Wednesday, September 19, 2012

"ගුප්ත "ගැන දන්නවද ?


ගුප්ත කියන්නේ අපේ හොද යාලුවෙක් ඌ වෙනුවෙන් මගේ බ්ලොග් එකේ ලිව්වේ නැත්නම් ඒක ලොකු අඩුවක් හැබැයි මූ අර කලින් කිව්ව සරා වගේ ජාතියේ එකෙක්නම් නෙමේ .



හැඩරුව කොයි වගේද කියලා කෙටියෙන්ම කියනවනම් ඔන්‍න‍ ඔය උඩින්ම දාලා තියෙන පොටෝ කෑල්ලේ හාදයා වගේමයි අපේ ගුප්තත් ,කොළඔ ප්‍රධානම පෙලේ පාසලක සිසුවෙක් තමා අපේ ගුප්තයා අපි කතාවටනම් කියන්නේ මූ ඉස්කෝලෙට ගිය දවසේ ඉදන් ඉස්කෝලේ දීප්තිය වැඩි උනේ උස පැනීමට කියලා මොකද මූ ඒ තරම්ම දක්ෂ තාප්ප වලින් පැනීමට නිසා  .

ඒ ලෙවල් කරලා ගෙදරට වෙලා ඉන්න කාලේ ගුප්තට ගෙදර පැවරිලා තිබුන ප්‍රදාන රාජකාරි උනේ පල්ලෙහා තියෙන ඒවා
  • උදේට පාන් ගේන ඒක 
  • දවල්ට පත්තරේ ගේන ඒක
  • බල්ලව නාවන ඒක 
කොයි කවුරු කිව්වත් මූ උදේ 8  /8.30 වෙනකොට පාන් ගේන්න හන්දියේ කඩේට යන ඒක සුපුරුදු දර්ශනයක් ,දවසක් උදේ සුපුරුදු දින චර්යාවට ඒ කියන්නේ පාන් ගේන්න යනවා අපේ "ගුප්ත " මිනිහා ලගටම කරලා නැවත්තුව වෑන් එකක්

"නැගපන් නැගපන් ඉක්මනට නැගපන්   ..කෝ "

                                            නගින්න  කියන පරක්කුවට ගුප්තයා වෑන් එකේ ,හන්දියට යන්න වෑන් එකේ නැග්ග ගුප්තයගේ ගමන කෙලවර උනේ හම්බන්තොටටත් එහා ගමකින්, බැලින්නම් වෑන් එකේ සෙට් ඒක මළගෙදරක ඇවිත් තියෙන්නේ, හුටා දැන් ඉතින් ගෙදර යන්නත් සල්ලි කොහෙන්ද පාන් ගේන්න ගෙදරින් ඉල්ලන් ආපු රුපියල් 15/=ක් ද කොහෙද විතරයි තියෙන්නේ ඒ මදිවට ශෝටක් ගහලා ඉන්නේ.

                                                                         උදේ ඉදන් නාහෙන් අඩ අඩ හිටපු මූව පොඩ්ඩක් නලවගන්න පුළුවන්වෙලා තියෙන්නේ බෝතල් ඒක දෙක එලියට එනකොට තමා .කොහොම හරි දවස් තුනක් මළගෙදර හිටපු මුන් ආපහු කොළඔට ආවේ හතරවෙනි දවසේ දවල් වෙනකොට, ශේප් එකේ ගෙට ගොඩවෙලා වොෂ් එකකුත් දාගෙන ඇලට් එකක් දාගෙන හිටපු ගුප්තයාව ඒක පාරටම ඇහැරිලා තියෙන්නේ ඇදෙන් උඩින් විසිවෙලා ගිහින්, කොන්දේ කැක්කුමකුත් එනවා "මල ගෙදර හිටපු නිසා හොල්මනක්වත් ගැහුවද කියලා හිතාගෙන අඩනින්දෙන් ඇස් ඇරපු ගුප්තට මිහිරි නාදයක් කන වැකුනා තවත් පිට හරහා වැදුණු කොසු පාරක් එක්කම

"ඈ බූරුවෝ තොට හන්දියට ගිහින් එන්න මෙච්චර දවස් ගියාද? පාන් අරන් එන්න ගියපු එකා නැහැ කියලා තව පොඩ්ඩෙන් අපි පොලීසිත් යනවා බූරූ පැටියා "

                                         ඒ දවස් වල අද වගේ හෑන්ඩ් පෝන් තිබුනෙත් නැති නිසා මූ කෝල් එකක් එකක්වත් දීලා නැහැ ගෙදරට, ගෙදර මිනිස්සු අම්බානක බයවෙලා මූව හොයන කොට මළගෙදර ඉදන් ආපු ගමේ කට්ටියක් තමා කියලා තියෙන්නේ මූ එහේ හිටියා කියලා ,අම්මාගෙන් පණිවිඩේ ලැබුනම තාත්තා ෂෝට් ලිව් එකක් දාලම ඇවිත් මූට පූජාව දෙන්න .

                                                                        දැන් කාලයක් ඉදලම මූ වැඩ කරන්නේ ප්‍රදාන පෙලේ මූලය ආයතනයක එතන සෙට් එකම මූට ඒක පයින්ම ගැලපෙනවා වැඩ ඉවර උනහම හැමදාම සෙට්වෙන්නේ බොන්න බීලා බීලා තියෙන හැම ක්ලබ් එකටම රිංගලා  ඉවරවෙනකොට හැමදාම උදේ 3යි 4යි ,ගුප්ත යන්න ඕන බස් රූට් ඒක ප්‍රදානම බස් රූට් එකක් කෙලවර වෙන්නේ ගුප්තගේ ටවුන් එකෙන්මයි උදේ වෙනකන් බොන මූ කරන්නේ බස් එකක් නැගලාඇලට් එකක් දාගෙන  යනවා ගෙවල් පැත්තේ ටවුන් එකටම ගිහින් 7 අදින බස් එකේ පිටිපස්සේ නිදිය ගන්නවා5.30  විතර  ඒ බස් ඒක කොටුවට එනකොට 8.30 විතර වෙනවා මූ හරියට උදේ 9.00 වෙනකොට පුටුවේ, ඔෆිස් එකේ උන් මූ ගෙදර ගිහින් නෑ කියලා දන්නේ ගෙදරින් මූව හොයාගෙන ඔෆිස් එකට ආවහම

මොකද  ගෙදර මිනිස්සු මූව දවස් 4කින් එකදිගට දැකලා නැහැ ...!!!!!!

දැන්නම් මූ පවුල් පන්සල් වෙලා පාඩුවේ ඉන්නවා..... දවසක් රෑ අල්ලපු ගෙදර මිදුලේ නිදිය ගෙන ඉදලා තිවුනේ තමන්ගේ  ගෙදර කියලා හිතලා වැරදිලා අපේ ගුප්තයානම් නෙමේ ඕන් ....

ප.ලි.

පන්තිබාර  සර්ගෙන් කොන්ඩේ කපාගන්න සල්ලි නැහැ කියලා මූ රුපියල් පනහක් අරන් කොන්ඩේ නොකප පොල්ල තියපු ඒක අපි දන්නේ මෑතකදී  

60 comments:

  1. කොන්ඩේ ඔය විදියට තියන හැම එකාම ඔහොමයි බන්.මම දන්නා එකෙකුත් හිටියා කිසිම වෙනසක් නෑ එමමයි.

    ReplyDelete
    Replies
    1. කොන්ඩේ සීන් එකක්ද දන්නේ නැහැ පිහිටන්නේ මුන්ට ...

      Delete
  2. ගෙදරට පාන් ගෙනියන්න ඇවිත් අපේ යාලුවෙකුත් සිරීපාදෙ ගියා.. පහුවෙනිදා රෑ පාං ගෙඩි දෙකකුත් අරගෙන තමා ගෙදරට නන් ගියේ..

    ReplyDelete
    Replies
    1. ගෙදරින් සිරිපාදේ වැදපු ආනිසංස දුන්නද ?

      Delete
  3. Replies
    1. 1000කට එකයි මේ වගේ උන් ...

      Delete
  4. මෙහෙමත් බුවාලා...

    ගුප්ත ගැන කෙසේවෙතත් මම **ත ගැන දනිමි :)

    ReplyDelete
    Replies
    1. චී සෑමා මහා වල් කොල්ලෙක්නේ ?

      Delete
  5. මාරු මරු මිනිස්සු ඉන්නවානේ.. අපි දන්නේ කොච්චර ටික දෙනාද.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. අස්සරේ කරන උන්ගෙන් ඔයවගේ උන්ගැන ඕනනං පොතක් උනත් ලියන්න පුළුවන්

      Delete
  6. කොණ්ඩේ තමා මේ ඔක්කොම අවුල්වලට මුල :P

    ReplyDelete
    Replies
    1. මටත් දැන් දැන් ඕක හිතෙනවා අප්පා ...

      Delete
  7. ඔය වගේ ඩයල් ඉන්නවා, මම දන්නා එකෙක් ඉන්නවා ඌත් හිටපු ගමන් ගෙදරින් යනවා.මාසයකින් විතර කොහේ හරි ජොබක් කරලා පඩියත් අරන් ආවම තමයි දන්නේ කොහෙද ගියේ කියල. ඒ ගෙදර අයටත් ගානක් නෑ උගේ හැටි දන්නා නිසා.
    දැන් නම් මිනිහා "බැඳලා".. ඒක නිසාද කොහෙද දැන් එහෙම යන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි ඔහොම ගෙවල් වලින් ගියොත් මල කෙලියක් වෙන්නේ ...

      Delete
  8. අපෝ ඇත්තටම කොන්ඩේ ඔය වගේද ?

    ReplyDelete
    Replies
    1. දැන් පොඩ්ඩක් ඔයිට වඩා කොටයි

      Delete
  9. ගුප්තයාගෙ රෙදි ගලවලා වගෙයි... රොබින් ටිකක් පරස්සම් උනොත් හොදා මේ ටික දොහේ උගෙන්...

    ReplyDelete
    Replies
    1. ඌ ජීවිතේට මේක බලන්නේ නැහැ කියලා දන්නා නිසානේ මම චන්ඩියාවගේ ලිව්වේ

      Delete
  10. පට්ට සිරා කොල්ලෙක් නේ :ඩ්

    ReplyDelete
  11. කොන්ඩේ සීන් එක නම් මාත් කරලා තියෙනවා.හැබැයි ප්‍රින්සිපල්ගෙන් තමා මං ගත්තේ

    ReplyDelete
    Replies
    1. ඉතින් කොන්ඩේ කැපුවද ?

      Delete
  12. මහ ගුප්ත පොරක් නේ යකෝ!මොනවා උනත් එල කොල්ලෙක්!!!!

    ReplyDelete
    Replies
    1. හැමෝම කියන්නේ ඕක තමා

      Delete
  13. හච්චෝ හච්චෝ..මාර කෙනෙක් තමා :)

    ReplyDelete
    Replies
    1. හච්චෝ හච්චෝ ඒ තමා අපිත් කියන්නේ ...

      Delete
  14. මන් දන්නා ඔය විදිහේ කෙනෙක් විවාහයක් කර ගත්තා. මනුස්සයා පඩි දාට ගෙදර එන්නේ කමිසයත් නැතුවයි..මචන් මට කමිසයක් නැහැ ඕක දීපන් කිවුවාම එකත් ගලවලා කාටදෝ දීලා. අන්තිමට අර අසරණ ගෑනු කෙනා කාර්යාලෙට එන්න ගත්තා පඩි දාට..

    ReplyDelete
    Replies
    1. හැබැයි ජයියේ අපේ මිනි‍හා නම් බැන්දයින් පස්සේ හැදුනා දැන් මිනිහා ක්ලබ් එකක් දිහාවත් බලන්නේ නැහැ ඉදලා හිටලා බොන එකනම් කරනවා ..

      Delete
  15. එහෙනම් ඕකත් අපේ උදය වගේ. යන්නේ කොහෙද මල්ලේ පොල්. වැනි කේස් එකක්.

    ReplyDelete
    Replies
    1. දාමුකෝ බලන්න උන්දෑ ගැනත් කතාවක් ...

      Delete
    2. http://chithula.blogspot.com/2012/08/blog-post_21.html
      http://chithula.blogspot.com/2012/06/blog-post_13.html

      ඔය තියෙන්නේ දෙකක් තමයි. තව තව ඒවා තියෙනවා ඉස්සරහට දාන්නම්කෝ

      Delete
    3. එකක්නම් කියවල තියෙනවා තැන්කුවේවා ...!!

      Delete
  16. හරිම ගුප්තයි :ඩී

    ReplyDelete
    Replies
    1. නම ගුප්ත උනාට මුගේ ඔක්කොම පිස්සු වැඩ තියෙන්නේ

      Delete
  17. :D මරු කොල්ලෙක්නෙ, දැන්වත් හැදිලා නම් ලොකු දෙයක්!

    ReplyDelete
    Replies
    1. දැන් නොම්බර එකේ වැදගතා

      Delete
  18. අපොයි!! බේබදුරාජයෙක්නෙ..

    ReplyDelete
    Replies
    1. එහෙමත්ම නැහැ නිශි කවුරු හරි කතාකරොත් ඕන එකකට බැහැ කියන්නේ නැති නිසා තමා ඕකා වැඩියෙන්ම බොන්නේ ...

      Delete
  19. මරු කොණ්ඩේ.. ඔහොමද දන්නේ නෑ ඔෆිස් යන්නෙත් නෙහ්...?
    අනේ මන්ද මූ ඉන්න මුල්‍ය ආයතනය කොහොම නඩත්තු වෙනවද කියල

    ReplyDelete
    Replies
    1. ඕකට ජෙල් ගාලා තලාගෙන තමා වැඩට යන්නේ ..

      Delete
  20. අන්න පට්ට පොරවල්. ටෙලිග්‍රෑම් එකක්වත් ගැහුවනම් ඉවරයිනේ කෝල් එකක් දෙන්න බැරි එකේ.

    "අම්මේ, පාන් නෑ. මම හම්බන්තොට යනවා" කියලා

    ReplyDelete
    Replies
    1. මුට කොහෙන්ද අප්පා එච්චර දෙයක් කරන්න මීටරයක් ...

      Delete
  21. පොර දැන්වත් හැදිලද...මම මේ ඇහුවේ අඩුම තරමින් කොණ්ඩෙවත් කපනවද ?

    ReplyDelete
    Replies
    1. දැන් කොන්ඩේ කපලා පට්ට ඩීසන් එකට ඉන්නවා

      Delete
  22. ගුප්ත වැනි බුෙවක් මමද හදුනමි....
    බුවා පට්ටය....

    ReplyDelete
  23. මගේ යාළුවෙක් ඉන්නවා.ඌට ආදරේට අපි කියන්නේ මයිලා කියලා.ඌත් කාලයක් ඔය වගේම කොන්ඩේ වවාගෙන හිටියා,එත් ගුප්ත වගේ ගොබ්බ වැඩ කලේ නෑ එකා.ගුප්ත පිස්සු ඩයල් එකක් නේ

    ReplyDelete
    Replies
    1. දැන්නම් පට්ට ඩීසන් ...

      Delete
  24. ඇයි බං, දතක් කටක් මදින්නෙ නැතුව කොහොමද එක දිගට ඔෆිස් යන්නෙ දවස් දෙක තුනක්.මූ අදහන්න වටින ඩයල් එකක් නෙ.

    ReplyDelete
    Replies
    1. දත කටනම් කමක් නැහැ කියමුකෝ මම ඇහුවා උගෙන් "උබ එකම ජෝකාද ඇදන් හිටියේ දවස් 3 කියලා ?" මූ කියනවා නැහැ බං පිටකොටුවෙන් 100ට 3 ඒවා සෙට් එකක් ගත්තා කියලා ...

      Delete
  25. අපොයි..!! අල්ලපු ගෙදර වැඩිවෙලා........නිදාගත්ත සීන් එක..
    නාගසලන්..වෙන්නම ..දානවද කොහේද...හෙක්...හෙක්...!

    ReplyDelete
    Replies
    1. එදා නම් පුල් චොර වෙලා තිබුනා

      Delete
  26. සිරා බුවෙක් ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  27. මගෙත් කොන්ඩෙ ඔය වගේ බන්

    ReplyDelete
  28. ඒකනං මරුය. තව ගුප්ත කතා අවශ්‍යව තිබේ.

    ReplyDelete
    Replies
    1. ඔබගේ ඉල්ලීම ඉටුවේවි ...

      Delete