සැලැස්ම සම්පාදනය
මේ වැදගත් කාර්යය ඉටුකල යුතු හොද මැ පිළිවෙල කුමක් දැයි සලකා බලන ලදී . පසුදා පෙරවරු 9.45 ට යමාමොටෝ කහිලි ගුවන් තොටුපලට ලගාවනු ඇති . අපි මේ ගුවන් තොටුපලට සැතපුම් තිස් පහක් උතුරේ තැනෙකදී ඔහුගේ ගුවන් යානය වෙන් කැර ගන්නට තීරණය කළෙමු .මෙය දූ කෙලියකට සමාන කළ හැකි වැඩෙකි.අප සතුව තිබුනේ ගුවන් යානා දහ අටක් පමනෙකි .එහෙත් කහිලි ගුවන් තොටුපලේ ජපනුන් සතු ගුවන් යානා සියයක් තිබිණි . මේ වැදගත් කාර්යය සාර්ථක ලෙස ඉටු කිරීම පිණිස කාර්යය ශුරත්වය මෙන් මැ ආත්ම විශ්වාසය ද තිබිය යුතු යැ.
Tuesday, March 5, 2013
Wednesday, February 27, 2013
කියන කතා
අපේ ලංකාවේ මිනිස්සු ගැන කියනවනම් "නිකන් දෙනවනම් මන්න පාර හරි කන්න කැමති" අයනේ වැඩිපුරම ඉන්නේ අන්න ඒ නිසා අපේ මිනිස්සුත් ඔය තියෙන බැංකු සහ අනෙකුත් ඔය ණයදෙන ආයතන වලින් ණය ගන්නේ නිකන් දෙනවා කියලා හිතාගෙනමයි හැබැයි ඒ අතරින් කොටසක් ණය ගන්නේ තමන්ගේ තියෙන අග හිග කම් පියවා ගන්න ,මොකද අපි මේ රට ආසියාවේ ආශ්චර්යය කරන්නත් එපැයි දැන්.කොහොම උනත් ගෙවා ගන්න බැරි උනහම තමා අපේ මිනිස්සුන්ට දෙලොව රත්වෙන්නේ .
දුන්න සල්ලි ගෙවන එක අතපසු කරන්න අපේ මිනිස්සු බැංකුවෙන් කතා කරහම දාහක් කතා කියනවා ,ගෙවන එක එක දවසකින් හරි කල් දන්න තමා බලන්නේ මොන ක්‍රමේකින් හරි ,පහලින් තියෙන්නෙත් ඔය සල්ලි ගෙවන්න තියෙන අය ඒ ගෙවන්න තියෙන ආයතනවලට කියන කතා අතේ රෝල් වෙච්චි අවස්ථා 2ක්
1 .ගුණදාස මහත්තයාගේ මීටීම
ට්රීන් ට්රීන් ට්රීන් ට්රීන්
එක පාරක් උත්සාහ කලාට කිසිම ප්‍රතිචාරයක් නැහැ ඉතින් මේ ගැන දාන්න කෝල් සෙන්ටර් ඒජන්ට් තව ට්‍රයි කරනවා
ට්රීන් ට්රීන් ට්රීන් ට්රීන්
ගු.ම. :- හෙලෝ
බැංකුව :- සුබ උදැසනක් මිස්ටර් ගුණදාස අපී .......බැංකුවෙන් කතා කරන්නේ ,ඔබතුමා ගෙවිය යුතු හිග ණය මුදල පිලිබදව දැනුවත්.....
ගු .ම :-මම මීටිං එකක ඉන්නේ පස්සේ කතා කරන්න .......
ඒ අතර පසුබිමින්
ඉස්සරහ හෝල්ට් බහිනවා ..........
2 .අරුමුගම්ගේ මල්ලි
ණය ගෙවන්න තියෙන දිනය දවසින් දවස අරුමුගම් කල් දානව ,මොබයිල් එකත් ඕෆ් බැරිම තැන ට්‍රයි කරනවා ගෙදරට
ට්රීන් ට්රීන් ට්රීන් ට්රීන්
ගෙදර :- හෙලෝ (පොඩි ළමයෙක් ඇමතුමට කතා කරන්නේ )
බැංකුව :-සුබ සන්ධ්‍යාවක් ,අපිට අරුමුගම් මහත්තයාට කතා කරන්න පුලුවන්ද ?
ගෙදර :-අප්පා කෝල්
බැංකුව :-හෙලෝ සුබ සන්ධ්‍යාවක් මිස්ටර් අරුමුගම් ,ඔබතුමාගේ ගෙවිය යුතු ණය මුදල ගැන මතක් කිරීමක් කරන්න කතා කලේ
ගෙදර :-අයියා ගෙදර නැහැනේ
බැංකුව :-කවුද මේ ඔබතුමා එතකොට ?
ගෙදර :-මම අරුමුගම්ගේ මල්ලි
බැංකුව :අපිට ඔබතුමාගේ නම දැනගන්න පුලුවන්ද ? පණිවිඩය ලබා දුන් පුද්ගලයාගේ නම ඇතුලත් කරන්න ඕන සිස්ටම් එකට
ගෙදර :මම.... ආආආ මම මම ඉර්ෂාඩ්
බැංකුව :-!@#$%^&*()...?
ඔන්න ඔහොමයි ඉතින් අපේ දවස ගෙවෙන්නේ
Monday, February 25, 2013
මම යමාමොටෝ මැරුවෙමි 1
එය ඇමරිකාවේ සුපරිසිදු ආලින්ටන් සොහොන් පිටිය නොකඩවා වස්නා වැස්සෙන් සේදීගිය දිනයෙකි.මම වලට පහත් කිරීමට සියල්ල සුදානම් කර තිබු ,ඇමරිකානු ධජයෙන් වසන ලද මගේ සොහොයුරා ගේ මිනී පෙට්ට්ය අසල සිටියෙමි .මාගේ පියා හා මවද ,කනිටු සොහොයුරු ජිම්ද මා ළගින් මැ වූ හ . දෙවැනි ලෝ මහ හටන නිමාවට පත්වී සිවු වසරක් මැ ගෙවී තිබිණි . එහෙත් ඒ මහ හටනේදී මිය ගිය මාගේ බාල සොහොයුරාගේ මෘත දේහය අපට ලැබුනේ සිවු වසරෙක ඈවෑමෙනි .පාදිලිතැන ගේ සංවේගාත්මක වදන්වලට සවන් යොමු කරත් මැ මාගේ හා මගේ මළ සොහොයුරා ගේ ද ජීවිත ඈත එපිට පිහිටි සොලමන්ගේ දිවයිනත් ,අප කිසිදාක කිසි විටෙක නුදුටු අද්මිරාල් ඉසටරෝකු යමාමොටෝ නම් මිනිසාත් සමග සම්බන්ද වූ යේ කෙසේ දැ යි මම කල්පනා කරන්නට වුයෙමි .
Monday, January 28, 2013
Wednesday, January 9, 2013
Saturday, December 29, 2012
"දාමිණී " නම් වූ ඇය
නැගණියනි ඔබ ජීවත්වූයේ කුරිරු සමාජයකය ,එවන් තිරිසනුන් අතර ජීවත්වනවාට වඩා මිය යාම යහපත්ය මක්නිසාද යත් සමාජය ඔබව නැවත නැවතත් දුෂණය කිරීමට තරම් කුරිරු බැවිනි .ඔබට සිදුවූ අකටයුත්ත අවසාන සිදුවීම වන්නේ නැත මක්නිසාද යත් නීතීය වල්වැදී ඇති විටක අවනීතීය රජ කරන බැවිනි ,ඔබගේ දේශයේ "පුලාන් දේවිලා " බිහි වූයේ එබැවිනි
Thursday, December 6, 2012
ඔබත් "I hate politics" ද ?
ඔබ දේශපාලනය ප්‍රිය නොකරනවා වියහැක ඒය ඔබේ පෞද්ගලික මතයයි ,මමද මේ පවත්නා දේශපලන ක්‍රමය කෙරෙහි අප්‍රියතාවයක් දක්වන අයෙකු වෙමි නමුත් මෑත කාලීනව මුහුණ පොතේදි දුටු යම් කිසි සිදුවීමක් නිසා ඉහත කී මාතෘකාව ඔස්සේ කතා කතා කිරීමට සිතුනි
සර්ව ජන චන්ද බලය එහෙමත් නැත්නම් චන්ද අයිතිය යනු ,සාමාන්‍ය වැසියන් වන අප සැමට ඇති පරම අයිතියයි ,රටක ආණ්ඩුව වෙනස් කිරීමට කැරලි ගැසිය යුතු නැත /ආයුධ අතට ගෙන මිනී මැරිය යුතු නැත ඔබ සතුව පවත්නා ජන්ද බලය මැනවින් හැසිර වුයේ නම් ඕනෑම බලවත් කියා ගන්නා දේශපාලකයෙකු දන ගැස්විය හැක නමුත් අපේ රටේ අවාසනාවටදෝ අප හට එවැනි තත්වයක් අපගේ ජීවිත කාලය තුලදී දක්නට ලැබේදැයි සැක සහිතය .
රුපවාහිනියේ ඔස්සේ පුවත් පත් ඔස්සේ දේශපාලකයන් සිදු කරනා අකටයුතු කම් කොතෙක් දුටුවද නැවත නැවතත් ඔවුන්ව ඊලග වාරයේදීත් මහජන නියෝජිතයන් වශයෙන් අදාල ආයතනයන්ට පත්කර යැවීමට තරමි අපේ ජන්ද දායකයන් මන්ද බුද්ධික වී ඇත
කුඩු ජාවාරම් කරුවෙකු වීම /ගණිකා නිවාස හිමිකරුවෙකු වීම /හොර අරක්කු අලෙවි කරුවෙකුවීම /ස්ත්‍රී දුෂකයෙකු වීම/ළමා අපචාරකයෙකු වීම ජන්ද අපේක්ෂකයෙකු වීමේ නොනිල සුදුසුකම් ලෙස දැනටමත් ස්ථාවර වී ඇත ,ඒවැනි කණගාටුදායක තත්වයක් නිර්මාණය කරදීමේ මූලිකයන් වී ඇත්තේද අපිමය එබැවින් මඩු වලිගයෙන් තලා ගත යුත්තේ අපටමය ,
සමාජ ශාලා වල "එක්ස්ටසි" අලෙවි කිරීමේ නියෝජිතයා හමුදා බුද්ධි අංශ මේජර් වරයාට පහර දුන් පසු වැරදිකරුවා වනුයේ පහර කෑ මේජර් වරයායි ,ඔබ නොදන්නා නමුත් කටුක සත්‍යය වනුයේ අදාල මේජර් වරයා දැනට නිළයෙන් පහකොට සිරගත කොට ඇති බවයි .රාජකාරිය සදහා ගිය නිලධාරියාට වඩා නීතී විරෝධි කුඩ්ඩා, පාලකයන් මගින් ආරක්ෂා කර ඇත .
යකඩ වංචාවක් සදහා වරෙන්තු නිකුත් කර සිටිනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි බව පොලීසිය අධිකරණයට පවසයි එදිනම ඔහු නියෝජය පොලිස්පති වරයෙකු සමග මාධ්‍යයේ පෙනී සිටියි .
නීතිය බල්ලාට ගොස්ද? බල්ලා නීතියට ගොස්ද? යන්න ගැටලු සහගත වේ .
ඉහත සදහන් කලේ වර්තමාන සමාජයේ සිදුවන්නා වූ අකටයුතුකම් වලින් බිදක් පමණි සිදුවන්නා වූ දේවල් සවිස්තරාත්මකව ලිවීමට ගියහොත් ජීවිත කාලයම මදිවනු ඇත .
"අනේ අපි නම් පක්ෂ වලට කැමති නැහැ"
"අපි ඔය දේශපාලනයට කැමති නැහැ "
වැනි බොරු සෝබන කතා නවතා පවත්නා සමාජයේ ඇති වැරදි පිලිබදව තවත් එක අයෙකු හෝ දැනුවත් කල හැකිනම් සමාජය පිලිබදව අවබෝදයෙන් ජීවත්වේ නම් එය වඩාත් වැදගත් වේ .......
සෑම ජන්දයකදීම අප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වැඩිවෙමින් පවතී ,එයින් පිලිබිබුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ජනතාව දුරස් වන ආකාරයයි එය සැබවින්ම රට කටුක අනාගතයකට ගමන්කරවීමක් වෙනු නොඅනුමානයි , මක්නිසාද යත් එවිට දැලි පිහිය වදුරාට ලැබෙන "බැවිනි
එබැවින් කරුණාකර ඔබේ පරම අයිතිය රටේ අනාගතය සදහා වැඩදායී අන්දමට භාවිතාකරන්න ......
Subscribe to:
Posts (Atom)










