Friday, September 7, 2012

සල්ලි මිටි ගනන් ( සක්විතිලා ගැන නෙමෙයි )

                          
  සල්ලි දෙයියනේගේ මල්ලිලුනේ.. මටනම් පේනවිදියට අයියා වෙනවා ඇත්තේ ,මොකද සමහර වෙලාවට සල්ලි නැත්නම් දෙයියෝ හම්බවෙන්නත් බැහැනේ, බොරු කියල හිතෙනවනම් ප්‍රධාන පෙලේ දේවාලයකට ගිහින් බැලුවොත් හොදින්ම දැක ගන්න පුලුවන්වෙයි .අනික සමහරු සල්ලි ඉල්ලගන්නේ  දෙයියන්පල්ලා අහවල් දවසට අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා කියලා දස අතේ දිවුරලා උනාට පස්සේ  ඒ ගැන ගානක්වත් නැතුව ඉන්නේ සල්ලි දෙයියොන්ට වඩා බලවත් නිසා කියලා මට හිතෙනවා
                                                                               
                                                  නමුත් මම මේ කියන්න යන්නේ සල්ලි බලු වෙච්ච වෙලාවක් ගැන ඒ කියන්නේ බල්ලොත් නොකන සල්ලි ගැන.

        සමාජයේ ආශ්‍රය කරන කොට අපිට විවිධාකාර මිනිස්සු හම්බවෙනවා අන්න ඒ වගේ අය අතරින් මට මුණගැහුණු කෙනෙක් තමයි "කුමාර" කියන්නේ ,"කුමාරට" දියුණුවෙන්න පුදුම උනන්දුවක් තියෙන්නේ පොඩියට පෝර බිස්නස් එකක් කරන අතරේ අහුවෙන හැම බිස්නස් එකක්ම කරනවා නීතී විරෝධි නොවන,දවසක් මට කෝල් එනවා කුමාරගෙන්

කු :- මචන් කොහෙද ඉන්නේ ? පොඩි බිස්නස් එකක් තියෙනවා හවසට හම්බවෙලා කතා කරමුද ?

ම :- හවසට කලින් දාගත්ත වැඩ වගයක් තියෙනවා ,මොකක්ද සීන් ඒක ?

කු:- සල්ලි වගයක් මාරු කරන බිස්නස් එකක්

ම:- ඉතින් සලාකා එකට හරි කොටුවට හරි අරන් පලයන්කෝ වැඩේ කරගන්න පුළුවන්

කු:-නැහැ බන් මේක ටිකක් වෙනස් සීන් එකක්

ම :-ගස් යන වැඩක්ද ?

කු:- නැ නැ එහෙම අවුලක් නැහැ

ම:-එහෙනම් වැඩටික ඉවරවෙලා මම උබට කෝල් එකක් දෙන්නම්

තිබුන වැඩ ටික ඉවර උනහම මම කුමාරයට කතා කරලා හම්බුනා ,සීන් ඒක සල්ලි මාරු කරන කේස් එකක් හැබැයි ලොකු ගානක් අන්න එතනයි ගැටලුව කුමාරගේ යාළුවෙක්ට තමයි සල්ලි අයිති නමුත් හම්බවෙලා තියෙන්නේ ලංකාවට ආව විදේශිකයෙක්ගෙන් මාරු කරන්න තියෙන සල්ලි වල වටිනා කම කීයක්ද දන්නවද බිලියන 1 ක් .........

                 විනිමය අනුපාතයට අනුව අපේ රුපියල් එකක් එහෙ මුදලත් එක්ක බැලුවම සත 33 යි ,ඒ කියන්නේ මේ සල්ලි වල වටිනාකම අනුව මේ සල්ලි ප්‍රමානය රුපියල් කෝටි 34 ක් විතර වෙනවා
සෙල්ලන්ද නේද ? සල්ලි අයිතිකාරයා  කැමතියි භාගේ භාගේ බෙදා ගන්න මාරු කරලා නමුත් ප්‍රශ්නේ උනේ ඔච්චර සල්ලි ගොඩක් ලංකාව ඇතුලත මාරු කරයිද කියලා ඉතින් අපි හිතුවා මේ සල්ලි සිංගප්පුරුවට අරන් ගිහින් මාරු කරන්න  නැත්නම් බැංකොක් වලින් .


ගෙදර ඇවිත් මම නෙට් එකේ රවුමක් ගහ ගහ ඉන්න කොට මට මතක් උනා මේ ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ආහ් මට කියන්න අමතක උනානේ මේ සල්ලි සිම්බාබ්වේ ඩොලර් 
මම කලින් දැනගත්ත විදියට විනිමය අනුපාතය හරි ,තවත් ටිකක් මම මේ ගැන හොයාගෙන ගියා මම හිතුවේ ඒ රටේ ලොකුම කොලේ බිලියන 1කේ කොලේ වෙන්න ඇති කියලා නමුත් ට්‍රිලියන 100යේ කොළ හිටන් තියෙනවා පිස්සු හැදෙන සල්ලි ගොඩක්නේ ට්‍රිලියන 100ක් කිව්වම නේද ?

සල්ලිවල ප්‍රමාණයන් වැඩිකමටදෝ මම තවත් හෙව්වා මේ ගැන, මොකද ඉස්සර මෙහෙ හරියට කට්ට්ය අතේ තිබුනා  කුවේට් ඩිනාර් කොළ මිටි ගනන් යුද්දය පටන් ගන්න වෙලාවේ ලංකාවෙන් ගිහින් හිටපු ගෘහ සේවිකාවෝ අරන් අපුවා නමුත් යුද්දයෙන් පස්සේ ඒ මුදල් නෝට්ටු ඔක්කොම අවලංගු කළා ඒ කියන්නේ ඒවායේ වටිනා කමක් නැහැ නමුත් මේ මුදල් එහෙම අවලංගු කරපු ඒවත් නෙමෙයි,පුදුම කික් එකක් හිතට ආවේ සල්ලි කැන්සල් නැහැ කියන්නේ වැඩේ ශුවර් මට සල්ලි මාරු කරහම කෝටි 8.5 ක් හම්බවෙනවා අම්මේ හිතට දැනෙන සතුට කියලා නිමකරගන්න බැහැ ....

මට පහුවෙනිදා උදෙන්ම මතක් උනා සල්ලි මාරු කරන තැනක ඉන්න මගේ පරණ යාළුවෙක්ව මම ගත්තා මෑන්ට කෝල් එකක්

මම  :- මචන් සිම්බාබ්වේ බිලියන 1 කොලයක් තියෙනවා මාරු කරගන්න බැරිද බන් උබලගේ පොට් එකෙන්

යාළුවා :- පිස්සුද යකෝ ඕවා මාරු කරන්නේ නැහැ බන්

මම :-!@#$%^&*( ඒ මොකද බන් ඒ ?

යාලුවා මට කියපු විස්තරේ සාරාංශයක් තමයි මේ පල්ලෙහා තියෙන්නේ

සිම්බාබ්වේ  වල මුදලට පිළිගැනීමක් නැතිරටක්  ඒ තරමට උද්දමනය වැඩියි එකයි අර වගේ විශාල වටිනාකම් වලින් නෝට්ටු නිකුත් කරලා තියෙන්නේ ලෝකේ කිසිම රටකින් මේ සල්ලි මාරු කරන්නේ නැහැ මොකද විනිමය අනුපාතයට අනුව වටිනාකමක් තිබුනට වෙලදපොලේදී වටිනාකම බොහොම අඩුයි

මේ තියෙන්නේ බිලියන 100 කට සිම්බාබ්වේ වලදී ගන්න පුළුවන් දේ
බිත්තර  3 යි

මේ ඉන්නේ පුංචි සාදයක් පිළියෙළ කරපු ඒ රටේ මහත්තයෙක් බිල ගෙවනවා
හුගක් වෙලාවට මේ රටේ සල්ලි ගනන් කරන්නේ මෙහෙමයි


කොළ ප්‍රමාණය තීරණය වෙන්නේ බර අනුව ,පොඩ්ඩක් එහෙ මෙහේ උනා කියලා මොකෝ පාඩුවක් වෙනවා කියලය නේද?  ඒහේ පුංචි උන් සෙල්ලම් කරන්නෙත් සල්ලිවලින්
අපි කොයින්ද මේ වගේ ආතල් නේද

මේ  මුදල් වලට ලෝකේ ඉල්ලුමක් තියෙනවා සමරු විදියට් එක්කහු කරන අය මේවා e bay ඒක හරහා ගෙන්න ගන්නවා  US $ 14 ක් වගේ පොඩි ගානක් තමයි වියදම් වෙන්නේ ......

අන්තිමට මට කියවුනේ මෙහෙම ......

                                                        "අයියෝ සල්ලි "
                                                                                                                                              

62 comments:

  1. යාලුවාගේ සල්ලි ටික මාරු කරගත්තාද ? මම මේ දන්නේ නැති නිසා අහන්නේ ලංකාව ඇතුලේ විදෙස් මුදල් ලොකු ගාණක් මාරු කරන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. මුදල් මාරු කිරීමේ මධ්‍යස්ථානයකින් ලොකු ගානක් මාරු කරන්න ගියොත් ටිකවෙලාවක් ඉන්න වෙනවා බැංකුවක උනත් එහෙමයි ඒ සාමාන්යෙන් මිලියන 50ක විතර ඒවාට ...

      Delete
    2. හ්ම්ම්..නොදැන හිටි කාරණයක්! ස්තුතියි ඒකට..

      Delete
    3. හැබැයි සල්ලි මාරුකරන කාක්කොන්ගෙන් පරිස්සම් වෙන්න ඕන සල්ලි මාරු කරන්න ගියාම ...

      Delete
  2. මදැයි බිස්නස් එක. මටත් ඔය අප්‍රිකාවෙ අරුම පුදුම මුදල් පාවිච්චිය ගැන මීට කලින් කව්රු හරි කියල තිබ්බා.

    ReplyDelete
    Replies
    1. බිස්නස් ඒක පටන්ගත්ත තැනම ලොස්

      Delete
  3. අර නුවරඑළියේ පොල් තෙල් කිරනවා වගේ

    කිලෝ ගානට සල්ලි...
    අයියෝ සල්ලි නේන්නං :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒවාට කියන්නේ "තෙල් කුට්ටි" නේද ?

      Delete
  4. කඩදාසි තියෙනවට සල්ලි අච්චු ගහනකොට අන්තිමට සිද්ද වෙන්නේ ඔය ටික තමා :(

    ReplyDelete
    Replies
    1. අයහපත් මුලය කළමනාකරණය ...

      Delete
  5. මටත් හම්බ උන ඔයවගේ මුදල් වර්ගයක් ඉරානේදී 2000 ක් ඕනේ පෙප්සි කන් එකක් බොන්නත්

    ReplyDelete
  6. මේ ගැන දැනගත්ත එක හොඳයි. අලුත් ජාවාරම් කාරයෝ වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ජාවාරමක් විදියට කරන උනුත් ඇති

      Delete
  7. සිම්බාබ්වේවල උද්ධමනය හිතාගන්ඩ බැරිතරම් වැඩියිලු.එහෙ මිනිහෙක් දවසක් සිමෙන්ති කොට්ටයක් ගන්ඩ ගිහිං එක තැනකිං ගාණ අහලා පොඩ්ඩක් ඇවිදලා ගණන් අඩු තැනක් හොයාගන්ඩ කියලා ගිහිං හවස්වෙලා එද්දි ගාණ දෙගුණ වෙලාලු.ජර්මනියෙත් යුද්දෙන් පස්සෙ පාං ගෙඩියක් ගන්ඩ සල්ලි වීල්බැරැක්කෙක දාගෙන යන්ඩැ උනාලුනේ.දැං අපෙත් ඔය 5000 කොළේ ගැහැව්වේ.ඊළඟට 10000..........

    ReplyDelete
    Replies
    1. අපිත් ඒ පැත්තටම යයිද ?

      Delete
  8. ඈ රොබිනෝ මට දරුණු ප්‍රශ්නයක් ආවා මේක කියවද්දී. සිම්බාබ්වේ වල බිත්තර තුනක් ඩොලර් බිලියන 100 ක් නම් එක බිත්තරයක් ඩොලර් බිලියන 33 කට වඩා සුට්ටක් වැඩියි නෙව. සිම්බාබ්වේ ඩොලර් එකක් ලංකාවේ මුදලින් සත 37 ක් විතර වෙනවා නම් එහේ බිත්තරයක ගාන රුපියල් 12,210,000,000 විතර වෙනවනේ. අනේ මචෝ අපි සිම්බාබ්වේ ගිහින් බිත්තර විකුනමු කෝ ...

    ReplyDelete
    Replies
    1. එහෙ සල්ලිවලට වටිනාකමක් තියෙනවනම් බිත්තර විකුණන එකත් සුපිරි බිස්නස් එකක් වෙනවා ...

      Delete
  9. ඔය වගේ සීන් එකක් වෙලා තිබුන මගේ යාලුවෙකුට. මුහුදු වෙරළේ තිබිල අහුල ගත්ත පර්ස් එකක ඉන්දුනීසියන් රුපියා 11000 ක් තිබිලා. මිනිහා ඕක මාරු කර ගන්න එහෙ මෙහෙ ගිහින් රුපියල් 2000කට කිට්ටු වෙන්න වියදම් කරල තිබුනේ. මට කතාව කියල නිකමට නෙට් එකේ බැලුවහම අර රුපියා 11000ම වටිනාකම ලංකා රුපියල් එකසිය තිස් ගණනක්.

    ReplyDelete
    Replies
    1. හොද වෙලාවට මම කෝල් කීපයක් ඇරෙන්න වියදම්කරේ නැහැ

      Delete
  10. දැන් ඔය යාලුවත් ඕක ලංකාවට ගෙනාවෙ කොහොමද දන්නෙ නෑනෙ. ඇත්තෙනම් 10000 $US වලට වඩා වැඩි ගානක් ගේන්න කස්ටම් එකට ප්‍රකාශ කරන්න වෙනවා.
    ඒක නිසා ඕක මල ඇණෞයක් වෙන්නත් පුලුවන්. බලාගෙන.
    හයියෝ සල්ලි!
    මරු පෝස්ට් එක ඈ!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. මට අප්‍රකාශිත මුදල් සීමාව අමතක වෙලා තිබුනේ දැනුවත් කලාට ඉස්තුතියි හෙන්රි අයියේ ...

      Delete
  11. හුගක් වෙලාවට මේ රටේ සල්ලි ගනන් කරන්නේ මෙහෙමයි
    හපොයි දෙය්යනේ..

    ReplyDelete
    Replies
    1. මටත් ඔය ටිකමයි යාළුවගේ කතාව ඇහුවම කියවුනේ ..

      Delete
  12. එතකොට එව්ව බලු සල්ලි....

    ReplyDelete
  13. අපරාදෙ සල්ලි...

    ReplyDelete
    Replies
    1. මම මේ කල්පනා කරේ දිනේෂ් ඔහේ බුරු පිටියකට වගේ පොලිසියෙන් පැන්නොත් මාර සීන් ඒක වෙන්නේ නේද ?

      Delete
  14. හිත ඇදී යන වැඩි ප්‍ර‍තිලාභයක් පිටුපස හැමවිටම අවධානමක් තිබිය හැකියි... ප්‍රවේශමෙන්...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම පිරමීඩ ජාවාරම් වරාගන් /ගජ මුතු වගේ ඒවාට යොමුවෙන්න හොද නැහැ ...

      Delete
  15. අයොයෝ බන් සල්ලි නේද අර දුක් විදින්නෙ :(

    ReplyDelete
  16. මම හිතන විදියට ලංකාවත් තවත් එක සිම්බාවක් වෙන්න වැඩි කාලයක් යන එකක් නෑ. දැනටමත් රුපියල බාල්දු වෙලා තියෙන හැටියට. රුපියල් සීයෙනුත් ගන්න දෙයක් නැති ගානටම දැනටමත් ඇවිත්නෙ...

    ReplyDelete
    Replies
    1. අපිත් ටික ටික යන්නේ ඒ සිස්ටම් එකට වගේ ...

      Delete
  17. මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා මචෝ "In January 2009, the Reserve Bank of Zimbabwe permitted the use of foreign currency in Zimbabwe in response to an economic decline that caused inflation levels of 5 billion percent. By April 2009, the Zimbabwe dollar was suspended indefinitely; the government now uses the South African Rand, the United States Dollar, and the British Pound. For more information, read the BBC's "Zimbabwe dollar 'not back soon'".

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත ,නමුත් රට ඇතුලත භාවිතාවෙන්නේ මේවාම තමා

      Delete
  18. ලංකාවටත් ඔහොම වෙයි කියලා හීනියට බයකුත් දැනුනා...

    ReplyDelete
    Replies
    1. බයවෙන්න එපා ලගදීම එහෙම වෙයි

      Delete
  19. හරි..ළඟදීම එහෙනම් සල්ලි විල්බරක්කයක් අරං යන්කො බිත්තර ගේන්න....!

    ReplyDelete
    Replies
    1. ඊට වඩා ලේසියි වත්තේ වවපු මොනවා හරි වලට මාරු කරනවානම්

      Delete
  20. යකෝ පොඩි උන් සෙල්ලම් කරන්නෙත් සල්ලි වලින් :(

    ReplyDelete
    Replies
    1. අපිට කොයින්ද ඒ වගේ චාන්ස්

      Delete
  21. කමෙන්ට් එකක් මගින් නොදන්නා දේකුත් දැනගත්තා..
    ඔබට ස්තුතියි සහෝ!

    ReplyDelete
    Replies
    1. ලිපියේ අරමුණ ඉටුවී ඇත

      Delete
  22. හොඳට තිබුන රටක්. මුගාබේ ගොය්යගෙ වැඩ නිසා තමයි ඕක උනේ. එක්දහස් නවසිය විසි-තිස් ගනන්වල ඇතිවුන ලෝක ආර්ථික පරිහාණිය දවස්වල ජර්මනියෙ මාක් එකත් ඔයවගේ වැටුවලු.

    ReplyDelete
    Replies
    1. පාලකයාගේ අයහපත් ප්‍රතිපත්ති නිසා රටකට වෙච්ච දෙයක්

      Delete
  23. ලංකාවටත්..????? ඔහොම වෙය්ද..?

    ReplyDelete
  24. මමත් දන්න විදියට නම් විශාල මුදල් ප්‍රමාණයන් මාරු කරන්න කවුරුත් කැමති නෑ. වැඩියම කැමති ඩොලර්වලට නිසා සමහර විදේශ මුදල් ඩොලර් නෙවෙයි නම් මාරු කරන්නෙ නෑ
    බිලියනයක්.. මාර ගානක්... අහුවුනොත් කූඩුවේ..

    ReplyDelete
    Replies
    1. මාරු කරානම් මුලින්ම බේරගන්න වෙන්නේ ජීවිතේ ...

      Delete
  25. පිස්සු හැදෙන කතාවක්නේ අප්පා මේක. සිරාවටම බල්ලොත් නොකන සල්ලිම තමයි සල්ලි. "අයියෝ කුමාර කිව්වලු" මමත් මුල ටික කියවද්දී හිතුවේ රෝබින්ගෙන් අතමාරුවක් ඉල්ලගන්න හෙහ් හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. කවුද අප්පේ "කුමාර "?

      අතමාරු ගත්ත දුන්න අය කරගන්න දේවල් පේනවා නේද ?

      Delete
  26. "අයියෝ සල්ලි "

    ReplyDelete
  27. අර සල්ලි මිටි ටික උස්සගෙන යන හැටි දැක්කම පිස්සු හැදෙනවා නේ... අපේ රටෙත් ඔහොම වෙන්න බැරි කමක් නෑ මේ යන විදිහට. නිෂ්පාදන අඩුයි, නෝට්ටු මුද්‍රණය වැඩියි.. සෑහෙන විස්තර ටිකක් දැන ගත්ත පොස්ට් එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔය රට තාම බේරිලා තියෙන්නේ සුද්දෝ තාම ඉන්න නිසා අපේ රටේ මෙහෙම උනොත් සෝමාලියාව වගේ වේවි ...

      Delete
  28. Replies
    1. හා හා සුදු මහත්තයෝ කට වහගන්න මැස්සෝ යයි ..

      Delete
  29. ම්ම්ම්.. අපි ඉගෙන ගන්න කොට ඔය උද්ධමනයට ගන්න හොඳම උදාහරණය තමා සිම්බාබ්වේ.. හෙහෙ..

    ReplyDelete
    Replies
    1. තව ටික කාලෙකින් ලංකාවම උදාහරනෙට ගනීද මන්දා ?

      Delete