Wednesday, August 29, 2012

බැරිනම් ගෙදර පල ....


                                       මුලින්ම ඕලෙවල් වලට කෙලියා ප්‍රශ්න පත්තර වල කුණුහරුප ප්‍රින්ට් කරලා ,පාර්ලිමේන්තුවේ  මේවා ගැන අහන කොට උත්තර දෙන්නේ නැතුව අර 8 වත් පාස් නැති හරක් හොරකම් කරපු අද්යාපන නියෝජය ඇමති වලිගෙ උස්සගෙන තපුල්ලලා උම්බෑ කියලා තමුන්ගේ ජාතියේ හැටි පෙන්නුම් කළා හැබැයි කිසිම විසදුමක් නැහැ ...


                                             ඊට පස්සේ ඊසෙඩ් මගුලෙන් එලේවල් වලට කෙලියා,ප්‍රතිපල වරද්ද වරද්ද එවනකොට ඒවාට වන්දි ගෙව්වේ අහිංසක ළමයි ඇතිවෙච්ච පීඩනය දරාගන්න බැරි උණු සමහරු වහ බිව්වා සමහරු බෙල්ලේ වැල දාගත්තා සමහරු මානසික රෝගීන් උනා ,වෙන මොකක්වත් කරන්න ගිහින් නෙමෙයි ඉහලටම ඉගෙන ගන්න ගිහින්
                            ප්‍රතිපලය බේරුම් කරගන්න බැරුව තාමත් සිසුන් මහා මග ,උසාවි ගානේ රස්තියාදු වෙනවා හැබැයි විසදුමක් නැහැ ....

      දැන් ශිෂ්‍යත්වේ පේපර් එක කලින් එලියට දාළලු ,හැබැයි මේ ඔක්කොම කරලත් බන්දුල ගොයියා කියනවා මේවා කුමන්ත්‍රනලු රටේ විභාග ගැන මිනිස්සුන්ට කල කිරවන්න කරන  කුමන්ත්‍රනලු මේවට හිනාවෙන්නේ කොයි පැත්තෙන්ද කියලා හිතාගන්නත් බැහැ

සරසවි සිසුන් මේ ලිපිය ලියන මොහොතේදීත් පිකට් කරනවා පාලකයෝ ඔවුන්ගේ ප්‍රශ්නවලට ව්සදුම් දෙන්නේ කදුළු ගෑස් වලින් /බැටන් පොලුවලින් /ජල පීඩන වලින් ඒවායින් ප්‍රශ්න තවත් වැඩිවෙනවා මිසක් විසදුමක් වෙයිද ? කැම්පස් දැනට මාස දෙකහාමාරකට කිට්ටුවෙන්න වහලා තියෙන එකට විසදුමක් දෙන්න බැරිනම් අද්‍යාපන ඇමතිලා /උසස් අද්‍යාපන ඇමතිලා ඉන්නේ මොකටද .......?

                      දහසකුත් බලාපොරත්තු තියාගෙන ඉගෙන ගන්න රටේ අනාගත පරපුරේ බලාපොරොත්තු නැතිකරන්න එපා ....!!!!                              


දවසකට BLACK LABELභාගයක් ගහලා තමන්ගේ  අමාත්‍යාශයේ තීරණ ගන්න උන් එක්ක කොහොමද අධ්‍යාපනය නගාසිටවන්නේ ..... ?
                                    බැරිනම් ගෙදර පලයන් ,පුළුවන් එකෙක් කරයි .......!!!!!
              නැත්නම් මේත් හොදා මොකද එතකොට උබලට වියදම් කරන රටේ  සල්ලි හරි ඉතුරුයිනේ

60 comments:

  1. අම්මපා මචං මට දුන්නොත් ඔයිට වඩා හොඳට ඕක කරන්ඩ ඇහැකි.ඔය වෙන උන්ගේ කුමන්ත්‍රණ නං යකෝ කෝ අල්ලලා දඬුවම් කරපියවුකෝ.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං අධ්‍යාපන ක්‍රමය ගැන අවබෝදයක් නැති උන් ඔක්කොම ඉන්නේ

      Delete
  2. සත්‍ය කතාව ... මාත් අහල තියෙනවා.. "කරතොත් කරපන් හරියට. බැරිනම් පලයන් ගෙරදට" කියල...

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මුන් අහලා නැති එකනේ වැඩේ ...

      Delete
  3. ඒක නම් ඇත්ත.අනේ මන්දා මුං නම්

    ReplyDelete
  4. මමත් කියන්නේ අන්තිම පින්තූරේ තියන ටික තමා... හයියෙන්ම.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  5. මෙවුවා කියන කට බිම උලා ගන්නවා හොදයි...
    වැඩක් නෑ බං කියලා..
    රටේ හරක් ටිකක් ඉන්නකං මුන්ට ඡන්දෙ දෙන්න..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මුලින්ම හැදෙන්න ඕන මුන්ට චන්දෙ දෙන උන් ....

      Delete
  6. කාට කියන්නද මේවා. වැඩි කාලයක් නම් මේ විදිහට රටක් ගෙනියන්න බැරි වෙයි

    ReplyDelete
    Replies
    1. වැඩි කාලයක් මේ විදියට ගියොත් රටම ඉවරයි

      Delete
  7. දැන් බලං ගියාම ඡන්දෙ දෙන එවුන් නැහැ. ඒත් මේකා දිනනවනේ ?

    ReplyDelete
    Replies
    1. මෙකා කිව්වේ කොයි එකාද...ජනාධිපතිද අද්‍යාපන ඇමති ද

      Delete
    2. @sAm (සෑම්)- කොම්පියුටර් ජිල්මාට් නොවැ

      Delete
    3. @Raj-දෙන්නම මගේ හිතේ ..

      Delete
  8. කියනන් තියෙන්නේ ඉතින් කාලකන්නින්ට කරන්න බැරිනම් සද්ද වහල යන්න කියන එකයි කරන්න පුළුවන් එකෙක්ට දෙන්න කියන එකයි විතරයි හොඳ පොස්ටුවක් රොබින්

    ReplyDelete
    Replies
    1. මුන්ගේ බොරු ටෝක් තමයි අල්ලන්නේ නැත්තේ

      Delete
  9. අද නම් ගමන් මහන්සිය නිවාගන්ඩ බැරුවා ඇයි බොලේ ඇඟ රත්වෙන්ටනේ ලියාලා තියෙන්නේ...

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මේ ටිකේම මේවා දැකලම ලේ රත්වෙච්ච ගමන් ඉන්නේ ...

      Delete
  10. මොන ලැජ්ජා නැති වැඩක් වුණත් ඇමතිවරු අන්තිමට කියන එකක් තියෙනවා "නිදහසේ යන්න එන්න සාමය උදා කරලා දුන්නානේ. ඒක මදැයි" කියලා. අපේ සමහරු ගොන් වහන්සේලාත් ඒකම උඩ තියාගෙන ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් තාමත් එහෙම කියන චන්ද දායකයොත් ඉන්නවා තණකොළ කන ..

      Delete
  11. රටට නිදහස අරන් දුන්නා කියන එක හැම එකකටම උත්තරය නෙමේ කියලා දැන්වත් හිතන්න පුළුවන්නම්...මොකද ඉගෙනීමක අගයක් දන්නෙ නෑ මී හරක් ටිකක් එක්ක අනාගතයක් ගැන හිතීමත් මේ රටේ විහිළුවක් වෙලා.
    සමහර විට කොන්ද පණ ඇති විපක්ෂයක් නැති කමත් හේතුවක් වෙන්න පුළුවන්. මිනිස්සුන්ට තමගෙ ඡන්දය දෙන්න කෙනෙක් නැති කමට ඉන්න මොකාට හරි දෙන තත්වයක් දැන් තියෙන්නෙ. යන්න කිව්වම ගෙදර යන ඇමතිලා ඉන්නෙ පිටරටවල විතරයි...

    ReplyDelete
    Replies
    1. අපේ රටවල් එහෙම හැදෙන එක මටනම් හීනයක්‌ විතරයි ලිහිණි ,නීතියක් නැති රටක මේක ...

      Delete
  12. මුන්ට සල්ලි විතරයි ඔනි හොර හැත්ත

    ReplyDelete
    Replies
    1. සල්ලි වලට රටම විකුනනවා මුන්

      Delete
  13. අර්බුද තමා බණ්ඩලාව ජීවත් කරවන්නෙ

    ReplyDelete
    Replies
    1. බන්ඩලා කැම්පස්වල ඉන්නකං කලෙත් ඕවා තමා ....

      Delete
  14. කොච්චර ඇනගත්තත් මුන් පිලිනොග්න කොට තමා මුන්ව කන්ඩ හිතෙන්නේ

    ReplyDelete
    Replies
    1. කියන අතිපන්ඩ්ත කතා ඇහුවම තමා ඇත්තට මල පනින්නේ ..

      Delete
  15. ලැජ්ජයි.... රන්දුල ඇමතියා රෙදි ඇදගෙනද දන්නෙ නෑ ඉන්නෙ... වෙන රටක නම් ඇමතියො වැරැද්දක් වුනාම ඉල්ලා අස් වෙනවා...ඒකට මේ රන්දුල ළමයින්ගෙ අනාගතය කාබාසිනියා කරන්න තවත් ඉන්නවා ලැගගෙන ගොනෙක් වගේ....

    ගම්බද පාසල් වල අඩු පාඩු සපුරන්න පාසල් වත්තෙ වටිනා ගස් කපලා විකුණලා අරමුදල් හොයන්න මේ රන්දුලයා කරපු යෝජනාවක් පළමු වැනි පර්සි රජු හොදවායින් කියා දීලා වැළැක්වුවා කියලත් ආරංචියි.

    ලංකාවේ ටියුෂන් නංවන්න තමයි රන්දුල ගොයියා ටක්කෙටම ගැලපෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. තියෙන දේවල් රැකගන්න නෙමෙයි විනාස කරන්න තමා මුන්ගේ උනන්දුව ...

      Delete
  16. http://sithuwili-pawra.blogspot.com/2012/08/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. මේ ගැන ජයියත් කලින් කතා කරලා තිබුනා නේද ?

      Delete
    2. ජයීය කියන්නෙත් මගේ අවතාරයක් තමයි

      Delete
    3. අපි නොදන්නවයැ ජයියේ එක ...

      Delete
  17. මේවා ගැන කතා කර වැඩක් නැත සහෝ..ෂික්.

    ReplyDelete
    Replies
    1. දැන් මාස කීයක් ගෙදරද ?

      Delete
  18. මුංව අල්ලා දඬු ක‍ඳේ ගහලත් මදි. මේවායේ ප්‍රතිපල විඳින්න වෙන්නේ අනාගතයේදි

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම අනාගත පරම්පරාව තුලින් මේවයි අනිසි ප්‍රතිපල දැකගන්න වෙන්නේ ..

      Delete
  19. බැරිනම් යන්න කිවුවට යන කට්ටිය නෙමෙයි නේ ඉන්නේ... ඕනනම් තට්ටුව මාරු වෙයි.. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. හොරුන්ව උඩිනුත් ආරක්ෂාකරනවා ...

      Delete
  20. උන්ගේ ළමයි ඉගෙන ගන්නේ ලංකාවේ නෙමෙයිනේ. ඒවගේම උන්ගේ හත්මුතු පරම්පරාවම ඉන්නේ ඒරොප්පේ. ඉතින් උන්ට රට වලපල්ලට ගියත් එකයි, නැතත් එකයි, රට හැදුවත් එකයි නැතත් එකයි.

    ReplyDelete
    Replies
    1. හැබැයි උන්ගේ ළමයි ඊලග පරම්පරාව වෙලා ආපහු එනවා රට කන්න

      Delete
  21. අනේ මන්ද..මට නම් මේවල අගක් මුලක් තේරෙන්නෙ නැහැ අප්ප..

    ReplyDelete
    Replies
    1. මෙහේ නිවුස් බැලුවොත් තේරේවි ...

      Delete
  22. ඒකත් හැබෑව... රට කරවන අයගේ ළමයි ඉන්නේ ලංකාවේ නෙවෙයිනේ... ඒකයි ලංකාවේ ළමයි ගැන හිතනවා අඩු...

    ReplyDelete
  23. කවුරු ආවත් අපිට සෙතක් නැත එන එවුන්ට නම් හොද හෙටක් ඇත :/

    ReplyDelete
  24. දැනුමින් අඩු පිරිසක් පාලනය කිරීම පහසු බැවින් පාලකයින් හිතාමතාම රටේ අද්‍යාපනය වනසගෙන යන බව මට සිතේ...

    ReplyDelete
  25. ඕවා ලඟදිම විපාක දෙනවා.....!!!! ඩබල් වෙලා..!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම එහෙම නොවුනොත් වැඩක් නැහැ ....

      Delete
  26. සිරාවට මුං කරන ගොබ්බ වැඩට තද වෙනව අම්බානක...

    ReplyDelete
    Replies
    1. වැඩ විතරද ඇයි "ගොබ්බ ටෝක්"...?

      Delete
  27. කතිරයක් ගහන්න කලින් අපේ රටේ ජනතාව මේ කතිරයෙන් රටට හොඳක් වෙයිද නරකක් වෙයිද කියලා හිතන්නෙ නැති එක ලොකු පාඩුවක් රටේ අනාගතයට. මාධ්‍ය මගින් මේ අසාධාරණ කම් දැක දැකත් අපේ සමහර මිනිස්සු එකම මතයේ එල්බ ගෙන සිටීම මෙවැනි ක්‍රියා වලට තවත් අනුබල දීමක් කියලයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත ,හුගක් වෙලාවට වර්තමාන පරම්පරාව කියන්නේ පොලිටික් වලට කැමතිනැහැ කියලා නමුත් එහෙම කියලා අනාගතවගකීමෙන් නිදහස්වෙන්න බැහැනේද ...?

      Delete