Friday, September 14, 2012
උරුමය ....
"70 ගානේ කරනවානම් හෙට හරි කරමු ....."
"මම ගෙදර එකෙක්නත් එක්කත් කතා කරලා මුදලාලිට දන්වන්නම්කො "
"මේවා අපේ පරම්පරාවේ අයිතිය ලොකු පුතේ ,මේවා නැති නාස්ති කරනවා එහෙම නෙමේ " සමරසිංහ නොතාරිස් ලග තෑගි ඔප්පුව ලියන කොට අප්පච්චි කියපු වචන දැනුත් හිතේ දෝංකාර දෙනවා ගජනයකට ඇහුනා ..
" ලංකාවේ ඉදලා කාටද තාත්තේ හරි ගියේ ?"උසස් පෙළ පාස් වෙච්චි උනාට කැම්පස් යන්න ලකුණු මදිඋනු ලොක්කගේ ඉල්ලීම තමා ඔය
"මම උබලව උස් මහත් කලේ ඔය පිටරටවල ගිහින් නැතිනාස්ති වෙන්න නෙමෙයි බොල"
"සතියක් ඇතුලත මේ ඔපරේෂන් එක නොකලොත් දරුවාගේ ජීවිතය අවදානම් මිස්ටර් ගජනායක....."
අපි හැමදේම ආරක්ෂා කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්නේ හාමිනේ,කුනුකොල්ලෙට උනත් දැන් මොනවා කරන්නද වෙලාවේ හැටියටඅපි වෙන කොහෙන් කියලා සල්ලි හොයන්නද ?
තමන්ගේ අභිමානයයි ලොකු පුතාගේ හදවත් සැත්කමයි අතර දෙලොවක් අතර හිටිය ගජනායක කඩේ මුදලාලිට ඇමතුවා .....
"මුදලාලි එහෙනම් අපි ඒ ගානට කරමු "
කැෂියර් කුඩුවේ ඉදන්ම පෝන් එකට ආන්සර් කරපු මුදලාලිගේ මූනේ හිනාවක් දැක්කේ සෑහෙන කාලෙකින් කියලා බඩු කිරන කොල්ලට හිතුනා .......
තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ ..............
Subscribe to:
Post Comments (Atom)
\\තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ//
ReplyDeleteබොහොමයක් අවුල් වියවුල් වලට හේතුව ඔය ටික තේරුම් නොගැනීම නේ.. අර්ථවත් ලිපියක්..ජය!!!
අනිවාර්යෙන්ම මේ ටික තේරුම් ගන්න ලෝකය ලස්සන තැනක් වේවි .....!!!
Deleteකෙටියෙන් රසවත්ව වැදගත් පණිවිඩයක් දීල තියනවා.
ReplyDeleteදිග වැඩි උනහම කියවන අයට එපා වේවි කියලා හිතුන නිසා කෙටි කළා ...
Deleteකෙට්ම කෙට් කතාවක් ...!!!
ReplyDeleteපුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ...
Deleteමුදලාලිට තිබුනෙ පුතා සිංහල වෙදෙක් ලගට අරං ගිහින් බලන්න...
ReplyDeleteඅර මක්කටෙයි ඒ ?
Delete"තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ"
ReplyDeleteමේ නිසා තමයි අද ලෝකේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.
වැදගත් පණිවිඩයක්...
කවදා මිනිස්සු මේ ටික තේරුම් ගනීද මන්දා...
Deleteඇත්ත තමයි.ජීවිතයේ යාථාර්තය තේරුම් ගන්නේ නැත්නම් ඔහොම වෙනවා.
ReplyDeleteමිනිස්සු ඉන්නේ අන්ධවෙලා ....
Deleteකෙටිම කෙටි උනාට ගැඹුරක් දැනෙන ලියවිල්ලක්...
ReplyDeleteහදවතක් ඇති ඇත්තන්ට....
Deleteඕකට කියන්නේ "කුණුකම" කියල මගේ හිතේ... :/
ReplyDeleteහරියට හරි ....
Deleteඋරුමයක අරුමය හා මිනිස්කම අතර ඝට්ටනය එදා, අද වගේම හෙට සමාජයටත් දායාද වෙනවා නේ ...
ReplyDeleteපරම්පරාවෙන් පරම්පරාවට අරන් යනවා ඒවත්
Deleteසිරා මුදලාලියා !
ReplyDeleteජය !
තවත් මුදලාලි කෙනෙක්ගේ කමන්ට් එකක් ...
Deleteමේ ටික තේරුම් ගත්තා නම් ලෝකෙ කොච්චර සුන්දර වෙයිද?
ReplyDeleteදුක කියන්නේ අපි පින් කරලා නැහැ ඒ වගේ දෙයක් දකින්න ...
Deleteදරුවෙක් තරම් වස්තුවක් තවත් කොයින්ද?
ReplyDelete"දරු සම්පත "කියන්නේ නිකන්ය ?
Deleteබල්ලොත් නොකන සල්ලි.ඒ වගෙද ජීවිතයක්.
ReplyDeleteනියම නිර්මාණයක්.
ඉස්තුතියි සොයුර ...
Deleteසුපිරියට ලියලා...
ReplyDeleteතැන්කු වේවා ...
Deleteදරුවෝ වෙනුවෙන්මයි
ReplyDeleteසත්තකින්ම ..
Deleteඋබට කොහෙන්ද එකපාරටම දරු සෙනෙහසක් පහල උනේ.අඩෝ පුංචි උනාට මල්ටි බැරල් පාරක්.ලෙසටම වදිනවා.
ReplyDeleteඇයි අඩෝ මමත් හොද පියෙක් තමා මෙහෙම හිටියට ...
Deleteහ්ම්ම් තාත්විකයි ජය.............
ReplyDeleteකනගාටුම කරුණ මේවා තාත්වික වෙන එක සචිත් ...
Deleteදරුවට වඩා ඉඩම වටිනවැයි???????
ReplyDeleteමුදලාලිලනං ඉතිං ඕම්මමනේ...
මුදලාලි මැරිලා අපායේ යයි නේ??????
අපායේ ගිහින් නැවතුනොත් මදෑ ?
Deleteදියුනුවෙන මුදලාලි කෙනෙක්..!
ReplyDeleteඋපරිම දියුණුවෙයි වගේ ...
Deleteදන්නවද මේක කියවද්දී මොකද්ද මතක් උනේ කියලා ?
ReplyDeleteමගේම ජීවිතේ කතාව.
කියන්න කැමතිනම් ලියමුද අපිටත් දැනගන්න ...
Deleteමේක තමයි ලෝකේ....
ReplyDeleteලෝකේ හැටි .....
Deleteදරුවන්ට වඩා වටින දෙයක් තව තියෙනවද..
ReplyDeleteඒක නොතේරෙන අය කොච්චරනම් අපේ සමාජේ ඉන්නවද දිනේෂ් ?
Deleteකෙටියෙන් වුණත් නිර්මාණය අපූරුයි..!
ReplyDeleteඉස්තුතියි ඔබට ...
Deleteහිතන්න දෙයක් තියන කතාවක්.අපූරුයි සහෝ.ජය!
ReplyDeleteඔබටත් ජය ...
Deleteනියමයි...පට්ට....
ReplyDeleteපට්ට පට පටද ?
Deleteසුපිරියි... !
ReplyDeleteඉස්තුතියි ...
Deleteපොලවට පස්වෙන එක ඇත්ත තමයි. ඒත් ඒ ටිකට කරන්න කොච්චර දේවල් තියයනවද! මුදලාලි එහෙම හිතන්න ඇති.
ReplyDeleteමැරෙනවා කියන්නෙත් අදකාලේ පට්ට වියදම්නේ
Deleteහැම දෙබසකම හැංගිච්ච තව කතා ගොඩාක් තියෙනවා කියලා මට හිතෙනවා..
ReplyDeleteඅන්න ඒ දෙබස් දිග ඇරලා වෙන්න ඇති "මෙගා නාට්ටි " ගහන්නේ
Deleteහරියට හරි අයියේ.. හික්ස්.. හැබැයි මේ පොඩි කොටස දිග ඇරලා නවකතාවක් ලියන්නත් පුළුවන්..
Deleteට්‍රයි එකක් දාලා බලන්න ඕන මටත් නාට්ටියක් ලියන්න පුලුවන්ද බලන්න ...
Deleteඅපොයි මොකද බැරි.. ලියන්න ලියන්න.. එච්චර හිතන්න දෙයක් නැ ඔහේ ලියාගෙන යන්න තියෙන්නේ.. මෙගානේ.. කොහොමත් මිනිස්සුන්ට අගට යනකොට මුල මතක නැ.. ඒ නිසා අවුලක් වෙන්නේ නැ..
Deleteඅන්තිමට ඕනනම් මෙහෙම කෑල්ලකුත් දාන්න පුළුවන්
Delete"මට මතක නෑනේ "
ඇතිදා සීනි නැතිදා ගෝනි කියනවනේ. වරද ඒක නොහිතන එකයි. අවස්ථාවාදියො..!
ReplyDeleteඅනිවාර්යෙන්ම සරා
Deleteනැති බැරි වෙලාවට තාන්න මාන්න වලින් වැඩක් නෑ
ReplyDeleteඅනිවා මඩයෝ ...
Deleteඅපේ මිනිස්සු නොමිනිස්සු වෙලා කවුරුවත් හිතන්නේ නැහැ අපිත් පොළොවට පස්වෙනවනේ කියල ඇත්තටම රොබින් මෙවැනි කතා අද සමාජයේ අනන්ත අහන්න දකින්න ලැබෙනවා. මේවයින් අපිට සමාජයට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන්. ලියන්නකෝ බලන්න තව කතා දෙක තුනක් මේවගේ.
ReplyDeleteඅනිවාර්යෙන්ම සමාජයට වැඩ දායක යමක් පලකරන්න තමා බලාපොරොත්තුව ...
Delete"තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ"
ReplyDeleteවැඩි දෙනෙක් නොහිතන්නෙත් ඒකමනෙ..
බොහොම කෙටියෙන් අර්ථවත් නිර්මාණයක්..
ඉස්තුතියි මේ පැත්තට ගොඩ උනාට ..
Delete