Sunday, May 12, 2013

නොනවතින ගමන 3


"ආ මහත්තයා ප්ලේන්ටිය "

ගල්කිස්සේ පිහිටි අතුරු මාවතකි මෙය ,කුඩා කරත්ත තේ කඩයක් මාවතට ගාලු පාරෙන් පිවිසෙන ඉස්තානයේම පිහිටා ඇත .



"ඩොරින් කියලා වයසක ගෑනු කෙනෙක් ඉන්නවද අන්කල් මේ පාරේ ? '

කඩය අසල සිටි කිහිප දෙනෙකුම මා දෙස හැරී බැලුවේ මාගේ උස්වූ කටහඩට කියා යයි මට සිතුනි

"මහත්තයා මේ පැත්තේ කෙනෙක් නමේ නේද ?"

කඩය ලග සිටි එකා දෙන්නා ගියපසු මුදලාලි මා වෙත එල්ලකලේ පැනයකි

"ඔව් "

"මේ පැත්තේ කෙනෙක්නම් කවදාවත් කට්ට්ය ඉන්න තැන ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ මහත්තයෝ "

"ඇයි ඒ ? මොකක් හරි කේස් පොට් එකක්ද එතන ?"

"කේස් මොනවද කියන්නනම් මම දන්නේ නැහැ මහත්තයෝ ,අන්න අර පේන අඔ ගහ ලගින් හැරුනම කෙලවරේ ගෙදර .අන්තිමට පොලීසියෙන් ඔහෙට ආවේ ගිය සතියේ මට මතක විදියට "

මේ විමර්ශනය බාරගත් දිනයේ සිටම යන යන තැන ඇත්තේ එකකට එකක් නොවිසුදුන ගැටය ,එක පසෙකින් බාරගත් වැඩක් ඉවර කිරීම කල යුතුය ,තව පසකින් නම්බුව බේරා ගත යුතුය  නමුදු මේ පොටේ නම් රෙදි ගැලවෙන සේයා පෙනී යයි .

------------------------------------------------------------------------------------------------------------

"මල්ලි මෙන්න මේ සල්ලි තියා ගන්නකො "

"එපා එපා අයියා ,මම එච්චර ලොකු සප් එකක් දුන්නේ නෑනේ ඔයාට"

"කමක් නෑ මල්ලි ඔයා උදවුවක් කරන්න දැන් පැය දෙක තුනක් මහන්සි උනානේ ,හයරුත් මිස් උනානේ "

GY ත්‍රීවිලරයේ අසංක මල්ලි හිතුවාට වඩා  මිත්‍ර ශීලීය ,සමහරක් විට එය මවාගත් ස්වරුපයක් වීමටද හැක , නමුත් මොනර කොලයේ ඇත්තේ ඊට වඩා බලගතු බලයකි  ,සතුරන් මිතුරන් කිරීමටද මිතුරන් සතුරන් කිරීමටද එයට අදුශයමාන බලයක් ඇත  තවද ගොළුවන් උවද කතා කරවීමට පුළුවන

සමාවන්න........ ත්‍රී විලරය මෙයට අදාළ වන්නේ එය පෙර දිනදී  "සොනාලි " දිනපතා භාවිතා  කල රථය බැවිනි

----------------------------------------------------------------------------------------------------------

 මුදල් දෙවන වතාවටත් ගැන බැලු මම තවත් වරක් නොසිතාම නැවතත් රියදුරු අතටම ලබාදුනිමි

"රංගල මහත්තයට මම කෝල් කරන්නම් කියන්න "

රියදුරු යාන්ත්‍රිකව වැඩ කරනා රොබෝවෙකු මෙන් නැවතත් එසැනින්ම පිටව යයි , ඉහල ප්‍රභූ සමාජයේ ධනවතුන්ගේ රියදුරන් යනු ඇවිදින තොරතුරු ගබඩාවන් වේ ,ඔවුන් හාම්පුතුන්ගේ පෞද්ගලික තොරතුරු මැනවින් සුරකී
       
 ඔහු නැවතත් රංගල මහතා හමුවූ විගස මා හට ඇමතුමක් නොවැරදීම ලැබෙනු ඇත .

ඉලක්කම් සතරකින් යුත් ගණනක් වූ මුදලක් එහි විය, නමුත් හර්ද සාක්ෂියට පිටුපා යාම ලෙහෙසි කරුනක් නොවේ .

දෙන පලියට මුදල් ගත්තාක් මෙන් නොව, වැදගත් වනුයේ බාරගත් කාර්යය ඉටු කිරීමයි

කාර්‍යය ඉටුකර හමාර වීමට අසන්න උවද සිතට කිසිදු සන්තෝෂයක් නැත

--------------------------------------------------------------------------------------------------------

රාත්‍රීය කිසිදිනක නිම නොවෙනවා නම් හොදයයි සිතෙන්නේ සුරා බදුන් එකිනෙක  හිස්වෙද්දීය

බිල් දැමීම කෙල්ලන්ගේ කාර්යයයි ,මාසය අවසානයට ලබා ගන්නා අසුදහසක අනුදහසක කොමිෂන් මුදල තීරණය කරන්නේ කස්ටමර්  බිලෙනි  ඇගලුම් කම වැඩිවෙන තරමට බිල වැටෙනු වැඩිවේ

"මොනවද බොන්නේ ?" කස්ටමර්ගේ පැනයට කෙල්ලන්ගේ පිළිතුර වනුයේ "වොඩ්කා හෝ ජේ ඩී" ය

කැරෝකේ කෙල්ල බීමත් වූ පසු තමන්ට රිසිසේ ඔවුන්ව හැසිරවීමට කස්ටමර් බලාපොරොත්තු වේ ,නමුත් බොහෝ විට සිදුවන්නේ අනෙකකි

"ඔයා නේද අලුත් එක්කෙනා ?"

ආශා මා නොදැනුවත්වම මා පිටිපස සිටිනු පෙනේ

"ඔව් මම තමා, මොකද අද ෆ්ලෝර් එකට බහින්නේ නැද්ද ?"

"බුකින් කස්ටමර් කෙනෙක් එනවා කිව්වා ,  ටිකක් වෙලා යයි වගේ "

බ්ලැක් ලේබල් එකකට එහායින් මිස මෙහාට ආශාගෙන් බිලක් ගැලවෙනු  මේ දිනකීපයට මම දැක නැත්තෙමි, අදත් එවැනිම වූ පසුම්බිය හිස්වන අයෙකු පාන්දර ජාමය වන විට දැක ගත හැකිවනු ඇත .

-----------------------------------------------------------------------------------------------------------

වයසක කාන්තාවන් තරුණියන්ට වඩා මල්වලට ආසා කරයි ඩොරින් ඇන්ටිද එවැන්නෙකි 

"din don"

 ඩොරින් ඇන්ටි  සෙමින් සෙමින් විත් දොර විවර කිරීමට පෙරදාට වඩා වෙලාවක් ගත්තා

"ගුඩ් මෝර්නින් ආන්ටි"

" වෙරි ගුඩ් මෝර්නින් සන් ,මම හිතුවා පුතා දැන් එයි කියලා "

ගෙන ආ මල් කලඔ  දෙස ආශාවෙන් බලමින් ඈ පවසන්නීය

"වාඩිවෙන්නකෝ මම පුතාට  මොනවා හරි බොන්න අරන් එන්න ,දැන් මග එනවා ඇති "

"din don"

 නාද වූ දොර සීනුවත් සමගම අඩවන් වී තිබුණු දොරෙන් නිවස තුලට පිය මනින තරුණිය දෙස මම සෑහෙන වෙලාවක් බලා සිටින්නට ඇති බව තේරුනේ පිටිපසින් ඩොරින් ඇන්ටිගේ  ශබ්දයෙනි

"හලෝ මයි ඩාර්ලින් කම් කම් "


සිව්වන කොටසින් නැවත හමුවෙමු


18 comments:

  1. රොබින් දැන් දීර්ඝ කථාවකට පවිසිලා නේද...සෑහෙන කාලෙකින් මේ ඉසව්වට ආවෙ...වෙලාව ලැබෙන පරිදි කියවන්නම්...

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ටිකේ වෙලාව ඉතුරු උන නිසා වැඩිපුර ලිව්වා

      Delete
  2. අප්පා සුපර් කතාවක් පටන් ගන්න යන්නේ දණ්ඩ කොහෙද..එල එල .. දිඅටම ලියන්න .. අපි කියවනවා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම් හොදම හරිය එළිවෙන කොට

      Delete
  3. ඉතුරු ටිකත් ඉක්මනින්ම දෙමි

    ReplyDelete
  4. දැන් නම් කතාව ත්‍රාසජනක වෙනවා..ඉතුරුවත් දාමු.....

    ReplyDelete
    Replies
    1. ත්‍රාසය ,භීතිය ඔක්කොම නැති උනහම ගතියක් නෑනේ

      Delete
  5. ලස්සනයි කතාව රොබින්. හිතාගන්න බෑ මොකද වෙන්නෙ කියල. බලා ඉන්නවා ඉක්මනින් ලියන කල්.

    ReplyDelete
    Replies
    1. ඊලග කොටස ඉක්මනින්ම දෙන්නම්

      Delete
  6. අමුතුම ආරක කතාවක්

    ReplyDelete
    Replies
    1. අපේ රටේ වෙන්නෙම අමුතුම ආකාරයේ ඒවානේ නලීන් අයියේ

      Delete
  7. කාලෙකට පස්සෙ ආවේ... ටිකක් අමුතුම කතාවක් නිකම්ම එකක් නෙවේ තරු පහේ කතාවක්

    ReplyDelete
  8. මමත් දකින විශේෂය මේ කතාව අමුණලා තියෙන විදියයි.

    ReplyDelete
  9. කෝ බං?...කෑලි තුනෙං වැඩේ නැවැත්තුවද?...අඩේ ලියහං ලියහං ඉතිරි හරිය..මරු කතාව..ඒත් සොනාලි සමරසිංහ කියල ප්‍රසිද්ධ පුවත්පත්කලාවේදිනියක් ඉන්න එක තමයි පොඩි කොස්සක් තියෙන්නෙ....

    ReplyDelete