Wednesday, January 9, 2013

වෙනස

      
     නුබ මරා දැම්මේ 
    නන්නාදුනන  රටක 
    වැරදි කරුවෙක් වී 
    සත් වසක් විදවා 


අප මියයන්නේ 
අපගේම මවු බිමේ 
නිවැරදි කරුවෙකු වී
ජීවිතයම විදවා


                                                                          අනන්ත  වූ දුප්පත් කම නිසා සිය කුටුම්භය රැක ගැනීම පිණිස විදේශ ගතවූ අපේම සොහොයුරියට ජාතිය ආගම කිනම් වර්ගයක උවත් "නිවන් සුව අත්වේවා " යැයි පතමි .
   
                        ගෘහ  සේවිකාවන් වශයෙන් නුපුහුණු ශ්‍රමිකයන් යැවීම දැන්වත් නවතමු .....!!!!!!!!


25 comments:

  1. නියම ලිපියක්..

    අපි අපේ රටේම නිවැරදි කරුවන් වී මිය යන්නේ නීතියේ බාල බව නිසාය. මෙහෙ නීතිය පාර්ලිමේන්තුවට යටයි.

    ජය වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. ඇයි අමතකද උත්තරීතරයිලුනේ ....!!!

      Delete
  2. අප මියයන්නේ
    අපගේම මවු බිමේ
    නිවැරදි කරුවෙකු වී
    ජීවිතයම විදවා

    මේක නම් හද පතුලටම වැදුනා...විප්ලවීය කවියක්....මට මතක උනේ නන්දා මාලනියගේ පවනේ සින්දුවක්..."සාධු ගණ ජන මනා"

    ReplyDelete
    Replies
    1. අදාළ සිදුවීම ඊටත් වඩා හිතට වැදුනා

      Delete
  3. කොනදක් ඇත්නම් පාලකයිනි.
    නවතා දමව්...රටපටවන...ගිනි.

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු වෙන්න එපා කවදාවත් ඒ දේ ,මොකද අපේ පාලකයෝන්ට කොන්දක් කොහෙත්ම නැහැ ..

      Delete
  4. ජාතිය ආගම මොනවා උනත්..ඈ අපි වගේම කාන්තාවක්.. ඇය නිකරුනේ ජීවිතය විඳවා ජීවිතයෙන් වන්දි ගෙව්වා..ඇයට නිවන් සුව- මොක් සුව අත්වේවා !

    ReplyDelete
    Replies
    1. දුප්පත්කම නිසා වුනු අකටයුත්තක් ....

      Delete
  5. රිසානාගේ අළුගෝසුවා මහින්ද ද?
    http://mahasenmonarawila.blogspot.com/

    ReplyDelete
    Replies
    1. එක විදියකට එහෙමත් හිතෙනවා

      Delete
  6. ඇත්ත ඒක තමයි රොබින්.. වැඩිදෙනෙක් තමුන්ගෙ රටේම මැරි මැරි උපදිනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න හැමතැනම ප්‍රශ්න ...

      Delete
  7. මේ වගේ රට වලට සේවිකාවන් නොයැවිය යුතුයි කියන එක තමයි මගෙත් අදහස. මේ අන්ත අසරණ මිනිස්සු ගෘහ සේවයට යන තත්වයට නොකර ඒ ශ්‍රමයෙන් රටට වැඩක් ගන්නේ නැති එක තමයි ලොකුම ගැටලුව. පාලකයින් කවදා අවංකව රට ගැන, රටේ මිනිස්සු ගැන හිතයි ද.. හීනයක් විතරයි.

    ReplyDelete
  8. ඇත්තටම ඒ සිද්ධිය වලක්වගන්න හැකියාවක් තිබුනෙම නැද්ද අපේ රටට

    ReplyDelete
  9. තමන්ගේම ආගමේ මිනිස්සු තිරිසන්නු වගේ මරලා දාන ආගමක් මෙච්චර කල් ලෝකේ පවතිනවා කියන එකත් පුදුමයක්....හිතට දුකයි එත් ඇත්ත ඒකයි

    ReplyDelete
  10. එළ කිරි.. නිකං දැලි පිහියක් වගේ...

    ReplyDelete
  11. අන්ත අසරන අපේ රටේ සොයුරියන් මේ අසමත්ජාති රටවල කඹුරන්න යවන උන්ට තමයි හෙන වැදෙන්නෙ.

    ReplyDelete
  12. ගෑනු රට ඇරලා හම්බකරං ආතල් අරගෙන ලොකුවට කියන්වත් එක්ක "අපිට ලොකුම විදේශ විනිමයක් ගේන්නේ අපේ අපේ අක්කලා අම්මලා......."

    ReplyDelete
  13. ශරියා නීතිය හමුවේ දුප්පත්කමේ පතුලේ සැඟවී සිඳීගිය මල් කැකුල.

    ReplyDelete
  14. //අප මියයන්නේ
    අපගේම මවු බිමේ
    නිවැරදි කරුවෙකු වී
    ජීවිතයම විදවා///

    කියන්න කිසිවක් නැත..

    ReplyDelete