Thursday, December 6, 2012
ඔබත් "I hate politics" ද ?
ඔබ දේශපාලනය ප්‍රිය නොකරනවා වියහැක ඒය ඔබේ පෞද්ගලික මතයයි ,මමද මේ පවත්නා දේශපලන ක්‍රමය කෙරෙහි අප්‍රියතාවයක් දක්වන අයෙකු වෙමි නමුත් මෑත කාලීනව මුහුණ පොතේදි දුටු යම් කිසි සිදුවීමක් නිසා ඉහත කී මාතෘකාව ඔස්සේ කතා කතා කිරීමට සිතුනි
සර්ව ජන චන්ද බලය එහෙමත් නැත්නම් චන්ද අයිතිය යනු ,සාමාන්‍ය වැසියන් වන අප සැමට ඇති පරම අයිතියයි ,රටක ආණ්ඩුව වෙනස් කිරීමට කැරලි ගැසිය යුතු නැත /ආයුධ අතට ගෙන මිනී මැරිය යුතු නැත ඔබ සතුව පවත්නා ජන්ද බලය මැනවින් හැසිර වුයේ නම් ඕනෑම බලවත් කියා ගන්නා දේශපාලකයෙකු දන ගැස්විය හැක නමුත් අපේ රටේ අවාසනාවටදෝ අප හට එවැනි තත්වයක් අපගේ ජීවිත කාලය තුලදී දක්නට ලැබේදැයි සැක සහිතය .
රුපවාහිනියේ ඔස්සේ පුවත් පත් ඔස්සේ දේශපාලකයන් සිදු කරනා අකටයුතු කම් කොතෙක් දුටුවද නැවත නැවතත් ඔවුන්ව ඊලග වාරයේදීත් මහජන නියෝජිතයන් වශයෙන් අදාල ආයතනයන්ට පත්කර යැවීමට තරමි අපේ ජන්ද දායකයන් මන්ද බුද්ධික වී ඇත
කුඩු ජාවාරම් කරුවෙකු වීම /ගණිකා නිවාස හිමිකරුවෙකු වීම /හොර අරක්කු අලෙවි කරුවෙකුවීම /ස්ත්‍රී දුෂකයෙකු වීම/ළමා අපචාරකයෙකු වීම ජන්ද අපේක්ෂකයෙකු වීමේ නොනිල සුදුසුකම් ලෙස දැනටමත් ස්ථාවර වී ඇත ,ඒවැනි කණගාටුදායක තත්වයක් නිර්මාණය කරදීමේ මූලිකයන් වී ඇත්තේද අපිමය එබැවින් මඩු වලිගයෙන් තලා ගත යුත්තේ අපටමය ,
සමාජ ශාලා වල "එක්ස්ටසි" අලෙවි කිරීමේ නියෝජිතයා හමුදා බුද්ධි අංශ මේජර් වරයාට පහර දුන් පසු වැරදිකරුවා වනුයේ පහර කෑ මේජර් වරයායි ,ඔබ නොදන්නා නමුත් කටුක සත්‍යය වනුයේ අදාල මේජර් වරයා දැනට නිළයෙන් පහකොට සිරගත කොට ඇති බවයි .රාජකාරිය සදහා ගිය නිලධාරියාට වඩා නීතී විරෝධි කුඩ්ඩා, පාලකයන් මගින් ආරක්ෂා කර ඇත .
යකඩ වංචාවක් සදහා වරෙන්තු නිකුත් කර සිටිනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි බව පොලීසිය අධිකරණයට පවසයි එදිනම ඔහු නියෝජය පොලිස්පති වරයෙකු සමග මාධ්‍යයේ පෙනී සිටියි .
නීතිය බල්ලාට ගොස්ද? බල්ලා නීතියට ගොස්ද? යන්න ගැටලු සහගත වේ .
ඉහත සදහන් කලේ වර්තමාන සමාජයේ සිදුවන්නා වූ අකටයුතුකම් වලින් බිදක් පමණි සිදුවන්නා වූ දේවල් සවිස්තරාත්මකව ලිවීමට ගියහොත් ජීවිත කාලයම මදිවනු ඇත .
"අනේ අපි නම් පක්ෂ වලට කැමති නැහැ"
"අපි ඔය දේශපාලනයට කැමති නැහැ "
වැනි බොරු සෝබන කතා නවතා පවත්නා සමාජයේ ඇති වැරදි පිලිබදව තවත් එක අයෙකු හෝ දැනුවත් කල හැකිනම් සමාජය පිලිබදව අවබෝදයෙන් ජීවත්වේ නම් එය වඩාත් වැදගත් වේ .......
සෑම ජන්දයකදීම අප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වැඩිවෙමින් පවතී ,එයින් පිලිබිබුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ජනතාව දුරස් වන ආකාරයයි එය සැබවින්ම රට කටුක අනාගතයකට ගමන්කරවීමක් වෙනු නොඅනුමානයි , මක්නිසාද යත් එවිට දැලි පිහිය වදුරාට ලැබෙන "බැවිනි
එබැවින් කරුණාකර ඔබේ පරම අයිතිය රටේ අනාගතය සදහා වැඩදායී අන්දමට භාවිතාකරන්න ......
Subscribe to:
Post Comments (Atom)
අපි ඔක්කොම ඔය ඉන්න ෆැන්ටසියෙන් මිදිලා රට ගැන හිතනවා නම් අව්ලක් නෑ.ඒත් මිනිස්සුන්ට වෙනස් විදියකට හිතන්න පුරුදු කරවන ජාතික නායකත්වයක් නැති එකයි අව්ල..
ReplyDeleteඅනේ මන්දා රටේ අවාසනාව කියලා මටනම් හිතෙන්නේ
Deleteමොකෑ බං කොහාටද දාන්න තියෙන්නේ.. අපි එන්නං දාන්න...
ReplyDeleteඅපෝ මේ ලිපිය දැම්මේ චන්දෙ බලාගෙන නම් නෙමේ
Deleteමාත් ඔය චන්දෙ නම් නොදා ඉඳල තියනවා :)
ReplyDeleteආ මේ ඉන්නේ මේ ජාතියේ එක්කෙනෙක්
Deleteමේක නම් නියමයි රොබින්. කෙටියෙ න් සරලව ඉතාම පැහැදිලිව කියන්න ඕනෙ ටික කියලා තියෙනවා.
ReplyDeleteඅපේ මිනිස්සු මේ ටික තේරුම් ගන්නවා නම් කොච්චර දෙයක්ද ..?
Deleteඔබ කියන දේ ඇත්ත. ඡන්දදායකයා අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්..
ReplyDeleteජන්දදායකයා ඉන්නේ ස්වයං මුලාවක ....
Deleteමාත් ඕක කරන්න හිතනකොට අපේ තාත්තා කිව්වෙත් මේ ටිකම තමයි....
ReplyDeleteදැන්වත් හිතට ගත්තොත් හරි නේද මේ ටික ?
Deleteඇත්ත මචන් ඊයේ මන් දන්නා කෙනෙක් හම්බෙලා කතා කළා.
ReplyDeleteමිනිහ කියන්නේ දැන් ලංකාව නම් ගන්න දෙයක් නැහැලු..
ඔක්කොම වැරදි ටික .එයාම කිව්වා.පස්සේ මන් ටිකක් කතා
කරද්දී ඕව හදන්න බැහැ , මට නම් කමක් නැහැ , මන් පාඩුවේ
ඉන්න කෙනා වගේ දේවල් කියල පැත්තකට උනා..මන් තේරුම් ගත්ත
මිනිස්සු කියන්න දේවල් නැති කමට කියවනවා මිස කිසිම කෙනෙක්ට
මේකට මොනවා උනත් කමක් නැහැ ..
රටක පරිහානියේ මූලික ලක්ෂණ තමා එ
Deleteඔන්න කේන්තිය ඇවිස්සුවා..
ReplyDeleteමමත් හිතාගෙන ඉන්නේ කාට හරි චන්දෙ දෙන්න..
කේන්ති ගියා කියන්නේ ලිපිය වැඩ කරනවා කියන එක ,එල එළ ඇ
Deleteඅපිත් එකපාරක් මෙහෙම කලා. පස්සෙ ඒකත් හොරට දමන්න පුළුවන් නිසා කොහොම හරි චන්දෙ දමනවා.
ReplyDeleteඔව් එක ඇත්ත ,මැරිච්ච උනුත් ඇවිත් චන්දෙ දාන කාලයක්නෙ මේක
Deletehmmm ewwa ehema thamai,
ReplyDeleteඑහෙම වෙලත් බැහැනේ
Deleteකාට හරි නොදුන්නත් ඡන්ද පොලට ගිහින් කුරුටු ගාල හරි වරෙල්ලා
ReplyDeleteඔව් ඔව් නැත්තන් එකත වෙන එකෙක් දාවි........
Delete@ සෑම් :- ඔව් එතකොට ප්‍රතිශතය හරි අඩුවෙනවනේ
Delete@ මානවක :- උබේ එකත් දානවා ඇති උබ මෙහෙ ඉන්නකොට
Deleteමමත් පහුගිය ඡන්ද කීපයකම කලේ ඕක.
Deleteප්‍රශ්නේ තියෙන්නේ නුගත් මිනිස්සු, බත් පැකට් එකට,රුපියල් සීයට ඒ ඡන්දේ පාවිච්චි කරන එක.
ReplyDeleteඔව් ජාතියේ අවසනාව ඒක
Deleteඅපි මේවා ගැන කතා කරනවා.ඒත් එකතු වෙලා මේවා වෙනස් කරන්න පෙළඹෙන්නේ නෑ.අපෙත් කරුමේ.රටෙත් කරුමේ..
ReplyDeleteතවත් මේවා බලන් ඉන්නවද
Deleteමම තාම ඡන්දේ දාලා නෑ.. මට ඡන්ද කාඩ් එද්දි මං ලංකාවෙත් නෑ.. දැන් නම් හැබැයි කාටවත් දාන්න අදහසකුත් නෑ..
ReplyDeleteගිහිල්ලා අවලංගු කරලා හරි දාන්න
Deleteමාත් ඉන්නෙ ඔය මතේම තමා. ජන්ද බලය පාවිච්චි නොකරනවා කියන්නෙත් නූගත් කමක්.
ReplyDeleteසත්තකින්ම
Deleteකොච්චර කිව්වත් රොබින් අයියේ අපේ මිනිස්සු හදන්න බැහැ. ජන්දේ දැම්මේ නැත්නම් හොර ජන්ද දමාවි. අනේ මන්ද රට කවද හැදෙයිද කියල
ReplyDeleteඅනේ මන්දා කවදා අපේ රට හැදෙයිඩ කියලා
Deleteලංකාවේ දේශපාලන සදාචාරයක් තිබ්බ නම් තිබ්බෙ 77 ට කලියෙන්... දැන් තියෙන්නෙ දේශපාලනය කියන විගඩම් නාටකයක්..
ReplyDeleteඅපි ඒ නාට්ටියෙ ප්‍රේක්ශකයො
Deleteචන්දෙ නොදැම්මා කියල මේකට විසඳුමක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ජනතාව යම්කිසි බුද්ධිමය සංවාදයක් ගොඩනැගිය යුතු කාලය එළඹ තියෙනවා.
ReplyDeleteඔව් ඒක තමා ඇත්තටම කාලීන අවශයතාවය
Deleteමම නම් හිතන්නෙ හිතට එකඟ ව ඡන්දයක් දෙන්න හරි හමන් එකෙක් නැති නිසයි බහුතරයක් ඡන්දෙ නොදෙන්නෙ... ඉන්න එවුන්ට දීලා පව් කරගන්න ඕන නෑ කියලා හිතලා!
ReplyDeleteගිහිල්ලා කටු ගාලා හරි ආවනම් හරිනෙ
Deleteමට තවම ඡන්දෙ නෑ.. :) ලැබුනත් දාන්නෙ නෑ..
ReplyDeleteමමනම් ඒක අනුමත කරන්නෙ නැහැ
Deleteහ්ම්ම්...
ReplyDeleteරොබින්ගේ කතාව ඇත්ත..
මමත් මෙච්චර කාලයක් ඔය විදිහට චන්දෙ නොදාපු කෙනෙක් ... ඒත් මේක කියෙව්වහම නම් හිතුන ජාතියටම ලොකු වෑරෑද්දක් කලා වගේ... ඒත් ඉතින් අර සෑම් කියනව වගේ කුරුටු ගාල එන්න තමයි වෙන්නෙ නෑත්නම් අද චන්දෙ දෙන්න පුලුවන්, විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් කොහෙන්ද හොයන්නෙ? හෑමෝම මඩිය තර කරගෑනීමේ අරමුනින් ආපු අය...
ReplyDeleteමේක නම් සහතික ඇත්ත. මාත් කියන්නේ ඔය නිකං දෙන එක දාල දාන්න කියල...
ReplyDeleteසමහර මිනිසුන් පාරම්පරාවේ උරුමයක් සේ පක්ෂ රකිනවා. අවසානේ වංසේ කබල් ගානාවා. අවස්තාවේ හැටියට වඩාත් සුදුසු කුමක්ද යන්න තෝරා ගැනීමට අද සමහරුන් පෙලෙබෙනුයේ නැහැ. එයට තවත් එක හේතුවක් බලපානවා. එනම් ජනතාව අතර වූ දේශපාලන දැනුමේ ඌණතාවය යි.
ReplyDeleteනමුත්, ඔහු සිතනුයේ නැහැ විඳවන්නේ සියලුම දෙනා බව....
Las Vegas casino reopens after $1 bln - Dr. Maryland
ReplyDeleteAfter a review by Dr. 문경 출장마사지 Maryland, 과천 출장샵 the 충주 출장마사지 casino is ready to reopen on April 동해 출장샵 15. The 동두천 출장샵 hotel features 569 guest rooms, a 24-hour casino,