Tuesday, April 21, 2015
ඔබාව මතකද ?
අපි කවුරුත් දන්නා සනත් විජේවර්ධන එහෙමත් නැත්නම් ඔබා අයියා /මාමා / අන්කල් අපි අතරින් සමුගෙන දැනට වසර 3ක් ගතවෙලා, සමුගෙන කොතරම කල් ගතවුනත් ඔබා අපේ හිත්තුල තාමත් ජීවත් වෙනවා කිව්වොත් හුග දෙනෙක් මමත් එක්ක එකගවෙයි , ඇත්තටම ඔබා ජීවතුන් අතර සිටියානම් බ්ලොග් අවකාශය මීට වඩා පිරුණු තැනක් වෙයි කියලා මම හිතනවා .
කොහොමින් කොහොම හරි ඔබා අයියා වෙනුවෙන් 3 වන වරටත් ලේ දන්දීමේ කදවුරක් පවත්වන්න "අන්තිම පේලියේ අපි" තීරණය කළා ඒ පිළිබද විස්තර තමා පහලින් තියෙන්නේ
එන මාර්ග විස්තරය ගැන පොඩ්ඩක් කිව්වොත් තැන හොයාගන්න බොහොම පහසුයි ඇත්තටම
මාලබේ / කඩුවෙල /අංගොඩ හෝ නුගේගොඩ පැත්තේ ඉදන් ආවොත් රාජගිරියේ බස් නැවතුම පහුකරලා චුට්ටක් ඉස්සරහට එනකොට දකුණු පැත්තේ තියෙනවා රාජගිරිය පාර අන්න ඒ පාරේ මීටර් 100 එනකොට තමයි මේ හේවාවිතාරණ විද්‍යාලය තියෙන්නේ
බොරැල්ල දිසාවේ ඉදන් එන අය රාජගිරියේ බස් නැවතුමෙන් බැහැල ආපස්සට එනකොට තමයි රාජගිරිය පාර තියෙන්නේ
වැඩි විස්තර දැනගන්න ඕන නම් පහත දුරකථන අංක වලින් අපිව සම්බන්ද කරගන්න පුලුවන්
දුලිප් (ඕනයා) 0777 - 04 38 04
අනුරාධ (රොබින් ) 0722 - 303 727
බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන් සියලුම දෙනාට මේ කාර්යය සාර්ථක කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා සංවිධායක කමිටුව වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා
Subscribe to:
Post Comments (Atom)
කොහොම අමතක වෙන්නද?
ReplyDeleteමම හිතන්නෙ නෑ කට්ටියට ඔබා අයියව අමතක වෙලා ඇතියි කියල
ReplyDeleteඕක තියන්නකෝ හැමෝටම එන්න පහසු පුළුවන් තැනක, බොරැල්ල අවට වගේ නං හොයාගන්නත් ලේසියි.
ReplyDeleteබොරැල්ල අවට තමයි තියෙන්නේ
Deleteදෙයියනේ .. ඔබා මලය අමතක වෙන්න නම් අපි මැරිල ඉපදෙන්න ඕනෙ ..
ReplyDelete