Friday, October 26, 2012

කුමන්ත්‍රණයක් කරමුද ?

           
                                       මොකක් හරි වැරද්දක් කරන්න හරි කරන්න පෙලබවීම  හරි තමා දණ්ඩ නීතී සංග්‍රහයේ "කුමන්ත්‍රණය කිරීම "කියලා හැදින්වෙන්නේ .




සිර  භාරයට ගැනීමට වරෙන්තුවක් අවශ්‍යද ?

කුමන්ත්‍රණය කරනු ලැබූ වරද, වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි එකක්නම් චුදිතයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය වන්නේ නැත , 

 උදා :-සොරකම/මිනී මැරුම් /වංචා කිරීම

වරද වරෙන්තු අවශ්‍ය වන වැරද්දක්නම් වරෙන්තුවක් අවශ්‍ය වේ .

උදා :වයාජ කිරුම් මිනුම් උපකරණ භාවිතය /ගබ්සා කිරීම .


ඇපලබා දිය හැකිද?

  • කුමන්ත්‍රණය කරනු ලැබූ වරද ඇපලබා දිය හැකි වරදක් නම් ඇප ලබා දේ .
උදා :-නීතී විරෝදී රැස්වීමක සාමාජිකයෙකුවීම / අධිකරණයේදී බොරු සාක්ෂි දීම .
  • කුමන්ත්‍රණය කරනු ලැබූ වරද ඇපලබා දිය නොහැකි වරදක් නම් ඇප ලබා නොදේ .
උදා :-හොර සල්ලි අච්චු ගැසීම / කොල්ල කෑම.

මේ  වරද සාමානයෙන් පොලීසියකට එන්න කියලා සමතයකටපත් කරන්න බැහැ.


මොනවද මේ සදහා හිමිවෙන දඩුවම් ?

මුලික වරදට හිමිවෙන දඩුවමම තමා එහි කුමන්ත්‍රණයටත් හිමිවෙන්නේ

උදා :-වරද "කැරලි ගැසීම "නම් ඒ සදහා හිමිවෙන දඩුවම වෙන්නේ
  • උපරිම අවුරුදු 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීම 
  • දඩයක් 
  • හෝ ඉහත දෙකම 
අන්න  ඒ දඩුවම්ම තමා "කුමන්ත්‍රණය "යටතේත් හිමිවන දඩුවම


මේ වරදසම්බන්ද නඩුව මහේස්ත්‍රාත් අධිකරණයක් මගින් විභාග කරන්න පුළුවන් .


ඔන්න ඔය ඉහත කිව්වේ නීතීයේ සෑම වැරද්දක් එකක්ම එකට යන වගන්තියක් ,අපේ නීතිය ක්‍රියාත්මක කරන මහත්තුරු ඕක දඩමීමා කරගෙන නොයෙකුත් සෙල්ලම් දානවා අනන්තවත් දැකලා ඇතිනේ නේද ?


57 comments:

  1. මොකක්ද රොබියො මේ හරුපේ. කාලෙකට පස්සේ ඇවිල්ලත් ලෑටි ගාලා දාල තියෙන්නේ. හසරක් නොතේරේ???????????????

    ReplyDelete
    Replies
    1. බොඩිය එන්නේ පස්සෙද බොල...

      Delete
    2. ගුගල් දෙයියෝ කරපු මිස්ටේක් එකක්

      Delete
  2. දඬුවම් නැති කුමන්ත්‍රණ ජාතියක් තියනව දන්නවද?
    'අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ'

    ReplyDelete
    Replies
    1. අපි ඒ කුමන්ත්‍රණවලට විරුද්දව "ලෙමන් ෆෆ්" උපවාසයක් කරමු ...

      Delete
  3. මොකද රොබින් අයිය පහුගිය ටිකේ පේන්න හිටියේ නැත්තේ..??
    ඒකත් කුමන්ත්‍රණයක් ද?? ;)

    ReplyDelete
    Replies
    1. මමනම් කුමන්ත්‍රණවලට සහභාගී නැහැ ඔන්...

      Delete
  4. මමත් මේ කුමන්ත්‍රණයක් පටන් ගන්න කියලා හිතාන හිටියේ. ම්හු..හරියනේ නෑ ඒ වැඩේ. හෙහ් හෙහ් හෙහ් .

    ReplyDelete
    Replies
    1. සැර අඩු කුමන්ත්‍රණයක් කලොත් මොකෝ ?

      Delete
  5. අපේ මුළු රටම කුමන්ත්‍රණ කාරයින් ගෙන් පිරිලා කියලා නේ කස්ටිය කියන්නේ.
    දැන ගන්න හොඳ කරුණු ටිකක් මේ. නීතිය කිරියාත්මක කොරන සමහර උත්තමයෝ නම් ඉතින් නීති මවනවා අහිංසකයෙක් අහු උනු තැනදී.

    ReplyDelete
    Replies
    1. නීතී පොත් අලුතෙන් ලියනවා මේ අයට ඕන උනහම ....

      Delete
  6. මේක සෑහෙන කුමන්ත්‍රණයක් වගේ..

    ReplyDelete
  7. එතකොට ජංජාලෙ කුමන්ත්‍රණ...?

    ReplyDelete
    Replies
    1. "පරිගණක අපරාද පනත" තියෙනවා නොවැ ඒකට

      Delete
  8. නැහැ මනම් තවම කුමන්ත්‍රණය කරලා නැහැ. එත් ඉස්කෝලේ පිටිපස්ස පේලිය ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් කළා.

    ReplyDelete
    Replies
    1. අපි ඇයි අප්පා එච්චර එතැනට කැමති ...

      Delete
  9. Replies
    1. අනිවාර්යෙන්ම ...

      Delete
    2. මං දැක්කේ “නීතිය සැමාටත්, සැමාට නීතියත්“ විදියට. අනේ අම්මප මේකගේ නම වෙනස් කරන්න ඕන

      Delete
    3. සෑමට විතරක් නීතීය තියෙන එක හරි නැහැ නේද ?

      Delete
  10. හ්ම්ම්,කුමන්ත්‍රණ..අනේ අප්පා අපේ උන කරන්නෙම ඕකනේ..

    ReplyDelete
  11. යම් කිසි දෙයක් ගන්න පුළුවන් ලිපියක්.ඕනෑම වැරැද්දක් කුමණ්ත්‍රනයක්ද ?

    ReplyDelete
    Replies
    1. වැරැද්ද කරන්න හරි පෙලබවන්න හරි උත්සාහ කරොත් කුමන්ත්‍රණයක් තමා

      Delete
  12. කුමන්ත්‍රන ....... අනේ මන්ද.. ලිපිය නම් ඉහලයි.

    ReplyDelete
  13. මේකත් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද????

    ReplyDelete
  14. හප්පා කුමන්ත්‍රණ කරන ඒවා අහු නොවෙන්න කරන්න ඕනෙ.

    ReplyDelete
  15. may wage tawa danuwat kirim karana puluwanda? watinawa..
    Jayawewa,
    Sajith

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඉදිරි ලිපි වලින් දෙන්නම්

      Delete
  16. අදමයි මේ පැත්තට ආවේ. කුමන්ත්‍රණයක් කරන අදහසින් නම් නෙවෙයි. :-)
    මේක කියෙව්වම නම් එහෙම අදහසක් තිබුනත් එක නැති වෙනවා..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මේ පැත්තට ආවට

      සාදරයෙන් පිලිගන්නවා ..!!!

      Delete
  17. උඹ ඒ ගමන නීතිය හදාරනවද බං..

    අපි කරන කුමන්ත්‍රන අප්සට ගිහින්, සපෝට් එකක් ඕනෙ වුනොත් කියන්නම් !

    ReplyDelete
    Replies
    1. නීතීය හදාරන එක මගේ විනෝදාංශයක් බං

      හොද කුමන්ත්‍රණයක් කරමු ...

      Delete
  18. අපිත් මේ පොඩි පොඩි පහේ එකක් කොරමු

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට පොඩි පොඩි දඩුවම් ලැබේ

      Delete
  19. ලොකු උන්ට ක්‍රියාත්මක නොවෙන... පොඩි උන්ටම ක්‍රියාත්මක වෙන අපි නොදන්න නීතිය...

    ReplyDelete
    Replies
    1. ලොකු උන්ට තියෙන්නේ අපි දන්න නීතී පොත නෙමේ

      Delete
  20. හොඳ උපදෙස් ටිකක්.. වටිනවා..

    ReplyDelete
    Replies
    1. නීතීය දැනගෙන ඉන්න අපි කාටත් හොදයි නේ ....

      Delete
  21. ඔන්න ඔහෙ ඉස්සෙල්ල අත් අඩංගුවට අරන් හත අටක් අනිමු.. ඊට පස්සේ ඕනම්නම් වැ‍රැද්දක් හදාගන්න බැරියැ..

    ReplyDelete
    Replies
    1. ජයියා හරියන්නේ පොලෝසියටනේ .....

      Delete
  22. උපරිමයි... තව ලියන්න (ඔන්න මම ගොඩක් කාලෙකට පස්සෙ ආවෙ)

    ReplyDelete
    Replies
    1. හම්මේ කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ ...

      Delete
  23. කුමන්ත්‍රණ කියන්නෙත් බලාගෙන ගියාම මාර වැරැද්දක්නෙ නේ!.....
    අනනේ අපොයි
    මැදැයි කුමන්ත්‍රණයක් කොරන්ඩ හැදුවා ....හි හි
    අපේ පැත්තටත් වෙලාවක් තිබුණොත් එන්නකෝ
    http://snimalka.blogspot.com/
    ජය!...............

    ReplyDelete
    Replies
    1. දෙපැත්ත කැපෙන පිහියක් වගේ තමා කුමන්ත්‍රණත්

      ඔන්න අපිත් අද ඉදන් ඒ පැත්තට එනෝ

      Delete
  24. සෑහෙන්න කාලෙකට පස්සෙ ඇවිත් උපක්‍රමශිලීව කුමන්ත්‍රණයක් කොරයි වගෙ ..

    ReplyDelete
  25. නඩුත් සාදුගේ බඩුත් සාදුගේ වෙන්න අන්තිමට මේ කුමන්ත්‍රන හුටපට නිසා වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ,කන්න ඕන උනහම කබරගොයිත් තලගොයිවෙනවනේ

      Delete
  26. රොබින් අපිත් මේ පැත්තට ඇවිත් යන්න අවා ජය

    ReplyDelete
  27. කෝ මෙතුමා..?

    ReplyDelete