Thursday, May 21, 2015
ඇය ඔබෙත් මගෙත් සොහොයුරියයි
ඉන්දියාවේ සමූහ දූෂණය සිදුවීම වෙලාවේ රටේ ඉන්න ජාතීන් ඔක්කොම වගේ එකතුවෙලා ඊට විරුද්දව හඩ නැගුවා ප්‍රභල විදියට ,අන්න ඒ බලපෑම ඉන්දියාවේ ස්ත්‍රී දුෂණ අඩුවෙන්න සහ දූෂකයන්ට දඩුවම් වැඩිවෙන්න හුගක් බලපෑවා , හැබැයි මෙහෙ වෙන්නේ එකේ අනික් පැත්ත .
දකුණේ සිංහල සෙට් එකක් ජාතින් විදියට මේක දිහා බලලා කියනවා
"අන්න අරහේ දෙමල්ලු දගලනවා කියලා "
යාපනේ දෙමල සෙට් එකක් මෙහෙම කියනවා
" මේකට සම්බන්ද උන් අපිට කැති ගාන්න දියවූ "
තව උන් ටිකක් පක්ෂ විදියට බලල කියනවා
" මහින්ද රාජපක්ෂ හිටියනම් ඔහොම වෙන්නේ නැහැ මේකද යහපාලනය ?"
තව උන් ටිකක් මහින්දට ගහන්න ඕන කමට කියනවා
"ඔන්න ප්‍රධාන චූදිතයා දේවානන්දගේ එකෙක් ඌ මහින්දට වැඩකරපු එකෙක් "
මෙන්න මේ වගේ කියන කාලකන්නි හින්දා තමයි අපේ රට හදන්න බැරි ,මාතෘකාවට අදාලව හිතන්න අපේ ඉන්න බහුතරයකට බැහැ ,හිතන්නෙම කැලෑ විදියට .
ජාති ආගම පක්ෂය පැත්තක තියලා ඇස් ඇරලා බැලුවොත් තේරේවි මේ වගේ තිරිසන්නුන්ට ඒ වෙලාවට අදාළ දැරිය /කාන්තාව සම්බන්දව ජාතිය ,ආගම, පක්ෂය මේ කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ කියන එක සහ උන්ට ඕනේ තමන්ගේ කාලකන්නි ආශාව ඉටුකරගන්න විතරයි කියන එක
අතීතයේ සිදුවුණු මේවැනි සිදුවීම් අනාගතයේදී නැවත නොවන්න වර්තමානයේදී අපි කටයුතු කරන්න ඕන හැබැයි ඒ පෙරේදා යාපනයේදී උනා වගේ නීතිය අතට අරගෙන ක්‍රියා කරලා නෙමයි පවත්නා නීතී දැඩි කරන්න රජයට බලකරලා .සහ ඒ වෙනුවෙන් නැගී සිටලා
එක එක රටවල ඉන්න එවුන් මැරුණම හොටු පෙරාගෙන පොස්ට් දාන උන් මේවා දැක්කම හ්ම්ම් නෑ අන්න එකයි දුක
මෙන්න මේ ටික තේරුම් ගන්න බැරිනම් කියන්න කනගාටුයි මේ ටික තමන්ට තේරෙන්නේ තමන්ගේ සහෝදරිය /අම්මව/බිරිදව දූෂණය උනහම ම තමා
Subscribe to:
Post Comments (Atom)
ඇත්ත කතාව...ඔය සම්බන්දයෙන් අපේ රටේ නීතිය තවත් බලවත් වෙන්න ඕනෙ...
ReplyDeleteකහවත්තේ ගෑණු මරනවා සද්ද නැතුව බලාගෙන හිටපු, සියගානක් දූෂණය කරපු සාරුවා සුනිල් එක්ක උඋව පෙරටුකරගෙන පෙළපාලි යන්න තරම් නිවට අපේ උන්ට වැඩිය දෙමළ මිනිස්සු එඩිතරයි..
ReplyDeleteකොහොම උනත් දැන් තත්වය ටිකක් හොඳයි. අඩු තරමෙ මේවගේ ලිපි හරි ලියවෙන එක ගැන හිතල සතුටු වෙනව මම නං.
ReplyDeleteමේක මොකක් හරි ලොකු සිද්දියක් ඇති කරල ආයේ ජාතිවාදේ අවුළුවන්න ගහපු ගේමක් කියල මට නොහිත ඉන්නම බෑ.. පර වේසිගේ පුතාලා.. මේකට වචනෙකින් හරි සම්භන්ද වෙච්චි හැම එකාට මේ කෙල්ලගේ ලේ බින්දුවක් බින්දුවක් ගානේ.. වැටිච්චි වැටිච්චි කඳුලක් ගානේ සාප වේවා! වැහි නැති හෙන වදීවා! මේ වගේ කාළකන්නි මේ රටින් නෙවෙයි මුළු ලෝකෙන්ම හැඳි ගෑවිලා යන්නෝනෙ.. සාප වේවා! සාපවේවා! සාපවේවා!
ReplyDeleteමෙහෙවු කාලකන්නි මැද අපිටත් ඉපදෙන්න උනානේ....අහිංසක කෙල්ල මලාට පස්සෙවත් අපේ කාලකන්නි ඒ අහිංසකීගේ ආත්ම ගෞරවය රැක්කද?මුන් ඔක්කොම හැඳි ගෑවිලා පලච්චාවේ....නීතිය තව බොහොම දැඩි කරන්න ඕන...මේ අස්සේ බොර දියේ මාළු බාන වුන්ව හම ගහන්න ඕන
ReplyDeletehabai ehema jathi vade avussana unta chande dunna boru talk un api dannava.
Deleteඅපේ රටේ ඉන්නේ කොයි පැත්තට හරි බෝලේ පාස් කරලා ශේප් වෙන්න බලාගෙන ඉන්න සෙට් එකන්නේ..
ReplyDeleteමේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි.
ReplyDeleteමේ සිදුවීමට මුහණදුන්නේ කොයි පළාතේ තරුණියක්ද කියා හෝ කුමන ජාතියේද කියා හෝ නොවේ තර්ක කල යුත්තේ.මේ සිදුවීම් ජාතිවාදය එක්ක එකතු වෙන්නේ කොතැනින්ද?මට නම් හිතෙන හැටියට මේක ජාතිවාදය එක්ක ගැටගැහුවේ අවස්ථාවාදී දේශපලකයෝ.
ReplyDeleteඋසාවියට ගල් ගැසීම අනුමත කරන්න පුළුවන් දෙයක් නෙමේ.නමුත් දකුණේ අපි වුනත් අපේ දරුවෙක්ට මෙවැනි දෙයක් වුනොත් ඒයාකාරයෙන් හැසිරෙන්න පුළුවන්.හොඳම උදාහරණය අගුලානේ තරුණයෝ දෙදෙනා ඝාතනය.කුපිතවූ ගම්වාසීන් අගුලාන පොලිසියම වනසා දැමුවා.
ඔයා අන්තිමට අහලා තියන ප්‍රශ්නේ තමයි මම කටුස්සට කමෙන්ට් එකක් විදිහට දැම්මේ...වැඩක් නෑ අයියන්ඩි කතා කරලා.
ReplyDeleteමේ නීච ලොකෙ මේ ක්‍රියා හැකිතරම් හෙලා දකින්න යි ඕනෙ.
ReplyDeleteI guess I am the only one who came here to share my very own experience. Guess what!? I am using my laptop for almost the past 2 years, but I had no idea of solving some basic issues. I do not know how to Easy to Direct Download But thankfully, I recently visited a website named pcfiled
ReplyDeleteZOC Terminal Crack