ලෝකෙම පැතුරුණු මහා පරිමාණ ජාවාරමක්. මේවයින් ඇදිල එන විශාල ධනස්කන්ධයත් පාතාල ක්‍රියාකාරකමුත් නිසා ඒව පාලනය කිරීමේ ප්‍රායෝගික අසීරුතාත් ඇති සමහර විට.
කුඩු නැති පැත්තක් හොයා ගන්නවා කියන්නේ අර "නොමල ගෙයකින් අබ මිටක් හොයාගන්නවා වගේ" සීන් එකක් හැම තැනකම කුඩ්ඩෝ සහ කුඩු මුදලාලිලා මෙහෙම ගියොත් මේකත් තව්ත් චිකාගෝවක් වෙලා නවතින්නේ.....
Deleteඅද තමයි රොබින්ගේ අඩවියට ඉස්-ඉස්සෙල්ලම ගොඩ වැදුනේ, මේ ලිපිය ගොඩක් හොඳ මත්රුකාවක් ගැන කතාවක් පටන් අරන් මග නතර කරලා කියල හිතෙනවා රොබින්. ..
ReplyDeleteකුඩු විතරක් නෙවෙයි මේ වෙද්දී ගොඩක් මත්ද්‍රව්‍ය අපේ තරුණ තරුණියෝ අතර පැතිරිලා ඉවරයි, කොටින්ම කියනවනම් කොණ්ඩෙට ගැන ජෙල් එකේ / කැස්සට බොන බෙහෙත් පැණිය සිට මහා පරිමාන මත්ද්‍රව්‍ය පැතිරිලා. කොච්චර තිත් ගැන කතා කලත් , තිතටම නැගල යන උවදුරක් මේක. මත්ද්‍රව්‍ය වලට අපේ ය පුරුදු වෙන්න හේතු කාරණ ගොඩක් තියෙනවා මයේ හිතේ, නොදැනුවත් කම / තරුණ කම / අත්හදා බැලීමේ ආශාව / පෙලබවීම / වැරදි වැටිහීම (ගැහුවම ෆුල් ෆුන් කියන මතය ) / වැඩිහිටියන්ගේ නොසැලකිල්ල / නිතිය ක්‍රියාත්මක නොවීම ....
මේවා වලක්වන්න කටයුතු කලාම / නීතියට උදව් කලාම අන්තිමේදී අපේ ජිවිත පවා තර්ජනයට ලක් වෙන තත්වයකට අද සමාජය පත් වෙලා (ඒක මගේ පෞද්ගලික අත්දැකීමක්) .
මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා
Deleteමේ මේ සම්බන්දව ලියවුන අවසාන ලිපිය නෙවෙයි ඔබ පහත සදහන් කර ඇති කාරනා මීලග ලිපි මගින් ඉදිරිපත්වෙනවා නැත්නම් ඒක විශාල අඩුවක් වෙනවා නොවනුමානයි.
නීතිය රකින්නට සිටිනා අයවලුන්ම නීති කඩන් කොට කවර කතාද?
අපේ යාලුවෙක්ගේ තාත්තා කෙනෙක් කරන්නේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රස්සාවක්.
ReplyDeleteසාමාන්‍යයෙන් ස්ලැබ් එකක් එහෙම දාද්දී කොන්ක්‍රීට් දාන්න ගන්නේම කුඩුකාරයෝ සෙට් එකක්ලු. සාමාන්‍ය මිනිස්සුන්ට කොන්ද නමාගෙන මේ වැඩ හුඟක් වෙලා කරගෙන යන්න අමාරු වුනත් කුඩ්ඩෝ සෙට් එක පාන්දර වෙනකම් එක හුස්මට කොන්ක්‍රීට් ටික දාලා සල්ලිත් අරන් යනවාලු කුඩු ගහන්න.
ඔන්න ජීවිත
සහතික ඇත්ත ඔය කතාව මමත් දැකලා තියෙනවා
Deleteනමුත් හසිත පොඩ්ඩක් හිතන්න මෙන්න මේ දේ ,වාහනයක් හරි මැශින් එකක් හරි තෙල් ගැහුවා හරි කරන්ට් එක දුන්නා හරි කියලා වැඩ කරන්න පුලුවන් ප්‍රමාණයට වඩා වැඩ කොලොත් වෙන්නේ ටික කාලෙකින් ඒක බාවිතයෙන් අයින් කරන්න වෙන එකනේ? අන්න ඒක තමා මෙතනත් වෙන්නේ ,
ටික කාලයකදි කුඩු පවර් එකෙන් හයි ඉස්පීඩ් වැඩ කරලා අයබොලොත් වෙලා මැරිලා යනවා...
මහ එවුන් තමා මේව ගේන්නේ. පොඩි එකාල උරනවා..
ReplyDeleteගහ මරන්න මුලම කපන්න ඕන තමා අතු කැපුවට ගස් මැරෙන්නේ නෑනේ ......
Deleteඒක ඇත්ත.. එත් මිනිස්සු මේක වෙනස් කරන්න කැමති නැහැ..
Deleteමිනිස්සුන්ට නොතේරෙනවාම නෙමෙයි හුගක් අය ඉන්නේ "කලු ගලේ ඔලුව ගහ නොගන්නා"තියරියේ....
Deleteහප්පා..මේ තත්වෙ නං අන්තිම දරුණුයි...මේවට ඇබ්බැහි වෙන උදවිය බලාගන ඉද්දි වලට යන හැටි තමා බලන්න අමාරු...
ReplyDeleteඔව් තත්වේ අන්තිම දරුනුයි ,මුන් කුඩු ගහලා ගහලා වලදාන්න මුකුත් ඉතුරු වෙන්නේ නැහැ තවට්ක දවසකින්...
Deleteඔය කුඩු උන්නැහේල අතරේ ඉන්නවනේ දැන් කෙල්ලෝ සෙට් එකක්.. පට්ට ලස්සනයි උන්. ඒත් උන් දන්නේ නෑ උන් මොන මාරකෙකද මේ වැටෙන්නේ කියලා.
ReplyDeleteඔව් ඒක ඇත්ත ඒ පිලිබදව වෙනම ලියන්න ඉන්නේ ,මොකද ඒක සැහෙන්න බයානක තත්වයක්..
Deleteමාත් හෙණ 7ක් දෙන්නද... අම්මෝ මේක කියෙව්වම හිතාගන්න බෑ මේ ලංකාවද කියලා.. කොහොම වුනත් තරුණ ජීවිත විනාස වෙන එක විතරයි වෙන්නේ..
ReplyDeleteබොහෝම ඉස්තුතියි ඔයාගේ හෙණ 7ට
Deleteමේ ලියලා තියෙන්නේ බොහොම ටිකයි ඔක්කෝම ලිව්වොත් සමහරු විශ්වාස කරන එකකුත් නැති වේවි ඒකනිසායි ඔතනින් නැවත්තුවේ
බොහෝම ඉස්තුතියි මේ පැත්තට ආවට
ඔන්න මමත් ආවා අම්බලමට ගොඩ වෙන්න. දැන් පාර දන්න නිසා එන්න පුළුවන්.
ReplyDeleteකුඩු වගේමයි "මලක්" ගහන එකත් . ඒකේ අමුතුම ජවයක් තියනවලු ඕං මං නං දන්නෙ නෑ.
ආයුර්වේදයෙත් තියෙනවනේ ඕක ගැන කියලා...
Deleteදැන් ඉතින් පාර දන්න නීසා එන්න පුලුවන්නේ කෙලින්ම,
සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.....!!!!
හැමදාමත් පොලිසියෙන් වුණත් අල්ලන්නේ ග්‍රෑම් 1-2 තියාගෙන ඉන්න එවුන් නේ, එහෙම නැතුව කිලෝ ගණන් ගේන ලොකු හොරු ටික ඉවරකළා නම් , නැතිකරන්න අමාරු වුනත් අඩුකරන්න පුළුවන් වේවි! ඵල ම ලිපියක්!
ReplyDeleteසහතික ඇත්ත ලහිරු,නමුත් මට පේන්නේ ලොකු උන් අල්ලනවටා වඩා ආරක්ශා කරනවා කියලයි....
Deleteමීට අවුරුදු ගානකට කලින් මම බත්තරමුල්ල පැත්තෙ බෝඩ්වෙලා හිටිය ටෙක්ගිය කාලෙ. එකදිගට කලිසම්,ෂර්ට්, නැතිවෙන්න ගත්තා. පස්සෙ බලන කොට කුඩ්ඩෙක් එන්න අරගෙන ඒ පැත්තට.පස්සෙ පොර පොලීසියට මාට්ටුවෙලා පුනරුත්තාපනය කලා. ඒ උනාට පස්සෙ මිනිහට පිස්සු හැදුනා..
ReplyDeleteමම කියන පැත්තත් ඔය කිට්ටුවම තමා....
Deleteබොහෝම ඉස්තුතියි මේ පැත්තේ ආවට..
කුඩු ගැහීම නං රටටම සාපයක් තමා....
ReplyDeleteඔව් මේවයින් කවදා රට බේරගන්න පුලුවන් වේවිද දන්නැ....
Deleteකුඩුනං තර්ජනයක් තමයි.හැබැයි අපේ රටේ කුඩු ගහන උන් ඉන්නෙ හරිම ටික දෙනයි.ගහන් උන්ගෙනුත් බාගයක්ම ඉන්නෙ හිරේ.ඔයිට වඩා අදුවෙන් හානිකර වගේ පේන, ඒත් දීර්ඝකාලීන හානි දෙන ගංජා, අරක්කු වගේ ඒවත් නවත්තනවනං හොඳයි.මොකද ඒවට ඇබ්බැහි වෙලා ඉන්න ප්‍රමාණය සෑහෙන්ඩ වැඩි නිසා.
ReplyDeleteපහුගිය කාලෙදි කුඩු වලට ඇබ්බැහිවීම ටිකක් වැඩි වෙලා තියෙනවා ,දිනුක කිව්ව දේවලුත් සැහෙන දුරට ප්‍රශ්නයක් තමා
Deleteඅද තමා අම්බලමට කඩාපාත් වුණේ . බොහොම වැදගත් ලිපියක් ආ හැටියෙම දැකගත්තා . කුඩු ගහන බුවාලා නිසා වැඩියෙන්ම වද විඳින්නේ උන්ගේ දෙමවුපියෝ පවුලේ උන් තමා උන් ආතල් එකේ කුඩ්ඩ ඇද ඇද ඉන්නවා අන්තිමේට වහලේ ටකරන් ටිකත් විකුණලා ආතල් ගන්නවා . අනේ අර ගෙදර උන් තමා විඳවන්නේ ..
ReplyDeleteබොහෝම ඉස්තුතියි මේ පැත්තට ආවට
Deleteකුඩුගහන එකෙක් පවුලක හිටියොත් පුදුම දුකක් ඒ පවුලේ මිනිස්සු විදින්නේ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ.....
අම්බලමෙ රොබින් ඇවිත් ගියට මම අද තමයි මේ පැත්තෙ ආවෙ. වටිනා ලිපි ගොඩක් කියෙව්වා. ඔන්න හැමදාම එනවා මමත්..
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට
Deleteහැමදාම එන්ඩෝ.....
අන්න කුඩුරජෙක් ආපහු සනීපවෙලා මෙහෙට එන්න ලෑස්තියි කියල නිව්ස් එකක් දැක්කා. අන්න ඒකාව ආපහු ඉවර කරන්න විදියක් කල්පනා කරපල්ලා.
ReplyDeleteඒ බොරු කතා කලබල වෙන්න එපා ඕවට
Deleteමමත් ආවා.. මම නම් මේ බ්ලොග් කෙරුවාවට සෑහෙන අළුත්..
ReplyDeleteමගේ යාළුවෙක් වැඩ කරනව හිරේ. ජේලර් කෙනෙක් විදිහට. මිනිහ කියනව කොච්චර ගාඩ් එක තිබ්බත් ඇතුලට කුඩු එනවලු.. ඇතුලෙ කුඩු තියෙනවනම් හරි සංසුන්ලු. කුඩු නැති උනාමලු සික් එකට සීන් දාගන්න හදන්නෙ.. ඌ නොකිය කිව්ව හිරේ ඇතුලෙ කුඩු තියෙනවනම් ජේලර්ල කැමතියි කියල
සාදරයෙන් පිලිගන්නවා අම්බලමට ...!!!
Deleteමම මෑතකදී මැගසින් එකේ උන සිදුවීමට පස්සේ එකේ ප්‍රදාන තනතුරක් දරන කෙනෙක්ගෙන් ඇහුවා හිරේ තියෙන කුඩු ප්‍රශ්නයට විසදුමක් නැද්ද කියලා ඔහුගේ පිළිතුර උනේ "මල්ලි ඇතුලේ කුඩු නැතිකරනවානම් ඒක දවසෙන් කරන්න පුළුවන් හැබැයි ඉස්සෙල්ලම ඇතුලෙම වැඩකරන හොරුන්ව පන්නන්න ඕන" කියලා
ape rate neethi thibunata ewa salli walata yatai,awanka niladariyek awoth monawa karala hari nathi karala danawa..ekai oyawage dewal nathi karanna bari
ReplyDeleteඔබ හරි ...
Deleteඑල එල අම්බානෙට වටිනවා ,., ජයෙන් ජය
ReplyDeleteමොනවද කුඩුද ?
Deleteමට දැනගන්න පුලුවන්ද කුඩු ගහන කෙනෙක්ගේ ලක්ෂණ මොනවද කියලා
ReplyDeleteමට දැනගන්න පුලුවන්ද කුඩු ගහන කෙනෙක්ගේ ලක්ෂණ
ReplyDelete