Thursday, October 11, 2012

තානායමේ අවතාරය





                                  මම හොල්මන් කතාවලට කැමැත්තෙමි .හොල්මන් කතාවල බිහිසුනුකම  වැඩිවූ තරමට  ඒවාට මා තුල වූ කැමැත්තද වැඩිවේ .එහෙත් කතාව කියවා අවසාන වූ විට මා තුල ජනිත වූ උනන්දුවද හිරු දුටු පිනි බිදු සේ අතුරුදහන් වේ .”සිහි බුද්ධිය ඇති කිසිවෙක් හොලම්න් විශ්වාස කරන්නේ නැතැයි” මම මටම කියා ගනිමි .මෑතක් වන තුරුම මම හොල්මන් විශ්වාස නොකලෙමි .
                                 

                                                           ඉකුත් ජනවාරි මස මා ලන්ඩනයට පැමිණියේ ඔක්ස්පර්ඩ් සරසවියේ පොත්ගුලේ කිසියම් පිරික්සුමක නිරතවීම පිණිසයි .18 වැනි බදාදා සවස් යාමයේ මොටෝ රියක් කුලියට ගත මම  A 40 මහා මග ඔස්සේ එය පදවන්නට වීමි ශරීරගත ලොහිතය පවා කැටි ගස්සවන තරම් දැඩි ශීත කුනාටුවක්ද සහිත වැස්සක් වට සැන්දෑ යාමයකි ඒ .බටහිර වයිකොම්බ් ගම්මානය ඔස්සේ රිය පැදවූ මම “ජෝර්ජ් සහ මකරා “නම් තානායම ඉදිරිපිට මගේ රිය නතර කලෙමි .ක්‍රීම්  එළු සුප් හොද්දක් ,බැදී මස්පෙත්තක් හා පුඩිමක්ද ගෙනෙන්නයි මම නියෝග කලෙමි .පුඩිම දුටු සැනෙකින් මගේ සිතේ සැකයක් අරක්ගත්තේය .කිසිවෙකු මාපටගිල්ල එහි එබූ විටෙක මෙන් පුඩිමේ පැත්තක ලොකු සිදුරක් තිබෙනු මට දක්නට ලැබිණි මම මේවඩන්නිය කැදවා පුඩිමේ වූ සිදුර ඇයට පෙන්වීමි .
         
     “හරි වැඩක් තමා ,තවපාරක් සුදුනෝනා ඇවිල්ලා වගෙයි .ඇය කුස්සියට නෑවිත් ඉන්නවා නම් මංකැමතියි “ ඕතොමෝ කීවා යැ.
“සුදු නෝනා කවුද ?” යි මම ඇය වීමැසිමි .
“සුදු නෝනද? ඇය තම නිතර නිතර මේ තානායමට එන හොල්මන “යි මේවඩන්නිය පිළිතුරු දුන්නාය .
ටික වෙලාවකට පසු මම තානායමකරු වූ ජෝන් බූන් අමතා තානායමේ අරක්ගත් හොල්මනක් ඇද්දැයි ඇසීමි  .

                               “සත්තකින්මැ ඔවු .විටෙක ඇයගෙන්  අපට හිරිහැර පැමිණෙනවා පුඩිම ගැන කනගාටුයි .ඇය එලවා දමන්නේ කොහොමද කියා මටනම් වැටහෙන්නේ නැහැ .ඇය පහල පාරේ ඇති හුණු ගුහාවක මල මේවඩන කෙල්ලෙක් .තානායමේ සිට ගුහාව කරා වැටී ඇති උමගක් තිබෙනවා .ඇයගේ මරණය බොහොම කනගාටුදායක මරණයක් “යි කී තනායම්කරු කෙලවරක වූ කාමරයක් දක්වා හිස සැලීය
“අර තිබෙන්නේ තෑබෑරුම ගමේ ගොඩේ කොයි කවුරුත් එහිදී හමුවිය හැකියි .එතන සිටින කාට හරි හීන් අඩියක් අරන් දුන්නාම කතාව මුල සිට අග දක්වාම කියා දේවි “යි තානායම්කරු මා අමතා කී යැ .

                  
                                                   තැබෑරුමේ රැස්ව සිටි පිරිස අතර පුටු සාදන වඩුවෙක්ද,මේසන් බාස් කෙනෙක්ද ,රතු කෙස් වැටියක් ඇති ගැහැනියෙක්ද සිටිනු දුටිමි .ඔහු තුමු අවතාරය පිළිබද කතාව මට කීහ .
                                                                                         
         මීට අවුරුදු දෙසීයකට පෙරය මෙය සිදුවී ඇත්තේ .සුදුනෝනා නමින් හැදින්වූ සුකී නම් දැරිය මියයන විට ඇයගේ වයස අවුරුදු 16 කි .ඕතොමෝ දිනකට බොහෝ පැය ගණනක් “ජෝර්ජ් සහ මකරා “තානායමේ සේවය කලාය.ඇය තවත් දැරියන් දෙදෙනෙකුද සමග පදිංචිව සිටියේ තානායමේ වම්පස් වූ කුඩා කාමරයකය .
                                                                             සුකී රන්වන් කෙස් වැටියකින්ද දුටුවන් මන බදනා පියකරු වතකින්ද යුතු කඩවසම් ගැටවරියකවී සිටියාය .ඇය හොද ගති පැවතුම් ඇති ,මදක් පමණ ඉක්මවා තම ගරුත්වය ගැන සැලකූ දැරියකි .විවාහ වී පහසු යහපත් ජීවිතයක් ගතකිරීමට ඇය තුල පැවැත්තේ බලවත් ආශාවකි තානායමට නිතර නිතර පැමිනෙන තිදෙනෙක්  ඇය හා විවාහ වීමට කැමැත්ත දක්වුහ නිතර දෙවේලේ ආලය පිළිබද සිතිවිලි වලින් වෙලීගිය සිතැතිව සිටි ඇයට තානායමේ සේවකයන් විසින් පිළිපැදිය යුතු උපදෙස් පවා අමතක වූ වාර බොහෝය එක් වැසි කුණාටු සහිත රැයක එහි සැපත්වූ එක්තරා කඩවසම් තරුනයෙක්  වැසි දියෙන් නෑවී මඩ තැවරුණු ඔහුගේ අසු ඉස්තාලයේ බැද තානායම් ශාලාවට පිවිස විඩාපත් ගතියක් පළකරමින් එහි වූ අසුනකට බර දිනි .ඒල් වීදුරුව පානය කල පසු ප්‍රනවාත් ගතියක් පලකල හෙතෙම රූමත් සුකී දෙස බලා ඉගිමැරීය සුකී කොතරම් කලබල වුයේද යත් ඇයගේ මාපට ඇගිල්ල පුඩිම තුලට කිදා බැස්සේය පුඩිමේ පැණි දිය බිදු තරුණයාගේ දනහිස මත පතිත විය ඇයගේ දෙකපුල් විලියෙන් රත්පැහැ ගැසිනි  ඕතොමෝ කිසිවත් කර කියා ගත නොහැකිව මුව දල්වා ගත්වන මෑ බලා සිටියාය  එහෙත් තරුණයා සිනාසෙන්නට වුයේය තානායම්කරු ඇයගේ කන මිරිකා හොද හැටි බැන වැදිණි සුකී හඩ හඩා කාමරයෙන් පිට වුවාය .
                                                                   නන්නාදුනන ආගන්තුකයා පසුදා රෑද එහි පැමිණියේය හැම විටකම සුකී ගැන විපරම් කරමින් ඔහු සතියකට කීප වතාවක්ම එහි පැමිනියේය ඔහු හොර රහසේම ඇයගේ කම්මුල මිරිකා විහිළු තහලු කරන්නටද පුරුදුව සිටියේය ඔහු කවරෙක්දැයි කිසිවෙකු දැනනොසිටි නමුදු ධනවතෙකු බවනම් ඔහු ඇද පැළද සිටි වටිනා ඇදුම් ආයිත්තම් වලින් කාහට වුවද පැහැදිලිවිය සුකී ඔහු ගැනම සිතමින් සිහින ලොවක සැරිසරන්නට වුවාය. මේ අතර සුකීගේ පැරණි මිතුරෝ ඇයට සරදම් කරනු වස් උපායක් යොදන්නට කල්පනා කළහ .ඇයගේ නන්නාදුනන පෙම්වතාගේ පණිවිඩයක් යැයි ඇයට ඒත්තු යන පරිදි ගොතන ලද බොරු පණිවිඩයක් ළමයෙකු අත යවන්නට ඔහු තුමු පිළියෙළ කළහ .තමා සාමිවරයෙකු බවත් ඇය හා විවාහ වී ඇය කුල කාන්තාවක් කිරීමට අදහස් කරන බැවින් මගුල් ඇදුම් ආයිත්තම් වලින් සැරසී පසුදා රෑ දහයේ කණිසමට රට හුණු ගුහාවෙදී තමා මුණ ගැසිය යුතු බවත් ඔවුන් විසින් ගොතනු ලැබ සුකී වෙත යවනලද ඒ පණිවිඩයයි ,මේ පණිවිඩය විශ්වාස කල සුකී ඇයගේ ස්වාමිදුවගේ කාරයට දුවගොස්  සුදු ඇද ඇතිරිලි කීපයක් ගෙන එයින් මගුල් ඇදුමක් ලහි ලහියේ මසා එය ඇදගෙන නියමිත වෙලාවට රටහුණු ගුහාව කරා ගියාය .

                        එහෙත් ගුහාවෙදී ඇයට හමුවුයේ ඇගේ පෙම්වතා නොව ඇයට සරදම් කරන්නට පටන් ගත් බීමත්ව සිටි ඇයගේ පැරණි මිතුරුන් තිදෙනාය බලාපොරොත්තු සුන්වීමෙන් හා කොපයෙන්ද වියරුවූ සුකී රටහුණු කැබැල්ලක් කඩාගෙන ඔවුනට එයින් පහර දුන්නාය ඔහුතොමෝ ඇය තරයේ අල්ලාගෙන සිබින්නට පටන්ගත්හ දගලන්නට වූ ඇගේ හිස ගුහා බිත්තියේ වැදින ඕතොමෝ මොහොතකින් සිහිනැති වුවාය බියපත්වූ තරුණයෝ තිදෙනා ඇයගේ කමටය පැමිණ ඇය ඇද මත හොවා හොර රහසේම තානායමෙන් පිටත් විය .
                      පසුදා උදැසන තානායමේ මේවඩන දැරියනට සුකීගේ මල සිරුරු දකින්නට ලැබිණ ඇයට සරදම් කල තරුණයෝ තිදෙනා සිදුවූ සියල්ල තත් වූ පරිදි පැවසූහ ඇයගේ මරණය සිදුවී ඇත්තේ තුවාලයක් නිසා නොව සිත්වේදනාව නිසා බව පොලිස් නිලදරීහු පවා විස්වාස කළහ .
         
                                                      සුකීගේ සිරුරු භූමදානය කර දෙදිනකට පසු ඒ කාමරයේ නිදා ගත් දැරියෝ දෙදෙනා තවදුරටත් එහි නිදාගත නොහැකි බව ඔහුගේ ස්වාමි දුවට තරයේම කියා සිටියහ කාමරයේ අපුරූ දෑ සිදුවන්නට් පටන් ගෙන ඇති බව ඔහු තොමෝ තවදුරත් කියා සිටියහ .

                                                     කතාව අවසන් වූ පසු තානායමේ මුළුතැන්ගෙට ගිය මම මට එදින රැය සුකීගේ කාමරයේ ගත්කල හැකිදැයි අසීමි “ඔබ කැමති නම් පුළුවනි .නමුත් මම එකක් කියන්නම් .මාගේ බල්ලා පවා ඒ කාමරයට යන්නේ නැහැ “යි තානායම්කරු කීය .

“හොදයි මෑ අද එහි රාත්‍රීය ගත කළහොත් කුමක් වේද ?”මම ඇසිමී

“දියමන්ති කිරුළක් හිස පැලදගත් කාන්තාවක් ඔබට දකින්නට ලැබේවි හොදයි ඔබම එහි රැය ගතකර බලන්න “යි තානායම් කරු කීය .
    
                              ඒ කාමරයට ගිය මම ටිකවෙලාවක් පුවත්පත් කියවමින් සිට විදිලිය පහන නිවා දමා නිදා ගතිමි ,වෙහෙස නිසා මට ඉතාහොදින් නින්ද ගියේය .

                                                                  නිදිලෝව සිහින දකිමින් සිටි මෑ අවදි කලේ කුමක්දැයි මා නොදනිමි අයිස් මෙන් සීතල අතක් මාගේ නනල්තලය ස්පර්ෂ කරනු මට දැනිණි වහා නැගිටසිටි මම දම්වැල් ඇද විදිලිය පහන දැල්විමි කාමරයේ කිසිවෙකු නැති නියා විදිලිය පහනේ එළියෙන් මට පැහැදිලිවම දකින්නට ලැබිණි කිහිප වතාවක් නිදාගන්නට උත්සාහකල මට නිදා ගැනීම අපහසු වුයේ අර සීතල අත මාගේ නනල්තලය වරින් වර ස්පර්ශ කරන්නට වූ බැවිනි නිදාගැනීම අපහසු වූ බැවින් මම පහන නිවා දමා ඇදමත වාඩිවී නිසොල්මනේ සිටියෙමි ටික වෙලාවකින් කාමරයේ දොර අසල දිලිසෙන කුඩා එළියක්‌ මට දක්නට ලැබිණි කෙමෙන් තියුණු වූ මේ ආලෝකය අඩි 4 දක්වා උස් විය මේ අපුරු ආලෝකය නිකුත් වනුයේ සුකීගේ අවතාරයෙන් බවට දැන් කිසිදු සැකයක් නොමැත්තේය මම කාමරයේ විදිලිය පහන යලිත් දැල්විමි කාමරය විදුලිය ආලෝකයෙන් ඒකාලෝක වුයේය එහෙත් කාමරය තුල සුකීගේ අවතාරය දක්නට නොලැබිණි මම මාගේ අත බැදී හෝරා යතුරු දෙස බැලීමි එය පාන්දර 3.15 කණිසම දැක්විය .
රාත්‍රීයේ ඉතිරි පැය කීපයද නොදිදා පහන්කල මම පහන් වූ විගසම තානායම්කරු සොයා ගියේය

“කොහොමද ?සුකීගේ අවතාරය දැක්කද ?” යි ඔහු ඇසීය

                              සුකීගේ අවතාරය කෙසේ වෙතත් මගේ නළල් තලය ස්පර්ෂකල සීතල අත හා අපුරු ආලෝකය ගැන මම ඔහුට කීමී ,හේ  මා කී දේ අනුගමනය කරන්නක්මෙන් හිස සැලීය .......

ප.ලි.
මෙය 1961 දී සගරාවක පලවූ කතාවකි මෙහි මුල් කතුවරයා වනුයේ "ජෑන් රොබින්ස් "ය,කුමක්දෝ හේතුවකට මා හට මෙය හොල්මන් කතාවකට වඩා මාගේ හිතට සමීප වූ කතාවකි ඒ දුක්බර කතාවක් වශයෙනි මීට වසර 16 කට ඉහතදී මා මෙය කියවූ අවස්තාවේදී මා හිතට දැනුනු හැගීමම අදත් මෙය යතුරු පුවරුව ඔස්සේ ගොනු කරද්දී මාගේ හිතට දැනුනි  ....

70 comments:

  1. හි.. හි..

    කතාව ලිවීවේ රටාවනම් මරු

    ReplyDelete
    Replies
    1. එය මෙහි මුල් රචකයාට හිමිවිය යුතු ගවුරවයක් ...

      Delete
  2. මරු සීන් එකක් නේ.. මේවා මතක් වෙන්නේ තනියම රෑට එහෙම ඇවිදිනකොට.. අහල තියන කතන්දර වල හැටියට ඔය ප්‍රේතයෝ එහෙම බොහොම කලාතුරකින් සමහරුන්ට පේන්න එනවලු.
    මේක ඇත්ත සිද්ධියක් ද.. නැත්නම් ඒ වගේ ලියපු කතාවක් ද..?

    ReplyDelete
    Replies
    1. මේක ඇත්ත කතාවක්

      Delete
  3. නියම කතාවක් රොබින් අයියේ.. සුපිරි.. :)
    ජය වේවා..

    ReplyDelete
  4. මේ මොකද්ද බොලේ මේ....? :)
    කතාව නං පට්ටලු ඈ...

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක දුක්බර හොල්මන් කතාවක්

      Delete
  5. රොබින් කෙටි කතාවක් විදියට බොහොම සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. මේක සත්‍ය කතාවක්

      Delete
  6. හප්පේ....මම නම් හොල්මන් කතාවලට පට්ට බයයි. ඇත්තට හොල්මනක් දැක්කොත් කොහොම තියෙයිද...

    මේක පරිවර්ථන කතාවක්ද ?

    ReplyDelete
    Replies
    1. ලිහිණිලයි ගෙදර අයට සෑහෙන වියදමක්යාවී තොවිල් කරන්නම

      මේක පරිවර්තනයක්

      Delete
  7. කතාව හොඳයි. භාෂාව-කතා සැකැස්ම සුපිරි.

    ReplyDelete
    Replies
    1. රාජ් හොදයි කිව්වා කියන්නේ ආයේ පට්ටම තමා ඉතින්

      Delete
  8. සිරාවටම සුපිරියි මචො... :D

    ReplyDelete
  9. සුකී............!
    හිත මෙව්ව වෙලා ගියා..!!

    ReplyDelete
  10. අඩේ රොබිනා පට්ට ඈ සිරාවටම ලියලා තියනවා

    ReplyDelete
  11. ඒ කියන්නේ දැං හොල්මං විශ්වාස කරනවා ඈ.....

    යකෝ ඇඟිල්ල ගහන්නේ ඕක පිරිමි හොලමනක් නෙමෙයිද?

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් හොල්මන් එක්කනේ ඉන්නේ

      නැහැනේ කාන්තා හොල්මනක් මේක

      Delete
  12. අඩෝ ලෙසටම ලියල තියනවා මම හිතන්නේ උඹ මේක මතකෙන් ලියන්න ඇත්තේ.

    ReplyDelete
    Replies
    1. මතකයෙන් තමා ලිව්වේ ...

      Delete
  13. ලියලා තියන විදිහට නන් උඹ ලිව්වද කියලා හිතෙනවා. සුපිරියි.....

    ReplyDelete
    Replies
    1. මම තමා ටයිප් කලේ ...

      Delete
  14. අම්මද බොල රොබින් ඇඩ්වාන්ස් වෙලා :)

    ජය හෝ !

    ReplyDelete
    Replies
    1. මෙහෙම හිටියට අපිත් ඇඩ්වාන්ස් තමා ...

      Delete
  15. අපි නිදං ඉන්නකොට එන්නෑනේ මොන සුකියෙක්වත්..

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද මාළු නේද තරියෝ ?

      Delete
  16. කතාව සුපිරියි. ජය

    ReplyDelete
    Replies
    1. රොබියෝ මොකද හුග දවසකින් කොටා දමන්නේ නැත්තේ

      Delete
    2. වැඩ වැඩියි අප්පා මේ දවස්වල

      Delete
  17. ඇත්ත.. දුක්බර ගතියක් තියනවා.. මටත් හොල්මනට වඩා කෙල්ලට වුන දේ ගැනයි දුක හිතුනේ..

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම ඔබ හරි

      Delete
  18. මම බැලුවා රිය පදවන්න එක සැරේ රොබින් ලන්ඩන් ගියාද කියලා කථාව පටන් ගන්නකොට... අපි ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ රාත්තිරී 1 ට 2ට ගෙදර එනකොට සමහර රියදුරු මහත්තුරු මහපාරෙදි තමන් දැකපු හොල්මන් ගැන කියනවා.... පාරෙදි හාවෙක් වගේ හොල්මනක් ඉන්නවලු... කවදාවත් වාහනයකට හාවෙක් අහුවුනාට ඒගොල්ලො බලන්න යන්නෙ නෑ කියලා කිව්වා... ඒක අවතාරයක්ලු... ඇත්තද බොරුද නොදනිමි...

    ReplyDelete
    Replies
    1. ඔය හාවාගේ කේස් එක මමත් අහලා තියෙනවා

      Delete
  19. මට බයත් හිතුනදෝ මන්දා ,,
    පස්සෙනෙ ප.ලි කියෙව්වෙ රොබින් නෙමෙයිද ලිව්වෙ කොහොම උනත් කියවන්න ආසා හිතෙන කතාවක්.

    ReplyDelete
    Replies
    1. ආස හිතෙයි කියලා හිතුනා කියවන අයට ..

      Delete
  20. කතාව ඒ විදිහටම මතක හිටලා.. ලිවීමේ රටාව ගොඩක් ලස්සනයි..
    සුපිරි..!!!

    ReplyDelete
    Replies
    1. අමතක නොවන කතාවක් තමා

      Delete
  21. මම නම් ඇත්තටම දැකල තියෙනවා :ඔ එත් තවම බයක් නම් දැනෙන්නේ නැහැ , හැබැයි මම ඇත්තම බය වෙලා හිටිය අර වියරු බෝනික්කා යි , මරණයන පිබිදුනු මිනිස්සු කියවලයි

    ReplyDelete
    Replies
    1. ඔව් ඒ බෝනික්කෝ නම් මාරම කතාවක් තමා

      Delete
  22. ඔන්න මම ආවා.මම කැමති විදිහේ කතාවක්.ඉතාම ලස්සනයි.දිගටම මේ වගේ කතා ලියන්න.ජය!!

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මේ පැත්තට ආවට ඉදිරියටත් මෙවැනි යමක් දෙන්නම්

      Delete
  23. නියමයි....මට මතක විදිහට ඔය කතාව පරණ මනහර සගරාවක කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. නැහැ මේක වෙන පොතක කතාවක්

      Delete
  24. සුපිරියි. ලස්සනට ලියලා තියෙනවා.

    ජය!

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි

      Delete
  25. නියම කතාව !
    ඊයේ රෑ කියවන්නත් ගිහින් ගොඩා....................ක් බය හිතෙයි කියල දැන් කියෙව්වේ ..:)ලියල තියන විදිහ නියමයි!

    ReplyDelete
    Replies
    1. රෑ කියෙව්වනම් සුකී ඇවිල්ලා නළල අතගාවී හිරුගේ

      Delete
  26. නියමයි. රචකයා කතාව ගොඩනගන ශෛලිය අපූරුයි. මැවිලා පේනවා.

    ReplyDelete
    Replies
    1. වීසා නැතුවම ඉංග්ලන්ඩ් යන්න පුළුවන්

      Delete
  27. මේ කතාව පුරාම ගුප්තකම පිරිලා. ඇත්තටම කතාව ලස්සනයි. අවුරුදු දෙසීයක් පැරණි ආදරයක්, ගොඩක් ආසාවෙන් කතාව කියෙව්වා, කතාව පුරාවටම සිතුවම් ඇඳිලා පෙනුනා, මම කල්පනා කලේ මට කොහොමද මේ කතාව කලින් මිස් වුනේ කියලා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි අන්න ඒ නිසයි කතාව වඩාත් ලස්සන ,මම හිතන්නේ ඔබ නියම වෙලාවට ආවේ

      Delete
  28. හැමෝම කිවුවා වගේ හරි ලස්සණ කතාව රොබින්..!

    ReplyDelete
    Replies
    1. සරත් හොල්මන් වලටනම් බය නැහැනේ නේද ? මකුළුවෝ නේද අවුල ?

      Delete
  29. viswasaya kohma unat hit adagana widihata liyala tiyanwa.
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි ඔබට ....

      Delete
  30. හොල්මන්ද පොල්කොළ කිව්වලු :)

    ReplyDelete
    Replies
    1. මේ "පුඩිම්" නේ

      Delete
  31. පරිවර්තනයක් නේද මරු මරු! මමත් කැමතියි මේ වගේ කතා කියවන්න!

    ReplyDelete
    Replies
    1. ඉස්සරහටත් දෙන්නම් හොද කතා ටිකක්

      Delete
    2. පිස්සු නොහැදි බේරුනා ඇති නේ.....
      මරු කතාව අයියා.....

      Delete
    3. @ශෝකාන්තය..
      බොහොම ඉස්තුතියි ,පිස්සු හදාගන්න ඔට්ටු නැහැ ඔන්

      Delete
  32. නිර්මාණාත්මකව ලස්සනට ලියලා තියෙනවා!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි ...!!!!

      Delete
  33. මේ කතාවේ සාර්ථකත්වයට හේතුව මම දකින විදියට මේක වචනෙන් වචනේ කරපු පරිවර්තනයක් නොවීම. මතකෙන් ලිව්වා කියන්නේ ඔයා ලියනවා වගේ නේ. ලියවෙන්නේ ඔයාගෙම වචනවලින්.
    මරු කතාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි ඔබගේ අදහස් දැක්වීම ගැන

      Delete