Friday, September 14, 2012

උරුමය ....


"70  ගානේ කරනවානම් හෙට හරි කරමු ....."

"මම  ගෙදර එකෙක්නත්  එක්කත් කතා කරලා මුදලාලිට දන්වන්නම්කො "



"මේවා අපේ පරම්පරාවේ අයිතිය ලොකු පුතේ ,මේවා නැති නාස්ති කරනවා එහෙම නෙමේ  " සමරසිංහ නොතාරිස් ලග තෑගි ඔප්පුව ලියන කොට අප්පච්චි කියපු  වචන  දැනුත් හිතේ දෝංකාර දෙනවා ගජනයකට  ඇහුනා ..

                                " ලංකාවේ ඉදලා කාටද තාත්තේ හරි ගියේ ?"උසස් පෙළ පාස් වෙච්චි උනාට කැම්පස් යන්න ලකුණු මදිඋනු ලොක්කගේ ඉල්ලීම තමා ඔය

"මම උබලව උස් මහත් කලේ ඔය පිටරටවල ගිහින් නැතිනාස්ති වෙන්න නෙමෙයි බොල"

"සතියක් ඇතුලත මේ ඔපරේෂන් එක නොකලොත් දරුවාගේ ජීවිතය අවදානම් මිස්ටර් ගජනායක....."


අපි  හැමදේම ආරක්ෂා කරන්නේ අපේ දරුවෝ වෙනුවෙන්නේ හාමිනේ,කුනුකොල්ලෙට උනත් දැන් මොනවා කරන්නද වෙලාවේ හැටියටඅපි වෙන කොහෙන් කියලා සල්ලි හොයන්නද ?

තමන්ගේ අභිමානයයි ලොකු පුතාගේ හදවත් සැත්කමයි අතර දෙලොවක් අතර හිටිය ගජනායක  කඩේ මුදලාලිට ඇමතුවා .....
"මුදලාලි එහෙනම් අපි ඒ ගානට කරමු "

කැෂියර් කුඩුවේ ඉදන්ම පෝන් එකට ආන්සර් කරපු මුදලාලිගේ මූනේ හිනාවක් දැක්කේ සෑහෙන කාලෙකින් කියලා බඩු කිරන කොල්ලට හිතුනා .......

තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ ..............

68 comments:

  1. \\තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ//

    බොහොමයක් අවුල් වියවුල් වලට හේතුව ඔය ටික තේරුම් නොගැනීම නේ.. අර්ථවත් ලිපියක්..ජය!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මේ ටික තේරුම් ගන්න ලෝකය ලස්සන තැනක් වේවි .....!!!

      Delete
  2. කෙටියෙන් රසවත්ව වැදගත් පණිවිඩයක් දීල තියනවා.

    ReplyDelete
    Replies
    1. දිග වැඩි උනහම කියවන අයට එපා වේවි කියලා හිතුන නිසා කෙටි කළා ...

      Delete
  3. කෙට්ම කෙට් කතාවක් ...!!!

    ReplyDelete
    Replies
    1. පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ...

      Delete
  4. මුදලාලිට තිබුනෙ පුතා සිංහල වෙදෙක් ලගට අරං ගිහින් බලන්න...

    ReplyDelete
  5. "තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ"

    මේ නිසා තමයි අද ලෝකේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ.

    වැදගත් පණිවිඩයක්...

    ReplyDelete
    Replies
    1. කවදා මිනිස්සු මේ ටික තේරුම් ගනීද මන්දා...

      Delete
  6. ඇත්ත තමයි.ජීවිතයේ යාථාර්තය තේරුම් ගන්නේ නැත්නම් ඔහොම වෙනවා.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඉන්නේ අන්ධවෙලා ....

      Delete
  7. කෙටිම කෙටි උනාට ගැඹුරක් දැනෙන ලියවිල්ලක්...

    ReplyDelete
    Replies
    1. හදවතක් ඇති ඇත්තන්ට....

      Delete
  8. ඕකට කියන්නේ "කුණුකම" කියල මගේ හිතේ... :/

    ReplyDelete
  9. උරුමයක අරුමය හා මිනිස්කම අතර ඝට්ටනය එදා, අද වගේම හෙට සමාජයටත් දායාද වෙනවා නේ ...

    ReplyDelete
    Replies
    1. පරම්පරාවෙන් පරම්පරාවට අරන් යනවා ඒවත්

      Delete
  10. සිරා මුදලාලියා !

    ජය !

    ReplyDelete
    Replies
    1. තවත් මුදලාලි කෙනෙක්ගේ කමන්ට් එකක් ...

      Delete
  11. මේ ටික තේරුම් ගත්තා නම් ලෝකෙ කොච්චර සුන්දර වෙයිද?

    ReplyDelete
    Replies
    1. දුක කියන්නේ අපි පින් කරලා නැහැ ඒ වගේ දෙයක් දකින්න ...

      Delete
  12. දරුවෙක් තරම් වස්තුවක් තවත් කොයින්ද?

    ReplyDelete
    Replies
    1. "දරු සම්පත "කියන්නේ නිකන්ය ?

      Delete
  13. බල්ලොත් නොකන සල්ලි.ඒ වගෙද ජීවිතයක්.
    නියම නිර්මාණයක්.

    ReplyDelete
  14. දරුවෝ වෙනුවෙන්මයි

    ReplyDelete
  15. උබට කොහෙන්ද එකපාරටම දරු සෙනෙහසක් පහල උනේ.අඩෝ පුංචි උනාට මල්ටි බැරල් පාරක්.ලෙසටම වදිනවා.

    ReplyDelete
    Replies
    1. ඇයි අඩෝ මමත් හොද පියෙක් තමා මෙහෙම හිටියට ...

      Delete
  16. හ්ම්ම් තාත්විකයි ජය.............

    ReplyDelete
    Replies
    1. කනගාටුම කරුණ මේවා තාත්වික වෙන එක සචිත් ...

      Delete
  17. දරුවට වඩා ඉඩම වටිනවැයි???????
    මුදලාලිලනං ඉතිං ඕම්මමනේ...
    මුදලාලි මැරිලා අපායේ යයි නේ??????

    ReplyDelete
    Replies
    1. අපායේ ගිහින් නැවතුනොත් මදෑ ?

      Delete
  18. දියුනුවෙන මුදලාලි කෙනෙක්..!

    ReplyDelete
    Replies
    1. උපරිම දියුණුවෙයි වගේ ...

      Delete
  19. දන්නවද මේක කියවද්දී මොකද්ද මතක් උනේ කියලා ?
    මගේම ජීවිතේ කතාව.

    ReplyDelete
    Replies
    1. කියන්න කැමතිනම් ලියමුද අපිටත් දැනගන්න ...

      Delete
  20. දරුවන්ට වඩා වටින දෙයක් තව තියෙනවද..

    ReplyDelete
    Replies
    1. ඒක නොතේරෙන අය කොච්චරනම් අපේ සමාජේ ඉන්නවද දිනේෂ් ?

      Delete
  21. කෙටියෙන් වුණත් නිර්මාණය අපූරුයි..!

    ReplyDelete
  22. හිතන්න දෙයක් තියන කතාවක්.අපූරුයි සහෝ.ජය!

    ReplyDelete
  23. පොලවට පස්වෙන එක ඇත්ත තමයි. ඒත් ඒ ටිකට කරන්න කොච්චර දේවල් තියයනවද! මුදලාලි එහෙම හිතන්න ඇති.

    ReplyDelete
    Replies
    1. මැරෙනවා කියන්නෙත් අදකාලේ පට්ට වියදම්නේ

      Delete
  24. හැම දෙබසකම හැංගිච්ච තව කතා ගොඩාක් තියෙනවා කියලා මට හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ දෙබස් දිග ඇරලා වෙන්න ඇති "මෙගා නාට්ටි " ගහන්නේ

      Delete
    2. හරියට හරි අයියේ.. හික්ස්.. හැබැයි මේ පොඩි කොටස දිග ඇරලා නවකතාවක් ලියන්නත් පුළුවන්..

      Delete
    3. ට්‍රයි එකක් දාලා බලන්න ඕන මටත් නාට්ටියක් ලියන්න පුලුවන්ද බලන්න ...

      Delete
    4. අපොයි මොකද බැරි.. ලියන්න ලියන්න.. එච්චර හිතන්න දෙයක් නැ ඔහේ ලියාගෙන යන්න තියෙන්නේ.. මෙගානේ.. කොහොමත් මිනිස්සුන්ට අගට යනකොට මුල මතක නැ.. ඒ නිසා අවුලක් වෙන්නේ නැ..

      Delete
    5. අන්තිමට ඕනනම් මෙහෙම කෑල්ලකුත් දාන්න පුළුවන්

      "මට මතක නෑනේ "

      Delete
  25. ඇතිදා සීනි නැතිදා ගෝනි කියනවනේ. වරද ඒක නොහිතන එකයි. අවස්ථාවාදියො..!

    ReplyDelete
  26. නැති බැරි වෙලාවට තාන්න මාන්න වලින් වැඩක් නෑ

    ReplyDelete
  27. අපේ මිනිස්සු නොමිනිස්සු වෙලා කවුරුවත් හිතන්නේ නැහැ අපිත් පොළොවට පස්වෙනවනේ කියල ඇත්තටම රොබින් මෙවැනි කතා අද සමාජයේ අනන්ත අහන්න දකින්න ලැබෙනවා. මේවයින් අපිට සමාජයට ලොකු පාඩමක් ඉගනගන්න පුළුවන්. ලියන්නකෝ බලන්න තව කතා දෙක තුනක් මේවගේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම සමාජයට වැඩ දායක යමක් පලකරන්න තමා බලාපොරොත්තුව ...

      Delete
  28. "තමනුත් කවදා හරි පොලවට පස් වෙනවා කියලා මුදලාලිට නිකන්වත් හිතුනේ නැහැ"
    වැඩි දෙනෙක් නොහිතන්නෙත් ඒකමනෙ..
    බොහොම කෙටියෙන් අර්ථවත් නිර්මාණයක්..

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි මේ පැත්තට ගොඩ උනාට ..

      Delete