Thursday, December 6, 2012

ඔබත් "I hate politics" ද ?

                                                                                                                                             
                        ඔබ  දේශපාලනය ප්‍රිය නොකරනවා වියහැක ඒය ඔබේ පෞද්ගලික මතයයි ,මමද මේ පවත්නා දේශපලන ක්‍රමය කෙරෙහි අප්‍රියතාවයක් දක්වන අයෙකු වෙමි නමුත් මෑත කාලීනව මුහුණ පොතේදි දුටු යම් කිසි සිදුවීමක් නිසා ඉහත කී මාතෘකාව ඔස්සේ කතා කතා කිරීමට සිතුනි

               සර්ව ජන චන්ද බලය එහෙමත් නැත්නම් චන්ද අයිතිය යනු ,සාමාන්‍ය වැසියන් වන අප සැමට ඇති පරම අයිතියයි ,රටක ආණ්ඩුව වෙනස් කිරීමට කැරලි ගැසිය යුතු නැත /ආයුධ අතට ගෙන මිනී මැරිය යුතු නැත ඔබ සතුව පවත්නා ජන්ද බලය මැනවින් හැසිර වුයේ නම් ඕනෑම බලවත් කියා ගන්නා දේශපාලකයෙකු දන ගැස්විය හැක නමුත් අපේ රටේ අවාසනාවටදෝ අප හට එවැනි තත්වයක් අපගේ ජීවිත කාලය තුලදී දක්නට ලැබේදැයි සැක සහිතය .

                       රුපවාහිනියේ ඔස්සේ පුවත් පත් ඔස්සේ   දේශපාලකයන් සිදු කරනා අකටයුතු කම්  කොතෙක් දුටුවද නැවත නැවතත් ඔවුන්ව ඊලග වාරයේදීත් මහජන නියෝජිතයන් වශයෙන් අදාල ආයතනයන්ට පත්කර යැවීමට තරමි අපේ ජන්ද දායකයන් මන්ද බුද්ධික වී ඇත  

                       කුඩු  ජාවාරම් කරුවෙකු වීම  /ගණිකා නිවාස හිමිකරුවෙකු වීම  /හොර අරක්කු අලෙවි කරුවෙකුවීම /ස්ත්‍රී දුෂකයෙකු වීම/ළමා අපචාරකයෙකු වීම  ජන්ද අපේක්ෂකයෙකු වීමේ නොනිල සුදුසුකම් ලෙස දැනටමත් ස්ථාවර වී ඇත ,ඒවැනි කණගාටුදායක තත්වයක් නිර්මාණය කරදීමේ මූලිකයන් වී ඇත්තේද අපිමය එබැවින් මඩු වලිගයෙන් තලා ගත යුත්තේ අපටමය  ,

     සමාජ ශාලා වල "එක්ස්ටසි" අලෙවි කිරීමේ නියෝජිතයා හමුදා බුද්ධි අංශ මේජර් වරයාට පහර දුන් පසු වැරදිකරුවා වනුයේ   පහර කෑ මේජර් වරයායි ,ඔබ නොදන්නා නමුත් කටුක සත්‍යය වනුයේ අදාල මේජර් වරයා දැනට නිළයෙන් පහකොට සිරගත කොට ඇති බවයි .රාජකාරිය සදහා ගිය නිලධාරියාට වඩා නීතී විරෝධි  කුඩ්ඩා, පාලකයන්  මගින් ආරක්ෂා කර ඇත .

   යකඩ වංචාවක් සදහා වරෙන්තු නිකුත් කර සිටිනා පුද්ගලයා සොයා ගැනීමට නොහැකි බව පොලීසිය අධිකරණයට පවසයි එදිනම ඔහු නියෝජය පොලිස්පති වරයෙකු සමග මාධ්‍යයේ  පෙනී සිටියි .

නීතිය බල්ලාට ගොස්ද?  බල්ලා නීතියට ගොස්ද? යන්න  ගැටලු  සහගත වේ .

ඉහත සදහන් කලේ වර්තමාන සමාජයේ සිදුවන්නා වූ අකටයුතුකම් වලින් බිදක් පමණි සිදුවන්නා වූ දේවල් සවිස්තරාත්මකව ලිවීමට ගියහොත් ජීවිත කාලයම මදිවනු ඇත .

"අනේ  අපි නම් පක්ෂ වලට කැමති නැහැ"

"අපි ඔය දේශපාලනයට කැමති නැහැ "

වැනි බොරු සෝබන කතා නවතා පවත්නා සමාජයේ ඇති වැරදි පිලිබදව තවත්  එක අයෙකු හෝ දැනුවත් කල හැකිනම් සමාජය පිලිබදව අවබෝදයෙන් ජීවත්වේ නම්  එය වඩාත් වැදගත් වේ .......

           සෑම ජන්දයකදීම අප්‍රකාශිත චන්ද ප්‍රතිශතය වැඩිවෙමින් පවතී ,එයින් පිලිබිබුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් ජනතාව දුරස් වන  ආකාරයයි  එය සැබවින්ම රට කටුක අනාගතයකට ගමන්කරවීමක් වෙනු නොඅනුමානයි , මක්නිසාද යත් එවිට දැලි පිහිය වදුරාට ලැබෙන "බැවිනි 

එබැවින්  කරුණාකර ඔබේ පරම අයිතිය රටේ අනාගතය සදහා වැඩදායී අන්දමට භාවිතාකරන්න ......
                                                             


       

48 comments:

  1. අපි ඔක්කොම ඔය ඉන්න ෆැන්ටසියෙන් මිදිලා රට ගැන හිතනවා නම් අව්ලක් නෑ.ඒත් මිනිස්සුන්ට වෙනස් විදියකට හිතන්න පුරුදු කරවන ජාතික නායකත්වයක් නැති එකයි අව්ල..

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රටේ අවාසනාව කියලා මටනම් හිතෙන්නේ

      Delete
  2. මොකෑ බං කොහාටද දාන්න තියෙන්නේ.. අපි එන්නං දාන්න...

    ReplyDelete
    Replies
    1. අපෝ මේ ලිපිය දැම්මේ චන්දෙ බලාගෙන නම් නෙමේ

      Delete
  3. මාත් ඔය චන්දෙ නම් නොදා ඉඳල තියනවා :)

    ReplyDelete
    Replies
    1. ආ මේ ඉන්නේ මේ ජාතියේ එක්කෙනෙක්

      Delete
  4. මේක නම් නියමයි රොබින්. කෙටියෙ න් සරලව ඉතාම පැහැදිලිව කියන්න ඕනෙ ටික කියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සු මේ ටික තේරුම් ගන්නවා නම් කොච්චර දෙයක්ද ..?

      Delete
  5. ඔබ කියන දේ ඇත්ත. ඡන්දදායකයා අවබෝධයෙන් සිටීම ඉතාම වැදගත්..

    ReplyDelete
    Replies
    1. ජන්දදායකයා ඉන්නේ ස්වයං මුලාවක ....

      Delete
  6. මාත් ඕක කරන්න හිතනකොට අපේ තාත්තා කිව්වෙත් මේ ටිකම තමයි....

    ReplyDelete
    Replies
    1. දැන්වත් හිතට ගත්තොත් හරි නේද මේ ටික ?

      Delete
  7. ඇත්ත මචන් ඊයේ මන් දන්නා කෙනෙක් හම්බෙලා කතා කළා.
    මිනිහ කියන්නේ දැන් ලංකාව නම් ගන්න දෙයක් නැහැලු..
    ඔක්කොම වැරදි ටික .එයාම කිව්වා.පස්සේ මන් ටිකක් කතා
    කරද්දී ඕව හදන්න බැහැ , මට නම් කමක් නැහැ , මන් පාඩුවේ
    ඉන්න කෙනා වගේ දේවල් කියල පැත්තකට උනා..මන් තේරුම් ගත්ත
    මිනිස්සු කියන්න දේවල් නැති කමට කියවනවා මිස කිසිම කෙනෙක්ට
    මේකට මොනවා උනත් කමක් නැහැ ..

    ReplyDelete
    Replies
    1. රටක පරිහානියේ මූලික ලක්ෂණ තමා එ

      Delete
  8. ඔන්න කේන්තිය ඇවිස්සුවා..

    මමත් හිතාගෙන ඉන්නේ කාට හරි චන්දෙ දෙන්න..

    ReplyDelete
    Replies
    1. කේන්ති ගියා කියන්නේ ලිපිය වැඩ කරනවා කියන එක ,එල එළ ඇ

      Delete
  9. අපිත් එකපාරක් මෙහෙම කලා. පස්සෙ ඒකත් හොරට දමන්න පුළුවන් නිසා කොහොම හරි චන්දෙ දමනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත ,මැරිච්ච උනුත් ඇවිත් චන්දෙ දාන කාලයක්නෙ මේක

      Delete
  10. කාට හරි නොදුන්නත් ඡන්ද පොලට ගිහින් කුරුටු ගාල හරි වරෙල්ලා

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් නැත්තන් එකත වෙන එකෙක් දාවි........

      Delete
    2. @ සෑම් :- ඔව් එතකොට ප්‍රතිශතය හරි අඩුවෙනවනේ

      Delete
    3. @ මානවක :- උබේ එකත් දානවා ඇති උබ මෙහෙ ඉන්නකොට

      Delete
    4. මමත් පහුගිය ඡන්ද කීපයකම කලේ ඕක.

      Delete
  11. ප්‍රශ්නේ තියෙන්නේ නුගත් මිනිස්සු, බත් පැකට් එකට,රුපියල් සීයට ඒ ඡන්දේ පාවිච්චි කරන එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ජාතියේ අවසනාව ඒක

      Delete
  12. අපි මේවා ගැන කතා කරනවා.ඒත් එකතු වෙලා මේවා වෙනස් කරන්න පෙළඹෙන්නේ නෑ.අපෙත් කරුමේ.රටෙත් කරුමේ..

    ReplyDelete
    Replies
    1. තවත් මේවා බලන් ඉන්නවද

      Delete
  13. මම තාම ඡන්දේ දාලා නෑ.. මට ඡන්ද කාඩ් එද්දි මං ලංකාවෙත් නෑ.. දැන් නම් හැබැයි කාටවත් දාන්න අදහසකුත් නෑ..

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා අවලංගු කරලා හරි දාන්න

      Delete
  14. මාත් ඉන්නෙ ඔය මතේම තමා. ජන්ද බලය පාවිච්චි නොකරනවා කියන්නෙත් නූගත් කමක්.

    ReplyDelete
  15. කොච්චර කිව්වත් රොබින් අයියේ අපේ මිනිස්සු හදන්න බැහැ. ජන්දේ දැම්මේ නැත්නම් හොර ජන්ද දමාවි. අනේ මන්ද රට කවද හැදෙයිද කියල

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා කවදා අපේ රට හැදෙයිඩ කියලා

      Delete
  16. ලංකාවේ දේශපාලන සදාචාරයක් තිබ්බ නම් තිබ්බෙ 77 ට කලියෙන්... දැන් තියෙන්නෙ දේශපාලනය කියන විගඩම් නාටකයක්..

    ReplyDelete
    Replies
    1. අපි ඒ නාට්ටියෙ ප්‍රේක්ශකයො

      Delete
  17. චන්දෙ නොදැම්මා කියල මේකට විසඳුමක් ලැබෙන්නෙ නෑ. ඒ වෙනුවට ජනතාව යම්කිසි බුද්ධිමය සංවාදයක් ගොඩනැගිය යුතු කාලය එළඹ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක තමා ඇත්තටම කාලීන අවශයතාවය

      Delete
  18. මම නම් හිතන්නෙ හිතට එකඟ ව ඡන්දයක් දෙන්න හරි හමන් එකෙක් නැති නිසයි බහුතරයක් ඡන්දෙ නොදෙන්නෙ... ඉන්න එවුන්ට දීලා පව් කරගන්න ඕන නෑ කියලා හිතලා!

    ReplyDelete
    Replies
    1. ගිහිල්ලා ක‍ටු ගාලා හරි ආවනම් හරිනෙ

      Delete
  19. මට තවම ඡන්දෙ නෑ.. :) ලැබුනත් දාන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. මමනම් ඒක අනුමත කරන්නෙ නැහැ

      Delete
  20. හ්ම්ම්...
    රොබින්ගේ කතාව ඇත්ත..

    ReplyDelete
  21. මමත් මෙච්චර කාලයක් ඔය විදිහට චන්දෙ නොදාපු කෙනෙක් ... ඒත් මේක කියෙව්වහම නම් හිතුන ජාතියටම ලොකු වෑරෑද්දක් කලා වගේ... ඒත් ඉතින් අර සෑම් කියනව වගේ කුරුටු ගාල එන්න තමයි වෙන්නෙ නෑත්නම් අද චන්දෙ දෙන්න පුලුවන්, විශ්වාස කරන්න පුලුවන් කෙනෙක් කොහෙන්ද හොයන්නෙ? හෑමෝම මඩිය තර කරගෑනීමේ අරමුනින් ආපු අය...

    ReplyDelete
  22. මේක නම් සහතික ඇත්ත. මාත් කියන්නේ ඔය නිකං දෙන එක දාල දාන්න කියල...

    ReplyDelete
  23. සමහර මිනිසුන් පාරම්පරාවේ උරුමයක් සේ පක්ෂ රකිනවා. අවසානේ වංසේ කබල් ගානාවා. අවස්තාවේ හැටියට වඩාත් සුදුසු කුමක්ද යන්න තෝරා ගැනීමට අද සමහරුන් පෙලෙබෙනුයේ නැහැ. එයට තවත් එක හේතුවක් බලපානවා. එනම් ජනතාව අතර වූ දේශපාලන දැනුමේ ඌණතාවය යි.
    නමුත්, ඔහු සිතනුයේ නැහැ විඳවන්නේ සියලුම දෙනා බව....

    ReplyDelete
  24. Las Vegas casino reopens after $1 bln - Dr. Maryland
    After a review by Dr. 문경 출장마사지 Maryland, 과천 출장샵 the 충주 출장마사지 casino is ready to reopen on April 동해 출장샵 15. The 동두천 출장샵 hotel features 569 guest rooms, a 24-hour casino,

    ReplyDelete