Saturday, December 29, 2012

"දාමිණී " නම් වූ ඇය

         
                    නැගණියනි ඔබ ජීවත්වූයේ  කුරිරු සමාජයකය ,එවන් තිරිසනුන් අතර ජීවත්වනවාට වඩා මිය යාම යහපත්ය මක්නිසාද යත් සමාජය ඔබව නැවත නැවතත් දුෂණය කිරීමට තරම් කුරිරු බැවිනි .ඔබට සිදුවූ අකටයුත්ත අවසාන සිදුවීම වන්නේ නැත මක්නිසාද යත් නීතීය වල්වැදී ඇති විටක අවනීතීය රජ කරන බැවිනි ,ඔබගේ දේශයේ "පුලාන් දේවිලා " බිහි වූයේ එබැවිනි
                                                  

                       මෙවන් පාපතරයන් මෙලොවට බිහිකෙරුවා වූ මවුවරුන් අද ,මෙවැනි අධමයන් මෙලොවට ජනිත කිරීම පිලිබදව කම්පාවෙනු නොඅනුමානයි මක්නිසාද යත් මෙවැනි අපරාධ සාධාරණීකරණය කිරීමට ,මෙවැනි අපරාධ නිසා කම්පානොවී සිටීමට හැකි මනුෂ්‍යයන් ලෝකයේ නොමැති බැවිනි
      
සෑම අයකුම මෙලොවට බිහිවන්නා වූ තිබිරිගෙය වන්නා වූ ගර්භාෂයක්  උල්වලින් ඇන විනාශ කිරීමට තරම් මේ තිරිසනුන් කුරිරු වූයේ කෙසේදැයි සිතා ගැනීමටවත් නොහැක ,නුබට සිදුවූ අසාධාරණය සදහා නියම දඩුවම ඒ තිරිසනුන්ට ලැබෙනා තෙක් අප ඇගිලි ගනිමින් බලා සිටිමු

නැගණියනි නුබට නිවන් සුව .....!!!!!

යලිත් මේ කුරිරු ලෝකයේ නොඉපදේවා ......!!!!!

(පාපතරයන් 6 දෙනෙකු අතින් විනාශ වූ ,අද දින අවසන් සුසුම් හෙලු "දාමිණී" නම් අන්වර්ථ නාමයෙන් හැදින්වූ සොයුරිය වෙනුවෙනි )

56 comments:

  1. මේක දකින දකින ගානේ මොනවද වෙනවා අප්පා ඇඟ ඇතුලේ...

    මේක කරපු උන්‌ට දෙන්න ඕනේ දඩුවම ගැන හැමෝම කියනවා.. මම නං කියන්නේ මේ කෙල්ලට කරපු ටිකම තමයි උන්ට කරන්න ඕනේ කියලා... ලිංගික හැකියාව නැති කරලා , මේක කළේ මුන් කියලා ලෝකෙටම පෙන්නලා ජීවත් වෙන්න සලස්සන්න ඕනේ.. මැරෙන්න දෙන්න හොඳ නෑ... හැම කෙනාටම මේ සත්තු ටික දකින දකින වාරයක් ගානේ මතක් වෙන්න ඕනේ මුන් කරපු තිරිසන් වැඩේ...

    ReplyDelete
    Replies
    1. අතට අහුවෙන මානේ මුන් හිටියනම් ඇත්තමයි හිරු මං මුන්ව මරලා හිරේ යනවා ....

      Delete
    2. මරණ එක මුන්ට සැප වැඩියි රොබින්....

      Delete
    3. ටික ටික මරන්න ඕන මුන්ව ...

      Delete
    4. http://www.mawbima.lk/86-11535-news-detail.html

      http://www.mawbima.lk/34-11496-news-detail.html


      එක්කෙනෙක්ව මරලා තව එකෙක් ඉතුරුයි. අද පත්තරේ

      Delete
  2. නැගණියනි ඔබට නිවන් සුව!
    මෙවන් පාපතරයන්ට අපායේ ගිනි ලැබේවා!

    ReplyDelete
    Replies
    1. මේ වගේ උන්ට ඒකත් සැප වැඩියි ...

      Delete
  3. මෙහෙව් අපරාධයක් වෙලත් අන්වර් මනතුංගලගේ සෙට් එක කියනවනේ කෙල්ල අසංවරව ඇඳං හිටිය හින්දයි ඔහොම උනේ කියලා.ඇත්තටම උන්ට ගහලා ඉන්ඩ ඕනේ ඔක්කොටම කළිං.

    ReplyDelete
    Replies
    1. උන් පිස්සෝ බං ,ගනන් ගන්න එපා උන්ව .

      Delete
    2. ඔය කාල කන්නි බල්ලෝ තමයි ඉස්සෙල්ලා මරන්ඩ ඕන

      Delete
    3. උඹටත් ඉතින් පෝස්ට් එකක් දාන්ඩ මෙහෙම යෙක් වෙන්ඩම ඕන , නරකද මේක වහලම දැම්මානං

      Delete
    4. @අටමෝ :- වැඩ ගොඩක හිරවෙලා බං මේ ටිකේ ඉන්නේ එකයි ලියන්න වෙලාවක් නැත්තේ

      Delete
  4. කෙල්ලක් හැටියට මට දැනෙන දේ කියා ගන්න බෑ...ඒ තරම් කලකිරෙනවා.
    සොයුරියේ...ඔබ ඉපදුන මේ අධම සමාජයේ ගැහැණියක ඇති තැන මේ නම්...ජාති ජාතිත් නොඉපදීයන් මෙවන් සමාජයක...

    ඔබට නිවන් සුව...මොක් සුව..අත්වේවා !

    ReplyDelete
    Replies
    1. පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ මේ වගේ දේවල් දැක්කම

      Delete
  5. ඔව් මරන්න හොද නැහැ , හැමෝටම පාඩමක් වෙන
    විදිහේ දඩුවමක් දුන්න නම් හරි .ඒ උනත් ඉන්දියාව
    කියන්නේ හිතාගන්න බැරි තරම් විවිදත්වයක් තියෙන රටක්.
    ඔය කෑ ගහන ගොඩක් දෙනා රැල්ලට එක එක දේවල් කියනවා
    මිසක් හැන්ගීමකින් කියනවා නෙවේ.ඔන්න බලන්න ඕක සති දෙකෙන්
    අමතකයි.තවත් එකම එක කතාවක් විතරක්ම වෙලා යාවි..
    එහෙම නොකර මේ පාරවත් මොකක් හෝ දෙයක් ඕව නවතින්න වේවා..

    ReplyDelete
    Replies
    1. එහෙම අමතක නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු

      Delete
  6. මේක කරපු උන් ගැන හිතට නැගෙන කෝපය මෙතැකැයි කියන්න බෑ, ඔබ දන්නවාද ඉන්දියාවේ කාන්තා දූෂණ අනුපාතය මිනිත්තු 20 කට 1 ක් ..පසුගිය වසරේ වාර්තාවූ සිද්දීන් ගණන 24000ක් .මතක තබාගන්න වාර්තා වූ සිදුවීම් ගණන.
    තොම්සන් රොයිටර්ගේ ට්‍රස්ට්ලෝව් නම් වෙබ් අඩවියට ගිහින් බැලුවොත් ඔබට පෙනේවි ඉන්දියාව ලෝකයේ කාන්තාවන්ට නරකම රටවල් 20න් එකක්. මෙන්න ලින්ක් එක.
    http://www.trust.org/trustlaw/news/special-coverage/g20women/

    ReplyDelete
    Replies
    1. නූගත් කම වැඩිවීම තමා ප්‍රධානම හේතුව මමනම් දකින විදියට .

      Delete
  7. අහස පොළව නුහුළන අපරාධය කළ වුන්ට දෙවියන්ම දඬුවම් ලබාදේවි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ,නැතහොත් මිනිසුන් තුල දෙවියන් කෙරේ ඇති විශ්වාසය නැතිවී යාවි

      Delete
  8. sis ඔබට නිවන් සුව!!!!

    ReplyDelete
  9. අපිට මේ දේ දැක්කම ඇතිවෙන දුක ඉන්දියාවෙ අයට ඒ විදිහටම දැනෙනවද කියන්න බෑ..
    මේ විදිහෙ අපරාධ කරන උන්ට දෙන්න ඕන නීති පොතේවත් නැති දඬුවම්!

    ReplyDelete
    Replies
    1. ලංකාවේ වගේ ආයුධ පෙන්නන්න එක්කන් යන සිස්ටම් එකක් ඉන්දියාවේ තිබුනනං හොදයි වගේ

      Delete
  10. මේ අපරාදේ කරපු කාලකන්ණින්ගේ ඇඟේ කෑලි කෑලි කපලා මරන්න ඕන..උන්ටනම් උන්ගේ අම්මලාවත් ඔය වැඩේට යොදා ගන්න පුළුවන් ඇති අපත බල්ලෝ...නොදකින් විතරක් මූසලයෝ හැත්ත....චික් විතරක්

    ReplyDelete
    Replies
    1. තාමත් නීතිය ක්‍රියාත්මක වෙයි කියලා විශ්වාස කරන්න බැහැ මුන්ට ..

      Delete
  11. ඇයට වරද කළ වරදකරුවන්ට නීතියෙන් නිසි දඬුවම් ලැබේවි කියලා විශ්වාස කරනවා. ලංකාවේ වුණත් මේ වගේ දේවල් සිදුවුණත් සමහර සිද්ධි ප්‍රසිද්ධියට පත් නොවීම කාලයේ වැල්ලෙන් වැසී යනවා... ලෝක විනාශයට අපි කිට්ටුයි වගේ

    ReplyDelete
    Replies
    1. විනාස වෙලා ගියා නම් අපිට මේ වගේ කාලකන්නි කතා අහන්න වෙන්නේ නැහැ ඒක අතකින් ....

      Delete
  12. ඉන්දියාවම ගිනි අවුලන්න කරපු නිසා මේවගේ පාපතරයන්ට දෙන්න ඒනෙ දඩුවම හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. වේදනාකාරී මරණයක් මොවුන්ට හිමිවිය යුතුමයි ....

      Delete
  13. ඕකුන්ව මරන්න ඕනේ දෙන්නතියෙන උපරිම දඬුවම් දීලා

    ReplyDelete
  14. තරුණ දියණියකගේ පියෙක් ලෙස මේ සිද්ධිය මා කම්පනයට පත් කළා. කෙසේවත් සමාව දියයුතු නොවේ. නඩු විමසිය යුත් ද නොවේ තාමත් ඇයි දඩුවම් ප්‍රමාද?

    ReplyDelete
    Replies
    1. සමස්ත ලෝකයාම දඩුවම තීරණය කර හමාරයි නමුත් ක්‍රියාත්මක කිරීම ප්‍රමාදයි

      Delete
  15. මේ වගේ කුජිත වැඩ කරන වුන්ට අරාබි දඬුවම් ලැබේවා!!!!!!

    ReplyDelete
    Replies
    1. මම අරාබි පාලන ක්‍රමයේ අනුමත කරනා එකම දේ එයයි

      Delete
  16. Replies
    1. කියන්න වචන නැහැ තමා බං

      Delete
  17. ඈයි මේ මිනිස්සු මේතරම් තිරිසන්නු වෙලා තියෙන්නෙ? අසන්වරව තියා දෙපතූල් වෑහෙන්න ඈන්දත් තිරිසන්නු ගෑනුන්ව නිරුවත් කරන්නෙ හිතින් නෙ... ඉතින් කොහොමද ජීවත් වෙන්නෙ?අනේ එහෙම දුශනය වෙන වෙලාවෙදි මේ කෙල්ලට මොන තරම් දේ හිතෙන්න ඈත්ද.....

    උන්ට නම් මොන දඩුවම දුන්නත් මදි

    ReplyDelete
    Replies
    1. සිල් මෑණීවරුන්ව / කන්‍යා සොහොයුරියන්ව කෙලසන තිරිසනුන් ඉන්න ලෝකෙක අනෙක් ස්ත්‍රීන් ගැන කවර කතාද ?

      Delete
  18. මුන්ව තියන්න වටින්නේ නැහැ......

    ReplyDelete
  19. මැරිය යුතුයි ප්‍රසිද්දියේ.

    ReplyDelete
  20. මුන්ට කරන්න ඕන දේ අපි කතාකරාට වැඩක් නෑ ..මේවට හරි දඬුවමක් ලැබෙන්නේ නෑනේ .. මාතෘකාව උණුසුම් කාලේදී කතා කරලා පස්සේ අමතක කරලා දානවා ..ඒකනේ වෙන්නේ ..මාධ්‍යත් පුළුවන් තරම් පුවත් විකුණගෙන කනවා විතරයි . අසාධාරනකම් වලට පිළියම් නෑ ..අනේ මන්ද ඉතිං
    ..........................
    ආදරණීය සොයුරියට නිවන් සුව !

    ReplyDelete
    Replies
    1. කාලයත් එක්ක මේ වගේ අසාධාරනකම් යටපත් වෙනවා ඒක ඇත්ත තමා රෙහානි, අපරාධකරන හුගක් උන් තමන් කරන අපරාධවලින් බේරෙන්න උදවුකර ගන්නෙත් ඒකම තමා හැබැයි කවදාවත් එ කිසිම කෙනෙක්ට තමන්ගේ හර්ද සාක්ෂිය කියන එකෙන් ගැලවෙන්න බැහැ .....

      Delete
  21. ගොඩක් කම්පාවට පත් කල සිදු වීමක්. නීතියේ අප්‍රාරිණික බවත්, මනුසත් බව වියැකීගෙන යන යුගයක පෙර නිමිතිත් තමයි මේවගෙන් පේන්නෙ. :(

    ReplyDelete
    Replies
    1. ලෝක විනාසේ වෙනවා මෙහෙම ගියොත් නිකන්ම

      Delete
  22. The skin i Live in ෆිල්ම් එකේ වගේ දඬුවමක් දෙන්න ඕන මල්ලී . . .

    ReplyDelete
    Replies
    1. ඔවු මුන්ව ගැනුන් කරලා දාන්න ඕන සිරාවට

      Delete
  23. මේ තිරිසනුන්ට අර හිරු අක්ක කියනවා වගේ විඳවලා මැරෙන්න දෙන්න ඕනේ.

    ඒ කෙල්ලගේ අන්‍යතාව රැකීම ගැන ඒ රටේ මාධ්‍ය හැසිරුණ විදිහ ගැන සතුටු වෙන්න පුළුවන් නේද..පස්සේ එයා ගැන විස්තර එලි වුනත්..? අපේ රටේ එහෙම වුනානම් දුෂණයට ලක්වෙච්ච කෙල්ලගේ ජාතකෙම පත්තරවල, ටීවී වල කෙල හල හල කියවයි...

    ReplyDelete
  24. මොනවා කියන්නද මන්ද බං... දැන් සේරම වෙලා ඉවරයි.. පව් ජීවිත.

    ReplyDelete
    Replies
    1. ඉදිරියේදීවත් මෙවන් විපත් නොවිය යුතුයි

      Delete
  25. කියන්න වදන් නෑ...රොබින්...මේ කෙල්ල මොන තරම් වේදනාවක් ඒ වෙලාවෙ විදින්න ඇතිද...මරණ දඩුවම තමයි මගේ ඉල්ලීම...

    ReplyDelete
    Replies
    1. ඔව් අනිවාර්යෙන්ම මරණ දඩුවම දියයුතුයි

      Delete