Thursday, September 27, 2012

ආශාව


ඔයා මට ඉගිකලා 
මම ගණන් ගත්තේ නැහැ 
ඔයා ලගට එන්නම කිව්වා 
ඒත් මම ඔයාව නොසලකා හැරියා 


අන්තිමේදී  මම ඔයාට නතු උනා 
ඔයයි මමයි එක්කෙනෙක් උනා 
ආශාවේ පතුලටම කිමිදෙද්දී 
අපි අපේම ලෝකෙක තනි උනා 

ලෝකයා අපිට කතා කිව්වත් 
අපි නැහැ ඒවා ගණන් ගත්තේ 
ඔයාවයී මාවයි වෙන්කරන්න 
කාටවත් පුළුවන් කමක් නැහැ 

අවසානයට  කිට්ටු වෙනකොට 
ඇග හිරිවැටීගෙන එනකොට 
මගේ ඔක්කොම ඔයා සතුවෙනකොට 
ඇත්තටම මට ඔයාව එපා උනා 
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

.
.
.
.


ප.ලි :-නැතිවෙනවානම් ඔන්න සෙල්ලම

56 comments:

  1. දෙපැත්තටම සත්‍ය වේ (උඩ සහ යට පින්තූර)

    ReplyDelete
  2. මම මේකෙ යතාර්තය දැක්කා, පොඩි නිරීක්ෂණයක් සදහා මේ වගේ තැනකට ඇතුල් වෙලා. බුදු අම්මේ ගියපු මෝඩකම කියලා හිතුනා. බොහෝම ලොකු මානසික තත්ත්වයක් නැතුව නම් එහෙමවත් යන්න හොද තැනක් නෙමේ. හිරිවට්ටන දේ බොහෝමයි. හිතේ විශ්වාසේ නැතනම් ඔය දේම තමයි වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මිනිහෙක්ව නැතිකරනවානම් මෙන්න පාර නේද වෙද මහත්තයෝ ...

      Delete
  3. වෙන්නැති...
    අත්දැකීමක් නෑ....

    ReplyDelete
    Replies
    1. මෙවැනි අත්දැකීම් ලබන්න හිතන්නත් එපා ...

      Delete
  4. සල්ලි තියේ නම් වැඩ නැතිවද ඔය මගුලේ යන්නැතිව.

    ReplyDelete
    Replies
    1. තියෙන ඒවා ඩබල් කොරගන්න නොවැ ඔය යන්නේ ...

      Delete
  5. Replies
    1. පට්ට පට පට

      තැන්කු වේවා ...!!!!

      Delete
  6. අයියෝ සල්ලි!!!! (පින්තූර දෙකටම සෙට් වෙන වදනකි) ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. ලෝකයා නම් නියම කල්යාණ මිත්තරයෙක් වගේ. පොර විතරමනේ එපා කියලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. උබ ආපහු මොන්ටිසෝරි යවන්න හිතෙනවා අප්පා

      Delete
  8. සත්‍යය කතාවක් කියලා බොහො අය කියනවා.ඒක තමා ඇත්ත ඉතින්.

    ReplyDelete
    Replies
    1. සුදූ කෙලලා කවුද අප්පා ගොඩ ගියේ ...

      Delete
  9. සූදුව
    සුරාව
    වෛශ්‍යාව

    මෙන්න ඇබ්බැහි උනොත් සොරිම දේවල්...

    ReplyDelete
  10. මම මේ මසුරමක් හොයනවා රොබින්ගේ කටේ දාන්න. කිව්ව මසුරන් වටිනා කතාවට :)

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාගේ කතාවටත් මගෙන් මසුරමක් ...

      Delete
  11. බූරුවා ගහන්නත් එපාද?

    ReplyDelete
    Replies
    1. එපෝ එපෝ පොලීසියෙන් පනී ..

      Delete
  12. දිනුවත් පරාදයි.. පැරදුනත් පරාදයි..!
    එල පොස්ටුව!!

    ReplyDelete
    Replies
    1. කට්ටියට එ ටික තේරෙන්නේ කල් ගිහින් නොවැ ...

      Delete
  13. සුපිරි කවියක්..

    ReplyDelete
  14. තව පොඩ්ඩෙන් නොමග යනවා මං ..
    මරු මරු නියම පද වැල

    ReplyDelete
  15. හප්පා... කවියක්....

    ReplyDelete
  16. වෙලාවට යටම පින්තූරෙ බැලුවෙ... නැත්නම් වල් සිතුවිල්ලක් තමා මට පහල වුනේ...

    ReplyDelete
    Replies
    1. අම්මෝ සිරාගේ කැත හිත ....

      Delete
  17. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි! කියවල විතරක් මදි මතක තියා ගන්න වටින කවියක්!

    ReplyDelete
    Replies
    1. පාඩම් කරන්න ඕන අනිවාර්යෙන් ...

      Delete
  18. හනේ මංදාය... ගොහින් නැත... යන්ට බලාපොරොත්තුවක්ද නැත...

    ReplyDelete
    Replies
    1. යන්න හිතන්නවත් එපා ...

      Delete
  19. කවිය මතක් වෙලා ආයෙත් ඇවිත් බැලුවේ. ‍ඉතා වටිනා නිර්මාණයක් අවංකව කියන්න පුළුවන්. ජය

    ReplyDelete
    Replies
    1. නැවත වරක් පැමිණ අදහස් දැක්වූවාට ඉස්තුතියි ...!!!

      Delete
  20. ඇති මිනිහෙක් නැති කරන්නත් නැති මිනිහෙක් ඇති කරන්නත් පොඩි වෙලාවයි යන්නෙ!

    ReplyDelete
  21. සමාජෙෙය් පවතින යථාර්තය ඉතාමත් සරලව ඔබ කියා තිෙබනවා.ඒත් අවසානෙය් ඔබ මට ඒපා උෙන් කාටද?

    ReplyDelete
    Replies
    1. අද සමාජයට යථාර්තය අවබෝද කරවීම හරිම අපහසුයි එයයි එයට හේතුව ...

      Delete
  22. හ්ම්ම්... එක පාරක්වත් ට්‍රයි කරන්න එපාද?? නිකන් ජොලියට වගේ?

    ReplyDelete